Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Avatar Articles No:04

Avatar Articles No:04

Avatar Articles No:04


Airbending- වායුබන්ධනය

අද අපි කතා කරන්න යන්නේ ඇවටර් චක්‍රයේ දෙවන මූලධාතුව වන වායුධාතුව ගැනයි.
වායුබන්ධනය යනු වායු වාර්ගිකයන් විසින් භාවිත කරන ඉතාම සාමකාමී ම බන්ධන කලාව වේ.ලොව පළමු වායු බන්ධකයන වායු බයිසනයන් (Air Bisons) වේ.සිංහ ඉදිබුවන්ගෙන් බන්ධක හැකියාව ලබාගත් වායු වාර්ගිකයන් වායු බයිසනයන් අධ්‍යනය කිරීම මගින් තම හැකියා වැඩිදියුණු කර ගත්හ.වායුබන්ධකයන්ට තමන් අවට ඇති වාතය පාලනය කිරීමට හා තමාට අවැසි ආකාරයට මෙහෙයවිය හැකිය.වායුව වනාහී නිදහසේ මූලධාතුවයි.(the element of freedom).වායුබන්ධනයට යතුර වන්නේ නම්‍යශීලීතාවය හා අවම ප්‍රතිරෝධීතාවයේ මාර්ගය අනුගමනය කිරීමයි.සතර මූලධාතු අතරින් ස්වයන්ආරක්ශාවට පමණක් භාවිත කරන මූලධාතුව ලෙසද වේගවත්ම බන්ධක කලාව ලෙසද වායුබන්ධනය ප්‍රසිද්ධය. තම විරුද්ධවාදීන් මර්ධනයට සතුරාට හානි නොකර අකර්මන්‍ය කිරීම පමණක් සිදු කිරීම වායු බන්ධනයට ආවේනික ලක්ෂනයකි.මොවුන්ගේ සිත ක්‍රියාකරන්නේ ඍන චින් ආකාරයට (සාමකාමී) බැවින් මොවුන්ගේ ජීවිත ආධ්‍යාත්මික හැකියාව අතින් ඉහලය. වායු ධාතුවේ විරුද්ධ මූලධාතුව වන්නේ භූමියයි.වායුබන්ධකයන්ගේ සෘතුව වන්නේ ශරත් ඍතුවයි.(Autumn).
                       
                       
 සෑම තැනකම වායුව පවතින බැවින් වායුබන්ධකයන්ට තම වේග බලය ආයුධයක් ලෙස භාවිතයෙන් ඕනෑම පරිසරයක නිදහසේ තම හැකියාව ස්වයන් ආරක්ෂාවට උපයෝගී කර ගත හැක.වායුබන්ධනයේදී මාරක පහරදීම් නොමැති වුවද,වේගය හා පහර වැළකීම් පිළිබඳ අවධානය යොමු කෙරෙයි.වායුබන්ධකයන්ට විශාල වායු ප්‍රහාර මගින් විශාල ප්‍රමාණයක සතුරන් එකවර විනාශකර දැමිය හැකි වේ.නමුත් වායු බන්ධකයන් තුල පවතින ධනාත්මක ස්වභාවය හේතුවෙන් එවන් ප්‍රහාර භාවිත වන්නේ ඉතා කලාතුරකිනි. වායුධාතුවේ හා වායුබන්ධනයේ සංකේතය සංවෘත, වාමාවර්ත, අපවර්තිත සර්පිලාකාර චක්‍ර 3කි.සංකේතයේ අදහස වායු වර්ගයාගේ සාමකාමී අධ්යාත්මික සබඳතාවයි. (රුපය 1)

# වායුබන්ධක හැකියා (Airbending abilities)
1. Air ball: මෙහිදී ගෝලාකාර වායු බෝල මගින් පහර දීම සිදු කෙරේ.
2. Air blast: මෙහිදී විශාල වායු ප්‍රහාරයක් නිකුත් කරනු ලැබේ.මෙය නිකුත් කල පසු විශාල වායු දහරා නිකුත් කරමින් පුපුරා යනු ලැබේ.
3. Air bomb: මෙහිදී වායු බෝම්බ ඇති කරනු ලැබේ. මෙමගින් ඕනෑම වස්තුවක් මුල්පිහිටීමෙන් ඉවත් කල හැක.
4. Air bullets: මෙහිදී වෙඩි උණ්ඩ ආකාරයට කුඩා වායුබෝල වලින් ඉතා වේගයෙන් පහර දිය හැක.
5. Airbending funnel: මෙමගින් නාලාකාර වායු තලයක් ඇති කල හැක.තමන් ඉහලක සිට බිම වැටේ නම් හානියක් නොවී භූමිය වෙත ලගා වීමට මින් හැකිය.
6. Air cushion: මෙය වායු කුශනයකට සමාන දෙයකි.තමන් ඉහල සිට වැටේ නම් මෙමගින් පතිත වන වේගය අඩුකරගත හැක.
7. Air funnel: මෙහිදී නාලාකාර වායු නල ඇතිකළ හැක.මේවාට යම් වස්තුවක් ඇතුල් කල පසු කාලතුවක්කුවක් සේ අධික ප්‍රවේගයකින් එම වස්තුවෙන් පහර දිය හැක. (රුපය 2)
8. Air manipulation: මෙහිදී වායු ප්‍රහාර දීම වෙනුවට අවට ඇති වායුව හැසිරවීමෙන් සතුරාට පහර දේ.වායුබන්ධක යෂ්ටි,අවාන් ආදිය භාවිතයෙන් අවට ඇති වාතය ගමන් කරවීම තුලින් පමණක් සතුරාට පහර දේ.
9. Air punch/kick: මෙහිදී වායුබන්ධකයන් ,අග්නිබන්ධකයන් අග්නි ප්‍රහාර දියත් කරන ආකාරයෙන් ,මිට මෙලවූ අතින් ,පා පහර වලින් වායු ප්‍රහාර දියත් කරති.
10. Air shield: මෙහිදී එල්ල වන ප්‍රහාර වලින් බේරීමට වායු පලිහවල් ඇති කර ගනී.
11. Air swipe: මෙහිදී අඩසඳක හැඩයේ වායු තලයක් මගින් පහර දීමෙන් තමාට එල්ල වන ප්‍රහාර ගුවනේදීම විනාශ කිරීම හෝ ආපසු යැවීමට (ගල් ප්‍රහාර වැනි දෑ) හැක.
12. Air wheel: මෙය Air scooter හි වැඩි දියුණු කරන ලද සංස්කරණයකි. ටෙන්සින් විසින් නිපදවන ලදී.මෙහිදී සිරුර වටා තිරසට වායු වළල්ලක් ඇති කර ගෙන ඒ මත නැගී ගමන් කරයි.මෙහිදී ඝන ද්‍රව්‍ය පසාරු කරගෙන වුවද ගමන් කල හැක.
13. Breath of wind: මෙහිදී ප්‍රාශ්වාස වාතය ලෙස විශාල වායු ධාරාවක් පිට කල හැක.මේ හේතුවෙන් වායුබන්ධකයන්ගේ කිවිසුම් විසින් ඔවුන්ව ගුවන්ගත කරවයි.ප්‍රාශ්වාස වාතය ලෙස වායුව පිට කිරීමට වඩා කිවිසුමේ ප්‍රභලතාව වැඩිය.
14. Enhanced agility: මොවුන් වාතයේ පවතින නිදහස් ස්වභාවය ආකාරයටම තම ශරීරයද නම්‍යශීලී භාවයට පත් කරගෙන ඇත.බන්ධන හැකියාව භාවිතයෙන් තොරවමද මොවුන්ට දිගු පිමි පැනීම,කරනම් ගැසීම ආදී විශ්මයානුකූල ක්‍රියා සිදුකිරීමට තරම් තම ශරීර නම්‍යශීලී බවට පත් කර ගෙන ඇත.
15. Enhanced speed: වායු බන්ධකයන්ට තමන් අවට වාතයේ ප්‍රතිරෝධතාව අඩු කිරීම මගින් වඩාත් වේගයෙන් දිවිය හැක.තම සිරුරින් පිටුපසට වායුධාරාවක් ඇති කිරීම මගින්ද වේගය වැඩි කර ගත හැක.මෙම ක්‍රම දෙකින් කුමන ආකාරයක් භාවිතයෙන් වුවද වේගය වැඩිකර ගත හැක.අවට වාතයේ ප්‍රතිරෝධතාව අඩු කර ගැනීමට හස්ත චලන සිදු නොකරම මනසින් සිදු කරගත හැකි හෙයින් බොහෝ වායු බන්ධකයන් මෙම ක්‍රමය භාවිත කරයි.මෙම වායු ප්‍රතිරෝධය අඩු කරගැනීම හේතුවෙන් වායු බන්ධකයනට සිරස් මතුපිටක,ජල පෘෂ්ටයක් මත වුවද දිවයාමට හැක.කෙල පැමිණි වායුබන්ධකයෙකුට මෙම ක්‍රම දෙකින්ම පියවි ඇසට නොපෙනෙන වේගයකින් වුවද දිව යා හැක.
16. Heat regulation: වායු බන්ධකයන්ට නිසි ශ්වසන භාවනා ශිල්පක්රමයකින් තම සිරුරේ උෂ්ණත්ව යාමනය සිදුකර ගත හැක.කෙතරම් අඩු උෂ්ණත්වයකදී වුවද මොවුන්ට ශ්වසන ශිල්පක්‍රමය හේතුවෙන් සිරුරේ නියත උෂ්ණත්වය පවත්වා ගත හැක.
17. Suction: මෙමගින් වස්තු තමන් වෙත ගෙන ඒමට වායුබන්ධකයන්ට හැක.මෙහිදී අදාළ වස්තුව යට වායු ධාරාවක් මවා එමගින් එම වස්තුව ඉහල නැගීමට සලස්වා එය තමන් වෙත ලඟා කරවා ගැනීමට වායු බන්ධකයන්ට හැක.මෙමගින් ද්‍රව්‍ය පමණක් නොව ජීවීන්ටද හානියක් සිදු නොකර තමන් වෙත ගෙන්වා ගැනීමට හැක.

# කෙලපැමිණි වායුබන්ධක හැකියා (Master level Airbending)
1. Air blades: මෙහිදී කවපෙති ආකාරයට වායු තල ඇති කරමින් පහර දිය හැක.මෙමගින් ලී,ගල් ආදිය වුවද කැපිය හැක.
2. Air cocoon: කෙලපැමිනි වායුබන්ධකයෙකුට කැරකෙන ගමන් තම සිරුර වටා වායු කෝෂයක් ඇති කර ගත හැක.මෙමගින් සියලු දෙසින් එල්ල වන ප්‍රහාර වලින් බේරිය හැක. (උදා-ටෙන්සින් තනිවම රතු නෙලුම් කල්ලියේ ප්‍රහාරයට මුහුණ දෙන විට මෙම උපක්‍රමය භාවිත කළේය)
3. Air propulsion: නිපුන වායුබන්ධකයෙකුට පිටුපසට වායුධාරාවක් ඇති කරමින් සුලන් ප්‍රතිරෝධය අවම කරමින් ඉතා වේගයෙන් ඉදිරියට තල්ලු වී යා හැක.(උදා-කෝර vs කුවීරා සවුෆු සටනේදී )
4. Air spout: මෙහිදී වායු බන්ධකයෙකුට ඉතා උස නාලාකාර වායු නාලයක් ඇති කර ඒ මත නැගී පියැබීම,සංචරණය හෝ සටන් කිරීමට හැක.මෙය ඉතා අමාරු ශිල්ප ක්‍රමයකි.මෙය තමන්ට පාලනය කරගත හැකිවනතුරු ඒ මත රැදී සිටිය හැක.තම හැකියාව මත එහි උස,පළල හා ශක්තිමත් භාවය තීරණය වේ.(උදා-ටෙන්සින්ට සමානාත්මවාදීන්ගේ ප්‍රහාරයක් එල්ල වූ විට ඔහු මෙම උපක්‍රමය භාවිතයෙන් ඔවුන් සමග සටන් කළේය.) (රුපය 3)
5. Air vortex: මෙහිදී කැරකෙන වායු වළල්ලක් ඇති කරමින් (කුඩා සුළි සුළගක ආකාරයට) තමන් වෙත එන ද්‍රව්‍යමය ප්‍රහාර ආපසු හරවා යැවිය හැක.(ඈන්ග් vs බූමි ඔමාෂු සටනේදී ඈන්ග් අවසන් ප්‍රහාරය ලෙස භාවිත කරමින් බූමි ගේ ගල ආපසු හරවා යැවීම)
6. Air wake: අධික වේගයෙන් රවුමට දිවීම මගින් අධික වේග බලයක් (ගම්‍යතාවක්) ගොඩනගාගෙන එය වායුබන්ධකයාගේ සිරුරේ හැඩයේ වායු ප්‍රහාරයක් බවට පත් කරගෙන අධික සම්පීඩනයකින් මුදා හැරීම මෙහිදී සිදුවේ.[හරියට ෆ්ලෑෂ් දුවගෙන ඇවිත් අපේ ඇගේ හප්පුනාම වගේ](උදා- ඈන්ග් vs සුකෝ පලිගු උමන්සොහොනේදී වූ සටනේ ඈන්ග් මෙය භාවිත කළේය)
7. Asphyxiation: මෙහිදී යම් පුද්ගලයෙකුගේ ශ්වසන පද්ධතිය තුල ඇති වාතය බන්ධනය කිරීමක් සිදු වේ.මෙහිදී එම වාතය එලියට ඇද හිස වටා බෝලයක් වැනි ආවරණයක් සාදයි.එ තුල ඇති වාතය එම බෝලයට එක්වීම නිසා ඇතුලත රික්තයක් හට ගනී.එහිදී පෙනහළු වල වාතය නොමැති වීම හේතුවෙන්ද,රික්තය තුල වාතය නැති වීම හේතුවෙන් ද මොලයට වාතය නොලැබී ගොදුර මිය යයි.(උදා-සහීර් භූමි රැජින හෞ-ටින්ග් මරා දැමීම) (රුපය 4)
8. Levitation: මෙහිදී නිපුන වායු බන්ධකයෙකුට වලාකුලු ආකාරයට වායු ධාරා ඇති කරමින් ඒ මත නැගී ගමන් කල හැක.(X-men එකේ අයිස් මෑන් යනවා වගේ)
9. Tornado: මෙහිදී air vortex ආකාරයටම ඊටත් වඩා විශාල වායු සුළි ඇති කල හැක.තනි වායු බන්ධකයෙකුට පවා මෙමගින් ඉතා විශාල විනාශයක් සිදු කල හැක.වායු බන්ධකයන් විශාල ප්‍රමාණයක් එකතුවී අති විශාල සුළි කුනාටු පවා නිර්මාණය කල හැක.(උදා-සහීර් පරාද කිරීමට කෝරා ට උදව්වක් ලෙස ජිනොරා ප්‍රමුක වායුබන්ධකයන් වායු සුළියක් ඇති කිරීම)

# ඇවටර් මට්ටමේ වායුබන්ධක හැකියා (Avatar Level Airbending)
1. Air sphere: මෙහිදී ශරීරය වටා විශාල වායු බෝලයක් ඇති කර ගැනීම සිදු වේ.එවිට ඇති වන ශූන්‍ය තාව හේතුවෙන් මෙමගින් පියෑබීමේ හැකියාවද ලැබේ.මෙහිදී තමන්ට එල්ල වන ඕනෑම ආකාරයක ප්‍රහාරයකින් ආරක්ෂා වීමට හැක.ඇවටර් ඈන්ග්,වාන්,රෝකු,කෝරා,යන්ග්චෙන් මෙම ශිල්ප ක්‍රමය භාවිත කර ඇත.(උදා-ඇවටර් වාන් වාටුව සිරකිරීමට මෙම උපක්‍රමය භාවිත කළේය)
2. Strong wind: මෙහිදී අතිශය බලවත් වායු ධාරා ඇති කිරීමක් සිදුවේ.මෙමගින් ගල්කුළු පවා කැඩී යා හැක.(උදා-ඈන්ග් හා ඕසායි වුලොන්ග් වනයේ සිදුවන සටනේදී ඈන්ග් මෙය භාවිත කරයි.)
3. Tornadoes/hurricanes: මෙහිදී ඇවටර් සමාධිය භාවිතයෙන් ඉතා විශාල සුළි කුනාටු ඇති කල හැක.(උදා-ඇවටර් යන්චෙන් ඇවටර් සමාධියේ බලය පෙන්වමින් මෙය සිදු කලා ය.)

# විශේෂ ශිල්පක්‍රම (Special techniques)
1. Air scooter: මෙය 2 BG හිදී ඈන්ග් විසින් නිර්මාණය කර ඇත.මෙය නිර්මාණය කිරීම ඔහුට වායු බන්ධක පච්ච හිමි වීමට හේතු වී ඇත.මෙහිදී වායු බෝලයක් නිර්මාණය කර ඒ මත සමබරව නැගී සංචරණය කිරීම සිදු වේ.මෙමගින් ඉතා වේගයකින් ගමන් කල හැක.මෙමගින් කෙටි කාලයක් අහසේ රැදී සිටීමටද හැක.මෙය ඈන්ග් කුඩා කලදී පමණක් නොව ඔහුට වයස අවු:40 දී යකොන් හබා යාමටද මෙය භාවිත කර ඇත.ඔහු කුඩාකල මේ මත වාඩිවී ගියත් පසු කාලීනව සිටගෙන යාමට පුරුදුවී ඇත.මෙමගින් භූමියේ පමණක් නොව ජල පෘෂ්ඨ මතද ,සිරස් පෘෂ්ඨ මතද ගමන් කල හැක.
2. Cloud manipulation: වලාකුළු ජලයෙන් හා වාතයෙන් සෑදී ඇති බැවින් දක්ෂ වායු බන්ධකයෙකුට වලාකුළුද බන්ධනය කල හැක.සිංහ ඉදිබු යුගයේදී වායු බන්ධකයන්ට වලාකුළු නිර්මාණය කිරීමට ද හැකිවූ අතර ඔවුන් ඒ මත නැගී අහසේ ගමන් කළහ.
3. Hypersensitivity: භූමි බන්ධකයන්ට භූමිය සංවේදනය කල හැකි අයුරින් වායු බන්ධකයන්ට වායුව සංවේදනය කල හැක.මොවුන්ට වාතයේ සියුම් සංවේදනා සංවේදනය කල හැකි බැවින් මොවුන් අධි සංවේදීය.මොවුන් වාතය කෙරෙහි ඇති සංවේදනාව වැඩි කර ගැනීමට හිස් මුඩු කරති.
4. Gliding: වායු බන්ධකයන්ට යම් යම් උපක්‍රම භාවිතයෙන් පියාබීමේ හැකියාව ලැබේ. වායු බන්ධක යෂ්ටිය වායුබන්ධකයන් අත නිරතුරු පවතින්නකි.මක් නිසාදයත් මෙය සැහැල්ලු ගුවන් පදිනයක් (Glider) බවට පත්කර ගත හැකි හෙයිනි.වායුවේ පවතින තෙරපුම් හා පාවන ස්වභාවය නිසා හා මෙම ග්ලයිඩර් තාක්ෂනය භාවිතයෙන් වායුබන්ධකයන්ට අහසේ පියාසර කිරීමේ හැකියාව ලබා දේ. 171 AG හා 174 AG අතර කාලයේදී මෙය වෙනුවට Wing Suit ආදේශ විය.

# උපබන්ධන හැකියා (Sub-Skills)
1. Flight: මෙහිදී සිංහ ඉදිබුවන් හා වායු බයිසනයන් ආකාරයට ආධාර රහිතව පියබීමේ හැකියාව ලැබේ.මෙය පුරාවුර්තගත විස්කමකි.වායු බන්ධක ඉතිහාසයේ මෙම හැකියාව ලබාගෙන ඇත්තේ වායු බන්ධකයන් දෙදෙනෙක් පමණි.ඒ, ගුරු ලහීමා සහ සහීර් ය.මෙම තත්වය ලබාගත හැක්කේ භූමිය සමග ඇති සියලු සබදතා අතහැර,ශූන්යතාවයට ඇතුළුවී මනස නිදහස් කරගෙන වායුවත් සමග එකතු වීමෙනි.වෙනත් විදිහකට කිව හොත් සත්‍ය නිදහස ශාක්ෂාත් කිරීමෙනි.ගුරු ලහීමගෙන් අවුරුදු 4000 කට පසු සහීර් මෙම තත්වය ඇතිකරගන්න තුරු මෙය කල නොහැක්කක් බවට පත්ව තිබුණි.සහීර්ට මෙම තත්වය ඇතිකර ගැනීමට හැකි වූයේ ඔහුගේ භූමිය සමග ඇති එකම සම්බන්ධතාව වන ඔහුගේ පෙම්වතිය "ප'ලී" මිය යනු දැකීමෙන් පසුවය.මෙහිදී ශාරීරික හා මානසික දෙයාකාරයටම වශයෙන් සත්‍ය නිදහස ඇති කර ගත යුතුය.
2. Spiritual projection: මෙහිදී වායුබන්ධකයෙකුට තම සිරුරින් පිටතට එනම් තමන් ජීවත් වන භෞතික ලෝකයටම තම ආත්මය කැදවිය හැක.සෑම පුද්ගලයෙකුටම මෙය හැකි වුවත් ඔවුන්ගේ ආත්මය ඍජුවම ගමන් කරනුයේ ආත්ම ලෝකය තුලටයි.භෞතික ලෝකයට තම ආත්මය ගෙන ආ හැක්කේ වායුබන්ධකයන්ට පමණය.වෙනත් පුද්ගලයෙකුට ආත්මය භෞතික ලෝකයට ඍජුවම ගෙන ආ නොහැක.ආධ්‍යාත්මිකව ජීවිත පවත්වාගෙන යන හෙයින් වායු බන්ධකයන්ට මෙම හැකියාව ලැබී ඇත.නමුත් මෙය සිදු කිරීමට නම් වායු බන්ධකයෙකුට මානසික නිදහස ඇති කර ගැනීමට හැකි විය යුතුය.මෙය සිදු කිරීමට හැකි වායු බන්ධකයන්ට ඔත්තු බැලීම,පණිවුඩ යැවීම ආදිය මෙන්ම සාමාන්‍ය මිනිසුන්ට ගමන් කල නොහැකි තැන වලට ඉතා පහසුවෙන් ගමන් කිරීමටද හැක.අනුවර්තීය හෝරාව වැනි අවස්ථාවල මෙම ආත්මීය ශක්තිය වැඩි වේ.

# දුර්වලතා (Weaknesses)
Airbender principles regarding fatal moves: වායු බන්ධකයන්ගේ ප්‍රධානම දුර්වලතාව වන්නේ සාමකාමී බවයි.තමන්ගේ ජීවිතයට අනතුරක් ඇති බව දැන දැනත් මොවුන් ජීවිත හානි නොකරති.තවද කෝපයෙන් පහර දීම වායු පූජකවරු හෙලා දකිති.නමුත් ඇවටර් වරු කෙරෙහි මෙම තත්වය නැත.සාමය ආරක්ෂා කිරීමට කල යුතු සියල්ල කල යුතු බව ඇවටර් යන්ග්චෙන් පවා පිළිගනී.සමහර වායු බන්ධන ශිල්පක්‍රම හානිකරය.air blade හා air blast වැනි ශිල්පක්‍රම ජීවීන්ගේ ආරක්ෂාවට තර්ජන එල්ල කරන බව වායු පූජකවරුන්ගේ සිතිවිල්ලයි.නමුත් 0 AG හි වායු බන්ධකයන් බේරා ගැනීමට මහත්මා ගතිගුණ ඇති ගියට්සෝ පූජකවරයා විසින් Air blast ශිල්පක්‍රමය භාවිත කර අග්නි සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් විනාශ කර ඇත.තවද Asphyxiation වැනි ශිල්පක්‍රම මගින් වායුබන්ධකයන් කොපමණ බලවත් දැයි පැහැදිලි වේ.

Michael Dante DiMartino, Bryan Konietzko යන ඇවටර් විශ්වයේ නිර්මාතෘ වරු දෙදෙනා වායුබන්ධක සටන් ක්‍රම (රුපය 5) නිර්මාණය කර ඇත්තේ පහත සටන් ක්‍රම ඇසුරිනුයි.
Airbending is based on the Baguazhang style of martial arts, also known as "circle walking" or "Eight Trigram Palm", along with a small hint of Xingyiquan, also known as "mind heart boxing". Baguazhang involves "smooth coiling and uncoiling actions". Such moves employ dynamic footwork, throws, and hand techniques.[63] These martial arts feature swift, evasive maneuvers that evoke the intangibility and explosive power of wind; drawing energy from the center of the abdomen.
Ba Gua, which utilizes circle walking of the Eight Trigrams, is known for its constant circular movement, which makes it difficult for opponents to attack directly or land a blow, a philosophy that is prevalent within airbending as well. Maneuvers employ the entire body with smooth coiling and uncoiling movements, utilizing dynamic footwork, open-hand techniques, punches, and throws. A common tactic is to maneuver behind an opponent and mirror their movements, preventing them from turning to face the practitioner, similar to the technique Aang used during his fight with Hide.[44] Korra also practiced her airbending moves on a Ba Gua platform on Air Temple Island.

අදහස්,උදහස්,ගල්මුල් කොටල ගියානම් හොදයි..........

<Guy Buddhima>

 Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න