Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Arrow - Season 03 Plot 03

Arrow - Season 03 Plot 03
Arrow Season 03  Plot 03

**********Spoilers*************

ඇරෝ කතාව ආපහු ටික දවසක් යනකල් එන්නේ නැති හින්දා පරණ මතකයන් අමතක වෙන්න නොදී මතක් කරගන්න අපේ ලිපි පෙළ උපකාරයක් වෙයි කියලා හිතෙනවා. අද අපි කතා කරන්නේ මිඩ් සීසන් බ්රේක් එක වෙනකල් ඇරෝ කතා මාලාවේ ඉතුරු ටික ගැන.
      

 1. ඇරෝ ෆ්ලෑෂ් කතාවට එකතු උණා වගේ ෆ්ලෑෂ් එනවා ඇරෝ එකට. ඒ එන්නේ සිස්කෝ සහ කේට්ලින් දෙන්නත් එකක්ම. මේ හමුවීමත් එක්ක ගොඩක් රසවත් දේවල් වෙනවා. ඇරෝ කතාවේ තියන අඳුරු ගතිය එක කොටසකට හරි නැති කරන්න පුළුවන් වෙනවා මේකෙන්.

2. කොමික් වල පිපිරීමක් නිරුපනය කරන්නේ කොහොමද කියලා දන්නවා ද? සිස්කෝ කියපු විදිහට Ka-Boom කියලා.

3. කැප්ටන් ලාන්ස් බැරිව හම්බුන වෙලේ කියන්නේ බැරී වෙනුවට බාර්ට් කියලා. ඒ කියන්නේ ඉම්පල්ස් ගේ නම.

4. ගිය සතියේ පොඩි ඉඟියක් දුන්න George "Digger" Harkness හෙවත් Captain Boomerang ගේ වැඩ කෑල්ල අපිට දකින්න පුළුවන්. ඕස්ට්‍රේලියානු සම්බවයක් තියන කැප්ටන් බුමරන්ග් ගේ ආයුධය තමයි බුමරන්ගය. මෙයා ෆ්ලෑෂ් ගේ ප්‍රධාන හතුරෙක්. ඒ වගේම Rogues Gallery වගේම Suicide Squad ඒකෙත් සමාජිකයෙක් හින්දා ඇරෝ සහ ෆ්ලෑෂ් කතා දෙකටම මෙයා වැදගත් වෙනවා

5. ඇරෝ චරිතයට බැට් මෑන් ගේ අභාෂය හොදටම තියනවා කියලා හැමෝම කියන කතාවක්. ඇරෝ සහ ෆ්ලෑෂ් අතර සුපිරි බලය සහ උපක්‍රමික ක්‍රියාමාර්ග ගැන සංවාදය සුපර් මෑන් සහ බැට් මෑන් අතර තියන වෙනස් කම පැහැදිලි කිරීමක් වගේ හරියට.

6. ෆ්ලෑෂ් ඇවිත් ගිය එකක්ම වගේ ඇරෝ නිසා අල් ගුල් ට මුහුණ දෙන්න වෙනවා. වැදගත්ම කාරණයක් තමයි අතීත කතාවේ ඉන්නේ Maseo වර්තමාන කතාවෙත් ඉන්න එක.

7. කතාවේ මෙච්චර දවසක් ගැටලුවක් වෙලා තිබ්බ සේරා ගේ මරණය විසදෙනවා. ඒ මර්ලින්, තියා ව මත් කරවලා ඒ මරණය සිද්ද කරනවා. මේක හින්දා තමයි ඔලිවර්ට එයාගේ නංගි බේර ගන්න රාස් අල් ගුල් හම්බෙන්න යන්න වෙන්නේ

8. අපිට මේ සීසන් ඒකෙත් චයිනා වයිට් ගැන කතා උණාට එයා ආපහු එලියට ආවේ දැන්. අතීත කතා වෙදී මෙයා Amanda වගේම වැදගත් චරිතයක් වෙලා

9. ඇරෝ කතාවේ මිඩ් සීසන් ෆිනාලේ එකේ ක්ලිෆ් හැන්ගර් එක. ඒ කියන්නේ රාස් අල් ගුල් සහ ඔලිවර් අතර සිදුවෙන ද්වන්ධ සටන. මෙතන දී රාස් කියනවා වැදගත් කරුණක්. ඒ තමයි අවුරුදු 67 කින් කවුරුවත් එයාට අබියෝග කරලා නෑ කියලා. මේ රාස් අල් ගුල් ගේ අමරණිය බව එහෙමත් නැතිනම් ලාසරස් ෆිට් එක ගැන කියපු සඳහනක්. ඊටත් වඩා වැදගත් කාරණය තමයි අපි හැමෝම දන්නවා බැට් මෑන් රාස් අල් ගුල් ට අබියෝග කෙරුවා කියන එක. ඒත් ඒක තවම වෙලා නෑ. ඒ කියන්නේ ඉස්සරට වෙන්න තියන සිදුවීමක්.

මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්නත් බැරි සටනින් පස්සේ ඇරෝ කතා මාලාවේ සිද්ද වෙන්නේ මොකක්ද කියන එක ඊළඟ කොටසින් කතා කරමු අපි.




Attila_THE_hun

Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න