Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Thor: Ragnarok Trailer Breakdown Part - 2

Thor: Ragnarok Trailer Breakdown Part - 2



තෝර් රැග්නරොක් ට්‍රේලර් රිවිව් එකේ පළවෙනි කොටසට ගොඩක් ප්‍රතිචාර තිබ්බ නිසා අපි හිතුවා දෙවෙනි කොටසත් ඉක්මණටම ගේන්න. කියවපු නැති කස්ටිය ඉන්නවනම් මෙතනින් (http://www.comicscriptsl.com/2017/04/thor-ragnarok-trailer-breakdown-part-1.html) කියවලම එන්න, කිවයපු කස්ටියත් ආයේ පාරක් කියවලා මතක් කරගත්තත් හොඳයි.

අපි එහෙනං පටන් ගමු !

  • It's Always Good to See You Heimdall !



තෝර් රැග්නරොක් එකේදී හයිම්ඩාල් ගෙ ෆස්ට් ලූක් එක අපිට දකින්න ලැබෙනවා. හැබැයි කලින් තෝර් චිත්‍රපටි වල වගේ සුපුරුදු ලෝහමය සන්නාහ එක්ක නම් නෙවෙයි. පේන විදියට හයිම්ඩාල් හේලා ගෙන් බේරිලා, ඒත් තාම හේලා ගෙ සොල්දාදුවෝ හයිම්ඩාල්ව පන්නනවා වගේ. ලෝගුවෙන් කියන්න පුළුවන් හයිම්ඩාල් ඇස්ගාඩ් වලින් පිටවෙලා ගොඩක් කාලයක් ගත කරලා කියලා. සන්නාහ අතහැරියට කඩුව නම් අතෑරලා නෑ. මේ තියෙන්නේ Head කියලා හඳුන්වන හයිම්ඩාල් Realmවල දොරටු විවර කරන ඒ සුපුරුදු කඩුවම තමා.

  • Is That What It Looks Like ?



අහසේ පේන එක්තරා පෝර්ටල් එකක් කරා ඇදී යන මේ යානය කාගේද ? කැප්ටන් මාවල් ? වර්ණ සංකලනය දිහා දැක්කම මෙහෙම හිතෙන්න ඇති එත් මේ කැප්ටන් මාවල්ගෙ යානය නම් නෙවෙයි. ගොඩක් වෙලාවට ග්‍රෑන්ඩ්මාස්ටර්ගෙ යානය වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ඒත් ඒ ඇතුලේ ඉන්නේ ග්රෑන්ඩ්මාස්ටර්ද නැත්තන් යානය හයිජැක් කරගෙන පලා යන සුපුරුදු පිරිසක්ද කියල නම් කියන්න අමාරුයි.

  • Rider of Rohan


හේලා වගේම ෆිල්ම් එකකින් පළවෙනියට දකින්න ලැබෙන තවත් කොමික්ස් වල ඉන්න ප්‍රසිද්ධ චරිතයක් තමයි මේ. Skurge: the Excecutioner කියලයි හඳුන්වන්නෙ. මෙයා Amora: the Enchantress යටතේ තමයි කොමික් වල වැඩ කරන්නෙ. මේ ෆිල්ම් එකේදී එන්චාන්ට්‍රස් නැති නිසා ස්කර්ජ් කොහොම වෙයිද කියල කියන්න අමාරුයි. ගොඩක් වෙලාවට මෙයා මෙතනදී ඉන්නෙ හේලා හරි ග්‍රෑන්ඩ්මාස්ටර් හරි යටතේ වෙන්න ඕනේ. ඇස්ගාඩියන් සහ ෆ්රෝස්ට් ජයන්ට් දෙපලකට දාව ඉපදුනු ස්කර්ජ්, ඇස්ගාඩියන් කෙනෙකුටත් වඩා කාය ශක්තියක් තියෙන කෙනෙක්. මෙයාගේ ප්‍රධාන ආයුධය වෙන්නෙ ද්විත්ව තල පොරොවක්. අපිට මෙතනදී ඒක වෙනුවට දකින්න ලැබෙන තුවක්කුව The Mighty Thor කොමික් එකේ එක් සිදුවීමක් හා සමානයි. ඒ ගැන මං ස්පොයිල් කරන්නෙ නෑ හැබැයි ඒ අවස්ථාවේත් ස්කර්ජ් අතේ තුවක්කුවක් තියෙනවා කියලා විතරක් කියන්නම්.


කොමික්වලදී නිතරම වගේ තෝර් සමඟ සටන් කරනවා දකින්න ලැබෙන ඇන්ටි හීරෝ කෙනෙක් ස්කර්ජ් හැටියට මේකෙදි රඟපාන නළුවා තමයි Kal Urban. ලෝර්ඩ් ඔෆ් ද රිංස් බලපු කස්ටිය දන්නවා ඇති මේ කවුද කියලා. තෝර් රැග්නරොක් සඳහා කාල්ගෙ දායකත්වය කොච්චරක්ද කියන්න නම් අමාරුයි. ඒත් ඉදිරි චිත්‍රපටි වල ඉඳියිද කියන්නත් බෑ. ස්කර්ජ් ගෙ චරිතය මාවල් වෙනුවෙන් නිර්මාණය කරේත් ස්ටෑන් ලී සහ ජැක් කර්බි කියලත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනි.

  • Hah, Kirby References !

මේ ඉන්නෙ කවුද කින්ද මන්ද කියල නම් කියන්න බැරිවුනාට මේ සොල්දාදුවන්ගේ සන්නාහයේ නිර්මාණ වගේම පසුතලයේ දකින්න ලැබෙන විවිධ වර්ගයේ දේවල් සේරම ජැක් කර්බිගේ ආර්ට්වර්ක් වගේම තමයි හදලා තියෙන්නෙ
  • Whoa, that's a Hel(l of)a Flip

ට්‍රේලරේ මුලදී දකින්න ලැබෙන දර්ශනයේම ඊළඟ දර්ශනයක් තමයි මේකත්. හැබැයි අපිට මෙතනදී හේලාගේ Headdress එක පැළඳගෙන ඉන්නවා දකින්න ලැබෙනවා. මෙතනදී හේලා ඇස්ගාඩියන්ලව තනියම මෙල්ල කරන එකෙන්ම හිතාගන්න පුළුවන් හේලා කියන්නෙ One Woman Army එකක් කියලා.

  • Straight Outta Skull Island

අපි කවුරුත් මේ දැන් මතුවෙයි කිය කියා බලා හිටපු මොහොතක් තමයි මේ. ඇඳුම් පැළඳුම් ටිකක් අළුත් වුනාට අපේ ලෝකි නම් ඒ විදිහමයි. කොමික්වලදී ලෝකි තමයි රැග්නරොක් එකේදී ගම කන්නේ. මේ ෆිල්ම් එකේදී නම් කොහොම මොනවා වෙයිද කියන්න මම නම් දන්නෑ. කාටද පුළුවන් ඉතින් ලෝකිගෙ පක්ෂපාතිත්වය මෙහෙමයි කියන්න ? පසුබිමින් දකින්න ලැබෙන ජීවින් ගැන මෙලෝ අදහසක් නැති වුනාට මේ පාලමක් වගේ එකක් නිසා අපිට පුළුවන් ඇස්ගාඩ් කියල අනුමාන කරන්න.හැබැයි මේ දර්ශනයයි පසුබිම් මියුසික් එකයි නම් කියලා වැඩක් නෑ.

  • A Thor Without A Mjolnir

වල්කරි තෝර් ව ග්‍රෑන්ඩ්මාස්ටර්ට බාර දුන්නට පස්සේ අපිට තෝර් ව දකින්න ලැබෙනවා ටිකක් අලුත් විදිහකට. ඒ කලින් පෝස්ටර්, ප්‍රොමෝ වල දකින්න ලැබුනා වගේම කොට කොණ්ඩයක් සහ පාට කරපු මුහුණක් එක්ක. තෝර් ගෙ මේ ලූක් එක අන්වර්ති තෝර් කොමික් එකේ තෝර්ගෙ පෙනුම හා සමානයි. අන්වර්ති තෝර් කියන්නෙත් ම්යෝල්නියර් එකක් නැති තෝර් ගෙ කොමික් එකක්. දැන් තෝර් ඉන්නෙ සකාර්වල කොලෝසියමක් වගේ තැනක Gladiator තරඟකරුවෙක් විදිහට. ඊට අමතරව තෝර්ට අළුත් හිස් ආවරණයකුත් ලැබිලා. තෝර් රසිකයෝ සෑහෙන කාලයක් තිස්සේ නඟපු මැසිවිල්ලක් තමයි තෝර්ගෙ ප්‍රතිරූපයට ආවේණික ඒ හිස් පළඳනාව තෝර් පළවෙනි එකෙන් පස්සේ හැම චිත්රපටියකින්ම ඒක කපා හැරලා කියලා. ඒත් රැග්නරොක් එකෙන් ටයිකා වේටිටි යම් සහනයක් දීලා තියෙනවා වගේ. ඒ අතරේ ග්‍රෑන්ඩ්මාස්ටර් කියනවා..
"I'ts main event time, And now, I give you..." කියලා. එතකොට තෝර්ගෙ ප්‍රතිවාදී තරඟකරුවා කවුද ?

  • An Incredible Friend From Work



අපිට දකින්න ලැබෙනවා අවුරුද්දකට විතර පස්සේ හල්ක්ව ! ඒජ් ඔෆ් අල්ට්රෝන් එකේදී ක්වින්ජෙට් එකේදී දැක්කට පස්සේ හල්ක්ව දකින්න ලැබෙන්නෙ ද්වන්ධ සටන් පිටියක. අපි කලිනුත් කිව්වා වගේ මේක තෝර්ගෙ ෆිල්ම් එකක් විතරක්ම නෙවෙයි. ප්ලැනට් හල්ක් ෆිල්ම් එකකුත් වෙනවා. ප්ලැනට් හල්ක් එකේදී හල්ක් ව පෘථිවියෙන් පිටුවහල් කරාට පස්සේ හල්ක් පතිත වෙන්නෙ සකාර් කියන ග්‍රහලෝකයේ. එහේ ඉන්න රෙඩ් කිං කියන අධිරාජ්‍යවාදියා හල්ක්ව අල්ලගෙන විනෝදය පිණිස පවත්වන ද්වන්ද සටන් වලට හල්ක්වත් භාවිතා කරනවා. පේන විදිහට අවුරුද්දක්ම අසරණ හල්ක් කරලා තියෙන්නෙ ඒක. වෙනදට ඉරුණු කලිසමක් පිටින් ඉන්න හල්ක් මෙතනදී ඉන්නෙ සන්නාහ සන්නද්ධ වෙලා. මේ සන්නාහය තමයි ප්ලැනට් හල්ක් කොමික් එකේදී හල්ක්ගෙ අනන්‍යතාවය. මේකෙදිත් ඒකට උපරිම සාධාරණයක් ඉටු කරමින් ඒ විදිහටම අරං තියෙනවා. මෙතැනදී සිද්ධවෙන WTF සිදුවීම නම් ඒ හල්ක්ව දකිද්දී තෝර්ගෙ ප්‍රතිචාරය.


කාලෙකින් තමන්ගෙ පරම මිත්රයෙක්ව දකිද්දී "YYYESSSSS" කියලා තෝර් කියද්දී ප්‍රේක්ෂකාගාරය මොහොතකට මුළුමනින්ම නිශ්ශබ්ද වෙනවා. ඒ විතරක් නෙවෙයි ග්‍රෑන්ඩ්මාස්ටරුත් බලනවා මොකක්ද බොලේ මේ කියලා. එක විදිහකට ගලා යන ට්‍රේලරය මොහොතකින් කණපිට හරවන්නට මේ වචනය සමත් වෙනවා. අන්න ඒක තමයි අපේ අළුත් අධ්‍යක්ෂකගේ ස්ටයිල් එක.

  • The VIPs

සුඛෝපබෝගී විශේෂ විදුරු කුටියක ඉඳන් සටන නරඹන ග්‍රෑන්ඩ්මාස්ටර් එක්ක අපිට දකින්න ලැබෙනවා තෝර්ගෙ සහෝදර රත්නය. මේ කුටියේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ දෙන්නගේ පිටිපස්සේ ඉන්න පිරිස හා බිත්තිවල ආර්ට්වර්ක් එක. ඔව් ඔව් ඒවත් ජැක් කර්බිගේම තමයි. ග්‍රෑන්ඩ්මාස්ටර් පිටුපසින් ඉන්න සමහරු හරියට විශ්වයේ ඉන්න Celestial Beings වගේ. එයාලවත් නිර්මාණය කරේ කර්බිම තමා. හැබැයි අපිට Celestialsලගේ ඊස්ටර් එග් එකක් විදියට දකින්න ලැබෙන පළවෙනි පාර මේකම නෙමෙයි.





මේ ඉන්නේ Eson the Searcher කියන Celestial ජීවියා. ද කලෙක්ටර් ගාඩියන්ස්ලට ඉන්ෆිනිටි ස්ටෝන්ස් ගැන කියලා දෙද්දී අපිට යන්තමින් දකින්න ලැබෙනවා Eson the Searcher ග්‍රහලෝකයක් දූවිලි බවට පත් කරනවා.

  • Buddy vs Buddy

තමන්ගෙ අනිත් යාලුවෝ සිවිල් යුද්ධයක සටන් කරද්දී තමන්ට ආරාධනා නොකරපු නිසා තෝර් සහ හල්ක් දෙන්නා වෙනම සටන් කරන්න තීරණය කරලා වගේ. රැග්නරොක් ඩිරෙක්ටර් කිව්වෙ මේක තෝර්ගෙයි හල්ක්ගෙයි Buddy Road Trip Movie එකක් වගේ කියලා. අපිට හල්ක්ව ගොඩක් දකින්න ලැබේවි. තෝර් හල්ක් එක්ක සටනට එන්න කලින් තවත් තරඟ කිහිපයකටම මුහුණ දීලයි එන්නෙ. හරියට මේක ෆයිනල් මැච් එකක් වගේ. ඒ කලින් සටන් කරපු තරඟකරුවන් ගොඩක් වෙලාවට ප්ලැනට් හල්ක් කොමික් එකේ ඉන්න Warbound කණ්ඩායමේ අය වෙන්න ඕන. මොකද Korg, Miek වගේ Warbound චරිත දැනටමත් ෆිල්ම් එකේ ඉන්නවා කියලා තහවුරු කරලා ඉවරයි. අනික Korg චරිතයට රඟපාන්නේ වෙනකවුරුවත් නෙවෙයි අපේ ඩිරෙක්ටර් ටයිකා වේටිටි කියලත් තහවුරු කරා.

මේ අවුරුද්දේ කොමික්බුක් චිත්‍රපට කීපයක් නිකුත් වෙන්න නියමිත වුනත් මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම විශේෂ තැනක් දිනා ගනීවි කියලා මේ ට්‍රේලරයෙන්ම අපිට කියන්න පුළුවන්. අනෙක් තෝර් චිත්‍රපට මාවල් වල එතරම් සාර්ථකත්වයක් අත් කර නොගත්තත් මේ චිත්‍රපටය නොවැම්බර්වලම නිකුත් වෙන්න නියමිත DCලගේ ජස්ටිස් ලීග් චිත්‍රපටය එක්ක පවා හොඳ තරඟයක් දේවි. අපි එහෙනම් ඊළඟ ට්‍රේලර් රිවිව් එකත් එක්ක යළි හමුවෙමු.

9 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න