පසුගිය ලිපියෙන් අපි පළවෙනි Infinity Gem එක ගැන දැනගත්තා. අද අපි තව Infinity Gems 3ක් ගැන දැනගමු.
02 - Space Gem
දම් පැහැති Space Gem එක මඟින් එහි වර්තමාන අයිතිකරුවාට අවශ්‍ය පරිදි අවකාශය හැසිරවීමේ හැකියාව ලබා දෙනවා. එනම් ඔහුට හෝ ඇයට අවශ්‍ය විටෙක ඕනෑම අවකාශයක් මැවිය හැකි වීමයි. අපි හැමෝම දන්න Teleporting powers සියල්ලක්ම මේ මැණිකේ මූලික බලයන්ගෙන් එකක් වනවා. ඒ වගේම මේ gem එකේ බලය නිසා එහි අයිතිකරුවාට අවශ්‍ය තැනකට ඕනෑම මොහොතක teleport වීමේ හැකියාව මෙන්ම අනෙක් පුද්ගලයන්ව විවිධ ස්ථාන වලට teleport කිරීමේ හැකියාවද එවිට ඔවුන්ව බාධක වලින් සහිත දේවල් වලින් සිර කොට තබන්නටත් (උදා:- බිත්ති, සිරගෙවල්, අගාධ) හැකියි. තවද වර්තමාන අයිතිකරුවාගේ ජවය, කාර්යක්ෂමතාවය වැඩිකරන්නටද මේ Space Gem එකට හැකියාව තිබෙනවා. මේ gem එකේ උපරිම හැකියාව වන්නේ විවිධ විවිධ තැන්වල එකවර පෙනී සිටීමේ හැකියාව ලැබීමයි. අනෙක් gems 6ත් තමා සතුව තිබෙනවා නම් මේ gem එකේ සම්පූර්ණ බලයත් සමඟ විශ්වයේ ඕනෑම තැනක එකවර පෙනී සිටීමට හැකියාව ලැබෙනවා.
1972 අප්‍රේල් මාසයේදී එළිදැක්වුණු Marvel Premiere #1 එකේදි මෙම Space Gem එක හඳුන්වාදුන් අතර එහි මුල් අයිතිකරුවා වන්නේ The Runner නැමැත්තායි. ඉන්පසු මෙම gem එක Thanos ලබාගන්නා අතර Thanosගෙන් පසු The Hood, Black Bolt, Nebula, Adam Warlock, Pip the Troll, සහ Iron Man යන අය හිමිකාරීත්වය දරා තිබෙනවා. 2013 අප්‍රේල් මාසයේදී එළිදැක්වුණු New Avengers Vol 3 #3 දී මෙම Space Gem එක විනාශ කරනු ලබනවා.
03 - Time Gem
තැඹිලි පැහැති Time Gem එක මඟින් එහි වර්තමාන අයිතිකරුවාට අවශ්‍ය පරිදි කාලය හැසිරවීමේ හැකියාව ලබා දෙනවා.ලැනම් අතීතය, වර්තමානය සහ අනාගතය යස සියල්ලේම තීරණයන් ඔහුට ගන්නට පිළිවන්. අතීතයේ හෝ වර්තමානයේ හෝ අනාගතයේ සිදුවන ඕනෑම සිදුවීමක් එලෙසම සිදු කරන්නට සහ වෙනස් කරන්නටත් මේ gem එක මගින් හැකියාව ලැබෙනවා. ඒ සඳහා කාල තරණය(Time Travelling) සිදු කරන්නට හැකිවීම මෙහි ප්‍රධානම හැකියාවයි. එමෙන්ම අනෙක් Infinity Gems 6ත් සමඟ භාවිතා කිරීමේදී විශ්වයේ ඕනෑම කාල පරාස කිහිපයක ජීවත් වීමට හැකියාව ලැබෙනවා.
මෙම Time Gem එක 1972 අප්‍රේල් මාසයේදී එළිදැක්වුණු Marvel Premiere #1 එකේදි හඳුන්වාදුන් අතර එහි මුල් අයිතිකරුවා වන්නේ The Gardenerයි. ඔහුගෙන් පසුව Thanos මෙම Gem එක ලබාගන්නා Captain America, Thor, Nebula, Adam Warlock, Gamora, Maxam, Hardcase, Loki, Mr. Fantastic(Reed Richards), Namor යන අය හිමිකාරීත්වය දරා තිබෙනවා. එමෙන්ම Time Gem එක 2013 අප්‍රේල් මාසයේදී එළිදැක්වුණු New Avengers Vol 3 #3 දී අනෙක් gems 5 විනාශ වීමත් සමඟම අතුරුදහන් වනවා.
to be continued...
#SmAsHeR
Ela saho...thanx
ReplyDeleteEla bn lipiya...
ReplyDeleteEla bn lipiya...
ReplyDeleteThanku bro...😉😀😀
ReplyDeleteThanku bro...😉😀😀
ReplyDeleteThanku bro...😉😀😀
ReplyDeleteSupiri lipiya##
ReplyDeleteSupiri lipiya##
ReplyDelete