History of Comic Script

logo
මේ ලිපිය ලියන්නේ ටීවී සිරිස් එකක් ගැනවත්, ට්‍රේලර් බ්‍රේක්ඩවුන් එකක් ගැනවත්, කොමික් චරිතයක් ගැනවත් නෙවේ. ඒ තමයි මීට අවුරුද්දකට කලින් Comic Script පේජ් එක බිහිවුනේ කොහොමද, එදා ඉදලා මේ දක්වා ඇවිත් තියෙන්නේ කොහොමද කියන එක ගැන කෙටියෙන් විස්තරයක් ගේන්න. මොකද අපේ යාළුවන්ට මතු පිටින් පේන දේට වඩා ලොකු වැඩ කොටසක් මේක ඇතුලේ වෙනවා.

මේ කතාව පටන් ගන්නේ මීට අවුරුද්දකට ටිකක් කලින් ඉදලා. ඒ දවස් වල තමයි ෆ්ලෑෂ්, ගෝතම් කතාව විකාශය වෙන්න පටන් ගත්තේ. ඒ වගේම ශිල්ඩ් කතාවේ වෙනසක් ඇති වුණු මිඩ් සීසන් බ්‍රේක් එක ආවේ. ඒ වෙනකල් අපිට කොමික් සම්බන්ද කතා වලට ඇරෝ තිබුනා. හැබැයි ෆ්ලෑෂ් කතාව පටන් අරන් ටික දවසක් යද්දී fb එකේ එක එක විදිහේ පෝස්ට් වැටුනා. වේගයෙන් දුවන මිනිහා, අකුණකින් එහෙම බලයක් හම්බෙනවා ද වගේ කියලා. ෆ්ලෑෂ් කතාව ආපු මුල් දවස් වලම ෆ්ලෑෂ්පොයින්ට් කොමික් කතාව පැත්තට කතාව ගෙනියන්න ඉඩ තියනවා කියලා රාවයක් ආවා. ඒ නැතත් මල්ටිවර්ස් සංකල්පය ෆ්ලෑෂ් වලට හදුන්වාදෙනවා කියන දේ තහවුරු වෙලා තිබුනා. එතකොට තමයි අපිට හිතුනේ නිකම්ම මේ දේවල් බලන්නේ නැතුව කොමික් කියන සංකල්පය අපේ යාළුවන් ට හදුන්වා දුන්නොත් හොදයි කියලා. මේ වෙද්දී අපි ටික දෙනෙක් විතරක් කොමික් ගැන යාන්තමට කතා කර කරා හිටියේ. අපිට කිසිම අදහසක් තිබ්බේ නෑ ලංකාවේ කොමික් වලට කැමති කට්ටිය කොච්චර ඉන්නවාද කියලා. අපේ එකම අරමුණ උනේ Green Arrow Year One කියවපු කෙනෙක් ට දැනෙන රසය නිකම්ම ඇරෝ කතාව බලන කෙනෙක් ට කියලා දෙන්න, Flashpoint, මල්ටිවර්ස් ගැන කියවපු කෙනෙක් ට ඒ දැනුමත් එක්ක ෆ්ලෑෂ් කතාව බලන්න, ඉන්හියුමන්ස් වරු ගැන ශිල්ඩ් බලන අයත් එක්ක කතා කරන්න, ගෝතම් කතාවේ හැංගිලා තියන පුංචි පුංචි දේවල් ගැන කට්ටිය එක්ක කතා කරන්න. හැබයි එහෙම පටන් ගද්දි අපිට තේරුනා ගොඩක් යාලුවන්ට කොමික් චරිත, සංකල්ප ගැන අවබෝධය අඩුයි කියලා. අන්තර්ජාලයේ පහසුවෙන් මේ තොරතුරැ තිබ්බත් සිංහල භාෂාවෙන් මේවා ගන්න තැනක් තිබ්බේ නෑ. අන්න ඒ අඩුව පුරවන්න තමයි මේ වගේ වැඩක් පටන් ගමු කියන අදහසක් ඇති උනේ. 
මේක සිද්ද වෙන්නේ පාර්ශව දෙකක් එකතු වෙලා. මෙතනින් එහාට විස්තර කරද්දී මම ඇඩ්මින් ටැග් වලින් ම කතා කරනවා. මුලින්ම attila_THE_hun සහ SmAsHeR (aka MrSinisteR) කියන අපේ ඇඩ්මින් වරු දෙන්නා මේ ගැන කතා කරන්න ගෘප් එකක් හදනවා. මුල්ම කාලේ හිටපු යාළුවන්ට මතක ඇති Ultimate Comic 'verse කියලා ගෘප් එකක් හදලා යාලුවෝ ටික දෙනෙක් එකතු කරගෙන වැඩ පටන් ගත්තා. ඒ දවස් වලම අපේ Shazam සහෝදරයා සහ Lobo සහෝදරයාත් අපිත් එක්ක එකතු වෙලා හිටියේ. මේ කට්ටිය මුලින්ම සැලසුම් කරගෙන හිටියේ ෆ්ලෑෂ්, ඇරෝ, ගෝතම් කියන කතා තුන ගැන කතා කරන්න. ශිල්ඩ් කතාව ටිකක් පස්සට දාලා තිබ්බේ. මේ ගෘප් එක හදලා ලංකාවේ පලවෙනි කොමික් ගෘප් එක කියන නම දාන්න යද්දී ම තමයි එයාලාට හම්බුනේ අදටත් ඉතාම සක්‍රීය මට්ටමේ තියන Superhero Comic fans Sri Lanka ගෘප් එක. මොකද මේ ගෘප් එක ඇතුලේ කතා කරන්නේ කොමික් ගැන විතරමයි. මේක නිර්මාණය කරන්නේ Tony Stark සහෝදරයා මැදිහත් වෙලා තව යාලුවෝ කිහිප දෙනෙක් එක්ක. මේ කට්ටියගේ ආරම්භය නම් ඊටත් කල් ඉදන් වෙන්නේ. ඒ තමයි ෆේක් නම් වලින් ඉන්න සුපිරිවීරයෝ කට්ටිය ටිකක් එකතු වෙලා හදපු ගෘප් එක. ඒකට හදපු ගෘප් චැට් එක මෑතක් වෙනකල් ම සක්‍රීයව තිබ්බා කියලා මුල් කාලේ ඉදන්ම හිටිය යාළුවන් ට මතක ඇතිනේ.
කොහොම හරි දැන් එකම අරමුණක් වෙනුවෙන් හැදුනු කණ්ඩායම් දෙකක් ඉන්නවා. මෙතනින් එහාට මොකද කරන්නේ කියන කතා බහ SmAsHeR  සහ Tony Stark දෙන්නා අතරේ ඇති වෙනවා. ඊට පස්සේ තමයි දෙපැත්තේම කට්ටිය එකතු වෙලා පේජ් එකක් පටන් ගමු කියන තැනට ආවේ. ඒකට ඇඩ්මින් වරු විදිහට මුලින්ම attila_THE_hun, SmAsHeR, Shazam එක පැත්තකිනුත් Tony Stark සහ Deadpool කියන සහෝදරයා අනිත් පැත්තෙනුත් එකතු වෙනවා. ඒ හරියටම 2014 දෙසැම්බර් 25 වෙනිදා. ඊට පස්සේ Ultimate Comic 'verse එක පේජ් එක ගැන කතා කරන්න විතරක් තියා ගත්තා. එතකොට ඒකෙ කලින් හිටපු යාලුවෝ ටික එයාලටත් නොතේරෙන විදිහට අයින් කරන්නත් මේ අයට සිද්ද උණා.

logo

ඊට පස්සේ කට්ටිය ලිපි ලියන කොට තව කට්ටිය හිටියා නම් හොදයි කියන අදහස ආවා. මොකද මුල්ම කාලේ අපිත් එක්ක හිටපු අයට මතක ඇති අපි දවසකට ලිපි 2 ක් හෝ 3 ක් දැම්මා. ඒ හින්දා ඒ වෙනකොට සුපර් හීරෝ එකේ හිටිය සක්‍රියම සාමාජිකයෝ දෙන්නා වුණු ClownPrinceOfCrime සහ Percy Jackson සාමාජිකයෝ දෙන්නාට ආරාධනා කෙරුවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. මේ වෙද්දී පේජ් එක පටන් අරගෙන ලිපි එක දෙක වැටෙන කාලේ. ඒත් ලිපි දෙකක් අතර ට පේජ් එක පාලුයි වගේ. ඔය අඩුව පුරවන්න meme දාමු කියන අදහස ආවේ ඊට පස්සේ. ඒ වැඩේට ගැලපෙනම පුද්ගලයෙක් මේ අයට එකතු උණා. ඒ තමයි මුල ඉදන්ම Ultimate Comic 'verse හිටිය Lobo සහෝදරයා. අති විශාල meme එකතුවක් තිබුණු Lobo සහෝදරයා එකතු උනාට පස්සේ පේජ් එක හැම වෙලේම පිරිලා තිබ්බා. ඊට පස්සේ තමයි ආර්කේඩ් සහෝදරයා මේ කට්ටියට  එකතු වුනේ. මොකද x-men ගැන කෙනෙක් ට තියෙන්න පුළුවන් උපරිම දැනුම මට්ටම ආර්කේඩ් සහෝදරයා ට තිබ්බා.
මුල්ම කාලේ දී අපේ ඇඩ්මින් කණ්ඩායමට ඕන තරම් නිදහස තිබ්බා. දවසට පෝස්ට් 3 ක් 4 ක් දාපු වේලාවල් පවා තිබ්බා. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ මේ දේ පොඩ්ඩක් වෙනස් වෙන්න ගත්තා. මුල ඉදන්ම අපිත් එක්ක එකතු වෙලා හිටිය  Deadpool සහෝදරයාට වැඩි කාලයක් පේජ් එකත් එක්ක ඉන්න හම්බුනේ නෑ. ඒත් එක්කම අපේ ඇඩ්මින් වරුන් හතර දෙනෙකුට විභාග වැඩ හින්දා පේජ් එකට සක්‍රීය දායකත්වයක් දෙන්න බැරී උණා. (මේ කාල සිමාවේ දී ඒ අයව පේජ් එකෙන්, ගෘප් එකෙන්, ගෘප් චැට් එකෙන් අයින් කරලා තිබ්බේ). ඔය අතරේ රැකියාවේ වැඩ කටයුතු හින්දා තව ඇඩ්මින් වරුන් දෙන්නෙකුට විවිධ කරදර ආවා. ඒ හින්දා එක කාලයක් තිබ්බා මුළු මාසෙකටම පෝස්ට් 2 ක් 3 ක් වගේ වැටුණු. මේ වෙලාවේදී අපේ ClownPrinceOfCrime ඇඩ්මින් ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. එයා සේරම වැඩ රාජකාරි තියෙද්දී තනිවම පේජ් එකේ සියලුම වැඩ කටයුතු කරගෙන ගියා.
ඔය අතර වාරයේ තමයි මේ අවුරුද්දේ ටීවී සීරිස් එන කාල සීමාව පටන් ගත්තේ. හැබයි ඒ වෙද්දී අලුතෙන් තව ටීවී සිරිස් එහෙම එකතු වෙලා තිබ්බා. ඒ හින්දා අපි කෙරුවේ අපේ පේජ් එකට තව සාමාජිකයෙක් එකතු කර ගත්තා. ඒ තමයි LuThor කියන ඇඩ්මින් වරයා. විශේෂයෙන්ම Shazam සහෝදරයාගේ අධ්‍යාපනික කටයුතු හින්දා පේජ් එකට සක්‍රිය දායකත්වය දෙන්න අසීරු වුණු වෙලාවේ අපිට ගොඩක් උදව් කෙරුවේ මේ සහෝදරයා. ඒ වගේම අපේ බ්ලොග් එක අද තියන තැනට ගේන්න කටයුතු කෙරුවේ මේ සහෝදරයා. ලබන අවුරුද්ද කියන්නේ කොමික් වලට ස්වර්ණමය වසරක්. ඒකට දැන්ම ඉඳලම ලෑස්ති වෙන්න ඕනේ හින්දා අපි අපේ කණ්ඩායමට තවත් අළුත් සාමාජිකයෙක් එකතු කර ගත්තා. ඒ තමයි ThE_MiGhTy_ThOr‬ කියන සහෝදරයා. ඔන්න ඔය කණ්ඩායම තමයි අපේ ඇඩ්මින් වරු.
අපි දන්නවා නේ DC සහ මාවල් කොමික් අතර තියන ගැටුම. අපේ ගොඩක් යාළුවේ මේ දෙකෙන් එක පැත්තකට වෙලා ඉන්නවා. මේ තත්ත්වය අපේ ඇඩ්මින් වරුන් අතරේත් තියනවා. ඒ හින්දා අපි හිතුවා මේ කට්ටිය  ගැන පොඩි විස්තර ටිකක් කතා කරන්න. එතකොට පේජ් එකේ කොමෙන්ට් කරද්දී මුණ ගැහෙන්නේ සතුරු පාර්ශවයේ කෙනෙක් ද මිතුරු පාර්ශවයේ කෙනෙක් ද කියලා හොයා ගන්න පුළුවන් නේ. අපි එහෙනම් අකාරාදී පිළිවෙලට මේ අය ගැන කතා කරමු.
arcade

Known As - Arcade

AKA- Apocalypse, Horus

Comic Alliance - 100% Marvel

Interesting Areas - X men, Runaways, Power pack, Young avengers, Defenders, Legion of Monsters, Great Lake Avengers

Favorite Characters - Magneto, Flash, Penguin

attila


Known As - attila_THE_hun

AKA- Amadeus_chO

Comic Alliance - 50% Marvel, 50% DC

Interesting Areas - MCU, Alias Comic, DCAU, Injustice Gods Among Us

Favorite Characters - Flash, Hulk, Amadeus Cho, Etrigan the Demon
clown

Known As - ClownPrinceOfCrime

AKA- SG

Comic Alliance - 65% DC, 35% Marvel

Interesting Areas - Detective Comics, Bat Family, X men, DCEU, MCU Comics, Comic Artists (speially Jim Lee)

Favorite Characters - Joker, Gambit, Bat Family
deadpool

Known As - Deadpool

Comic Alliance - 85% Marvel, 15% DC

Interesting Areas - MCU, spideypool

Favorite Characters - Deadpool
lobo

Known As - Lobo

AKA - Jinora

Comic Alliance - 100% DC

Interesting Areas - I am batman

Favorite Characters - Lobo, Batman, Doomsday, Darkseid
luthor

Known As - LuThor

Comic Alliance - 65% DC, 35% Marvel

Interesting Areas - Batman Comics, DCEU

Favorite Characters - Barman, Iron Man, Aquaman, Superman, Deadpool
mr+sinister

Known As - MrSinisteR

AKA- SmAsHeR

Comic Alliance - 80% Marvel, 20% DC

Interesting Areas - SHIELD, Asgardians, X men, Young avengers, X force, Avengers, Thunderbolts

Favorite Characters - Thanos, Red skull, Deadpool, Scarlet witch
percy

Known As - Percy_Jackson

Comic Alliance - 90% DC, 10% Marvel

Interesting Areas - DCEU, Bat family, Green Lantern comics, Justice League comics

Favorite Characters - Bat Family, John Constantine, Shazam, Martian Manhunter

shazam

Known As - Shazam

AKA- Kyle_Rayner, Scarlet_Speedster

Comic Alliance - 100% DC

Interesting Areas - Lantern Corps, Justice league, Flash comics, Starfire comic

Favorite Characters - Shazam, Batman, Kyle Rayner, Flash
thor

Known As - ThE_MiGhTy_ThOr‬

Comic Alliance - 30% DC, 70% Marvel

Interesting Areas - Asguardians , Justice League

Favorite Characters - Thor, Batman
tony

Known As - Tony_Stark

Comic Alliance - 75% Marvel, 25% DC

Interesting Areas - MCU, X men

Favorite Characters - Tony Stark, Spider Man, Batman, Charles Xavier
මෙතන තියෙන්නේ DC සහ මාවල් පිලිබඳ කැමැත්ත විතරයි. ඊට අමතර වෙනත් කොමික් ගැන කතා කරනවා නම් මේවාට තවත් එකතු වෙනවා. මේ විදිහේ විවිධ අදහස් තියන කට්ටිය සේරම එකට එකතු කරලා තියන එකම සාධකය තමයි කොමික් වලට තියන ආසාව. පේජ් එකේ ගොඩක් වෙලාවට DC සහ මාවල් අතර ගැටුම් යනවානේ. ඒ වගේ සිය දහස් ගුණයක් අපේ කට්ටිය ගෘප් චැට් එකේ රණ්ඩු වෙනවා.

ඉතිං ඔය උඩ ඉන්න කණ්ඩායම තමයි මේ හැම දේම කරන්නේ. මේ පිරිසට අමතරව අපිත් එක්ක තාවකාලිකව එකතුවෙලා හිටපු දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි Avatar ගැන විස්තර ගෙනාපු Gayana Ratnawiera සහෝදරයා සහ Transformers විස්තර ගෙනාපු Wishwa Sahasra සහෝදරයා. අපි ඒ දෙන්නාවත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. 

මේ කිසිම කෙනෙකුට පේජ් එක හින්දා කිසිම ආර්ථික වාසියක් නෑ. ලිපියක් ලියලා හම්බෙන එකම සතුට ඒක කියවන අයගේ අගය කිරීම විතරයි. අපේ පේජ් එකෙන් පලකරන තොරතුරු වල නිවැරදි භාවය ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒ හින්දා සමහර ලිපියක් ලියන කොට දවස් දෙක තුන කරුණු හොයන වේලාවල් තියනවා. හැබැයි ඒ ගැන අගය කිරීමක් අපේ යාළුවන් ගෙන් ලැබුනේ නැතිනම් ආයේ ඒ ගැන කතා කරන්න හිතෙන්නේ නෑ.

අපේ යාලුවන්ගේ එල්ල වෙන ලොකුම චෝදනාව තමයි ටීවී සිරිස් වල විග්‍රහය ලබා දෙන්න පරක්කුයි කියන කාරණාව. අපිත් එක්ක ගොඩක් යාලුවෝ එකතු වෙලා ඉන්නේ මේ කාරණය හින්දා නේ. මොකද ලංකාවේ මේ වැඩේ කරන එකම කණ්ඩායම අපි විතරයි. ඒ වගේම ඉංග්‍රීසි මාධයෙන් පළවෙන ඕනෑම විග්‍රහයක් තරමටම අපේ කණ්ඩායම ලබා දෙන විග්‍රහයක අවශ්‍ය කරුණු සේරම ඇතුලත් වෙලා තියනවා කියන දේ භය නැතුව කියන්න පුළුවන් තැනක අපි ඉන්නවා. හැබැයි අපිට තියන අනෙක් වැඩ එක්ක විග්‍රහයන් ලබා දෙන්න ටිකක් පරක්කු වෙනවා. අපේ යාලුවෝ උදේ පාන්දර බලන කතාවක් අපේ සමහර ඇඩ්මින් වරුන්ට බලන්න වෙන්නේ රෑ වෙලා. ඒ වගේම තමයි විග්‍රහයක් ලියන්න කලින් එක පාරක් කතාව සම්පුර්ණයෙන්ම බලලා ඊට පස්සේ මුළු කතාවම නැවත නැවත බල බලා තමයි ලියන්න ඕනේ. මොකද එක පොඩි දෙයක් වත් මඟ හරින්න බෑ. මේ දේවල් කරන්නේ තමන්ගේ රැකියා කටයුතු සහ අධ්‍යාපනික කටයුතු එක්ක. සමහර දවස් වලට පාන්දර 2 වෙනකල් ඇහැරගෙන ලියලා ආයේ පහුවෙනිදා උදේ පාන්දරම නැගිටලා ලිපිය සම්පුර්ණ කරන අවස්ථා ඕනෑතරම් තියනවා. ඒ වගේම සමහර දවස් තියනවා අපේ ඇඩ්මින් කෙනෙක් ට fb පැත්තේ එන්න විදිහක් නෑ. ඒ ඇඩ්මින් එනකල් අපිට අදාළ ලිපිය දෙන්න විදිහක් නෑ. මොකද යම්කිසි ටීවී සිරිස් එකක් ඇඩ්මින් කෙනෙක්ට භාර දුන්නාම ඒ ගැන වගකීම එයාට තියෙන්නේ. නොවැලක්විය හැකි දෙයක් හින්දා එයාට ලියන්න බැරී උණොත් විතරයි වෙන ඇඩ්මින් කෙනෙක් ඒ ගැන ලියන්නේ. ඔය වගේ කාරණා හින්දා තමයි අපි බලාපොරොත්තු වෙන විදිහටම ටීවී සිරිස් විග්‍රහයන් දෙන්න බැරී. හැබැයි ටිකක් පරක්කු උණත් නොවැරදීම අපි අපේ වගකීම ඉෂ්ට කරනවා.

අපේ පේජ් එකට අදට හරියටම අවුරුද්දයි. අපි මේ ගමන පටන් ගත්තා විතරයි. තව ලොකු ගමනක් අපිට යන්න තියනවා. පහුගිය වසරේ සිද්ද වුණු අඩුපාඩු හරිගස්සාගෙන මේ අවුරුද්දේ වඩා සාර්ථක විදිහට කොමික් ගැන කතා කරන්න අපි සුදානම්. හැබැයි ඒ වෙනුවෙන් ඔයාලටත් වැඩක් කරන්න තියනවා. ඒ තමයි කොමික් වලට කැමති ඔයාලගේ යාලුවෝ අතරට මේ පේජ් එක ගෙනියන එක. ඒ වගේම හොඳ හෝ නරක ඕනෑම දෙයක් ගැන ඔයාලගේ අදහස් දක්වන එක. මොකද එතකොට තමයි අපිට තව තවත් දේවල් කතා කරන්න හිතෙන්නේ. එහෙනම් මෙච්චර දවසක් අපිත් එක්ක හිටියා වගේම ඉස්ෂරටත් අපිත් එක්ක ඉන්න කියලා ඔයලාගෙන් ඉල්ලනවා.

#YearOne
#Team_Comic_Script

18 comments:

  1. blogger_logo_round_35

    පටන් ගත්ත දවසේ ඉදලා හිතට අල්ලලා ගිය පෝස්ට්ස් තිබ්බා එන්න එන්න දියුනු උනා හැමදාම #script එක එක්කයි ඉන්නෙ බ්‍රෝ

    ReplyDelete
  2. blogger_logo_round_35

    නියම කතාවක්

    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…

    සුපිරියි සුභපැතුම්..

    බුදු සරණයි! දෙවි පිහිටයි!

    ReplyDelete
  3. blogger_logo_round_35

    ubala page eka patteta karanava.tnz oyalata.
    Man yojana karanava sathi 2katha varak vath animation film ekak gana danna kiyala.

    Hail CS ^_^

    ReplyDelete
  4. blogger_logo_round_35

    niyama kathawa a. ela digatama karagena yanna Good luck

    ReplyDelete
  5. blogger_logo_round_35

    Mata lagadi site eka ahu June. Eda idan daily enawa lipiyak thiyenawada balanna. Goodluck.

    ReplyDelete
  6. blogger_logo_round_35

    හැමෝටම සුභ නත්තලක් වේවා‍‍‍‍....

    අදින් පටන් ගන්න දෙවෙනි අවුරුද්ද අති සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
    Comic ගැන දන්නෙ නැති ගොඩක් දේවල් තේරුම් කරල දුන්නට ගොඩක් ස්තූතියි.

    දිගටම වැඩේ කරගෙන යන්න...... GOOD LUCK all of YOU...

    ReplyDelete
  7. blank

    Keep it up people. Good luck!!!

    ReplyDelete
  8. blogger_logo_round_35

    This comment has been removed by the author.

    ReplyDelete
  9. blogger_logo_round_35

    keep the good work ahead people.. Gd luck..

    ReplyDelete
  10. blogger_logo_round_35
  11. blogger_logo_round_35
  12. blank

    Happy 1st Anniversary. Digatama karagena yamu. Godak agaya karanawa. Api hamadaama CS ekka.

    ReplyDelete
  13. blank

    මගෙන් සුභ පැතුම්! ඒ වගේම ගොඩාක් ස්තුතියි. :D :D :D
    මට FB account එකක් නැති උනත් ඉස්සර මම හැමදාම වගේ Comic Script පේජ් එක පැත්තේ එනවා මොනවද දාලා තියෙන්නේ බලන්න. ෆිල්ම් බලලා නිකන් චරිත ගැන විස්තර ටිකක් විතරක් දැනගෙන හිටපු මම comic ගැන දැනගත්තේ මේකෙන් තමයි. ඉස්සර වගේ හැමදාම ලිපියක් කියවන්න, අලුත් චරිතයක් ගැන දැනගන්න නැති එකට තාමත් නිකන් මොකක්ද මොකක්ද වගේ. :c
    ආයෙත් ස්තුතියි කියල කියනවා මේ දේවල් අපිත් එක්ක බෙදා ගත්තට. :D

    ReplyDelete
  14. blogger_logo_round_35
  15. no_smoking_by_ninish

    හොඳ වැඩක් දිගටම කරගෙන යමු.

    ReplyDelete
  16. 12541081_783828691723874_1815413799631530521_n

    කොමික් වල තියෙන චරිත ගැන ෆිල්ම් ගැන කියන එක හොඳයි.ඒත් මේ කොමික් කියන්නෙ මොනවද,කොමික් පටන් ගත්තෙ කොහොමද කියලත් ලිපියක් දන්න පුලුවන් නම් හොඳයි.උදාහරණයක් විදියට DC කොමික් පටන් ගත්ත කාලෙ ගැන, golden age , silver age ,multiverse, The Presence ගැන ඒ ages වල Heroes ලා ගෙ powers ගැන එහෙම ලියන්න පුලුවන් නම් හැමෝටම හොඳයි කියල හිතෙනවා.ස්තුතියි!

    ReplyDelete
  17. blank

    කොමික් ගැන මොකුත් නොදන්න අපි වගේ අයටත් මේ ගැන කියාදීලා අපිවත් අරගෙනම ඉස්සරහට ගියපු එක තමා සහෝලා ඔයාලගේ සාර්ථකත්වය...මං මුලින්ම කොමික් ගැන අවධානෙ යොමු කලේ මේ පේජ් එක නිසා..ඒ දවස් වල මං ඉංග්‍රීසි ටිකක් අල්ල ගන්න තමා කොමික් වලට සටේ වුනේ..නියමයි දිගටම කරන් යමු..ජය වේවා...

    ReplyDelete
  18. blogger_logo_round_35

    දවස් 3න් 2007 -2016 ලිපි සේරම කියෙව්ව.marvel ඒව.අපැහැදිලි තැන් ගොඩක් පැහැදිලි උනා.බොහොම ස්තුතියි මේ කරන සේවයට. 100% marvel fan. :D

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න