ඇරෝ කතාවේ මිඩ් සීසන් ෆිනාලේ එක හින්දා තාවකාලිකව ඇරෝ කතාව නැවතිලා නේ තියෙන්නේ. ආයේ ඇරෝ කතාව විකාශය වෙන්නේ ජනවාරි 20 වෙනිදා. එතකල් අපි හිතුවා අපේ අතින් අත පසු වෙලා තිබුණු දෙයක් ගැන කතා කෙරුවා නම් හොදයි කියලා. ඒ තමයි ඇරෝ කතාමාලාවට පාදක වුණු Green Arrow - Year One කියන කොමික් කතා මාලාව ගැන පොඩ්ඩක් ඔයාලගේ අවධානය යොමු කරන්න.
ඇරෝ සීසන් 1 ගොඩක් දුරට ගොඩ නැගුනේ මේ කතාව මත. හැබයි පලවෙනි සීසන් එකේ දී අපි නොදැකපු සමහරක් දේවල් කොමික් කතාවේ තිබුනා. ඒත් සීසන් 4 වල දී ඇරෝ කතා මාලාව පලවෙනි සීසන් එකේ දී කතා නොකරපු Green Arrow - Year One කතාවේ සමහරක් කාරනා වෙතට අවධානය යොමු කරලා තියනවා. ඒ හින්දා මේ කාරණය ගැන කතා කරන්න සුදුසු කාලයක් ආයෙමත් ඇවිත් තියනවා.
මේ කතාව නිකුත් උනේ 2007 වසරේ දී. ඒ Andy Diggle ගේ නිර්මාණයක් විදිහට. මේකේ රූපමය දායකත්වය Jock ගෙන්. කොටස් 6 කතාවක් විදිහට නිකුත් වුණු මේ කතාව ගොඩක් ජනප්‍රිය කතාවක් උණා. එහෙනම් අපි බලමූ මේ කතාවේ සිදුවීම් පෙළ.
මතක ද අතීත සිදුවීම් වලදී අපි දැකපු ඔලිවර් ගේ තරුණ කාලය. ජිවිතේ කිසිම බරපතල කමක් නැතිව හැසිරුණ හැටි. කොමික් කතාවේ දී ත් අපිට හම්බෙන්නේ මේ විදිහේ ඔලිවර් කෙනෙක්. මෙයාහේ හැම වැඩටම උදව් වෙන්නේ Hackett කියන සහායකයා.
දවසක් ඔලිවර් හැකෙට් එක්ක යනවා වෙන්දෙසියකට. එතන දී එයා හොවාර්ඩ් හිල් කියන අති දක්ෂ දුනුවායාගේ දුන්න මිල දී ගන්නවා. හැබැයි මිලට අරගෙන විතරක් ඉන්නේ නැතුව එතන බීලා පිස්සු නටනවා.
ඔලිවර්ට ටිකක් විතර හොඳ සිහිය එද්දී එයාට කරපු වැඩේ ගැන ලැජ්ජා හිතෙනවා. එයාට ඕන වෙනවා ටික දවසක් ඈත් වෙලා ඉන්න. හොඳ වේලාවට හැකෙට් පහුවෙනිදා උදේම පුද්ගලික යාත්‍රාවකින් ෆිජී දූපත් වලට යන්න තමයි හිටියේ. ඒ ආදායම් බදු වලට අහුවෙන්නේ නැති වෙන විදිහේ ගනුදෙනු වක් කරන්න. හදිස්සියේම ඔලිවර් තීරණය කරනවා එයාත් ඒ ගමන යන්න ඕනේ කියලා. මේකට හැකෙට් විරුද්ධ උණත් කරන්න දෙයක් තිබ්බේ නෑ එයාට.
ඊට පස්සේ දෙන්නත් එක්කම ෆැසිපික් ක්වින් කියන යාත්‍රාවේ ෆිජී දූපත් වලට යන්න පිටත් වෙනවා. හැබයි ඔලිවර් හැකෙට් ව විශ්වාස කෙරුවාට හැකෙට් ට තිබ්බේ වෙනම අරමුණක්. එයා උත්සාහ කෙරුවේ සල්ලි ටික අරගෙන පැනලා යන්න. ඔලිවර් ආපු හින්දා ඒ වැඩේ වැරදුනා හින්දා එයා කරන්නේ ඔලිවර් ට පහරදීලා යාත්‍රාවෙන් එලියට ඇදලා දාන එක.
වාසනාවකට වගේ ඔලිවර් දුපතකට ගහගෙන එනවා. එයා ඒ දුපත වටේ ඇවිදලා බලනකොට දකිනවා විනාශ කරපු ජනාවාසයක්.
ඊට පස්සේ එයා ටිකෙන් ටික එතන ස්ථාවර වෙනවා. එහෙන් මෙහෙන් අහුලා ගත්තා කෑලි වලින් එයා දුන්නක් හදා ගන්නවා. ඒ වගේම පරන ජැකට් එකකින් කොළපාට හිස් වැස්මක් හදා ගන්නවා.
දුනු ශිල්පය කියන්නේ ඔලිවර් ගේ ඇඟේ තිබුණු දෙයක්. ඒකයි මෙයා හොලන්ඩ් හිල් ගේ දුන්න මිලට ගත්තෙත්. ඒ වගේම දුපතේ අතරමං උනාට පස්සේ ආරක්ෂාවට දුන්නක් හදා ගත්තෙත්. දැන් නම් අපිට දැකලා පුරුදු රුපයක් තමයි දකින්න හම්බුනේ.
දුපතේ තනිවම ජිවත් වෙද්දී ඔලිවර් දකිනවා දවසක් හෙලිකොප්ටර් එකක් යනවා. එයා උදව් ඉල්ලලා සංඥාවක් කරනවා. ඒත් පිළිතුරු විදිහට එයාට හම්බෙන්නේ වෙඩි වර්ෂාවක්.
මේකෙන් බේරෙන්න ඔලිවර් හෙලිකොප්ටරේ නියමුවාට දුන්නෙන් විදිනවා. පාලනයෙන් තොර වුණු යානය බිමට කඩා වැටෙනවා. ඒ ගැන හොයන්න යනකොට ඔලිවර්ට හම්බෙනවා පොපි වගාවක්. ඔලිවර් තේරුම් ගන්නවා මේ නීති විරෝධී වගාව හින්දා තමයි නියමුවන් ඔලිවර්ට වෙඩි තිබ්බේ කියලා.
ඒ අවට විස්තර හොයන කොට ඔලිවර්ට ගර්භණි කාන්තාවක් හම්බෙනවා. එයාගෙන් විස්තර අහලා ඔලිවර් දැන ගන්නවා වසර කිහිපයකට කලින් දුපතට ආපු විදේශකියෝ කණ්ඩායමක් දුපතේ ස්වදේශික ගම්මාන විනාශ කරලා ඒ අයව වහල් කමට අරගෙන පොපි වගාව පටන් ගත්තා කියලා.
මේ කට්ටිය මෙහෙයවන්නේ Chien Na Wei කියන කෙනා කියලා ඒ කාන්තාව ඔලිවර්ට කියනවා. මේක අහලා ඔලිවර් පුදුම වෙනවා. මොකද හැකෙට්, මේ නම තියන කෙනා එක්ක ගනුදෙනුවක් කරන්න තමයි ෆිජී දුපතට එන්න ලැස්ති වෙලා හිටියේ.
කඩා වැටුණු යානය හොයාගෙන Chien Na Wei එනවා දැකලා ඔලිවර් හැංගෙනවා. Chien Na Wei එක්ක එයාගේ සහයකයා විදිහට එන්නේ හැකෙට්.
නියමුවාගේ අතේ ඇනිලා තිබ්බ ඊතලය දැකලා හැකෙට් ඒ පස්සේ යන්න තීරණය කරනවා. හැකෙට් ඉස්සරහට එන ඔලිවර් දැකලා එයා පුදුම වෙනවා. මොකද හැකෙට් හිතුවේ ඔලිවර් මුහුදේ ගිලිලා මැරුණා කියලා.
මෙතන දී ඇතිවෙන ගැටුම හින්දා දෙන්නාටම ගොඩක් තුවාල වෙනවා. හැකෙට් කඩා ගෙන වැටෙන ගහකට යට වෙනවා. ඔලිවර් ගේ අත තුවාල වෙනවා.
මෙතනින් කතාව ඉවර නෑ. හැබැයි ඊට පස්සේ සිද්ද වුනු දේවල් කතා කරන්නේ අපි ඊලඟ කොටසින්. එකේ දී අපි බලමු මේ කොමික් කතාවේ ආභාෂය කොයි තරම් දුරකට ඇරෝ කතාවට බලපාලා තියනවා ද කියන කාරණය.
attila_THE_hun
පට්ට මචන් උබලාගේ මහන්සිය අපතේ යන්නේ නෑ
ReplyDeleteAniwa. Supiri.
ReplyDeleteබොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
ReplyDeleteසුපිරියි සුභපැතුම්..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.
adooo patta mchn ..next episode ekath ikmntma ooni
ReplyDeleteThanks machan......
ReplyDeletepatta digatama karagena yamu
ReplyDeleteSupiri ahh.. Next episode ekath ikmnta dennoooo..
ReplyDeleteසුභ පැතුම් යාලුවනෙ මේ කරන පේජ් එක වෙනුවෙන්....
ReplyDelete