Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Supergirl S01E06 - Review

Supergirl S01E06 - Review

Supergirl S01E06 - Red Faced



ඔන්න අපි අදත් වෙනදා වගේම සුපර්ගර්ල් රිවිව් එකත් අරන් ආවා. බහුතරයක් මේ සීරියස් එක බලන්නෙ නැති උනත් මේක බලන සෙට් එකකුත් ඉන්නවනෙ. ඒ නිසා අපි අනිවාර්යෙන්ම මේ රිවිව් එක දෙනවා. කොමික් ස්ක්‍රිප්ට් අපි ඒකට බැඳිලා ඉන්නවා. වැඩ රාජකාරි ගොඩක් මැද්දෙ උනත් මේ හැම දෙයක්ම අපි කරන්නෙ එක්තරා විදිහකට බැලුවොත් සමාජ සේවයක් විදිහට. අපි මේ කිසි දෙයකට සල්ලි ගන්නෙ නෑ, එහෙම උනත් සල්ලි වලට වඩා වටින දෙයක් තියෙනවා. ඒ ඔයාලගෙ අදහස් තමයි. ඒ නිසා පුලුවන් නම් අපි මේ කරන දේ ගැන අදහසක් දක්වලා යන්න අමතක කරනන එපා. ඒත් එහෙම කරෙ නෑ කියලා අපි තරහ නම් නෑ.

අපි ටිකක් පිටිස්පස්සෙන් ඉන්නවා උණත් බලපු අයට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ දැන් කතාවෙ තත්වෙ කොහොමද කියලා. ඩිරෙක්ටර්ස්ලා තමගෙ වැරදි තැන් හදාගෙන ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. පලවෙනි එපිසෝඩ් එකයි මේ එපිසෝඩ් එකයි අතර වෙනස දැක්කම ඒක නිකම්ම ඔප්පු වෙනවා. ABC සමාගමෙන් සම්පූර්ණ සීසන් එකම ඕඩර් කරපු එක ඉතින් පුදුමයක් නෙවෙයිනෙ. වැඩි විස්තර ඕන නෑ අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

  • කාරා සුපර්ගර්ල් විදිහට වැඩ පටන් අරගෙන දැන් ටික කාලයක් වෙන නිසා ඒ වැඩ ගැන පොඩ්ඩක් පරිණත වෙලා තියෙනවා වගේ පෙනුනත් හැමතිස්සෙම එහෙම නෑ කියලා මේ සතියේ කතාව පටන්ගන්නකොටම අපිට පොඩි හින්ට් එකක් දෙනවා. ඒ වගේම අපිට වෙනස් ස්ථාන ගොඩක රූගත කිරීම් බලාගන්න පුලුවන්. 

  • DEO එකේදි හෑන්ක් නොකියා කියනවා සුපර්මෑන් කියන්නෙ දෙවියක් වගේ බලයන් තියෙන කෙනෙක් කියලා.(GOD like powers). ඒ වගේම සුපර්මෑන් කවදා හරි පාලනයකින් තොර උනොත් මොන වගේ දේවල් කරයිද කියලා. මේක කියනකොටම මට මතක් උනෙ Injustice:Gods among us කොමික් සීරියස් එක. ඒ වගේම මැක්ස්වෙල් ලෝඩ් සුපර්ගර්ල් ගැන මිනිස්සු අතරෙ අප්‍රසාදයක් ඇති කරන්න වැඩ කරනවා අපිට දකින්න පුලුවන්. සමහරවිට මේක ලෝඩ්ගෙ මාස්ටර් ප්ලෑන් එකේ කොටසක් වෙන්න පුලුවන්.

  • මම ගිය සතියෙ කිව්වා වගේම කැට්ගේ පවුලේ තව කෙනෙක් අපිට දැකගන්න පුලුවන් උනා. ඒ තමයි කැට්ගෙ මව. මෙයාව මොකට කතාවට ගෙනාවද කියලා නම් මට් තාම හිතාගන්න බැරි උනා. ඒත් අපිට ඉස්සරහට මේ අලුතින් ගේන චරිත ගොඩක් වැදගත් වෙන්න පුලුවන්.


  • ඇලෙක්ස්ගෙ පියා ගැන හොයන මෙහෙයුම ගැන ඇලෙක්ස් ගොඩක් උනන්දුවෙන් ඉන්නවා වගේ පේනවා. ඒ වගේම වින්ගෙ චරිතය ගැන ලොකු දෙයක් අපිට මෙතනදි දැනගන්න පුලුවන්. වින් නීතියට පිටින් වැඩකරන්න කැමති නැති නීතිගරුක කෙනෙක් වගේ. මොකද කාරා වෙනුවෙන්වත් DEO කම්පියුටර්ස් හැක් කරන්න බෑ කියලා වින් කියනවා මෙතනදි. මොකද අපි දන්නවා වින්ගෙ හිතේ කාරා ගැන තියෙන්නෙ මොනවගේ හැඟීමකද කියලා. 


  • ඔන්න මේ එපිසෝඩ් එකේදි DC කොමික්ස් වලදි අපිට දකින්න ලැබෙන ලොකු චරිත ගොඩක් පුංචි තිරයට ගෙනල්ල තියෙනවා. කොමික් වලදි අපිට දකින්න ලැබුන ලූසි ලේන්ව, ඒවගේම ඇයගෙ පියා Sam Lane වත් අපිට දකින්න පුලුවන්. සෑම් කියන්නෙ සුපර්මෑන් කොමික් වලදි අපිට නිතරම දකින්න ලැබුන කෙනෙක්. සෑම් ගැන වැඩි දුරටත් කියනවා නම් සෑම් තමයි US army එකේ general විදිහට කටයුතු කරන්නෙ. ඒ විතරක් නෙවෙයි, ෆ්ලෑශ්පොයින්ට්(read Flashpoint comic) වෙන්න කලින් සුපර්මෑන්ගෙ පරම හතුරා වෙන ලෙක්ස් ලූතර් ඇමරිකාවෙ ජනාධිපති විදිහට ඉන්න කාලෙ සෑම් තමයි ආරක්ෂක ලේකම් විදිහට කටයුතු කරෙ. ඒ වගේම ලුසීව පරීක්ෂණයකට ලක් කරලා තාවකාලිකව සුපර්වුමන් තත්වෙට පත් කරන්නත් සෑම් මුල් වෙනවා.


  • Red Tornado!! රෙඩ් ටෝනේඩෝ ගැන නම් කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඒත් මම මූලික දේවල් ටික විතරක් කියලා ඉන්නම්. යන්ග් ජස්ටිස් ඇනිමේටඩ් සීරිස් එක බලපු අයට නම් රෙඩ් ටොනේඩෝව අලුත් කෙනෙක් නෙවෙයි වෙන්න ඇතිනෙ. ඒත් අපිට ඉස්සෙල්ලම රෙඩ් ටොනේඩෝව කොමික් වලදි දකින්න ලැබුනේ 1968දී Justice League of America #64 ඉශූ එකෙන්. ජස්ටිස් ලීග් එකෙත් සාමාජිකයෙක් කියනකොට ඉතින් හිතාගන්න පුලුවන්නෙ මොන වගේ ප්‍රබල චරිතයක්ද රෙඩ් ටෝනේඩෝ කියන්නෙ කියලා. රෙඩ් ටොනේඩෝ කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් කෙනෙක් කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. 


ඇන්ඩ්‍රොයිඩ් කෙනෙක් උනත් මෙයාට තියෙනවා සුපර් හියුමන් ස්ට්‍රෙන්ත්, වගේම හයි ලෙවල් ඉන්ටලෙක්ට් එකකුත්. ඒ කියන්නෙ ඉතාමත් ඉහල බුද්ධිමත් චරිතයක් තමයි  මේ. ටෝනෙඩෝ ගැන කියද්දි හදපු කෙනා ගැන කිව්වෙ නැති උනොත් කතා කරපු දේවල් වලිනුත් වැඩක් නැති වෙනවා. කතාවෙදි වගේම කොමික් වලදිත් ටෝනෙඩෝව නිර්මාණය කරන්නෙ මේ T.O. Morrow තමයි. අපිට මුලින්ම මෙයාව දකින්න ලැබුනෙ ෆ්ලෑශ් කොමික් වලදි උනත් පස්සෙ ගොඩක් තැන් වලදි දකින්න හැකියාවක් ලැබුනා. මෙයාට සුපර්හියුමන් ඉන්ටෙලිජන්ස් එකක් තියෙනවා. ඒ වගේම රොබෝ සහ අනාගත තාක්ෂණය ගැන ඉතාම ඉහල දැනුමක් තියෙන විද්‍යාඥයෙක් තමයි මොරෝව් කියන්නෙ.



අපිට තැනකදි ඇහෙන ඇමරිකාවෙ ප්‍රසින්ඩන්ට් ගැන කියන්වා ජෙනරල් ලේන්. එතනදි කියන්නෙ "she" කියලා. ඒ කියන්නෙ ප්‍රසිඩන්ට් ගැහැණු කෙනෙක් වගේ. බැලු බැල්මට වැදගත් කමක් නොපෙනුනත් මේක ටිකක් විශේෂ දෙයක් කියල මට හිතුනෙ.

කැට් ග්‍රෑන්ට්ගෙ ඔෆිස් එකේදි බිත්තියෙ තියෙන තිරයක අපිට පේනවා "live with GORDON AND JIM" කියලා ටෝක් ශෝ එකක් වගේ එකක් යනවා. මොකක්ද මතක් උනේ දැක්ක ගමන්? ඔව් ගෝතම් වල ජිම් ගෝඩන් තමා. සමහරවිට මේක සැඟවුණු ඊස්ටර් එග් එකක් වෙන්න පුලුවන් ජිම් ගැන දීපු.

වෙනදට වඩා ශෝ එකේදි මියුසික් පැත්ත හොද වර්ධනයක් තියෙනවා කියලා හිතුනෙ මට විතරද. හැමදාම කියන්වා වගේ කවුරු මොනවා කිව්වත් මේ ශෝ එක ලොකු වෙනස් කරයි කියලා මට නම් විශ්වාසයි.

  • ඇලෙක්ස්ගෙ සහ මැක්ස්වෙල් ලෝඩ්ගෙ අතර මිත්‍රත්වය ගොඩක් වර්ධනය වෙලා කියලා පැහැදිලියිනෙ. කතාව එකම පාරකින් ගෙනියනවට වඩා මේ වගේ වෙනස් පාරවල් තොරගන්න එක ගැන අධ්‍යක්ශකවරු සෑහෙන්න හිතලා තියෙනවා වගේ. මොකද කතාවෙ වෙන පොඩි දේ පවා ඉස්සරහට ලොකු වෙනස කරන්න බලපානව කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ.

  • මේ එපිසෝඩ් එකේදි ගොඩක්ම කතා කරේ තරහව කියන දේ පාලනය කරන හැටි. මොකද අපි දැකලා එහියෙනවා සුපර්මෑන් වගේ කෙනෙක්ට තමන්ව පාලනය කරගන්න බැරි උනාම කොයි තරම් දරුණු තීරණ ගන්නවද කියලා. ඉන්ජස්ටිස් කොමික් මාලාව කියවපු කෙනෙක්ට ඉතින් මේක අමුතුවෙන් කියන්න ඕන නෑනෙ නේද. අන්තිම බැටල් එක ගැන ඉතින් විශේෂයෙන් කියන්න ඕන නෑනෙ, ඇත්තටම කියන්වනම් මූවි එකක් බලනවා වගේ හැඟීමක් එන තැනට ඒ අවස්තාව නිර්මාණය කරලා තිබ්බා කිව්වොත් නිවැරැදියි කියලා මට හිතෙනවා.

  • කතාවෙ ප්‍රධාන චරිතය කාරා උනත් ඇලෙක්ස්ගෙ උදවු නැතුව කොහොමටවත් කාරාට සටනක් ජයගන්න අමාරුයි වගේ. අපි දන්නවනෙ ඕනම වීරයෙක්ට බැකප් එකක් ඉන්නවා කියලා. එහෙම උනත් මුලු කතාවම කාරා මත රඳා පවතින්නැතුව හැම චරිතයකටම ලොකු අවස්තාවක් දීලා තියෙනවා. 

  • අන්තිම සටන ඉවර උනාම ඔයාල දකින්න ඇති කාරා පණ නැතුව වගෙ ඇදගෙන වැටෙනවා. ඇත්තටම මේක සාමාන්‍ය දෙයක් වගේ පෙනුනත් මේක පිටිපස්සෙ ලොකු දෙයක් තියෙනවා. සුපර් මෑන් කියන චරිතය කොමික් ලෝකයට හදුන්වලා දීලා දැනට දශක ගණනාවක් උනත් අදටත් සුපර් මෑන්ගෙ අලුත් හැකියාවන් අලුත් බලයන් නිර්මාණය කරන්න තහනමක් නෑ. ගිය අවුරුද්දේ අග බාගෙදිත් වගේ මේ අලුත්ම බලයක් සුපර්මෑන්ට හදුන්වලා දුන්නා. සුපර්මෑන් කිව්වට කහ ඉරෙන් බලය ලැබෙන හැමෝටම මේක පොදු දෙයක්. මොකද ඒ අයට පුලුවන් තමන්ගෙ ඇගේ ගබඩා වෙලා තියෙන ශක්තිය එකපාර නිදහස් කරන්න. මේක නම් කරේ Solar Flare කියලා. එහෙම භාවිත කරොත් ඒ කෙනාට ටික දවසක් යනකම් බලයන් අහිමි වෙනවා. 

  • අන්තිමට අපි දැක්කෙ කාරගෙ අත වීදුරුවකට කැපෙනවා. මේකත් අනිවාර්යයෙන්ම මේ බලපෑම නිසා සිදුවුන දෙයක් වෙන්න ඕන.
  • ඔන්න අන්තිමට ඇලෙක්ස්, වින්ගෙ මාර්ගයෙන් හොයාගන්නවා තමන්ගෙ තාත්තට මොකද උනේ කියලා. ඇත්තටම මොකද උනේ කියලා නම් නෙවෙයි, හෑන්ක් මේ හැම දේ පිටිපස්සෙම ඉන්නවා කියලා. හරියටම මොකද උනේ කියලා බලාගන්න නම දිගටම සුපර්ගර්ල් බලන්න වෙයි.



ඔන්න එහෙනම් රිවිව් එක දීලා ඉවරයක් කරා. ගොඩාක් වැඩ තිබුන නිසා ටිකක් පරක්කු උනා. ඒත් අපේ ෆෑන්ස්ලා අපිත් එක්ක තරහ නැතුව ඇති කියලා හිතනවා. රැඳිලා ඉන්න කොමික් ස්ක්‍රිප්ට් සමග දිගටම.

#Luthor


5 comments:

  1. පට්ට සහො, දිගටම කරන් යන්න. මම එනවා බලන්න.

    -Superman-

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…

    සුපිරියි සුභපැතුම්..

    ReplyDelete
  3. Niyamai saho...
    digatama wde karagena yanna...
    Good Luck....

    ReplyDelete
  4. Thanks sahooo.... Digatama karagena yamu....

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න