Critique Review
ඔන්න මේ වැඩේ නම් ටිකක් අමාරු වැඩක්. අමාරු කියන්නේ මීට කලින් මේ විදිහේ අත්දැකීමක් ලබලා නෑ. අපේ පේජ් එක මඟින් ටීවී සිරිස් වල රිවිව් සහ ට්‍රේලර් බ්රේක් ඩවුන් දුන්නාට කොමික් කතාවක් රිවිව් කරලා නෑ තවමත්. ඒකට හේතු ගොඩක් ම තියනවා. දිනපතා නිකුත් වෙන අසීමිත කොමික් කතා අතරින් එකක් හෝ කිහිපයක් පමණක් තෝරා ගැනීම ප්‍රායෝගික වැඩක් නෙවේ. ඒ වගේම ටීවී සිරිස් සහ ෆිල්ම් අපේ යාළුවන්ට සමීප උණාට කොමික් ප්‍රකාශන කියවන පිරිස ඉතාම අඩුයි. ඒ හින්දා ඒ පැත්තට වැඩි අවධානයක් යොමු කරන්න අමාරුයි. ඒ සේරටම වඩා වැදගත්ම දේ තමයි අපිත් තවම කොමික් වලට ආධුනිකයෝ. මේ වගේ වැඩකට අත ගහන්න තවම බයයි. ඔය අතර වාරයේ දී තමයි අපිට මේ ආරාධනය ලැබුනේ. ඒ තමයි චතුර්මාන කතාවේ පලවෙනි වෙළුම ට විග්‍රහයක් දෙන්න කියලා.
මේක ඇත්තටම කියනවා නම් අපේ යාලුවෙක් ගේ ඉල්ලීමක්. මේ යාළුකම ඇති වුනේ අපි ලංකාවේ කොමික් කියවන අයගේ නිර්මාණ ශීලි හැකියාව වැඩි කරන්න තියපු චරිත නිර්මාණ තරඟයෙන්. එතන දී අපි දැන ගත්තා ඒ වෙන කොටත් ලංකාවේ අපේම කියලා කොමික් චරිත බිහිවෙලා තියනවා කියන කාරණය. ඒ සතුට වචනයෙන් කියලා ඉවර කරන්න බෑ. මොකද ඒක අපේ තිබ්බ එක හීනයක්. ඒ ගැන මුලින්ම අපි සුභ පතන ගමන් ම අපි බලමු චතුර්මාන කතාව ගැන පොඩ්ඩක් එබිලා බලමු.
අපි මුල්ම අවධානය යොමු කරමු මේක නිර්මාණ කරුවන් වෙතට. මේක නිර්මාණය කරන්නේ උවිඳු සඳකත්. එතකොට ප්රචාරක රූපණය සිදු කරන්නේ සජිත් කන්දනආරච්චි. ඒ Pruve කොමික් ප්රකාශනක් විදිහට. කතාවේ නම චතුර්මාන (The Four Dimensions). පළවෙනි වෙළුම නම් කරලා තියෙන්නේ The Wake Up Call විදිහට.
ඊළඟට අපි අවධානය යොමු කරමු කවරය දෙසට. මොකද අපි ඕනම පොතක් අතට අරගෙන බලද්දී මුලික අවධානය යොමු වෙන්නේ පිට කවරයට. මේ ගැන අපි තව ටිකකින් කතා කරන්න හිටියත් මෙතන දී පොඩි සඳහනක් නොකරම බෑ. ඒ තමයි මේ කතාව පුරාම රූපමය මාධ්‍ය විශිෂ්ට විදිහට හසුරුවලා තියනවා. පිට කවරේ දී අපි ඒ ලක්ෂනය දකිනවා. හැබයි මගේ පුද්ගලික මතය නම් අපි කොමික් කොටුවක දකින රූපයකට සිමා වෙන්නේ නැතුව විවිධත්වයක් කවරයට එකතු කෙරුවා නම් මීට වඩා වෙනස් විදිහේ ආකර්ශනයක් එකතු වෙන්න තිබ්බා. කතාව පුරාම දකින්න ලැබෙන අඳුරු ගතිය ඉස්මතු කරන්න කවරය මඟින් සාර්ථක වෙලා තියනවා. කුතුහලය ඇතිවෙන විදිහට අනන්‍යතාවය හෙළි නොවන ශරීර කොටසක් ඇති කරපු එක නිර්මාණශීලි උණත් ඒ ඉඩ භාවිතා කරලා මීට වඩා ආකර්ශනයක් ලබා දෙන්න තිබ්බා කියන මතයේ තමයි මම නම් තවම ඉන්නේ. හැබයි මේක අතට ගන්න ඕනෑම කෙනෙකුට සිංහල අකුරෙන් මුද්‍රණය කරලා තියන වචන ටිකම ඇති මේ පොත මිලට ගන්න.
පිටකවරය දැකලා ආකර්ශනයක් ඇති උණාම අපි කරන්නේ මේක අතට අරගෙන පිටු එකින් එක පෙරලලා බලන එක. එතකොට කතාව ගැන අවධානය යොමු වෙන්න කලින් අපේ සිත් ඇද ගන්නේ කොටුවෙන් කොටුව නිරුපණය වෙන චිත්‍ර. හැබයි මේ කාරණයෙන් නම් මේ කොමික් කතාව ගොඩක් ඉහලින් තියනවා. මොකද අපිට ආකර්ශනීය විදිහට නිර්මාණය කරපු දෙයක් තමයි ඇතුල් පිටු එකින් එක පෙරලනකොට දැක ගන්න පුළුවන් වෙන්නේ.
හැබයි අවස්තා දෙක තුනක දී වැඩිමනත් ඉඩ ප්‍රමාණයක් නිරපාරාදේ භාවිතා කරලා තියනවා කියන හැඟීම නම් එනවා. සමහරක් විට වැඩි අවධානයක් ලබා දෙන්න මේ ක්‍රමය අනුගමනය කෙරුවා වෙන්න පුළුවන්. ඒත් මිළදී ගන්න රසිකයෙක් ට අන්තිම වර්ග අඟල දක්වා සාධාරණයක් විය යුතුයි කියන මතක තියා ගන්න වෙනවා අපිට.
කොමික් ප්රකාශනයක් ඇතුළු ඕනෑම දෙයක වැදගත්ම කරුණ තමයි අන්තර් ගතය. අපි චතුර්මාන කතාවේ අන්තර්ගතය දිහාවට පොඩ්ඩක් අවධානය යොමු කරමු. මේකට තේමාව වෙන්නේ ඓතිහාසික මූලාශයක් කියලා තමයි නිර්මාණකරුවා කියන්නේ.
පලවෙනි වෙළුම ඇතුලේ අපිට ඒ ගැන වැඩි විස්තර හොයාගන්න බැරී උණත් දීලා තියන ඉඟි මඟින් මේක පුරාණ නාග ගෝත්‍රිකයන් දක්වා යන කතාවක් වගේ තමයි පේන්නේ. හැබයි මේක අනුමානයක් විතරයි. ඉතුරු කොටස් එනකල් ඉන්න වෙනවා ස්ථීර අදහසක් ගන්න. හැබයි මම පුද්ගලිකව ප්‍රාර්ථනා කරනවා මේක තවත් එක්තරා එක රාවණා පුනරාගමනයක් නොවේවා කියලා. අතීත රාවණ රජුගේ ශ්‍රේෂ්ඨ පුරාවෘතය ඉන්දියානු සංස්කෘතිය මඟින් විනාශ කලාට වඩා වැඩි විනාශයක් මෑත කාලීන ඊනියා මත වාද මඟින් ඇති කරපු හින්දා ගොඩක් දෙනෙක් ඒ දිහා බලන්නේ විවෘත මනසකින් නෙවේ.
කතාවේ තියන සාධනීය ලක්ෂණ තමයි ඓතිහාසික කරුණු ඉදිරිපත් කරන්න (දැනට ඉතාම සුළු ප්‍රමාණයක් විතරයි නිරාවරණය වෙලා තියෙන්නේ) යොදා ගන්න උපක්‍රම. ඒවා කතාවේ රසයට බාධාවක් නොවී ඉදිරිපත් කරලා තියනවා. ඒ වගේම කතාව තුල අපිට හම්බෙන ශ්‍රී ලාංකික පරිසරය හුරුපුරුදු හැඟීමක් අපිට ලබා දෙනවා.
පලවෙනි වෙළුම අවසානයේදී වෙන්න ඕන විදිහටම පාඨකයා කුතුහලය පිරුණු තැනක නවත්තන්න කතාව සමත් වෙනවා. කතාවේ ප්‍රධාන චරිතය වෙන රහල් සුදලිය ගේ ඉරණම මොකක් වෙයිද? එයා ගේ අතීත කතාව මොකක්ද? අභිරහස් කණ්ඩායම සමඟ ඔහුගේ සම්බන්ධය කුමක්ද කියන කාරණය දැන ගන්න ඊළඟ ප්රකාශනය එනකල් මඟ බලාගෙන ඉන්න තැනකට ගෙනත් තියනවා.
අපි කතාවේ අන්තර්ගතය ගැන කිසිම විස්තරයක් කිව්වේ නම් නෑ තමයි. මොකද අපිට උවමනාවක් නෑ මේ කතාවේ රසය නැතිකරන්න. ඒ වෙනුවට අපිට කියන්න තියෙන්නේ මේක අරගෙන කියවිය යුතුම එකක් කියලා. ඒ සම්බන්ධ වැඩි විස්තර ලබා දෙන්නත් අපි අදහස් කරනවා.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක ගොඩක් සුභවාදී පියවරක්. ලංකාවේ අපිටම, අපේම කොමික් සංස්කෘතියක් ගොඩ නැගෙනවා කියන්නේ ඒක වචනයෙන් කියලා ඉවර කරන්න බැරී දෙයක්. මේකේ නිර්මාණ කරුවන් ඇතුළු සියලුම දෙනාට අපි සුභ පතන ගමන්ම ඉදිරි ප්‍රකාශන කියවීමේ අවස්තාව ඉක්මනින්ම ලබා දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මේ ගැන කතා කරන්න අපිට අවස්තාවක් ලබා දීපු එකටත් ගොඩක් ස්තුති වන්ත වෙනවා.
Comic Script Rating - 9.0/10
Team_Comic_Script
Great Thanks for sharing
ReplyDeleteThanks
ReplyDeleteදිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
ReplyDeleteසුපිරියි සුභපැතුම්.
Meka kohenda bn ganna thiyenne.. Please kynnko.. Kohenda apita buy krnn pluwn..
ReplyDelete