X men Apocalypse trailer එක නිකුත් වුණාත් සමඟම අපේ යාලුවෝ අතර ලොකු කථාබහක් ඇතිවුණා Apocalypseගේ Horsemenලා ගැන. ඔන්න ඒ නිසාම ඒ ගැන සවිස්තරාත්මක විග්‍රහයක් ගේන්න අපි තීරණය කළා. ඒ ගැන කතා කරන්න කලින් Apocalypseගේ අතීත කතාව ගැන අනිවාර්යයෙන්ම කථා කරලා ඉන්න ඕනේ. ඒ නිසා මුලින්ම ඒ ගැන විස්තර දැනගෙන ඉමු
En Sabah Nur කුඩා අවධියේදී |
අවුරුදු 17දී තමන්ගේ වැඩිහිටිභාවය ඔප්පු කරන්න නුර් තමන්ගේ නිරායුධ දෑතින් ආයුධවලින් සමන්විත සෙබළු තුන් දෙනෙක් මරා දමනවා..මේ කාලයේදී ඊජිප්තුවේ පාලකයා උනේ පාරාවෝ රාම ටුට්.. මේ පාරාවෝ ස්පින්ක්ස් සතෙක්(මනුශ්‍ය මුහුණක් ඇති සිංහයෙක්) පිට නැගලා ආපු දෙවි කෙනෙක් කියලා ඒ කාලේ මිනිස්සු විශ්වාස කලේ..නුර්ගේ අවසන් අභියෝගයෙන් පස්සේ බාල් නුර්ව පූජනීය ගුහාවකට එක්කගෙන යනවා.. ගුහාව ඇතුලෙදි ගුහාවෙන් ආපහු පිට වෙන දොරටුව ගල් ගොඩක් වැටිලා වැහෙනවා.. ගුහාව ඇතුලේ හිර උනත් බාල් දිගටම නුර්ව ඇතුලට එක්කගෙන යනවා.. ඇතුලෙදි බාල් නුර්ට පෙන්නනවා යානයක කොටසක්.. ඒක කාලය හරහා යන යානයක්.. රාමා ටුට් ආවේ මේ යානයෙන් කියලත්, රාමා ටුට් කියන්නේ දෙවි කෙනෙක් නෙමෙයි මනුස්සයෙක් කියලත් නුර්ට පැහැදිලි කරන බාල් නුර්ට කියනවා රාමා ටුට්ව රජකමෙන් එලවලා නුර්ට රජ වෙන්න කියලා.. ගුහාව ඇතුලෙදි කන්න, බොන්න නැතිකමින් බාල් මැරෙනවා.. ඒත් නුර්ගේ මියුටේශන් එක නිසා නුර් ජීවත් වෙනවා..
සති කිහිපෙකට පස්සේ නුර් පොළව මතුපිටට එනවා.. නුර් ඉබාගාතේ ඇවිද ඇවිද ඉන්නකොට රාමා ටුට්ගේ ප්‍රධාන ඇමතිවරයා නුර්ට බොන්න වතුර දීලා, වහලෙක් විදියට යොදාගන්නවා.. නුර් බාල්ගේ මරණය වෙනුවෙන් රාමා ටුට්වයි, පාරාවෝගේ සෙන්පතියා ඔසිමන්ඩයස්වයි මරනවා කියලා තමන්ටම දිවුරගන්නවා..වහලෙක් විදියට ඉන්න කාලේ නුර්ව සර්පයෝ ඉන්න වළකට දානවා කරපු වැරැද්දකට දඩුවමක් විදියට.. ඒ මොහොතෙදි නුර්ගේ මූලික බලය වෙන ශරීරයේ ස්කන්ධය හා සරීර ප්‍රමාණය පාලනය කිරීමේ බලය ඉස්මතු වෙනවා.. අලුත් බලයන් යොදාගෙන නුර් සෙබළුන්ට පහර දෙනවා.. ඒ අවස්ථාවෙදි රාමා ටුට් සහ ඔසිමන්ඩයස් නුර්ට පහර දෙනවා.. රාමා ටුට් අනාගතයෙන් ගෙනාපු බලයන් නැති කරන ආයුධයකින් නුර්ට පහර දෙනවා.. නුර්ගේ බලයන් තාවකාලිකව නැති වෙනවා.. නමුත් ඉක්මනටම ඒ ප්‍රහාරයෙන් වෙන බලපෑම නැති වෙලා යනවා.. නුර් ඔසිමන්ඩයස් හා රාමා ටුට් දෙන්නාටම පහර දීලා පරාද කරනවා.. නුර් ඔසිමන්ඩයස්ව ටුට්ගේ ස්පින්ක්ස් එක(කාලය හරහා යන යානයා දිහාට විසි කරනවා.. යානයේ වැදීම නිසා ඔසිමන්ඩයස් වැලිවලින් හැදුණු ජීවියෙක් බවට පත් වෙනවා.. ඒ වගේම ඔසිමන්ඩයස්ට ක්ෂණික අනාගතය දකින්න පුළුවන් බලයක් ලැබෙනවා.. පැරදීගෙන එනකොට රාමා ටුට් කාලය හරහා ගිහින් පැනගන්නවා.. ඊට පස්සේ අනාගතයෙදි රාමා ටුට් තමන්ව හදුන්වාගත්තේ කැන්ග් ද කොන්කරර් නමින්..
Ozymandias and En Sabah Nur |
ශතවර්ශ කිහිපයකට පස්සේ නුර්ට අහන්න ලැබෙනවා චීනේ උතුරු මොන්ගෝලියාවේ හො ලො ශාන් කදුවල ඉන්න කඩාවැටුණු පිටසක්වල යානයකින් බලය ලබාගන්න පාලකයෙක් ගැන.. නුර් ඒ පාලකයා හොයාගෙන යනවා.. පාලකයාගේ ආරක්ශකයෝ ඔක්කොම මරලා දාන නුර් මේ පාලකයා වන Garbha-Hsienට මුහුණ දෙනවා.. ඒත් Garbha-Hsienත් නුර් වගේම අමරණීය කෙනෙක්.. නුර් අමරණීය අය මරන්න නොදන්න නිසා මැරෙයි කියලා හිතලා Garbha-Hsienව අතෑරලා පිටසක්වල යානය තමන්ට අයිති කරගන්නවා.. Garbha-Hsien පැනලා යනවා.. අවුරුදු ගානක් පිටසක්වල යානය ඇතුලේ ජීවත් වෙන නුර් යානය හරහා පිතසක්වල ජීවීන් එක්ක සන්නිවේදනය කරන්න උත්සාහ කරනවා.. පස්සේ Eson the Searcher නම් ජීවියෙක් නුර් එක්ක ටෙලිපති හරහා කතා කරනවා.. Eson නුර්ට කතා කරන්නේ ඇපකැලිප්ස් කියලා..
Eson නුර්ට යානයේ තියෙන තාක්ශණය යොදාගන්න දෙනවා වගේම ඒ වෙනුවෙන් නැවත ගෙවීමක් බලාපොරොත්තුවෙන් Eson සහ පිටසක්වල ජීවීන් පෘථිවියට සහස්‍ර කිහිපයකට පසු එන බවත් Eson දැනුම් දෙනවා..
යානයේ තාක්ශණය පාලනය කරන්න පටන් අරගෙන ටික කාලෙකින් ට්‍රැවලර් නමින් තමන්ව හදුන්වාගත්ත කඩුවක් හා පලිහක් දරපු රණ ශූරයෙක් නුර් සහ රයිඩර්ස් ඔෆ් ද ඩාක් කල්ලියට සැරින් සැරේ පහර දුන්නා.. මේ විදියට පහර දෙන දවසක නුර් ට්‍රැවලර්ගේ වම් අත ගලවනවා.. ඒ අත සයිබර්නෙටික් අතක්.. ට්‍රැවලර් තුවක්කුවක් අරගෙන නුර්ගේ ඔලුවට වෙඩි තියලා ආයෙත් අත අරගෙන ශරීරයට හයි කරගන්නවා.. මේ ට්‍රැවලර් කවුරු කියලද හිතන්නේ? ඒ තමයි සයික්ලොප්ස්ගෙයි, මැඩ්ලින් ප්‍රයෝර්ගෙයි(ජීන් ග්‍රේගේ ක්ලෝනයක්) පුතා, නේතන් ක්‍රිස්ටෝපර් චාල්ස් සමර්ස් a.k.a කේබල්.. කේබල් නොදැනුවත්ව කේබල්ගේ ශරීරයේ තියෙන ටෙක්නෝ ඕගනික් වයිරසය නුර්ගේ ශරීරයටත් ඇතුල් වෙනවා.. (අනාගතයේදී කේබල් අතදරු කාලෙදි කේබල්ගේ ශරීරයට ටෙක්නෝ ඕගනික් වයිරසය ඇතුල් කරන්නෙත් ඇපකැලිප්ස්..)
ට්‍රැවලර්ගේ වෙඩි පහරින් මරණාසන්න වෙච්ච නුර්ව ඔසිමන්ඩයස් පිටසක්වල යානයට අරගෙන යනවා.. මේ ටෙක්නෝ ඕගනික් වයිරසය ප්‍රාණවත් ද්‍රව්‍ය තාක්ෂණික ද්‍රව්‍ය බවට හරවන ප්‍රති ඖෂධයක් නැති වයිරස් එකක්.. අතදරු කේබල්ගේ ශරීරයේ කොටසක් සයිබර්නෙටික් කලේ මේ වයිරසය.. නමුත් නුර්ගේ මියුටේශන් එක හා යානයේ බලපෑම හේතුවෙන් ටෙක්නෝ ඕගනික් වයිරස් එක නුර්ගේ පාලනයට යටත් වුණා.. ටෙක්නෝ ඕගනික් වයිරසය නිසා නුර්ට පිටසක්වල යානය තේරුම් ගන්න පුළුවන් වෙනවා.. නුර් යානයේ හිටපු සම්පූර්ණ කාලයේ යානය නුර්ගේ ශරීරය තවත් වැඩි දියුණු කරලා.. නුර්ට තමන්ගේ ශරීරයේ අණුක ව්‍යූහය පවා පාලනය කරන්න පුළුවන්.. Eson කියපු තෑග්ග මේක කියලා නුර් තේරුම් ගන්නවා.. ඒ අතරේ ට්‍රැවලර් යානයට එනවා.. ට්‍රැවලර් ඒ වෙලාවේ දැනගන්නවා නුර්ගේ ශරීරයට ටෙක්නෝ ඕගනික් වයිරසය ඇතුල් වෙලා කියලා.. තමන් ගැනම කේන්තියෙන් කේබල් කාලය හරහා අනාගතයට යනවා..
නුර් තමන්ගේ අලුත් බලය පාලනය කරන්න ඉගෙන ගත්තට පස්සේ තමන්ව ඇපකැලිප්ස් නමින් හදුන්වා ගන්නවා..
පහලොස්වෙනි ශතවර්ෂය වෙනකොට ඇපකැලිප්ස් තමන්ගේ හෝර්ස්මන් කණ්ඩායම හදලා තිබ්බේ.. පෙස්ටිලෙන්ස්, ෆාමයින්, වොර් සහ ඩෙත් හෝර්ස්මන්ලා ඇපකැලිප්ස්ගේ රයිඩර්ස් ඔෆ් ද ඩාක් හමුදාව මෙහෙයෙව්වේ..

First Four Horsemen |
පෙස්ටිලෙන්ස් කියන්නේ වසංගතයට..
ෆාමයින් කියන්නේ සාගතයට..
වෝර් කියන්නේ යුද්ධයට..
ඩෙත් කියන්නේ මරණයට..
ඇපකැලිප්ස් තමන්ගේ හෝර්ස්මන්ලාට අලුත් ආයුධ හා උපකරණ ඇති ඇදුම් කට්ටල ලබාදෙනවා වගේම හෝර්ස්මන්ලාගේ බලයන් වැඩි දියුණු කරනවා..මුල්ම කාලයේ පෙස්ටිලෙන්ස් හෝර්ස්මන් යන්නේ සුදු පාට අශ්වයෙක් පිටේ.. ෆාමයින් හෝර්ස්මන් යන්නේ කළු පාට අශ්වයෙක් පිටේ.. වෝර් හෝර්ස්මන් යන්නේ රතු පාට අශ්වයෙක් පිටේ.. ඩෙත් හෝර්ස්මන් යන්නේ පාණ්ඩු පාට(සුදුමැලි ) අශ්වයෙක් පිටේ.. (බොහෝ විට හෝර්ස්මන්ලාගේ ඇදුම්වල පාටත් මේ පාටවල්ම තමයි.. එහෙම ගෙස් කලොත් එක්ස් මෙන් ඇපකැලිප්ස් ෆිල්ම් එකේ මැග්නීටෝ වෝර් හෝර්ස්මන් වෙන්න පුළුවන්.. සයිලෝක් ෆාමයින් හෝර්ස්මන් වෙන්න පුළුවන්.. ස්ටෝර්ම් පෙස්ටිලෙන්ස් හෝර්ස්මන් වගේම ආක්ඒන්ජල් ඩෙත් හෝර්ස්මන් වෙන්න පුළුවන්..(ආක්ඒන්ජල් කොමික්වලත් ඩෙත් හෝර්ස්මන් වෙලා හිටියා)
කොමික්වල හෝර්ස්මන්ලා වෙලා හිටපු අය
පෙස්ටිලෙන්ස් හෝර්ස්මන්ලා
ප්ලේග්
කැලිබන්
ලෝර්නා ඩේන්
ඉකිසුමි
ෆාමයින් හෝර්ස්මන්ලා
ඕටම් රොෆ්ල්සන්
රෝරි කෑම්ප්බෙල්
ෂිරෝ යොෂිඩා
ජෙබ් ලී
වෝර් හෝර්ස්මන්ලා
ඒබ්‍රහම් කීරොස්
බෲස් බැනර්ස්
චැල්'ස්යී නෙර්මානි
ගේසර්
ඩෙසිමස් ෆියුරියස්
ඩෙත් හෝර්ස්මන්ලා
වොරන් වර්තින්ග්ටන් III
කැලිබන්
ලෝගන්
ගැම්බිට්
සන්ජාර් ජාවිඩ්
බෙට්සි බ්‍රැඩොක්(සයිලෝක්)
මීට අමතරව ඩෙත් හෝර්ස්මන්ලා හතරදෙනෙක්ගේ කණ්ඩායමක් හදලා තියෙනවා..
රොබට් රෙනෝල්ඩ්ස්(සෙන්ට්‍රී)
ශෝන් කැසඩි(බැන්ෂී)
එරික් විලියම්ස්(ග්‍රිම් රීපර්)
අකිහිරෝ(ඩේකන්)
#ආර්කේඩ්

Four Horsemen of Death |

elas
ReplyDeletethank you
ReplyDeleteThank you
ReplyDeleteපට්ට ලිපියක්. බොහෝම ස්තුතියි විස්තර වලට.
ReplyDelete