Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

X-Men: Apocalypse - Trailer Breakdown

X-Men: Apocalypse - Trailer Breakdown
X-Men: Apocalypse Official Trailer #01 - Trailer Breakdown




ගොඩක් අය බලාගෙන හිටියේ Captain America - Civil War ට්‍රේලර් එකයි, BvS දෙවනි ට්‍රේලර් එකයි දිහා නිසාත් ඒ ට්‍රේලර් දෙකේ උණුසුම තාම අඩු වෙලා නැති නිසාත් X-Men: Apocalypse ට්‍රේලර් එක ආව වගක්වත් ගොඩක් අයට නෑ.. ඒත් ඒ ට්‍රේලර් දෙක තරමටම සුපිරියට X-Men: Apocalypse ට්‍රේලර් එකත් හදලා තියෙනවා කියලා මම හිතන්නේ.. (මොකද මම X-men ෆෑන් කෙනෙක් නිසා )

ට්‍රේලර් එක ගොඩාක් සැක සහිත තැන්, ප්‍රශ්නාර්ථ ඇති කරන ට්‍රේලර් එකක්.. ඒත් පුළුවන් උපරිමයෙන් මම ට්‍රේලර් එකේ රූප රාමු පැහැදිලි කරන්න උත්සාහ කරනවා.. 
මුලින්ම ආයෙත් ට්‍රේලර් එක බලලා ඉමු..


Future?
ට්‍රේලර් එක පටන් ගන්නේ ඇපකැලිප්ස්ගේ නැගී සිටීමත් එක්ක අනාගතයේ වෙන්න පුළුවන් දේවල් පෙන්වන නරක හීනයක් දැකලා ජීන් ග්‍රේ නැගිටින දර්ශනයකින්.. කව්ද සෙරීබ්‍රෝ එක තියෙන කුටියට අතුල් වෙන දර්ශනයක් තියෙනවා.. ඊළගට වේගයෙන් දර්ශන කිහිපයක් පෙන්නන්නවා.. ඒ අතරේ න්‍යෂ්ඨික පිපිරීමක්, නරක කාළගුණය, ඊජිප්තු චිත්‍රාක්ෂර තියෙන පුවරුවක්, තැන තැන ගිනි ගන්න බිමක්, ගිනිගෙන දැවෙන ගොඩනැගිල්ලක්(ගොඩක් වෙලාවට එක්ස් මැන්ශන් එක ගිනි ගන්න එක වෙන්න පුළුවන්), ඒ වගේම සූර්‍යයාගේ දැල්ලක් විහිදෙන දර්ශන තියෙනවා.. (මේ ටික ශුවර් කරගන්න කීපාරක් බැලුවද කිව්වොත් දැන් ඇස් දෙක පියාගත්තත් මේ කියපු ටික ආයෙ ආයෙත් පේනවා)



“I Could Feel All This Death”
ජීන් නින්දෙන් අවදිවුන ගමන් කාටද මේ කියන්නේ? චාල්ස් එක්සේවියර්ට
චාල්ස් එක්සේවියර් මොකටද පාන්දර ජීන්ගේ කාමරයට එන්නේ? (ඇත්තටම කොමික්වල එක අවස්ථාවක නම් චාල්ස්ගේ හිතේ ජීන් ගැන අදහසක් තියෙනවා.. ඒත් කියන්නෑ..)








පේන විදියට චාල්ස් තමන්ගේ ශිෂ්‍යයන්ගේ හීනවලට ඇහුම්කන් දීලා මානසික ව්‍යාකූලතාවලින් පෙලෙන ශිෂ්‍යයන්ට ඒ හීනවලින් පෙන්නන්න දේවල් හීන විතරක් බව පෙන්නලා සැහැල්ලු කරවන්න උත්සාහ කරනවා වගේ..

(මගේ හීන ඔහොම බලනවා නම් මම යන්නෑ ඔය ඉස්කෝලෙට )



Caliban

ඊළගට අපිට අදුරු කුටියක ඇපකැලිප්ස් සහ ස්ටෝම් සමග ඉන්න තට්ටයක් තියෙන මනුස්සයෙක් ඉන්නවා දකින්න පුළුවන්.. මේ ඉන්නේ කැලිබන් කියලයි මම හිතන්නේ.. කැලිබන් කියන්නේ කලින් ඇපකැලිප්ස්ගේ ඩෙත් හා පෙස්ටිලෙන්ස් කියන හෝර්ස්මන් තනතුරු දෙක දරපු කෙනෙක්.. පොඩ්ඩක් මනුස්ස පාටට ඉන්නවා.. (ඇත්තටම කැලිබන් සොම්බී කෙනෙක් එහෙම නැත්තම් ගොලම් කෙනෙක් වගේ පෙනුමක් තියෙන කෙනෙක්..) කැලිබන්ට සැතපුම් විසිපහක් අවට ඉන්න මියුටන්ට්ලාව හදුනාගන්න පුළුවන්.. අවට ඉන්න අයගේ බය හදුනා ගන්න,උරාගන්නත් පුළුවන්.. ඒ වගේම කැලිබන් බය උනොත්,පීඩනයට ලක් උනොත් සුපිරි ශක්තියක් ලැබෙනවා.. 







ඇයි මම මේ ඉන්නේ කැලිබන් කියලා තීරණය කලේ?


කොමික්වල කැලිබන් ඩෙත් හෝර්ස්මන් විදියට ඉන්නකොට අනික් හෝර්ස්මන්ලා එක්ක එක්ස්මෙන්ලාට විරුද්ධව සටන් කරනවා.. ඒත් පරාද වෙනවා.. පැරදිලා පලා යන අතරේ බාල එක්ස්මෙන් කෙනෙක් වෙන ජුබිලීව පැහැරගන්නවා.. ජුබිලීව එක්ස්මෙලා යටතේ හිටපු සේබර්ටූත් වෙනුවට මාරු කරගන්න කැලිබන් යෝජනා කරනවා.. ඒත් ඒ සිදුවීම ෆිල්ම් එකට සම්බන්ධ වෙන්න තියෙන හැකියාව නම් අඩුයි..
නමුත් දෙපාරක් හෝර්ස්මන් කෙනෙක් වෙලා හිටපු නිසාත්, කැලිබන් කැමැත්තෙන් හෝර්ස්මන් කෙනෙක් වෙච්ච කෙනෙක් නිසාත් ඇපකැලිප්ස්ගේ හොද සහයකයෙක්.. ඒ නිසා තමයි මේ කැලිබන් කියලා මම තීරණය කලේ..


“I Have Been Called Many Things…”

ට්‍රේලර් එකේ ඇපකැලිප්ස්ගේ මුල්ම පෙනී සිටීමත්, ඇපකැලිප්ස්ගේ කටහඩත් අහන්න ලැබෙනවා(ඒත් මුහුණ මුලින් පෙන්නන්නේ නෑ).. අවුරුදු දහස් ගානක ඉදන් මිනිස්සු තමන්ව හදුන්වපු නම් කිහිපයක් පිළිබද කියන්නේ.. රා(ඊජිප්තු දේවකතාවල නායක දෙවියා) , ක්‍රිෂ්ණා(හින්දු දේව කතාවල ප්‍රධාන දෙවි කෙනෙක්), යාවෙහ්(අතීත ඊස්‍රායලයේ ප්‍රධාන දෙවි කෙනෙක්).. රා කියලා හදුන්වන හේතුව අපි එක්ස් මෙන් ඩේස් ඔෆ් ෆියුචර් පාස්ට් එන්ඩ් ක්‍රෙඩිට් සීන් එකේදී දැක්කා.. ඊජිප්තුවේ පිරමීඩ හදන්නේ ඇපකැලිප්ස්..







මෙතනදී අපිට ඇපකැලිප්ස් සමග ඉන්න තරුණ ස්ටෝර්ම්ව දකින්න පුළුවන්.. ස්ටෝර්ම් එක්ස් මෙන් සූට් එකක්වත්, හෝර්ස්මන් සූට් එකක්වත් ඇදගෙන නෙමේ ඉන්නේ.. ස්ටෝර්ම් එක්ස් මෙන් කණ්ඩායමට එකතු වෙන්න කලින් හිටියේ කයිරෝවල නිසාත්, ඇපකැලිප්ස් පිටිපස්සේ තියෙන වා කවුළුවෙන් එන තද සූර්‍යාලෝකය නිසාත්, වා කවුළුවේ සැකසුම නිසාත් මේ දෙන්නා ඉන්නේ කයිරෝවල කියලා හිතන්න පුළුවන්.. ස්ටෝර්ම්ව තමන්ගේ හෝර්ස්මන් කෙනෙක් විදියට එකතු කරගන්න ඇපකැලිප්ස් කයිරෝවට ඇවිත්.. (මතක තියාගන්න ඩේස් ඔෆ් ෆියුචර් පාස්ට් එකේදී අනාගතය වෙනස් කලා.. ඒ නිසා ඇති වෙන බටර්ෆ්ලයි ඉෆෙක්ට්* එකෙන් ගොඩාක් දේවල් වෙනස් වෙනවා..) ස්ටෝර්ම් වගේම අනික් හෝර්ස්මන්ලාවත් රිකෲට් කරගන්න විදිය අපිට මූවි එකේදි බලාගන්න පුළුවන් වේවි..



CIA

අපිට දකිනවා ප්‍රොෆෙසර් චාල්ස් එක්සේවියර් ඇලෙක්ස් සමර්ස් එක්ක CIA ආයතනයට යනවා.. බොහෝ විට ඩේස් ඔෆ් ෆියුචර් පාස්ට්වලදි මිස්ටීක් ඇමරිකාවේ ජනාධිපති පැත්තට තුවක්කුවක් එල්ල කරගෙන ඉදලා චාල්ස් නිසා තුවක්කුව බිම දාපු හේතුව නිසා ඇමරිකානු රජය මියුටන්ට්ලා සමග සහයෝගයෙන් වැඩ කරන්න තීරණය කරලා වෙන්න පුළුවන්.. 







ඊළගට අපි ගෑණු කෙනෙක් පත්තර කොටස් අලවපු ස්ක්‍රැප් පොතක් පෙරලනවා.. මේ ගෑණු කෙනා මොයිරා මැක්ටගර්ට්..



කොමික්වල මොයිරා කින්රොස්, චාල්ස් එක්සේවියර් හමුදාවට බැදිලා වියට්නාමයට යන්න කලින් චාල්ස් එක්ක එන්ගේජ් වෙලා හිටියේ.. පස්සේ මොයිරා ජෝසප් මැක්ටැගර්ට් කසාද බදිනවා.. මේ මොයිරා මැක්ටැගර්ට් තමා අනාගතයේ සමූල ඝාතක, යථාර්ථය පාලනය කරන ප්‍රෝටියස් කියන මියුටන්ට්ගේ අම්මා.. අපි මොයිරාව එක්ස් මෙන් ෆස්ට් ක්ලාස්වලදී දැක්කා.. CIA ඒජන්ට් කෙනෙක් විදියට හෙල්ෆයර් ක්ලබ් එක ගැන විස්තර හොයාගෙන, ප්‍රොෆෙසර් එක්ස්ට කියනවා වගේම ෆස්ට් ක්ලාස් මූවි එකේ අන්තිමට චාල්ස් සහ මොයිරා අතර සම්බන්ධයක් ඇති වෙන ආකාරයත් අපි දැක්කා.

මොයිරා ප්‍රොෆෙසර් එක්සේවියර්ව දැනුවත් කරනවා රජය විසින් මියුටන්ට්ලා වන්දනා කරන සාමාන්‍ය මිනිස්සුන්ගේ රහස් සමාජයන් පිළිබද විමසිල්ලෙන් ඉන්න බව..


CIA දර්ශනයෙන් පස්සේ ඇපකැලිප්ස්ගේ කතාවක් අතරේ මියුටන්ට්ලා කිහිපදෙනෙක්ගේ දර්ශන පෙළක් පෙන්නනවා.

Beast
බීස්ට් වේදනාවෙන් ඉන්නවා වගේ පේන්නේ.. ඒ වගේම ඇයි චාල්ස් හෑන්ක් එක්ක නැතුව ඇලෙක්ස් සමර්ස් එක්ක CIA එකට ආවේ?


Mystique

මිස්ටීක් යමක් දිහා සැකයෙන් බලනවා වගේ පෙනුමක් තියෙන්නේ.. මිස්ටීක්ගේ කලින් හිටියාට වඩා මෝරපු ගතියක් පෙනුනා මට නම්..




Nightcrawler 
නයිට්ක්‍රොව්ලර් ඇදගෙන ඉන්නේ නම් එක්ස් මෙන් අවුට්ෆිට් එකක් නෙමේ.. සමහරවිට නයිට්ක්‍රොව්ලර්ගේ ඔරිජින් එක ගැන අපිට දැකගන්න පුළුවන් වෙයි.. එහෙම නැති නම් නයිට්ක්‍රොව්ලර්ව එක්ස්මෙන් කණ්ඩායමට රිකෲට් කරගන්න හැටි දකින්න පුළුවන්..


Jubilee
80 දශකයේ ජුබිලී කෙනෙක්



ඒ වගේම අපිට ගුහාවක්/ උමගකින් එළියට එන ගෑණු කෙනෙක් දකින්න පුළුවන්.. මේ ඉන්නේ මොයිරාද? මොයිරා ඇපකැලිප්ස් ගැන තොරතුරු හොයන්න ඊජිප්තුවට ගිහින්ද?



“I’m Here for You”
ඇපකැලිප්ස් මැග්නීටෝව තමන්ගේ හෝර්ස්මන් කෙනෙක් විදියට එකතු කරගන්න ඇවිත්.. ඇපකැලිප්ස් මැග්නීටෝ දෙන්නාගේම අදහස්වල සමානකම් ගොඩාක් තියෙනවා.. 


ඒත් ඇයි මේ මැග්නීටෝ බය වෙලා වගේ? පොඩ්ඩක් ශුවර් නැති ගතියකුත් මූණේ තියෙනවා..





Four Horsemen

මොයිරා කියනවා මේ බලවත් ජීවියාට නිතරම අනුගාමිකයෝ හතරදෙනෙක් ඉන්නවා කියලා.. 

එතකොට හැවොක්(ඇලෙක්ස් සමර්ස්) කියනවා, 

‘Like the four horsemen of the apocalypse.. He got that from the Bible..’ කියලා.. 

‘Or the Bible got it from him..’ මොයිරා එතකොට මෙහෙම කියන්නේ ඇපකලිප්ස් අවුරුදු දහස් ගානක් ජීවත් වෙච්ච කෙනෙක් නිසා..






එතකොටම ෆිල්ම් එකේ මේ හතර දෙනා වෙන අයව පෙන්වනවා.



වූඌඌඌඌඌඌ.. ස්ටෝර්ම්ගේ හෝර්ස්මන් අවුට්ෆිට් එක.. ඒන්ජල්ගේ මූණේ තියෙන සලකුණ නිසා මේ ඉන්නේ ආක්ඒන්ජල් වෙන්න ඕන.. ඒ වගේම තමයි අපි මේ දැක්කේ සයිලෝක්ගේ එකම රූපරාමුව. මැග්නීටෝගේ හෝර්ස්මන් අවුට්ෆිට් එක ගැන නම් කියන්න වචන නෑ. .. මට ලැබිච්ච හොදම නත්තල් තෑග්ග..

Cerebro
සෙරීබ්‍රෝ එක අළුත් වෙලා..
ඒ වගේම චාල්ස් “Oh God, he can control us all.”  කියනකොට චාල්ස්ගේ ඇස් දෙක බයෙන් පිරිලා වගේ.. හොදට බැලුවොත් පෙනෙයි එයාගේ ඇස් වලින් කඳුළු ගලනවා කියලා ත්.


The Four Horseman Infiltrate Cerebro
සෙරීබ්‍රෝ එකට ඇතුල් වෙන දොර ළග චාල්ස් එක්ක හෑන්ක්(බීස්ට්), ඇලෙක්ස්(හැවොක්), රේවන්(මිස්ටීක්) සහ මොයිරා ඉන්නවා..
ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි කෝ වුල්වරීන්? හියු ජැක්මන් කාස්ට් ලිස්ට් එකේ නෑ.. වුල්විගේ කැමියෝ එකක්වත් තියේවා කියලා ප්‍රාර්ථනා කරමු..

මැග්නීටෝ චාල්ස්ගේ රෝද පුටුව ඇදලා ගන්නකොට ඇලෙක්ස්ගේ කමිසයේ පිච්චිච්ච සිදුරක් තියෙනවා දකින්න පුළුවන්.. ඇපකැලිප්ස් හෝර්ස්මන්ලා එක්ක එක්ස් මැන්ශන් එකට ඇතුල් වෙන්න කලින් හෝ ඇතුල් වුණාට පස්සේ සටනක් ගිහින් තියෙනවා කියලා හිතන්න පුළුවන්..






ඒ වගේම ඇයි චාල්ස්ට හෙල්මට් එකක් නැති මැග්නීටෝගේ මනස පාලනයට ගන්න බැරි උනේ


චාල්ස්ගේ රෝද පුටුව ඉස්සෙනකොට චාල්ස්ගේ එක අතක් පණ නෑ වගේ එල්ලෙනවා වගේම, චාල්ස්ව පුටුවත් එක්ක ඇදිලා යනකොට චාල්ස්ගේ ඔළුව පහතට වැටෙන්නේ සිහි නැති කෙනෙක්ගේ වගේ..


පැහැදිළිවම ඇපකැලිප්ස් ප්‍රොෆෙසර් එක්ස්ව පාලනයට අරගෙන..

The World Needs the X-Men

ඊළගට හෑන්ක් රේවන්ට ලෝකයට එක්ස් මෙන්ලා අවශ්‍යයි කියලා පැහැදිලි කරලා රේවන්ව එක්ස් මෙන් කණ්ඩායමට එකතු කරගන්න උත්සාහ කරන දර්ශනයක් දකින්න පුළුවන්.. හෑන්ක් තවම සාමාන්‍ය ස්වරූපය පවත්වාගන්න එන්නත ගන්නවා වගේ..








“That’s Why I’m here.. To FIGHT”

චාල්ස් නැති නිසා මිස්ටීක් එක්ස් මෙන් කණ්ඩායමේ නායකයා වෙලා.. ලූලා නැති වළට කනයා පණ්ඩිතයාලු..

යානයේ පයිලට්ලා බීස්ට් සහ මොයිරා.. යානයේ තව ඉන්නවා ජීන්, ස්කොට්, ක්වික් සිල්වර්.. කෝ ඇලෙක්ස්? ජුබිලී? නයිට්ක්‍රොව්ලර්?

මේ සමහර විට අලුත් එක්ස් මෙන්ලාව රිකෲට් කරගන්න යන ගමනක්ද?






A Prison?

ඇත්තටම මේක හිර කූඩුවක්.. කොළ පාට එලිය මොකද්ද? මියුටන්ට්ලාගේ බලයන් නැතිකරන දෙයක්? මියුටන්ට් ක්‍රිප්ටොනයිට්?
මේ හිර කූඩුව ඇතුලේ ක්වික් සිල්වර්, බීස්ට්, ජීන් වගේම මිස්ටීකුත් වැතිරිලා ඉන්නවා දකින්න පුළුවන්..


Not All of Us Can Control Our Powers

ස්කොට්ට පොඩි කාලේ වෙච්ච අනතුර නිසා ස්කොට්ගේ මොළයෙන් බලය පාලනය කරන්න උදව් කරන කොටසට හානි වීම නිසා බලය පාලනය කරන්න බෑ..
ස්කොට් ඒ ගැන කියන අතරේ අළුත් එක්ස් මෙන් කණ්ඩායමේ සාමාජිකයෝ පෙන්නනවා..



Then Don't.. This is WAR!

එතකොට මීස්ටික් කියනවා එහෙම කරන්න ඕනේ නෑ මේක යුද්ධයක් කියලා. 



මේ ඇත්තටම කොහෙද? එහෙම නැත්තන් ඩේන්ජර් රූම් එක්සසයිස් එකක්ද?

Mega optic blast
මිස්ටික් කියන දේවල් අකුරටම පිළිපදිනවා වගේ කට්ටිය



Looking up into the sky in fear
මැග්නීටෝ සාමාන්‍යයෙන් කාගෙවත් යටතේ වැඩ කරන්න කැමති කෙනෙක් නෙමෙයි.. මැග්නීටෝ ඇපකැලිප්ස්ගේ පාලනයෙන් මිදෙන්න උත්සාහ කරනවද? ඒ වගේම නරක කාලගුණයක් තියෙන්නේ.. ස්ටෝර්ම්ද මැග්නීටෝව බය කරන්නේ?



Giant apocalypse
චාල්ස් එක්සේවියර් පුටුවෙන් නැගිටලා ඇවිත්?
බොහෝ විට මේ කොටස චාල්ස් එක්සේවියර් දකින හීනෙක කොටසක් වෙන්න ඉඩ තියෙනවා.. එහෙම නැත්නම් මේක චාල්ස් එක්සේවියර් සහ ඇපකැලිප්ස් අතරේ යන ඇස්ට්‍රල් සටනක් වෙන්නත් පුළුවන්..  


ඇපකැලිප්ස්ගේ පවර්ස් ගොඩාක් තියෙනවා.. ඉමෝටල් වගේම තමන්ගේම ශරීරයේ අණුක සැකැස්ම වෙනස් කරගැනීමේ හැකියාවත් ඇපකැලිප්ස්ට තියෙනවා.. මේ හැකියාව නිසා ස්වරූපය වෙනස් කිරීම ඇපකැලිප්ස්ට කජු කනවා වගේ වැඩක්.. ශරීර ප්‍රමාණය වෙනස් කිරීමත් මේ ස්වරූපය වෙනස් කිරීමේ හැකියාවට අයිතියි..

Fastest mutant alive
ක්වික් සිල්වර් අයියා ගම හරහා දුවනවා වගේ..


ක්වික් සිල්වර් එක්ස් මැන්ශන් එකට ඇතුළු වෙලා කොරිඩෝ දිගේ දුවලා ගිහින් බේස්මන්ට් එකට ඇතුළු වෙනවා වගේ තමයි දකින්න පුළුවන් වෙන්නේ..

Archangel aspersio
ආක්ඒන්ජල්ගේ හෝර්ස්මන් අවුට්ෆිට් එක.. ඇස්පර්සියෝ කියන්නේ ඒන්ජල් මේ රූපරාමුවේ එල්ල කරන ප්‍රහාරයට කියන නම.. ඇපකැලිප්ස් ඒන්ජල්ගේ අත්තටු ටෙක්නෝ ඕගනික් අත්තටු බවට පත් කරලා..


Storm the Weather Witch
ස්ටෝර්ම්ගේ පවර්ස් යොදාගන්නවා ට්‍රේලර් එකේ දකින පළමු අවස්ථාව


Metal rain
මැග්නීටෝට අලුත් හෙල්මට් එකක් ලැබිලා.. මැග්නීටෝ අත පහළට ගන්නේ වුල්වරීන් ක්ලෝව්වලින් පහරක් ගහන විදියටමයි..



X- Mansion ka-boom
කොමික්වල එක්ස් මැන්ශන් එක කිහිපවරක්ම පුපුරලා විනාශ වෙලා තියෙනවා.. ඒජ් ඔෆ් ඇපකැලිප්ස් කොමික් ස්ටෝරිලයින් එකේ අනිවාර්‍යයෙන්ම එක්ස් මැන්ශන් එක විනාශ වෙනවා..


ට්‍රේලර් එකේ මේ එක්ස්ප්ලෝශන් එකට ඉස්කෝලේ ඉගෙන ගන්න පොඩි මියුටන්ට්ලා දෙන්නෙක් අහු වෙනවා.. ඒත් එක පාරට කාලය නතර වෙනවා වගේ වෙන්නේ සමහර විට ක්වික් සිල්වර් දුවගෙන ඇවිත් ඒ දෙන්නාව හෝ අර ගෑණු ළමයාවවත් බේරගන්න උත්සාහ කරනවා වෙන්න ඇති නිසා..

‘Everything they’ve built will fall, and from the ashes of their world, we’ll build a better one..’
ඇපකැලිප්ස්ගේ මූණට ගොඩක් අය බැනලා තිබ්බා.. ඇත්තටම බලාපොරොත්තු වුණ මට්ටමක මූණ තිබ්බේ නෑ.. කරන්න දෙයක් නෑ.. ලද දෙයින් සතුටු වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ.. ඒත් පෝස්ටර් එකේ තිබ්බට වඩා මූණ ඩාක් වෙලා කියලා පේනවා..



Apocalypse gets his hands on Cerebro?
චාල්ස් එක්සේවියර් සෙරීබ්‍රෝ එකට ඇතුල් වුනාම චාල්ස්ට පේන දර්ශන විදියම තමයි.. වෙනසකට තියෙන්නේ චාල්ස් වෙනුවට ඉන්නේ ඇපකැලිප්ස්



Extinction
මූණ අප්සට් උනාට මනුශ්‍ය වර්ගයා වද කරලා දාන වැඩේ නම් ඇපකැලිප්ස් ලස්සනට පටන් ගන්නවා වගේ..


“I’ve Never Felt Power like This Before”
චාල්ස් එක්සේවියර්ගේ ඇස් දෙක සම්පූර්ණයෙන්ම කළු පාට වෙලා.. ඒ කියන්නේ ඇපකැලිප්ස් චාල්ස්ගේ ශරීරයට ඇතුල් වෙලා ඉන්නේ.. ඒ වගේම සෙරීබ්‍රෝ එකත් පාවිච්චි කරනවා.. කලින් අපි ඇපකැලිප්ස් සෙරීබ්‍රෝ එක ඇතුලේ ඉන්නවා දැකපු දර්ශන දැන් හරියටම පැහැදිලි.. ඒ වගේම චාල්ස් කියන්නේ පෘථිවියේ ඉන්න බලවත්ම ටෙලිපැත්.. ඒ වගේ බලයක් ඇපකැලිප්ස්ටත් කලින් දැනිලා නෑ..


Professor X
ඇපකැලිප්ස්ගේ මූණ නිසා පොඩ්ඩක් හරි අවුල් උනත් මේ දර්ශනය දැක්කාම mind blown
තට්ටෙ ආපු හේතුව මොකක් වෙයිද?
ඇපකැලිප්ස් ඕනවට වඩා චාල්ස්ගේ බලය යොදාගත්ත නිසා කෙස් හැලුනා වෙන්නත් පුළුවන්..


ට්‍රේලර් එකේ දකින්න තිබ්බ සේරම ටික ගැන කතා කෙරුවා කියලා හිතනවා. අතපසු වුණු දෙයක් තිබ්බොත් පෙන්නලා දෙන එක ගොඩක් අගය කරනවා. 

#ආර්කේඩ්

*Butterfly Effect - ඉතා සුළු ක්‍රියාවක් නිසා ඇතිවන ප්‍රතිපලය මඟින් විශාල ක්‍රියාවලියක් දක්වා යොමු වීම

8 comments:

  1. පට්ට
    තැන්ක්ස්
    සුපිරි විග්‍රහයක්

    ReplyDelete
  2. නියම කතාවක් මේක එහෙනම් නියමයි …

    සුපිරියි සුභපැතුම්.


    ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

    ReplyDelete
  3. "ඇපකැලිප්ස් ඕනවට වඩා චාල්ස්ගේ බලය යොදාගත්ත නිසා කෙස් හැලුනා වෙන්නත් පුළුවන්.." මෙක අැත්තටමද කිව්වෙ
    නැත්තං joke එකට වගෙද?

    ReplyDelete
    Replies
    1. කොමික්වල චාල්ස්ගේ තට්ටය පෑදෙන්නේ තරුණ කාලෙමයි..
      මුල්කාලයේ බලය පාලනය කරගැනීමේ නොහැකියාව ඒකට හේතුවක් උනා..

      Delete
  4. පට්ට මචන්..මෙහෙම තමා නියම විග්‍රහයක් දෙන්න ඕනෙ.නියමයි බන්.wolverine නැත්තේ ඇයි දන්නේ නෑනේ බන්?,ඉස්සෙල්ලා move එකේ රේවන් volverinwa අරන් යනවනේ බන්.මොකක් උනාද දන්නේ නෑ බන්..අපි ඒකත් බලමු film එක ආවම..මමනම් මග බලන් ඉන්නේ film එක එනකන්..tnx bn ube wadeta.super work..good luck.!

    ReplyDelete
  5. Thank you. :-) man ahanna hitiye supergirl reviews ko kiyala.

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න