Arrow S04E09 - Dark Waters
01. Open fire at the shore
02. Stubborn brother
03. Hidden treasure
මේ සතියේ ඇරෝ බලපු කට්ටිය ගොඩක් දෙනෙක් ට මොකක්ද මේ උනේ කියලා තවම හිතාගන්න බැරිව ඉන්නවා කියලා දන්නවා. ඒ හින්දා වැඩිය කතා කරන්නේ නැතිව කෙලින්ම මේ සතියේ සිදුවුණු දේවල් හොයලා බලමු. මේ ලිපිය අවසන් වෙන්න කලින් ඔයාලගේ හිතේ ඇතිවෙලා තියන ගැටලුවට විසදුමක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.
කතාව පටන් ගන්නේ ඔලිවර් ගේ මැතිවරණ ව්‍යාපාරය මගින් සංවිධානය කරපු වෙරළ පිරිසිදු කිරීමේ ශ්‍රමදානයෙන්. කට්ටිය වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපාරය සාර්ථකව ක්‍රියාත්මක වෙද්දී තමයි නියමුවන් රහිත යානකින් වෙඩි තියන්න පටන් ගත්තේ.
ටිකක් පිළිගන්න අමාරු උණත් ෆෙලිසිටි මේක එයාගේ ටැබ් එක භාවිතා කරලා යානය බිමට ඇදලා දානවා. මේ සිදුවීම වෙද්දී ෆෙලිසිටි වගේම හරි අපූරු කෙලි පැටික්කියක් හම්බෙනවා. අපරාදේ කියන්න බෑ ෆෙලිසිටි ගේ කපාපු පළුව.
02. Stubborn brother
ඩිගල්ස් සහ එයාගේ සහෝදරයා අතර සම්බන්ධය තවමත් මොන පැත්තට හැරෙයිද කියන්න බෑ. ඩේමියන් ගේ රහස ගැන දැන ගන්න ඩිගල් උත්සාහ කෙරුවාට ඒ උත්සහාය සාර්ථක වෙන්නේ නෑ. මෙතන අපි දකිනවා මේ දෙන්නා අතරේ තියන ගැටුම යහපත් පැත්තට යොමු වෙනවට වඩා නරක පැත්තට හැරෙනවා.
ෆෙලිසිටි ගේ අම්මා තෑගී බලද්දී (මේක නත්තල් තෑග්ගක් නෙවේ. මේ අවුල ගැන වෙනම කතා කරමු අපි) එයාට හම්බෙනවා විවාහ ගිවිස ගැනීමේ මුද්දක්. මේ සීසන් එක පටන් ගන්න කොට ඔලිවර් ලැස්ති වෙලා හිටියේ ෆෙලිසිටි ට යෝජනා කරන්න. හැබැයි ඒක උනේ නෑනේ. ගිය සතියේ ඔලිවර් ගේ පුතා ගැන දැන ගත්තාට පස්සේ මේ සම්බන්ධයට මොකක් වෙයිද කියන සැකයත් තිබ්බා. ඒත් ඔලිවර් යෝජනා කරන්න බලාපොරොත්තුවෙන් හිටියේ කියන එක මේකෙන් පැහැදිලි වෙනවා.
04. Open battle
මෙච්චර දවසක් ඔලිවර් ඩේමියන්ට එරෙහිව සටන් කෙරුවේ ග්‍රීන් ඇරෝ විදිහට. ඒත් ඔලිවර් තීරණය කරනවා ඔලිවර් විදිහටම සටන් කරන්න. එයා මාධ්‍ය හමුවක් තියලා ඩේමියන් කියන්නේ කවුද ප්‍රසිද්දියට පත් කරනවා.
මේ ආරංචිය ඩේමියන් දකින්නේ වැරදි වේලාවක. එයා ඉන්නේ එක්තරා විදිහක ප්‍රගති සමාලෝචන රැස්වීමක වගේ. අනිත් කට්ටිය බලාගෙන ඉද්දි මේ සිද්ද වුණු දෙය එයාට මදි කමක්. ඇත්තම කියනවා නම් ඔලිවර් ට එරෙහිව එයා මරණ වරෙන්තුව ලිව්වේ මේ අවස්ථාවේ කියන්න පුළුවන්.
05. Is this the Christmas?
ඇරෝ සහ ෆ්ලෑෂ් ක්‍රොස් ඕවර් එකෙන් පස්සේ තිබුණු ෆ්ලෑෂ් කතාව සිද්ධ වුණු නත්තල් දවසට කලින් දවස නේ. ඒ හින්දා ගොඩක් අය හිතුවේ ඇරෝ කතාවේ තිබුනේ නත්තල උත්සවයක් කියලා.
ඒත් ඒක එහෙම නෙවේ. ෆෙලිසිටි ගේ අම්මා කියනවා ෆෙලිසිටි ගේ යුදෙව් සම්භවය ගැන. ඒ එක්කම තියා නත්තල් උත්සවය කියද්දී ෆෙලිසිටි ඒක නෑ කියනවා. මේක හරියටම විසදෙන්නේ ඔලිවර් කියන Hanukkah වචනයෙන්. මොකක්ද මේ උත්සවය. මේක යුදෙව් සම්ප්රදායක්. ඒ අය දවස් 8 ක් තිස්සේ මේ උත්සවය සමරනවා. එක එක දවස වෙනුවෙන් එක ඉටි පන්දම ගානේ වැඩි කරනවා. මේවා දල්වන්නේ විශේෂ උපකරණයක. අපිට දකින්න පුළුවන් උණා ෆෙලිසිටි ගාව මේක තියනවා. මේකේ මැද තිබ්බ ප්‍රධාන ඉටිපන්දම ට අමතරව දවස් ගාන වෙනුවෙන් ඉටිපන්දම් 3 ක් දල්වලා තිබ්බා.
ඒ කියන්නේ මේ වෙද්දී Hanukkah පටන් අරගෙන ගතවෙන තුන්වෙනි දවස. මේ අවුරුදේ Hanukkah පටන් ගන්නේ දෙසැම්බර් 6 වෙනිදා රාත්‍රියෙන්. ඒ කියන්නේ මේ සිදුවීම වෙන්නේ දෙසැම්බර් 9 වෙනිදා. හරියටම ඇරෝ කතාව විකාශය වුණු දවසේ. ෆ්ලෑෂ් කතාව ටිකක් ඉස්සරට ගිහින් තිබ්බත් ඇරෝ කතාව ගලාගෙන යන්නේ සත්‍ය කාලයට අනුව කියන එක මේකෙන් පැහැදිලියි. මේ කාරණය මෙච්චර විස්තර වශයෙන් කතා කෙරුවේ ඉස්සරහට මේක ගොඩක් වැදගත් කාරණයක් හින්දා.
06. It is going to be a tradition nowadays
සමලිංගික විවාහය කියන කාරණය දැන් නම් සාමාන්‍යකරණය වෙලා. ගොඩක් ටීවී සිරිස් වල මේ දේවල් දකින්න හම්බෙනවා දැන්.
07. This is really awkward
ෆෙලිසිටි දකිනවා එයාගේ අම්මා සහ ලාන්ස් දෙන්නාව. මෙතන දී වැඩිපුරම අපහසු තාවයට පත් උනේ ලාන්ස් කියලා යි මටනම් හිතෙන්නේ.
08. Damian the party crasher
ඩේමියන් ඉන්න කොටසක් ඇත්තටම බලාගෙන ඉන්න ආසයි. මේ සතියේ දී ඩේමියන් ගේ නිරුපනය වැඩි පුර දකින්න හම්බුනා. ඒ හින්දාම තමයි මේ සතිය විශිෂ්ටම කොටසක් උනේ. ඩේමියන්, ඔලිවර්ට හානියක් කරනවා වෙනුවට එයා වටේ ඉන්න අයව පැහැරගෙන යනවා.
09. Another secret was revealed
මේකත් කොයි වේලාවේ හරි එලියට එන්න තිබ්බ එකක්. ලෝරල් දැන ගන්නවා ලාන්ස්, ඩේමියන්ට පක්ෂව වැඩ කරනවා කියලා. හිතපු තරම් නම් දරුණු විදිහට මේක ඇදුනේ නෑ හැබැයි.
10. I am Ra's Al Ghul
ඇත්තටම මේ කාරණය නම් අපිට අමතක වෙන දෙයක්. තාමත් අපිට Ra's Al Ghul කියද්දී කලින් කෙනා තමයි මතකෙට එන්නේ. මොනවා උණත් වෙලාවේ හැටියට එයා එකතු වුණු එක නම් ලොකු දෙයක්.
11. Quid Pro Quo
ලතින් භාෂාවෙන් මෙහෙම කියන්නේ එක දෙයක් වෙනුවට තව දෙයක් හුවමාරු කරගන්න එකට. මෙතන දී ඔලිවර් බලාපොරොත්තු වෙනවා එයා භාර උනාට පස්සේ අනිත් අයව නිදහස් කරයි කියලා. ඒත් ඒක සිද්ද වෙන්නේ නෑ.
12. The bloom
අපි දකිනවා ඩේමියන් කෙනෙක් ව ගෑස් කුටියකට දානවා. එයා මෙතන දී කරන්නේ අත්හදා බැලීමක් වගේ. ඒත් ඒ නාසි වරු කරනවා වගේ බලහත් කාරයෙන් නෙවේ. පරීක්ෂණයට සහභාගී වෙන කෙනා කිසිම විරුද්ධතාවයක් දක්වන්නේ නෑ. පැහැදිලිවම එයා ඩේමියන් ගේ බලපෑම ට යටත් වෙලා ඉන්නේ.
මෙතන දී අපිට දැන ගන්න ලැබෙන වැදගත්ම කාරණය තමයි ඩේමියන්, ඔලිවර් ව වෙරළෙන් අයින් කරන්න උත්සහ දරන්නේ මුහුදේ වැවෙන ඇල්ගී වර්ගයක් හින්දා කියන එක.
13. Olicity at a risk
හිර කරලා ඉන්න ෆෙලිසිටි සහ ඔලිවර් දෙන්නා එකතු වෙන අවස්තාව ඇත්තටම ගොඩක් සංවේදී. මොකද ඔලිවර් දන්නවා ඩේමියන් කියන්නේ මොන වගේ කෙනෙක් ද කියන එක. ඒ හින්දා ෆෙලිසිටි කරදයක් නැතුව ඉන්නවා දැක්ක එක ලොකු සහනයක් උණා එයාට. මෙතන දී ෆෙලිසිටි එක දෙයක් ස්ථිරව ම කියනවා. ඒ තමයි එයාගේ ජිවිතේ ආරක්ෂාව ගැන තීරණ ගන්න ඔලිවර්ටවත් අයිතියක් නෑ කියලා.
ඊට පස්සේ තමයි ඩේමියන්, තියා සහ ඩිගල් එක්ක ෆෙලිසිටි ගෑස් කුටියට දාන්නේ. මේ වෙලාවේ නම් ෆෙලිසිටි තමන්ගේ ජිවිත ආශාව අතහැරලා ඉන්නේ. ඔයලා මෙතන දී ඔලිවර් ගේ මුහුණ දැක්කද? ඒ අන්ත අසරණ මුහුණක් තිබ්බේ. කරකියා ගන්න කිසිම දෙයක් නැති තත්ත්වයට එයා වැටිලා හිටියේ.
14. Oliver is not the Green Arrow
අපි දැක්කා කලින් අවස්ථාවක කර්ටිස් ට පවා ඔලිවර් කියන්නේ ග්‍රීන් ඇරෝ ද කියන සැකය ආවා. එහෙම වේලාවක බ්ලැක් කැනරි විතරක් පෙනී හිටියොත් ඩේමියන් ට ඇත්ත මොකක්ද කියලා තේරෙනවා. හැබැයි ඔලිවර් ඉන්න කොටම ග්‍රීන් ඇරෝ එතනට ආවා නම් ගැටලුවක් නෑනේ. එතකොට කවුද මේ ග්‍රීන් ඇරෝ ට හිටියේ. ඒ වෙන කවුරුවත් නෙවේ මර්ලින්. අනේ මන්දා අළුත් ග්‍රීන් ඇරෝ ට රැවුලක් නෑ කියන එක නම් පැහැදිලිව පේන්න තිබ්බා.
15. Kanjigar Septum Vohnostrum

අපි දන්නවා මර්ලින් කියන්නේ කලින් ඩාර්ක් ආචර් විදිහට හිටපු කෙනා. ඒ හින්දා එයා ග්‍රීන් ඇරෝ ගේ භූමිකාව සාර්ථක විදිහට ඉෂ්ට කරනවා. එයයි ඔලිවර් දෙන්නයි එකතු වෙලා ඩේමියන් ව පරාද කරන තැනටම ගෙනාවා. මෙතන ඊතලය පුපුරන්න යන වෙලාවේදී ඩේමියන් කියනවා "Kanjigar Septum Vohnostrum". මේක ලතින් වගේ උණාට ලතින් වචනයක් නෙවේ. ඒ කියන්නේ වෙනත් නොදන්නා භාෂාවක්. මේක හරියට ආරක්ෂක මන්තරයක් වගේ. ඊට වඩා සංකීර්න විසදුමක් ඕනේ නම් කෙනෙක් ට කියන්න පුළුවන් මේක නොදන්නා තාක්ෂණිකට දීපු විධානයක් කියලාත්. මොන ක්‍රමයකින් උණත් අපිට කියන්න තියෙන්නේ ඩේමියන් මේකෙන් බේරුනා කියලා.
16. Most happiest moment of Olisity fans
ඇත්තම කියනවා නම් ඔලිවර්, ෆෙලිසිටි ට යෝජනා කරපු වේලාව කියන්නේ අපි හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු අවස්ථාවක්. අනික මේ සිදුවීම් වෙන්නෙත් ගොඩක් දෙනෙක් අතරේ දී. හැබයි ඉතින් මේ සතුට ඕනෑවට වැඩියි කියන එක ඒ අවස්තාව බලන කොටම තේරුනා.
17. Most saddest moment of Olisity fans
සතුටු දායක මොහොත දුක්බර අවස්තවක් වෙන්න ගියේ ඉතාම සුළු මොහොතයි. ඔලිවර් සහ ෆෙලිසිටි යන රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වෙනවා. අන්තිමේ ඔලිවර් එතනින් බේරිලා වාහනේ එලවාගෙන ගිහින් නතර කරලා බලද්දී ෆෙලිසිටි ට වෙඩි වැදිලා. අපි හැමෝම ෆෙලිසිටි ට ගොඩක් කැමති කියන දේ අමුතුවෙන් කියන්න දෙයක් නෙවේ නේ. ඇත්තටම මේ සිදුවුන දේ නම් අදහා ගන්නත් බැරී තරම්.
18. Unexpected family man
ඩේමියන් ගේ දුවෙක් ගැන අපිට එක පාරක් අහන්න හම්බුනා. සමහර අය ෆෙලිසිටි කියන්නේ ඩේමියන් ගේ දුව කියලා මතයකත් හිටියා, ඒත් ඒ මතය තහවුරු කරන්න කරුණු තිබ්බේ නෑ වැඩිය. ඔය අතරේ දී තමයි අපි නොහිතපු දෙයක් වෙන්නේ. ඒ තමයි ඩේමියන් එයාගේ බිරිඳ සහ දරුවා මුණ ගැහෙන්න යනවා. ඒ කියන්නේ මෙච්චර දරුණු පුද්ගලයා ඇතුලේ මනුෂ්‍ය හැඟීම් කියලා දෙයක් තියනවා. සීසන් 4 එක ආපහු පටන් ගත්තාට පස්සේ අපිට මේ කට්ටිය වැඩි පුර මුණ ගැහෙන්න අවස්ථාවක් තියනවා.
19. Flashbacks
ඔන්න අතීත කාලේ කතාව ආපහු සංකීර්ණ වෙන්න යන්නේ. අපි දැක්කා ඔලිවර් ටටියානා එක්ක යන අතරේ එයලා මීට කලින් විනාශ කරපු නැවට කිමිදිලා ගිහින් සිතියමක් හොයා ගෙන එනවා. ඒ අතර වාරයේ මෝරෙක් ගේ ප්‍රහාරයක් හින්දා තුවාලයකුත් ඇති වෙනවා. ඒත් වැදගත්ම කාරණය තමයි මෙයා ආපහු බැරන් රයිටර් ගේ ගෝලයන්ට අහුවෙනවා. මේ සිදුවීමත් ලොකු ගැටලුවක් ඇතිකරනවාට කිසිම සැකයක් නෑ.
20. Damian's Master Plan
මේ සතියේ අපිට ඩේමියන්, ස්ටාර් සිටි වල කරන්නේ මොකක්ද කියන කාරණය ගැන ඉඟි කිහිපයක් හම්බෙනවා. ඩේමියන් ව මුණ ගැහෙන්න ආපු අය සඳහන් කෙරුවා එයාලා ආවේ Genesis වල ප්‍රගතිය බලන්න කියලා. මේක හැබයි අපි මීට කලින් වතාවක කතා කරපු New Genesis ලාට කරපු සඳහනක් කියලා පිළිගන්න නම් ටිකක් අමාරුයි. හැබැයි ඉතින් අපි මීට කලින් අවස්තාවක දැක්කේ Mother Box එකක් නම් මේක වෙන්නත් බැරී නෑ. හැබයි දැනට නම් යම්කිසි ජාන සම්බන්ධ ක්‍රියාවලියක් තමයි හිතාගන්න වෙන්නේ. ඩේමියන් කරන පරීක්ෂණය වායුවක් සම්බන්ද එකක්. අපි දකිනවා කෘතීම පරිසර තත්ත්වයක් යටතේ වගා කරපු බඩ ඉරිඟු වගාවක්. එතන අරමුණ වෙලා තියෙන්නේ වෙනත් පරිසර තත්ත්වයක් හිතකර මට්ටමකට සකස් කරන්න වගේ. ඩේමියන් කියන විදිහට එයා ස්ටාර් සිටි වලින් හොයා ගත්ත ඇල්ගී වර්ගය භාවිතා කරලා තමයි මේක කරන්නේ. ඒ වගේම එයා කියනවා 4 වෙනි අදියරට සුදානම් කියලා. එතකොට කලින් අදියර 3 මොනවාද? තවම මේවාට අපි ගාව පිළිතුරු නෑ. ඒත් ඒක අපිට එකපාරටම හිතා ගන්නත් බැරී විදිහේ එකක් වෙන්න ඉඩ තියනවා.
21. Did Felicity die?
ඔන්න අපි හැමෝම බලාගෙන හිටිය දේ කතා කරන්න හදන්නේ. ඒ තමයි ෆෙල්සිටි ඇත්තටම මැරිලද කියන කාරණය. මේක ගැන කතා කරන්න කලින් අපි මිඩ් සීසන් ෆිනාලේ එකට පස්සේ විකාශය වෙන කතාවේ පුර්ව ප්රචාරක පටය බලලා ඉමු.
මේක බලද්දී නම් අපිට හිතෙන්නේ ෆෙලිසිටි මැරිලා කියලාමයි. මොකද ඔලිවර් ඉන්නේ අපි සීසන් 4 පලවෙනි කතාවේ දැකපු සොහොන් කොත ගාව. ගොඩක් අයගේ අදහස මේ තියෙන්නේ ෆෙලිසිටිගේ සොහොන කියලා. මොකද ට්‍රේලර් එක දැක්කාම අපිට හිතෙන්නේ ඒ විදිහටමනේ.
අපි ටිකක් මේක ගැඹුරට කතා කරල බලමු. අපි කලින් කතා කෙරුවා ඇරෝ කතා මාලාව සිද්ද වෙන්නේ සාමන්‍ය කාල රාමුවේ කියලා. ඒ කියන්නේ අපිට ගතවෙන කාලයම තමයි ගොඩක් වෙලාවට කතාව ඇතුලේ තියෙන්නෙත්. එතකොට අපි දන්නවා ෆෙලිසිටි ට වෙඩි වැදුනේ දෙසැම්බර් 9 කියලා. හැබයි ඔයාලට මතක නම් පලවෙනි කොටසේ සොහොන ගාව දර්ශනය අනාගතයේ මාස 6 කට පස්සේ වෙන එකක්. ඒ කියන්නේ අප්‍රේල් මාසේ වෙන දෙයක්. ඒ කියන්නේ දෙසැම්බර් මාසේ සිදුවෙන මළගෙයක් ගැන නෙවේ කියන්නේ.
ඒ වගේම තමයි මෙතනට බැරී එනවා. අපි දන්නවා ක්‍රොස් ඕවර් එකේ ඉදලා නත්තල් දවස රෑ වෙනකල් බැරී සහ සූම් අතර ගැටුමක් උනේ නෑ කියලා. මොකද ඇරෝ කතාවේ මිඩ් සීසන් ෆිනාලේ එක දෙසම්බර් 9 උනාට ෆ්ලෑෂ් කතාවේ ඒක වෙන්නේ නත්තල් දවසට කලින් දවසේ. ඒ කියන්නේ අර සොහොනේ දර්ශනය ආසන්න දවසක වෙන එකක් නෙවේ.
තව සමහර අය කියනවා ෆෙලිසිටි දැන්ම මැරෙන්නේ නෑ. එයා අසාධ්‍ය තත්ත්වයේ ඉදලා පස්සේ මැරෙනවා කියන එක. ඇත්තටම ඒක නම් පිළිගන්න ගොඩක් අමාරුයි. මොකද ෆෙලිසිටි වගේ කෙනෙක් ලෙඩ ඇඳක මාස ගානක් තියා ගෙන ඉදලා මරලා දානවා කියන්නේ මෝඩ වැඩක්.
මෙතන දී අපිට වැදගත් වෙනවා ක්‍රොස් ඕවර් එකෙන් පස්සේ ඇරෝ කතාවේ නිෂ්පාදක වරයෙක් වෙන Wendy Mericle කියපු කතාවක්. එයාට අනුව ඔලිවර් එයාගේ පුතා ගැන ෆෙලිසිටි ට කිව්වේ නැති එකෙන් ලොකු ගැටළු ඇතිවෙනවා ලු.
“I can't tell you exactly how that's going to happen. But...obviously for the arc of Oliver and Felicity's relationship this season, the fact that he's keeping this from her—true to what we've done on the show, if there's a secret somewhere, it's going to come out and it's going to have some serious consequences,”

ෆෙලිසිටි මේ සතියේ මැරුනොත් මේ ගැටළු සහගත තත්ත්වය ඇතිවෙන්න විදිහක් නෑ. ඒකෙනුත් අපිට පැහැදිලියි ෆෙලිසිටි මැරෙන්නේ නෑ කියන එක.
එහෙනම් අපි දැකපු සොහොන කාගේද? දැනට තියන අළුත්ම මතය තමයි මේ මැරෙන්නේ ඔලිවර් ගේ කලින් පෙම්වතිය, විලියම් ගේ අම්මා සමන්තා කියන එක. ඔලිවර් සහ බැරී විතරක් මෙතන ඉන්න එකෙන් මේ අදහස ගොඩක් දුරට වෙන්න පුළුවන් එකක් කියලා හිතෙනවා.
ඒ මොනවා උණත් අපිට ෆෙලිසිටි මැරෙයි කියලා හිත කලබල කරගන්න ඕනේ නෑ කියලා තමයි මේ දේවල් වලින් කියවෙන්නේ. හැබයි ඉතින් මේ සේරම වෙනස් කරලා ඇරෝ කතාවේ ප්‍රියතම චරිතය මරලා දාලා මේක GoT විදිහට ගෙනියන්න තීරණය කරලා තිබ්බොත් නම් අපිට කරන්න දෙයක් නෑ.
එහෙනම් ආපහු ජනවාරි 20 මුණගැහෙන කල් අපි නවතිනවා.
attila_THE_hun
අඩේ got එකට මුකුත් කියන්න එපා බන්.බය වෙන්න එපා.felicity මැරෙන්නේ නෑ.අනික ඇරෝ වෙනයි.got වෙනයි.review ekanam super bn.thanx bn..good luck.!.!..
ReplyDeleteඅඩේ got එකට මුකුත් කියන්න එපා බන්.බය වෙන්න එපා.felicity මැරෙන්නේ නෑ.අනික ඇරෝ වෙනයි.got වෙනයි.review ekanam super bn.thanx bn..good luck.!.!..
ReplyDeleteපට්ට
ReplyDeleteස්තූතියි
ෆෙලිසිටි මැරෙන්නේ නෑ නෑ නෑ නෑමයි 😕😕😕😕😕😕
ReplyDeleteThanks...
ReplyDeleteපැටලිලා තිබ්බ ගොඩක් දේවල් විසදගත්තා....
ගොඩක් ස්තූතියි!!!
GooD LucK & All The Best
Menna bn අපි රජ ඉබ්බෝ 2 eke Stephen Amell (Green arrow) innawa
ReplyDeletehttps://www.youtube.com/watch?v=OPTx7gdYmt0#t=74
පැටලිලා තිබ්බ ගොඩක් දේවල් විසදගත්තා....
ReplyDeleteගොඩක් ස්තූතියි!!!
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
ReplyDelete