Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Agents of S.H.I.E.L.D. S03 E10

Agents of S.H.I.E.L.D. S03 E10

''MAVETH: Mid Season Finale'' - Recap & Review

*** >> Spoiler Alert << ***

  • Spoilers Evreywhere.. Read at Your own Risk 



නත්තල් නිවාඩුව ලඟ ලඟම එන නිසා ඔන්න Tv series ඔක්කොම මේ සතියෙන පස්සෙ පුංචි විරාමයක් ගන්නවා. මේ නිසාම ගොඩක් කථාමාලාවල Mid Season Finales මේ සතියේදී නිකුත් වෙනවා. ගිය සතියේ තිබුණු epic storyline එක සහ දැනට ආපු හොඳම rating එකත් එක්ක තමයි මේ සතියේ SHIELD කථාමාලාව නිකුත් වෙන්නේ. ඒ වගේම මේ වසරේදී දැනට නිකුත් වුණු superhero කථාමාලාවලින් සුපිරිම mid season finale එක තිබුනේ SHIELD කතාමාලාවේ කියන් එක හැමෝම අවිවාදයෙන්ම පිළි ගනීවි. ඒ නිසාම අපිට ගොඩක් comic references මේ සතියේදී දැකගන්න ලැබුණු නිසා අද ටිකක් වැඩිපුර විස්තරාත්මකවම ඒ ගැන කථා කරන්න මම හිතුවා. ලිපියේ අන්තිමටම ඊලඟට වෙන්න පුළුවන් දේ ගැනත් පොඩි අදහසක් ඉදිරිපත් කරන්නම්..


1 - Return to Maveth

කලින් episode එකේ අන්තිමට අපි දැක්කා Ward, Fitz ඇතුළු පිරිස ග්‍රහලෝකය කරා ගමන් කරන්නට portal එක තුළට පිවිසෙනවා. ඒ වගේම Coulson plane එකෙන් portal එක තුළට පනිනවා. Malick කියන විදියට මේ ග්‍රහලෝකය හැදීන්වෙන්නේ Maveth කියලයි. Hebrew භාෂාවෙන් Maveth කියන්නේ මරණයයි. ඒ නිසා මේක මරණයේ ග්‍රහලොව කියලා හැදින්වූවාට වරදක් නැහැ. අද කථාව පටන්ගන්නේ Ward ඇතුළු HYDRA සෙබළුන් පිරිස Fitz සමඟ මේ ග්‍රහලෝකයේ වෙසෙන ජීවියා(it) සොයාගෙන යන රූපරාමු පෙළකිනුයි. Ward සහ Fitz අතර ඇතිවන කථාබහ මෙහිදී වඩාත්ම කැපී පෙනනවා. කලින් එක කණ්ඩායමක සිටියත් Wardගේ පාවාදීමත් එක්කම මේ හැමදේම වෙනස් වෙලා කියලා ආයෙත් අපිට මතක් කර දෙනවා. ඒ වගේම අපි හිතනවට වඩා ලොකු කථාවක් Maveth වලට සම්බන්ධ වෙනවා කියලත් Wardගේ කතාබහෙන් අපිට ඉඟි පල වෙනවා.


2 - Fitz Don't be a Hero 


Jemmaව බේරගන්න ඕනෙ නිසාම සහ ඇගේ ජීවිතය බේරගත්ත Willව ආපහු ගේන්න Fitz Ward එක්ක Maveth කරා පිටත් වෙනවා. තාමත් Fitzගේ හිතේ Ward ගැන තියෙන්නේ කේන්තියක්. පළවෙනි සීසන් එකේදී වෙච්ච සිදුවීම තාමත් Fitzට මතකයි. මේ නිසාම කතාබහ අතරේදී Fitz, Wardගේ තුවක්කුව උදුරාගන්න හදනවා. ඒත් Ward කියන්නේ විශේෂ පුහුණුවක් ලද කෙනෙක්. Fitz හිතන්නත් කලින් Ward ඔහුව වලකනවා. මට හිතෙන්නේ Fitz මෙතනදී Wardට මෙතන වෙනදේ පැහැදිලි කරන්න උත්සහ කරා කියලයි. ඒත් HYDRA එකට Ward සම්පූර්ණ ජීවිතයම කැපකරලා නිසා ඔහු ඒ දේවල් ගණන් ගන්නේ නැහැ. කොහොමත් Fitz තුවක්කුව ගත්තට වැඩක් වෙන්නේ නැහැ අනිත් HYDRA soldiersලා Fitzව එතනම මරලා දාන්න ඉඩ තියෙනවා.


3 - Hail HYDRA!!



ඔන්න දැන් දැන් Maveth වලදී වෙලා තියෙන්නේ මොකද්ද කියන එක ගැන හොඳ අවබෝධයක් අපිට ලැබෙන්න පටන් ගන්නවා. අපිට කලින් 08 වෙනි episode එකේදී මේ සංකේතයම දකින්න ලැබුණා. ඒ Fitz සහ Jemma විසින් සොයාගන්නා ලද පොතේ තිබුණු කරුණු වලට අනුව HYDRA එක මේ දක්වා පැමිණි ආකාරය සහ රූපසටහන් වලිනුයි. ඒ කියන්නේ මීට කලින් HYDRA එකෙන් Maveth වලට ඇවිල්ලා ඔවුන්ගේම වැඩපිළිවෙළකට අනුව වැඩකටයුතු කරලා තියෙනවා. මේ 'It' HYDRAලාගේ පාර්ශවකරුවෙක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. Gideon Malickට අනුව HYDRAවල ඉදිරි පැතිකඩ තීරණය වෙන්නේ මේ 'It' නිසායි.

4 - Mack You are a Perfect Director


Coulson තමන්ගේ පලිගැනීම සම්පූර්ණ කරන්න කලින් Mackව SHIELD Director බවට පත්කළා හැමෝටම මතක ඇතිනේ. ඔන්න මේ සතියේ අපිට Director Mackගේ තීන්දු තීරණ සහ ඒවායේ සාර්ථකත්වය ගැන සසඳා බලන්න අවස්ථාවක් ලැබෙනවා. මං හිතන්නේ Mack තමන්ගේ රාජකාරිය උපරිමේටම කළා. කණ්ඩායම පාවා නොදී සාමාජිකයන්ගේ ආරක්ෂාව ගැනත් ගොඩක් හොයලා බලමින් ඔහු Director විදියට කටයුතු කළා. Coulsonටත් වඩා හොඳින් කණ්ඩායම මෙහෙයවපු වෙලාවලුත් තිබුණා. මට හිතෙන්නේ Comic වල විදියට Daisyව Director කරන්න කලින් Mackව Director කරන්න ඕනෙ කියලා. මෙහෙයුම් වලදී අති සාර්ථක පුද්ගලයෙක් හැටියට දැනටමත් ඔහු තමන්ගේ හැකියාව පෙන්වලා තියෙන නිසා ඒ දේ එහෙම වෙනවා නම් හොඳයි.


5 - Hunter the Funniest Guy




Lance Hunter තමයි කථාමාලාව boring නොවෙන්න ගාණට ගෙනියන කෙනා. මේ පාර episode එකේදිත් අපිට ඒක හොඳටම පැහැදිලි වුණා. Mission එකකට කලින් බියර් බෝතල් 10ක් උනත් බීලා සාර්ථකව Mission එක අවසන් කරන්න පුළුවන් කෙනෙක් තමයි Hunter කියන්නේ. Comic වලදී මෙයාගේ චරිතයත් මේ වගේමයි. මං හිතන්නේ මේ season එකේදී තමයි අපිට නියම Hunterව දකින්න ලැබෙන්නේ.



6 - More Inhumans 


Malick සූදානම් වෙන්නේ portal එකෙන් එහා පැත්තේ ඉන්න කෙනාට/සතාට පාලනය කරන්න හමුදාවක් ලෑස්ති කරලා දෙන්නයි. ඒ නිසාම තමයි Giyera ඇතුළු මේ Inhumansලා ටික ඔහු සූදානම් කරන්නේ. විශේෂතම දේ තමයි මේ Inhumansලා රඳවලා තියෙන්නේ ATCU එකේ කුටීර වලයි. එහෙනම් ATCU එකේ තවත් Inhumansලා ඉන්නවා කියන එකයි. ඒ වගේම මේ Inhumansලාගේ නම් දිහා බැලුවොත් ඒවා Marvelලාට විශේෂිත නම් කිහිපයක්. ඔවුන්ගේ comics වල චිත්‍ර නිර්මාණය කරපු අයගේ නම් තමයි මේවා වල සඳහන් වෙන්නේ. සමහර විට Marvel සමාගම ඔවුන්ගේ comic චිත්‍රශිල්පීන්ව සිහිපත් කරන්න මේ දේ කළා වෙන්නත් පුළුවන්.


7 - Get Up Coulson


ගිය සතියේ Rosalind මිය ගියාට පස්සේ අපි හිතුවේ නෑ අපිට ආයෙත් එයාව දකින්න ලැබෙයි කියලා. Rosalind HYDRA එකට නොදැනුවත්වම වැඩ කරලා කියලා දැනගත්තාම එයා ගැන තිබ්බ කේන්තිය අඩු වුණා වගේම ගිය සතියේ episode එක පටන් ගද්දිම Rosalindව මරලා දාපු එක හෙනම shocking moment එකක් වුණා. ගිය සතියේ portal එකට පැනපු Coulsonගේ ඔලුව ගලක වැදිලා සිහිනැතිවෙනවා. Coulsonට සිහි නැති වෙලාවේ පෙනෙන්නේ Rosalindවයි. ඒ වගේම සිහි එනකොට Coulsonගේ මූණට එහාපැත්තෙන් තියෙන්නේ Mavethවල මියගිය කෙනෙක්ගේ මිනී ඔලුවක්. මේ රූපරාමු ඔක්කොම එකට සම්බන්ධ කරපු ආකාරය නම් ඉතාම විශිෂ්ඨයි. ඒ වගේම Rosalind Coulsonව දිරිමත් කරන විදියත් අපූරුවට දක්වලා තියෙනවා.

8 - Star Wars reference


Coulson අවදිවන විටම දකින්නේ Maveth වල තියෙන හඳවල් දෙකයි. එතකොටම Coulsonට කියවෙන්නේ Tatooine කියලායි. හෝ.. හෝ.. මෙන්න Star Wars fansලාට ඒ ගැන පොඩි hint එකක් පාස් වෙනවා. අපි දන්නවා මේ මාසේ Star Wars: Force Awakens movie එක එනවා කියලා. ඔන්න Coulson ඒක අපිට මතක් කරලා දෙනවා.


9 - Will is injured but how?



Ward සහ HYDRA පිරිස සමඟ Maveth වල portal point එක හොයාගෙන යන Fitzට Will සිටින තැන විවරය හමු වෙනවා. Wardව රවටා ඒ තුළට පැන ගන්නා ඔහුට Willව හමුවෙනවා. ඒ වහාම Ward එතැන්ට පැමිණ Willව මරන්න තැත් කළත් ඔහු Willගේ ඇදුමේ තියෙන logo එක දකිනවා. මේ NASA එකේ logo එකයි. ඒ නිසාම Ward Willව නොමරන්න තීරණය කරනවා. මේ දේවල් වලට වඩා වැදගත්ම දේ වෙන්නේ Will කොහොමද තුවාල වුණේ කියලායි. අපිට 05වෙනි episode එක අන්තිමට Will සතුව තිබුණු තුවක්කුවේ අවසාන වෙඩි උණ්ඩය පිටවූ ශබ්දය අහන්න ලැබුණා. ඒ වගේම අන්තිමට Willව පෙන්නුවාම අපි එහෙම තුවාලයක් දැක්කෙ නෑ. එහෙනම් මේ මොකද තුවාල වෙලා තියෙන්නේ? මේ ඇත්තටම Will නෙවෙයිද?


10 - Power Rangers reference


මේ සතියේ අපිට ගොඩක් comic reference දකින්න ලැබෙනවා, Director Mack England වල තිබුණු මාලිගාවට කඩා වැදී Simmons, Fitz සහ Coulsonව බේරාගන්න ලැහැස්ති වෙනකොට Inhumansලාව හඳුන්වන්නේ Power Rangersලා කියලායි. කෙලින්ම Power Rangersලාව refer කරපු එක නම් මට හිතාගන්නත් බැරි වුණා. කොහොම උනත් මේක විශේෂ අවස්ථාවක් නිසා එහෙම කරපු එකේ වැරැද්දක් නෑ.


11 - The Secret Warriors


අපි දන්නවා දැනට SHIELD එක සතුව Inhumansලා ඉන්නවා කියලා. නමුත් ක්‍රියාන්විත වලට යොදාගන්නේ Daisy, Lincon සහ Joyeවයි. මේ කණ්ඬායමට අලුතෙන් තවත් අය එකතු වෙන්න ඉන්නවා, දැනට තියෙන ආරංචිවලට අනුව වේගවත් කෙනෙකුත් කණ්ඩායමට එන්න ඉන්නවාලු.

12 - Bitch Please I'm Bulletproof



අද episode එකේ මට හිනාව නවත්තගන්න බැරිවෙච්ච තැන තමයි මේක. Daisyට Giyera වෙඩි තියනකොට ඒ අතරට Joey පනිනවා. අපි දන්නවනේ Joyeගේ බලයන් මොනවද කියලා. අද අපිට Joeyගේ බලයන් යොදාගන්න ආකාරය ගොඩක් දකින්න ලැබුණා. ඒකෙන් Joey bullets උණු කරලා දාපු එක තමයි සුවිශේෂම දේ. ඊට පස්සේ Joey, I'm Bulletproof කියලා කියලා කියපු විදියට අනිවාර්යෙන්ම හිනා යනවා.

13 - Lash on a killing Spree Again


Simmons කොහොම හරි HYDRA කඳවුරෙන් පැනගන්න සමත්වෙනවා. ඒ අතරේ තමයි ඇයට Inhuman Modules දකින්න ලැබෙන්නේ. ඒ වගේම ඇයට Andrewව රඳවලා තියෙන කුටිය හමුවෙනවා. ඒ මොහොතේම එතනක කඩාවදින HYDRA සොල්දාදුවන්ගෙන් බේරෙන්නට ඇයට Andrewව ඒ කුටියෙන් නිදහස් කරන්න සිදුවෙනවා. ඒ හා වහාම Andrew Lash බවට පත්වෙලා සොල්දාදුවන් මරා දමනවා. ඒ විතරක් නෙවෙයි එතැනට ගෙනල්ලා තිබ්බ Inhumansලා ඔක්කොමත් ඔහු මරා දමනවා. මේකෙන් තේරෙන්නේ අපිට Lashගේ කියාකලාපය තාම වෙනස් වෙලා නැහැ කියන එකයි. ඒත් කලින් episode එකකදී Lincon කිව්වා වගේ ආයෙත් Andrew Lash වුණොත් එයාට ආයෙත් Andrew වෙන්න බැරිවෙයි කියන දේ ගැනනම් හරියට යමක් කියවුණේ නැහැ. දැන් ආයෙත් Lash නිදැල්ලේ ඉන්න නිසා Inhumansලා බේරගන්න නම් SHIELD එකට ලොකු වැඩකොටසක් කරන්න වේවි.





14 - Oh..Wait!! Nick Fury knows about Inhumans?



Mockingbird a.k.a. Bobby Morse කිව්ව විදියට Captain America: Winter Soldier movie එකේ SHIELD එකේ කඩා වැටීමෙන් පස්සේ ඔහු Bobby Morse ඇතුළු පිරිසට Monolith එක HYDRA අතට පත්වීම වළක්වන්න කියලා අණ දීලා තියෙනවා. Real SHIELD vs SHIELD සිදුවීමේදීත් මේ ගැන කථා වුණා මතක ඇතිනේ. මෙතනදී Bobby කියනවා Fury මේ 'It' ගැන දැනගෙන හිටියාවත්ද කියලා. ඒ වගේම HYDRA එක මේ කෙනාව/සත්වයාව ගෙන්නන්න ඉන්නවා කියලා ඔහු දැනගෙන හිටියාවත්ද කියලා. මේ නිසාම සමහර විට අපිට ආයෙමත් Season finale එකේදී Furyව guest appearance එකක් විදියට දකින්න ලැබුණොත් පුදුම වෙන්න ඕනෙ නෑ.


15 - The Ancient Civilization


දැනටමත් මේ පාර mid season finale එකේදි අපිව පිස්සු වට්ටලා තියෙද්දි ඒ අතරේ Maveth වල Ancient Civilization එක ගැන Will කියනවා. මේ ඇත්තටම කාගේ Civilization එකද කියන එක තාම පැහැදිලි නැහැ. මේක Inhumans Movie එක හෝ Guardians of the Galaxy Movie එක target කරලා හදපු දෙයක්ද කියලත් මට හිතෙනවා. ඒ වගේම මේක කොහෙන් හරි Thanosට සම්බන්ධ වෙන්නත් පුළුවන්. නමුත් මේ දේ season එකේ පහුවට විස්තර වෙනකන් හරියටම කියන්න අමාරුයි. ඒ නිසා විශේෂයෙන්ම මතක තියාගෙන කතා කරන්න ඕනෙ වෙන කරුණක් තමයි මේක.

16 - Told ya.. He is not Will.. Will is 'It
'



Fitz එක්ක Will portal point එක කරා යන අතරතුරේදී ඔවුන්ට Ancient Civilization එකේ නටඹුන් දකින්න ලැබෙනවා. ඒ Civilization එක ගැන සම්පූර්ණ විස්තරය Will කියාගෙන යනවා. ඒ අතරේම Will බිම ඇද වැටෙන්නේ කකුලේ තිබුණු තුවාලය නිසායි. Fitz තුවාලයට බැඳි රෙදි පටිය ගැටගහන්න ඉදිරිපත්වෙනවා. නමුත් තුවාලය ලෙහන Fitzට දකින්න ලැබෙන්නේ ඇටකටුව දක්වාම කුණු වුණු කකුලක්. මෙච්චර තුවාලයක් නරක් වෙනකන් මිනිහෙක්ට ඉන්න බැහැ. ඒ වහාම Fitz තේරුම්ගන්නවා මේ Will නෙවෙයි මේ අර ජීවියා කියලා. ඒත් කොහොමද ඒ ජීවියා Will බවට පත්වුණේ? මේකට තරමක උත්තරයක් අපිට මෙතනදි දැනගන්න ලැබෙනවා. ඒ Jemmaව බේරගන්න යද්දි Will මිය යනවා කියන එකයි. එහෙනම් තවදුරටත් මේ Will නෙවෙයි. ඒ කියන්නේ Willගේ ශරීරයේ වෙනත් කෙනෙක් ඉන්නවා කියන එකද?


17 - Civil War Hint



මේ දේ ලාවට වගේ කියවෙන දෙයක්. ඒත් දැනට ඉස්සරහා එන්න තියෙන MCU පෙළගැස්මත් එක්ක පොඩි අදහසක් ගන්න පුළුවන්. Will කියනවා මේ ග්‍රහලෝකේ ඉන්න අය ගොඩක් දියුණු ජීවීන් පිරිසක්. ඒ උනාට ඔවුන් එක් වෙනසක් හේතුවෙන් දෙපැත්තකට බෙදිලා යුද්ධ කරලා විනාශවෙලා ගියා කියලා. කාටද මේ වෙලාවේ Civil War මතක් වුණේ? මේ episode එක හරියටම හැමදේම ප්ලෑන් කරලා හැමදේම කියවෙන්න හදපු episode එකක් කියලයි මට නම් හිතෙන්නේ.


18 - Coulson vs Ward



ඔන්න මේ පාර episode එකේදී මේ දෙන්නාගේ මෙච්චර කල් තිබ්බ වෛරය ඉවර වෙනවා. Ward Coulsonව හොයාගෙන ගියා වගේම Coulson Wardව හොයාගෙන යනවා. ඒත් Wardව අල්ලගත්ත වෙලාවෙම එක පාර ''Hi Ward'' කියලා ඔලුවටම තිබ්බනං තවත් හොඳයි. ඒත් කථාව ඉස්සරහට ගෙනියන්න වෙනම ප්ලෑනක් තියෙන නිසා අන්තිමට Coulson තමන්ගේ රොබෝ අතෙන් Wardගේ පපුව කුඩු වෙලා යන්න තදකරනවා. ඒ වගේම ඊට පස්සේ Coulson තමන්ගේ රොබෝ අත මියගිය Wardගාව දාලා portal එක වෙත යනවා. මේ ගැන ගොඩ දෙනෙක් Internet එකේ කථා කරලා තිබ්බා. මං හිතන්නේ ඒකට හේතුව Coulsonට තවදුරටත් ඒ අත රඳාගෙන ඉන්න අකමැති ඇති. තමන් ආදරය කරපු කෙනාව මරලා දාපු අත තවත් තමන් ගාව තියන් ඉන්නවට ඔහු අකමැති ඇති.

19 - Fitz the Hero/Villan Blah.. Blah.. Blah..


Fitz දැනගත්තා Will කියන්නේ ඇත්තටම Will නෙවෙයි කියලා. ඒ වගේම Fitzට තේරෙනවා මේ කෙනා ආපහු පෘථිවියට යන්නයි උත්සහ කරන්නේ කියලා. මේ නිසාම ඔහු ළඟ තිබුණු තුවක්කුවෙන් Willට වෙඩි තබනවා. බිම ඇද වැටුණත් යළිත් ඔහු portal එක දෙසට ගමන් කරනවා. ඒ වහාම Fitz Flame Gun එක රැගෙන Willට වෙඩි තබනවා. මේ හේතුවෙන් Willගේ ශරීරය ගිණිගෙන දැවී යනවා.

 


ඔන්න ඊට පස්සෙයි හොඳම හරිය වෙන්නේ. අපිට යන්තමට ගිණිගෙන දැවෙන Willගේ ශරීරයේ කිසියම් ජීවියෙක් දඟලමින් ඉවතට ඇදෙන ආකාරයක් දකින්න පුළුවන් වෙනවා. එහෙනම් මේ තමා මෙච්චර් අකල් හැමෝම 'it' කියලා කියපු කෙනා.


20 - Marvel is best for showing more humanity and they nailed it in the last moments



මානුෂීය හැඟීම් මතු කරන්නට Marvel සමාගම ගොඩක් සමත් කියලා අපි හැමෝම දන්නවානේ. මේ දේ මෙතනදීත් හොඳටම ඔවුන් ඉස්මතු කරනවා. පුරාණ මාලිගාව පුපුරවා අවසානයේදී Mack, Daisy, Coulson සහ Fitz තිදෙනා SHIELD Containment Module එකෙන් යළි Zephyr One යානය වෙත පැමිණි විට ඔවුන් සියළු දෙනා එකිනෙකා හා එක්වන තත්පර කිහිපය හරියට movie එකක් අවසානයක් වගේම සුපිරියට අරන් තිබුණා. ඔවුන් යොදාගෙන තිබුණු sound track එක ඒ අවස්ථාවට සුපිරියටම ගැළපුණා. ඒ වගේම Simmons Will යළි පැමිණියාද කියලා බලන්න Containment Module එක වෙත ගියපු වෙලාවෙයි ඊට පස්සෙ එක පාරටම හැරිලා Fitzව වැළඳගත්ත ආකාරයයි ගැන තවත් මුකුත් කියන්න ඕනෙ වෙන්නේ නෑ. Wardගේ මරණයට පස්සේ Coulsonගේ මුහුණ සහ Fitzගේ මූණු දෙකෙන් මිනිහෙක්ගේ හිතේ තියෙන ගොඩක් දේවල් ඉස්මතු වුණා. නළු නිළියන්ගේ රංගනයන් ඉතාම විශිෂ්‍ඨ ලෙස මේ episode එකෙන් ඉදිරිපත් වුණා කිව්වොත් මං හරි.

21 - WTF!! 'It' returns with Ward



ඔන්න හැමදාම වගේ post credit scene එකෙන් ආයෙත් අපිව පිස්සු වට්ටන්න Marvelලා සමත් වෙනවා. අන්තිමට අපි දකිනවා Malick ගුවන් යානයකින් රටින් පිටව යන්නට airport එක කරා වාහනයකින් ගමන් කරනවා. ඒ වාහනය ගමන් ගන්නා මාර්ගයේ එක් පුද්ගලයෙක් හිටගෙන ඉන්නවා. ඒ කෙනාගෙ අතේ රොබෝ අතක් තියෙනවා. දෙයියන්ට ඔප්පු වෙච්චාවෙ!! ඒ Grant Ward. ඒත් මේ කලින් හිටපු Ward නෙවෙයි වගේ. හරියට Zombie කෙනෙක් වගේ. මේක දකින Malick පවා පුදුමයට පත් වෙනවා. හොඳම දේ ඒක නෙවෙයි. Wardගේ මූණ දිහා බැලුවාම අපිට පේනවා කිසියම් ජීවියෙක් නළියමින් සිටිනා බවක්. එහෙනම් මේ අර Willගේ ඇඟේ හිටපු ජීවියාම තමයි. ඒත් ඒ ජීවියා කොහොමද Wardගේ ඇඟට ආවෙ? Ward ඇත්තටම මැරිලා නැද්ද? මේ ජීවියා සහ HYDRA එක අතර සම්බන්ධය මොකද්ද?


ඔය ප්‍රශ්න ගැන පොඩ්ඩක් කථා කරලම ඉන්න එක හොඳ නිසා මං මට හිතෙන දේ ගැන කෙටියෙන් විස්තර කරන්නම්. මට හිතෙන විදියට නම් Ward ඇත්තටම මැරුණා. දැන් ඔය ජීවියා තමයි Wardගේ ශරීරය බාහිර ශරීරයක් හැටියට පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ජීවියා Wardගේ ශරීරයෙන් ඉවත් වුණොත් Ward කියන චරිතයේ නමත් කථාමාලාවෙන් ඉවත් වෙනවා. ඒ වගේම තමයි මං හිතන විදියට මේ ජීවියා Marvel Comics වල ඉන්න 'Hive' කියන කෙනා. Marvel Comics වල Hive Secret Warriors storyline එකට කෙලින්ම සම්බන්ධ වෙලාත් තියෙනවා. මේ නිසා මේ ඒ කෙනාමයි කියලා තරමක විශ්වාසයක් තියන්න පුළුවන්. මෙයා ගැන වැඩි විස්තර හෝ ලිපියක් ඕනේ නම් අපිට කියන්න.

සාරාංශයක් හැටියට ගත්තොත් මේ පාර තමයි SHIELD කථාමාලාව උපරිම තැනට ආවේ. මේ පාර Mid season finale එක දැනට ආපු superhero series වලින් හොඳම Mid season finale කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේ දක්වා ආපු episode වලින් හොඳම චරිතය විදියට Grant Wardගේ චරිතය නම් කරන්න පුළුවන්. ඒ වගේමයි Agents of SHIELD episode 11 එන්නේ ලබන මාර්තු මාසේ 8 වෙනිදා. ඒකට හේතුව Agent Carter Season 2 ජනවාරි මාසේ පටන් ගන්න නිසා සහ Agents of SHIELD කථාමාලාව එක්ක Civil War movie එකේ crossover එකක් තියෙන නිසා. මේ පාර ඒ නිසා ගොඩක් ලොකුවට Marvel Cinematic Universe එක සහ Marvel Tv Universe එක සම්බන්ධ වෙන්නයි යන්නේ. අපි Agent Carter කථාමාලාවේ reviews ගේන්නත් සූදානම් වෙලා ඉන්නේ. ඒ නිසා දිගටම අපිත් එක්ක ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා..

#SmAsHeR

4 comments:

  1. නියමයි‍‍‍.....
    Review ඒක හොදටම තියෙනවා.
    Thanks....
    "IT" ගැනත් Review ඒකක් බලාපොරොත්තු වෙකවා...

    ReplyDelete
  2. පට්ට.. ස්තූතියි

    ReplyDelete
  3. ස්තුතියි.... IT ගැනත් කියන්න......

    ReplyDelete
  4. නියමයි....නියමයි...Hive කියන කෙනා ගැනත් ලිපියක් ගෙන්න ඉක්මනට....

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න