Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

The Flash S02E09 Review

The Flash S02E09 Review
The Flash S02E09 - Running to Stand Still

ෆ්ලෑෂ් කතාව ඔයාලට ගෙනාපු Shazam සහෝදරයාට මේ ලබන අවුරුද්ද වෙනකල් නිදහසක් නෑ කියලා අපි කලින් කිව්වා මතක ඇතිනේ. ඒ හින්දා එයා ආපහු එනකල් ෆ්ලෑෂ් කතාව ලියන වැඩේ මට භාර උණා. අපි බලමු මේ සතියේ සිදු වුන විශේෂ සිදුවීම් මොනවාද කියලා. මේ සතිය තමයි මිඩ් සීසන් බ්‍රේක් එකට කලින් අපිට අවසානේට ෆ්ලෑෂ් කතාව දකින්න හම්බෙන්නේ. මීට කලින් සතියේ අපි දැක්කේ ඇරෝ සහ ෆ්ලෑෂ් ක්‍රොස්ඕවර් කතාව. ඒක ඉවර වුණු ගමන්ම හින්දා හිතා ගන්නවත් බැරි විදිහේ සිදුවීමක් අපිට දකින්න හම්බුනේ නෑ. ඒ විදිහේ නොසිතු පෙරලියක් නොවුනත් වෙනදා වගේම සුපිරි කතාවක් තමයි මේ සතියේ කොටසිනුත් අපි දැක්කේ.

01. Marry Christmas from Zoom
මතක ද අඹ කෑල්ලක් දෙන්න පිහියක් අරන් දොස්තර ගේ පස්සෙන් පන්නපු පිස්සාගේ කතාව. මේ පාර ෆ්ලෑෂ් කතාව පටන් ගත්තේත් ඒ විදිහට. සූම්, හැරිසන් වෙල්ස් පස්සෙන් පන්නලා එයාව අල්ලාගෙන සුභ නත්තලක් කියනවා. අපිට තවම නත්තල එන්න කල් තියනවා උනාට ෆ්ලෑෂ් කතාවේ නම් දැනටමත් නත්තල ඇවිත්. සූම් ගේ කැමතිම වැඩක් වගේ එයාගේ සතුරන්ගේ බෙල්ලෙන් අල්ලලා උස්සන එක. තනි අතින් කෙනෙක් උඩට උස්සනවා කියන්නේ එයා ගොඩක් ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනේ.


02. Every Earth have Christmas
මේක නම් ලොකු දෙයක් නෙවේ. ඒත් Earth 2 වල හැමදේමත් අපේ Earth එකේ විදිහට වෙලා තියෙන්නේ කියන එකට උදාහරණයක්. හැබයි මේකේ වෙන පැත්තකුත් තියනවා. අපිට ගොඩක් සරලයි වගේ හිතෙන දෙයක් ඒ ගැන පොඩ්ඩක් වත් දන්නේ නැති කෙනෙක්ට විස්තර කරලා දෙන එක ලේසි වැඩක් නෙවේ.

03. Central City have a new Jack Frost
හිම වස්සවන්නේ ජැක් ෆ්‍රොස්ට් කියලා නේ ඉංග්‍රීසි සාහිතයේ කියවෙන්නේ. ඒත් සෙන්ට්‍රල් සිටි වල ඉන්නවා ඒ හැකියාව තියන තවත් කෙනෙක්. ඒ තමයි Mark Mardon එහෙමත් නැතිනම් Weather Wizard. අපිට මෙයාව අවසානේට දැක ගන්න හම්බුනේ ස්නාට් විසින් බේරාගත්ත වෙලාවේ. එයා හදන්නේ ෆ්ලෑෂ් දුර්වල ඉන්න වේලාවේ ප්‍රයෝජනය ගන්න.


මෙයා ස්නාට් ව බේරගෙන විතරක් නවතින්නේ නෑ. තව Trickster වත් හිරෙන් නිදහස් කරගන්නවා. Mardon කියන විදිහටම ඒ තුන්දෙනා එකට එකතු උණාම කාටවත් එයාලව නවත්වන්න බෑ.
Trickster එයාගේ හිර කුටියේ බිත්ති පුරාවටම ෆ්ලෑෂ් ගේ පින්තූර ඇඳලා. ඒ මුළු කාලය පුරාම එයා ෆ්ලෑෂ් ගැන හිත හිතා ඉඳලා තියෙන්නේ.


04. Okamura Toys
හිරෙන් පැන්න මේ තුන්දෙනා නවතින්නේ Okamura කියන සෙල්ලම් බඩු සාප්පුවේ. Hero Okamura කියන්නේ මුලින් හිටිය Toyman ට පස්සේ ආපු Toyman. හැබයි මෙයා නම් නරක කෙනෙක් නෙවේ. ටීන් ටයිටන් ස් ලට එහෙම ගොඩක් උදව් කරලා තියනවා.


05. Have we already had this conversation?
මීට කලින් වතාවේ බැරී , Mardon එක්ක සටන් කරද්දී සිස්කෝ එයාට Wand එකක් හදලා දුන්නා. හැබයි බැරී කාලය හරහා ගමන් කරලා ඒ ටයිම් ලයින් එක වෙනස් කරපු හින්දා සිස්කෝ ට ඒක ගැන මතක නෑ. හැබයි කලින් හිටපු හැරිසන් කිව්වා මේ දේවල් ගැන කතා කරන්න එපා කියලා. මොකද ඒකෙන් අතුරු ප්‍රථිපල ඇතිවෙන්න පුලුවන් කියලා.
ඒ වගේම තමයි Every Earth has a Godfather.

06. You have a son
මේ සතියේ Joe ගේ චරිතයට ටිකක්  වැඩි අවධානයක් දීලා තිබ්බා. වොලී ගැන කියන්න අයිරිස් කියන හින්දා. Joe පුතෙක් නැති අඩුව ගැන අවස්තා කිහිපයක දීම කිව්වා. එයාට බැරී කියන්නේ එයාගෙම පුතා තමයි. තාත්තා ගෙන් හම්බුනු ඔරලෝසුව බැරී ට දුන්නේ ඒ හින්දා. හැබයි එයාට එයාගෙම පුතෙක් නැති අඩුව හොදටම තිබිලා තියනවා. අයිරිස් කියන දේ අහලා එයා මානසිකව වැටෙනවා තාත්තා කෙනෙක් ගේ යුතුකම් ඉෂ්ට කරන්න බැරි උණා කියලා.


07. A man with a code
මේ දක්වා අපිට හම්බුන හැම දුෂ්ට කෙනෙක් ටම වඩා ස්නාට් වෙනස්. එයා ෆ්ලෑෂ් ට කැමති නැති උණත් ෆ්ලෑෂ් ට ගරු කරනවා. මේ ලක්ෂණය අපිට කොමික් වල ත් නිතරම දකින්න ලැබෙන දෙයක්. ස්නාට් කියන්නේ දුෂ්ට කෙනෙක් උනාට ගරු කලයුතු මට්ටමේ කෙනෙක්. මේ හින්දාම තමයි ෆ්ලෑෂ්පොයින්ට් කතාවේ දී ස්නාට් සෙන්ට්‍රල් සිටි වල ආරක්ෂකයා වෙන්නෙත්.
මෙතන දී එයා කියන්නේ ෆ්ලෑෂ් ව මරලා ඇති කරන්න හදන දේට එයා කැමති නෑ කියලා. එයා ෆ්ලෑෂ් ව ඉවත් කරන්න කැමතියි. හැබයි එකෙන් එයාට අවශ්‍ය දේවල් වෙනවානම්. අනික එයා බැරී ට ණයක් තියනවා. ඒක වෙනුවෙන් මේ උදව්ව කෙරුවා වෙන්නත් පුළුවන්.


හැබයි මෙතන දී ත් අපි දකිනවා ලෙජන්ඩ් ඔෆ් ටුමාරෝ කතාව වෙනුවෙන් ෆ්ලෑෂ් කතාවේ වටිනා දේවල් නැති කර ගැනීමක්. මොකද ස්නාට් කියන්නේ ෆ්ලෑෂ් කතාවේ ඉන්න ඕනෑම කෙනෙක්. එයා ලෙජන්ඩ් ඔෆ් ටුමාරෝ එකට සම්බන්ධ වෙනවා කියන්නේ ෆ්ලෑෂ් කතාවට ප්‍රධාන තැනක් එයාට හම්බෙනවා. Wentworth Miller ට ඉදලා හිටලා ඔලුව දාලා යනවාට වඩා වැඩි තැනක් හම්බෙන්න ඕන තමයි. ඒත් ඒකෙන් ෆ්ලෑෂ් ට ඉන්න වටිනාම ප්‍රතිවාදියා නැති කරලා දාන එක නම් හොඳ වැඩක් නෙවේ.

08. A man knows about bears
Trickster ගේ ඇහේ තිබුණු ප්‍රතිබිම්භය දැකලා ඒ Mr Jiggle Wiggle කියලා හදුනාගන්නේ හැරිසන්. හැරිසන් ට කෙසේ වෙතත් ඒ චරිතෙට රඟපාන Tom Cavanagh ට නම් වලස්සු ගැන හොඳ අවබෝධයක් තියනවා. ඒ 2010 දී තිරගත වුණු Yogi Bear ෆිල්ම් එකේ දී ප්‍රධාන චරිතයක් කරපු හින්දා.

09. Can Flash run?
මේ සතියේ අපි ෆ්ලෑෂ් ගේ අළුත් හැකියාවක් දැක්කා. ඒ තමයි එයා පියඹනවා. මේක සුපර් මෑන් කරනවා වගේ නම් නෙවේ. එයාට පුළුවන් වටේ තියන වායු ස්ථරය කම්පනය කරවලා ප්‍රති ගුරුත්ව බලයක් ඇති කරන්න.


හැබැයි Justice League ඇනිමේෂන් සිරිස් එක බලපු අයට නම් මේක අළුත් දෙයක් නෙවේ. මේ දේ එයා කරලා තියනවා.


10. Patty can be serious too
Trixter ව හොයාගෙන යන්නේ ෆ්ලෑෂ් විතරක් නෙවේ. පැටි ත් මේ දේම කරනවා. ෆ්ලෑෂ්, පැටි ව බේරගත්තට පස්සේ එයා සේරම විස්තරේ ෆ්ලෑෂ් අතින් කියනවා. කට පුරා හිනාවෙලා හිටියාට මෙයා ගේ කතාව අපි දැනගෙන හිටියේ නෑ. මම නම් හිතුවේ මෙතන දී ෆ්ලෑෂ් එයා කවුද කියන එක කියයි ම කියලා.


11. Naughty Santa 
Trixter කියන්නේ කොහොමත් විකාර වැඩ කරන කෙනෙක් නේ. එයාගේ අළුත්ම අදහස තමයි නත්තල ට පොඩි අයට තෑගී දෙන එක. මේ අදහස නම් හොදයි. හැබයි ගැටලුවකට තියෙන්නේ ඒ සේරගේම තියෙන්නේ පුපුරන ද්‍රව්‍ය. 
අර තෑගී ලිස්ට් එකක් ඉල්ලපු පොඩි එකා ගැන කට්ටියට මොකද හිතෙන්නේ?


12. Flying Wizard
මීට කලින් Mardon ට පියාඹන්න පුළුවන් කියලා ෆ්ලෑෂ් කතාවේ දී පෙන්නලා තිබ්බේ නෑ. හැබයි කොමික් වල දී නම් මෙයාට මේ හැකියාව තියනවා.


ෆ්ලෑෂ්, Mardon පස්සෙන් පන්නන කොට හෙලිකොප්ටර් එකක් උඩින් පවා අඩිය තියලා යනවා. ෆ්ලෑෂ් ගේ වේගයත් එක්ක මේක ගණන් ගන්න තරම් දෙයක් නොවුනට මේ වගේ එකක් මුලින් ම දකින්න පුළුවන් උනේ අද. ඔයලා අවධානයෙන් බැලුවා නම් දකින්න ඇති ෆ්ලෑෂ් අඩිය තියන්නේ එකම තට්ට උඩ.



අපිට මේ වගේම දෙයක් දකින්න පුළුවන් වෙනවා 2010 දී ආපු The Dastardly Death of the Rogues කියන කොමික් කතාවේ දීත්.



13. Wizard got his Wand
සිස්කෝ සහ ගැරික් හදන Wand එක කොමික් වල දී නම් තියෙන්නේ Mardon ගාවමයි.


අපි දැක්කා Mardon ට මේ Wand එක හම්බෙනවා.


14. Who will live?
බැරීට සිද්ධ වෙනවා Mardon කියන විදිහට වැඩ කරන්න. එහෙම නැතිනම් සෙන්ට්‍රල් සිටි වල පවුල් 100 ක් විනාශ වෙලා යනවා. බලාපොරොත්තු වුණු විදිහටම බැරි මේකට එකඟ වෙනවා.


15. 100 Gifts from Earth 01
බැරී අසරණ වෙලා ඉද්දි හැරිසන්, ගැරික් සහ සිස්කෝ තුන් දෙනා එකතු වෙලා බෝම්බ නිෂ්ක්‍රිය කරන්න ක්‍රමයක් හොයා ගන්නවා. මෙතන දී ඒ අය කරපු දේ කොච්චර න්‍යායාත්මක ද කියන ගැටලුව තියනවා. ඒ මොනවා උණත් ඒ අය එක බෝමබයක් මේ ලෝකයෙන් පිටතට යවලා ඒකට අනිත් ඒවාත් ඇද ගන්න තමයි සැලැස්සුවේ. හැරිසන් අර පොඩි එකාගෙන් නත්තල් තෑග්ග ඉල්ලපු අවස්තාව නම් මම අද කතාවේ කැමතිම තැනක්.


16. Patty gave a BOOT to Flash
අපි හිතුවේ වත් නැති වේලාවක පැටි, ෆ්ලෑෂ් ට බූට් එකක් තිබ්බා. ඒ නගරයේ අයට අනතුරක් නෑ කියලා දැන ගත්තාට පස්සේ Mardon සහ Trixter දෙන්නා බැරී අතින් පරාද උනාට පස්සේ. ඔයාලට මේක මතක ඇති, සිස්කෝ තමයි මේක සෙන්ට්‍රල් සිටි එකට හදලා දුන්නේ. Atom-Smasher ආපු වෙලාවේ තමයි මේක මුලින්ම යොදා ගත්තේ. ඒත් මේ වතාවේ පැටි ඒක භාවිතා කරනවා ෆ්ලෑෂ් ව හිරකරලා තියා ගන්න.


මෙතන තමයි අද කතාවේ වටිනාම අවස්තාව. පැටි කියන්නේ හොඳ කෙනෙක් උණත් තාත්තාගේ මරණය වෙනුවෙන් පළිය ගන්න එයා Mardon ව මරන්න ලැස්ති වෙනවා. ෆ්ලෑෂ් ලොකු උත්සාහයක් අරන් තමයි මේක නවත්වන්නේ. මෙතන Mardon සහ Trixter දෙන්නා හිටපු හින්දා ෆ්ලෑෂ් ට එයාගේ ඇත්ත අනන්‍යතාවය හෙළි කරන්නත් බෑ. හැබයි අන්තිමේ පැටි වැරද්ද තේරුම් ගන්නවා.

17. That was beautiful
මේ කතාව ගොඩක් දෙනෙකුට දැනුණු දෙයක්. අද කතාව පුරාවටම Trixter ඉන්න අවස්තා වල අපිට දැනුනේ Joker ඉන්නවා වගේ. ඒකට හේතුව තමයි ගොඩක් ඇනිමේෂන් ෆිල්ම් වල Joker ට හඬ කවන්නේ Trixter ට රඟපාන Mark Hamill.


18. Christmas Kiss
පහුගිය දවස් ටිකේම අපි කේට්ලින් සහ ගැරික් අතර සම්බන්ධය ගොඩ නැගෙන විදිහ දැක්කා. මේ පාර නම් ඔන්න එක තහවුරු උණා. මේක හරිගියොත් එහෙම අපිට පලවෙනි Inter-Earth විවාහයත් දකින්න පුළුවන් වෙයි.


19. Wally West
ගොඩක් අය මේ අවස්තාව එනකල් මඟ බලාගෙන හිටියේ. ඔන්න අපිට පලවෙනි පාරට Wally West බලාගන්න පුළුවන් උණා. මෙයා කතාවට එකතු උණා කියන්නේ ඉස්සරහට මෙයත් බැරී එක්ක එකතු වෙන්න ඉඩ තියනවා කියන එක.


කොමික් වලත් මෙයාගේ සම්පුර්ණ නම Wallace Rudolph West. හැබයි කොමික් වල දී මෙයා අයිරිස් ගේ මල්ලි නෙවේ. අයිරිස් කියන්නේ මෙයාගේ නැන්දා. නිව් 52 කතා මාලාවෙන් පස්සේ අපිට දකින්න හම්බුනු Wally, ෆ්ලෑෂ් කතාවේ වගේම කළු ජාතිකයෙක්. මෙයා ගැන වැඩිපුර විස්තර මේ ලිපියෙන් කියවන්න පුළුවන්.


20. Double Agent
සූම් ඇවිත් හැරිසන් වේල්ස් ට තර්ජනය කරනවා එයාට උදව් කරන්න කියලා. ඒ හැරිසන් ගේ දුවව ඇපයට තියාගෙන. එයාට දැන් උණත් ගොඩක් ලේසියෙන් ෆ්ලෑෂ් ව ඉවර කරන්න පුළුවන් උණත් එයා උත්සාහ කරන්නේ බැරී ගේ වේගය වැඩි කරන්න. සූම් නම් කියන්නේ එක පාර වැඩි වේගයක් ගන්න කියලා. කොහොමත් මේ සිදුවීවෙන් වෙන්නේ හැරිසන් සූම් ගේ යෝජනවාට එකඟ වෙලා. ඒ කියන්නේ ඉස්සරහට ලොකු දේවල් ගොඩක් වෙන්න පුළුවන්.


ආයෙමත් ෆ්ලෑෂ් කතාව එන්නේ මාසෙකින් වගේ. හරියටම කියනවා නම් ජනවාරි 19. එතකල් අපිට බලාගෙන ඉන්න වෙනවා. ඊළඟ සතියේ කතාවේ දී පුර්ව ප්‍රචාරක පටය අනුව පැටි, ෆ්ලෑෂ් ගැන ඇත්ත දැන ගන්නවා.



එහෙනම් ආයේ ජනවාරි මාසේ හම්බෙමු.

attila_THE_hun

2 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න