Agents of S.H.I.E.L.D. S03E09 Closure - Review
Full of Spoilers. Read at your own risk
රොසලින් ට වෙඩි තියලා ඒ ගැන කෝල් කරලා කියන්නත් වෝර්ඩ් අමතක කරන්නේ නෑ.
02.A man with a one goal
මෙතනින් තමයි එයා කොල්සන් ගේ තරහා හොදටම අවුස්සන්නේ. අපි මෙච්චර දවසක් කෝල්සන් ගේ දැක්කේ එක පැත්තයි. ඕනෑම ප්‍රශ්නයක් දිහා බොහොම උපේක්ෂාවෙන් බලන කෙනෙක්. ඒත් වෝර්ඩ් මේ කරපු දේ එක්ක අපි මෙච්චර දවසක් දැක්කේ නැති පැත්තක් දැක ගන්න හම්බුනා. ඒ තමයි මොන ක්‍රමයකින් හරි වෝර්ඩ් ව ඉවරයක් කරලා දාන්න. මේ තීරණය ගත්තාට පස්සේ කෝල්සන් අනුගමනය කරයි කියලා හිතාගන්නවත් බැරි තරම් දේවල් කරන්න එයා පසුබට වෙන්නේ නෑ. ඒ අතර කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කරන එක අමුතුම විදිහේ දෙයක් උණා.
03.Lines we should never cross
ශිල්ඩ් එක ලෝකයට නිරාවරණය උණත් නැතත් එකේ ප්‍රධානියා කියන්නේ වගකිව යුතු කෙනෙක්. එයාට බෑ හිතුමනාපයේ වැඩ කරන්න. හැබැයි කෝල්සන් ගේ අරමුණුත් එක්ක ඒක ගැලපෙන්නේ නෑ. ඒ හින්දා එයා තාවකාලිකව ශිල්ඩ් එකේ වැඩ බලන අධ්‍යක්ෂක විදිහට මැක් ව පත් කරනවා.
04. Five missing pieces
මුලින්ම අපි මොනොලිත් එක දකිද්දී එකේ තිබ්බ මේ සිදුරු මොනවාද කියලා ලොකු ගැටලුවක් උණා.
ඒ ගැටලුවට අපිට විසදුමක් හම්බුනා. මීට කලින් අවස්තාවක මොනොලිත් එකෙන් ඉවත් කරගත්ත කොටස් තමයි ඒ. මේ කොටස් 5 Hydra සංවිධානයේ ප්‍රධානින් අතරේ බෙදලා දීලා තිබිලා තියනවා. ගොඩක් වෙලාවට ප්‍රධාන මොනොලිත් එකට හානියක් උණොත් විකල්පයක් විදිහට යොදා ගන්න වෙන්න ඇති. අන්තිමේ දී මැලික්, වෝර්ඩ් ගේ උදව් ඇතිව මේ සේරම එක තැනකට එකතු කරගන්නවා. ඒ මාර්ගයෙන් එයා උත්සාහ කරන්නේ ආපහු පෝර්ටල් එක ක්‍රියාත්මක කරගන්න.
05. Blood Rush continues
මේ සතියේ ශිල්ඩ් කතාවට එක ඛේදජනක මරණයක් විතරක් මදි උණා. මේ වෙනකල් අපි බෑන්ක් දිහා බැලුවේ සතුරෙක් විදිහට. ඒත් රොසලින්ඩ් ගේ ඇත්ත තත්ත්වය හෙළි උනාට පස්සේ බෑන්ක් ගැන අපිට තරහා ගන්න කාරණයක් තිබ්බේ නෑ. එයා ගැන අපි සුභවාදීව බලන්න හදන කොටම එයාව කතාවෙන් ඉවර කරලා දානවා.
මේ සතියේ කොටස IMDB දර්ශකයේ 9.2 වගේ ඉහල අගයක් ගන්න හේතු උනේ මේ වගේ සිදුවීම්. මෙතන දී බෑන්ක් මැරෙනවා වගේම ෆිට්ස් සහ සිමන්ස් දෙන්නා Hydra ග්‍රහණයට අහුවෙනවා.
06. Simmons and Fitz
Hydra මඟින්, සිමන්ස් සහ ෆිට්ස් අල්ලා ගන්නේ මාවෙත් කියන ග්‍රහලෝකයට ගිහින් ආපහු ආවේ කොහොමද කියලා විස්තර හොයා ගන්න. අවශ්‍ය පිළිතුර ලබා ගන්න එයාලා ඕනම දෙයක් කරන්න ලෑස්තියි. සිමන්ස් ට වද දීලා මේ දේවල් ගන්න බැරිවෙනවා. හැබයි සිමන්ස් ගේ වේදනව ඉවසාගෙන ඉන්න බැරි තැන ෆිට්ස් මේකට උදව් කරන්න කැමති වෙනවා.
07. It is always about family
අපිට අවසාන මොහොත වෙනකල් කෝල්සන් කරන්න යන වැඩේ තේරුනේ නෑ. ඒ කණ්ඩායම පැහැරගෙන ආව කෙනා වෝර්ඩ් ගේ මල්ලි කියලා කිව්වට පස්සේ තමයි අපිට කතාව තේරෙන්නේ. වෝර්ඩ් එයාගේ මල්ලිට ගොඩක් ආදරෙයි. පොඩි කාලේ ගෙදර තිබ්බ වාතාවරනය, වැඩිමහල් සහෝදරයා ගේ බලපෑම සහ වෝර්ඩ් අතින් මල්ලිට සිදුවුන වැරැද්ද නිසා එයා හැම වෙලේම මල්ලිව ආරක්ෂා කරන්න උත්සහකරනවා. සරලව කිව්වොත් නවත්වන්න බැරි වෝර්ඩ් ගේ තියන එකම දුර්වල තාවය තමයි එයාගේ මල්ලි. කෝල්සන් මේ රහස යොදා ගන්නවා වෝර්ඩ් ව මෙල්ල කරන්න.
මෙතන අපේ යාළුවන්ට හරියට තේරුනාද දන්නේ නෑ. මේක ගොඩක් සුවිශේෂ තැනක්. වෝර්ඩ් ගේ එකම දුර්වලතාවය හෙළිවුණේ මෙතනින්. වෝර්ඩ් ට කෝල්සන් ගැන ටිකක් හරි විශ්වාසයක් තියා ගන්න පුළුවන්. ඒත් හන්ටර් තමන්ගේ මල්ලිගේ ඔළුවට පිස්තොලේ තියාගෙන ඉන්න වෙලාවේ නම් එයා ඇත්තටම අසරණ උණා. මොකද එයා දන්නවා හන්ටර් කියන්නේ මොන වගේ කෙනෙක් ද කියලා. ඒ හින්දාම හැම දෙයක් ගැනම හරියට හිතලා වැඩ කරන වෝර්ඩ් නොදැනුවත්ම ඉඩහරිනවා තමන් ඉන්න තැන හොයා ගන්න.
08. Mack the boss
ශිල්ඩ් එකේ ඩිරෙක්ටර් කම කවදාවත් සරල දෙයක් උනේ නෑ. ඔන්න ඒ බර මැක් ටත් තේරෙන්න පටන් අරගෙන.
09. It
මැලික් ගේ අරමුණ තියෙන්නේ පෝර්ටල් එක ක්‍රියාත්මක කරවන්න නේ. හැබයි එයාගේ අරමුණ කෙනෙක් ව ඒ පැත්තට යවන්න නෙවේ. මොකද ශතවර්ෂ ගණනක් තිස්සේ ඒ වැඩේ කරලා තියනවා නේ. ඒ අයගේ අරමුණ ඒ පැත්තේ ඉන්න සත්වයා මේ ලෝකෙට ගේන්න. ඒකටයි ඒ අයට සිමන්ස් ගේ හෝ ෆිට්ස් ගේ දැනුම ඕන වෙන්නේ. සිමන්ස් අකැමැති වෙන හින්දා ඒ ෆිට්ස් ගේ සහාය ගන්න ඒ අය දක්ෂ වෙනවා.
10. Secret Warriors
ශිල්ඩ් කතා මාලාවේ මේ සීසන් එකේ දී ප්‍රධාන තේමාව සික්‍රට් වොරියර්ස් කියලනේ තිබ්බේ. ඒත් අපිට මේ දක්වා ඒ අය එකට ඉන්නවා දකින්න හම්බුනේ නෑ. ඒකට බලපෑවා Andrew ගේ වැඩ පිළිවෙළ. ඔන්න අපිට පලවෙනි වතාවට මේ කට්ටිය එකට මෙහෙයුමකට යනවා දකින්න හම්බෙනවා. මෙතන හැබැයි ඉන්හියුමන්ස් ලා නම් ඉන්නේ තුන් දෙනයි. ඒ ඩේසි, ලින්කන් සහ ජෝයි තුන්දෙනා.
11. What was going on there?
අපි මේ දක්වා ශිල්ඩ් කතාවේ හොඳම කොටසට ඇවිත් නෑ. ලබන සතියේ මිඩ් සීසන් ෆිනාලේ එක ලොකු දෙයක් කරන්න අදහස් කරගෙන ඉන්නවා. මොකද මැලික්, වෝර්ඩ් ට කියනවා මාවෙත් වලට යන මෙහෙයුම් කණ්ඩායමට නායකත්වය දෙන්න කියලා. එතන දී එයා කියන්නේ එහා ලෝකෙට ගිහිල්ලා It ව හම්බෙන්න කියලා. ඒ කියන්නේ Hydra එකේ අයට අවබෝධයක් තියනවා මේ කවුද කියලා. ඒ අයගේ අරමුණ වෙන්නේ මේ පුද්ගලයා ආපහු ගෙන්වන එක.
14. Brave or Stupid
වෝර්ඩ්, පෝර්ටල් එක ඇතුලෙන් යනවා දකින කොල්සන් කරන්නේ ගුවන් යානයේ ඉදන් එකට පනින එක. මේක මේ දක්වා කෝල්සන් කරන නිර්භීතම වැඩේ. එහෙම නෙවේ නම් මෝඩම වැඩේ කියලා ත් කියන්න පුළුවන්.
15. Back in Maveth
පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකේ දී අපි දකිනවා කණ්ඩායම මාවෙත් වල ඇවිදින විදිහ. හැබැයි ඉහළ ඉදලා වැටුණු කෝල්සන් ට නම් සුභ දායි ආරම්භයක් නෙවේ එහෙ දී හම්බුනේ.
ලබන සතිය තමයි ශිල්ඩ් එකේ මිඩ් සීසන් ෆිනාලේ එක. මතක නේ සීසන් 2 වල මිඩ් සීසන් ෆිනාලේ එක. ශිල්ඩ් එක වෙනස් වෙන්න පටන් ගත්තේ ඒ කොටසේ ඉදන්. ඒ හින්දා අපිට බලාපොරොත්තු තියා ගන්න පුළුවන් ලබන සතියේ කතාවත් ලොකු දෙයක් වෙන කොටසක් කියලා. එහෙනම් ඒ කොටසත් එක්ක අපි ආයේ ඉක්මනටම හම්බෙමු.
attila_THE_hun
Full of Spoilers. Read at your own risk
ශිල්ඩ් කතා මාලාවේ මේ දක්වා නිකුත් වුණු හොඳම කොටස් අතරට එකතු වෙන මේ සතියේ කතාවේ රිවිව් එක ගෙන්න ටිකක් පරක්කු උණා නම් තමයි. ඒත් පහුගිය සතිය පුරාවටම මුළු කොමික් ලෝකයම තාවකාලිකව DC කොමික් ආයතනය විසින් තනි අයිතියට තියාගෙන හිටපු හින්දා අපි හිතුවා මේ කොටස ගැන ටිකක් පහුවෙලාම කතා කරන්න. මොකද මේ සතියේ කතාව ගොඩක් දේවල් සිද්ධ වුණු එකක්. නිදහසේ ඒ ගැන කතා කරන එක තමයි වටින්නේ. එහෙනම් අපි බලමු මොකද උනේ කියලා මේ සතියේ කොටසේ.
01. Kill your favorite
මේ සතියේ කතාව පටන් ගත්තේ පුදුමාකාර සිදුවීමකින්. මෙච්චර දවසක් රොසලින්ඩ් ගේ වැඩ පිළිවෙල හිතා ගන්න බැරිව හිටපු හින්දා අපිට එයා ගැන තරහක් තිබ්බේ. ඒත් එයා මැලික් ගේ අතකොලුවක් විදිහට නොදැනුවත්වම වැඩ කරලා තියනවා කියලා දැන ගත්තාට පස්සේ එයා ගැන අනුකම්පාවක් ඇතිවෙනවා. ඒ වගේම එයා කෝල්සන් එක්ක ගොඩ නගන සම්බන්දය පවා අනුමත කරන තැනට එද්දිම එයාව මරලා දානවා. ඒක වෙන්නෙත් ලොකු සටනක් ගිහින් කියන්න ඕනේ සේරම ටික කියලා කතාව අවසානෙට නෙවේ. කතාව පටන් ගෙන සුළු වෙලාවක් ඇතුළත එක පාරටම. හරියටම GoT එකේ වෙන විදිහට. මේ සතියේ කතාව අනිත් ඒවාට වඩා ගොඩක් වෙනස් වෙන්නේ මේ හින්දා.
මේ වෙඩි තැබීම කරන්නේ වෙන කවුරුවත් නෙවේ. ශිල්ඩ් කතාවේ ආකර්ශනීයම දුෂ්ඨ චරිතය වෙන වෝර්ඩ්. මේකෙන් එයාගේ ජනප්‍රිය තාවය තවත් වැඩි උණා කිව්වොත් වැරදි නෑ.
රොසලින් ට වෙඩි තියලා ඒ ගැන කෝල් කරලා කියන්නත් වෝර්ඩ් අමතක කරන්නේ නෑ.
02.A man with a one goal
මෙතනින් තමයි එයා කොල්සන් ගේ තරහා හොදටම අවුස්සන්නේ. අපි මෙච්චර දවසක් කෝල්සන් ගේ දැක්කේ එක පැත්තයි. ඕනෑම ප්‍රශ්නයක් දිහා බොහොම උපේක්ෂාවෙන් බලන කෙනෙක්. ඒත් වෝර්ඩ් මේ කරපු දේ එක්ක අපි මෙච්චර දවසක් දැක්කේ නැති පැත්තක් දැක ගන්න හම්බුනා. ඒ තමයි මොන ක්‍රමයකින් හරි වෝර්ඩ් ව ඉවරයක් කරලා දාන්න. මේ තීරණය ගත්තාට පස්සේ කෝල්සන් අනුගමනය කරයි කියලා හිතාගන්නවත් බැරි තරම් දේවල් කරන්න එයා පසුබට වෙන්නේ නෑ. ඒ අතර කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කරන එක අමුතුම විදිහේ දෙයක් උණා.
03.Lines we should never cross
ශිල්ඩ් එක ලෝකයට නිරාවරණය උණත් නැතත් එකේ ප්‍රධානියා කියන්නේ වගකිව යුතු කෙනෙක්. එයාට බෑ හිතුමනාපයේ වැඩ කරන්න. හැබැයි කෝල්සන් ගේ අරමුණුත් එක්ක ඒක ගැලපෙන්නේ නෑ. ඒ හින්දා එයා තාවකාලිකව ශිල්ඩ් එකේ වැඩ බලන අධ්‍යක්ෂක විදිහට මැක් ව පත් කරනවා.
04. Five missing pieces
මුලින්ම අපි මොනොලිත් එක දකිද්දී එකේ තිබ්බ මේ සිදුරු මොනවාද කියලා ලොකු ගැටලුවක් උණා.
ඒ ගැටලුවට අපිට විසදුමක් හම්බුනා. මීට කලින් අවස්තාවක මොනොලිත් එකෙන් ඉවත් කරගත්ත කොටස් තමයි ඒ. මේ කොටස් 5 Hydra සංවිධානයේ ප්‍රධානින් අතරේ බෙදලා දීලා තිබිලා තියනවා. ගොඩක් වෙලාවට ප්‍රධාන මොනොලිත් එකට හානියක් උණොත් විකල්පයක් විදිහට යොදා ගන්න වෙන්න ඇති. අන්තිමේ දී මැලික්, වෝර්ඩ් ගේ උදව් ඇතිව මේ සේරම එක තැනකට එකතු කරගන්නවා. ඒ මාර්ගයෙන් එයා උත්සාහ කරන්නේ ආපහු පෝර්ටල් එක ක්‍රියාත්මක කරගන්න.
05. Blood Rush continues
මේ සතියේ ශිල්ඩ් කතාවට එක ඛේදජනක මරණයක් විතරක් මදි උණා. මේ වෙනකල් අපි බෑන්ක් දිහා බැලුවේ සතුරෙක් විදිහට. ඒත් රොසලින්ඩ් ගේ ඇත්ත තත්ත්වය හෙළි උනාට පස්සේ බෑන්ක් ගැන අපිට තරහා ගන්න කාරණයක් තිබ්බේ නෑ. එයා ගැන අපි සුභවාදීව බලන්න හදන කොටම එයාව කතාවෙන් ඉවර කරලා දානවා.
මේ සතියේ කොටස IMDB දර්ශකයේ 9.2 වගේ ඉහල අගයක් ගන්න හේතු උනේ මේ වගේ සිදුවීම්. මෙතන දී බෑන්ක් මැරෙනවා වගේම ෆිට්ස් සහ සිමන්ස් දෙන්නා Hydra ග්‍රහණයට අහුවෙනවා.
06. Simmons and Fitz
Hydra මඟින්, සිමන්ස් සහ ෆිට්ස් අල්ලා ගන්නේ මාවෙත් කියන ග්‍රහලෝකයට ගිහින් ආපහු ආවේ කොහොමද කියලා විස්තර හොයා ගන්න. අවශ්‍ය පිළිතුර ලබා ගන්න එයාලා ඕනම දෙයක් කරන්න ලෑස්තියි. සිමන්ස් ට වද දීලා මේ දේවල් ගන්න බැරිවෙනවා. හැබයි සිමන්ස් ගේ වේදනව ඉවසාගෙන ඉන්න බැරි තැන ෆිට්ස් මේකට උදව් කරන්න කැමති වෙනවා.
07. It is always about family
අපිට අවසාන මොහොත වෙනකල් කෝල්සන් කරන්න යන වැඩේ තේරුනේ නෑ. ඒ කණ්ඩායම පැහැරගෙන ආව කෙනා වෝර්ඩ් ගේ මල්ලි කියලා කිව්වට පස්සේ තමයි අපිට කතාව තේරෙන්නේ. වෝර්ඩ් එයාගේ මල්ලිට ගොඩක් ආදරෙයි. පොඩි කාලේ ගෙදර තිබ්බ වාතාවරනය, වැඩිමහල් සහෝදරයා ගේ බලපෑම සහ වෝර්ඩ් අතින් මල්ලිට සිදුවුන වැරැද්ද නිසා එයා හැම වෙලේම මල්ලිව ආරක්ෂා කරන්න උත්සහකරනවා. සරලව කිව්වොත් නවත්වන්න බැරි වෝර්ඩ් ගේ තියන එකම දුර්වල තාවය තමයි එයාගේ මල්ලි. කෝල්සන් මේ රහස යොදා ගන්නවා වෝර්ඩ් ව මෙල්ල කරන්න.
මෙතන අපේ යාළුවන්ට හරියට තේරුනාද දන්නේ නෑ. මේක ගොඩක් සුවිශේෂ තැනක්. වෝර්ඩ් ගේ එකම දුර්වලතාවය හෙළිවුණේ මෙතනින්. වෝර්ඩ් ට කෝල්සන් ගැන ටිකක් හරි විශ්වාසයක් තියා ගන්න පුළුවන්. ඒත් හන්ටර් තමන්ගේ මල්ලිගේ ඔළුවට පිස්තොලේ තියාගෙන ඉන්න වෙලාවේ නම් එයා ඇත්තටම අසරණ උණා. මොකද එයා දන්නවා හන්ටර් කියන්නේ මොන වගේ කෙනෙක් ද කියලා. ඒ හින්දාම හැම දෙයක් ගැනම හරියට හිතලා වැඩ කරන වෝර්ඩ් නොදැනුවත්ම ඉඩහරිනවා තමන් ඉන්න තැන හොයා ගන්න.
08. Mack the boss
ශිල්ඩ් එකේ ඩිරෙක්ටර් කම කවදාවත් සරල දෙයක් උනේ නෑ. ඔන්න ඒ බර මැක් ටත් තේරෙන්න පටන් අරගෙන.
09. It
මැලික් ගේ අරමුණ තියෙන්නේ පෝර්ටල් එක ක්‍රියාත්මක කරවන්න නේ. හැබයි එයාගේ අරමුණ කෙනෙක් ව ඒ පැත්තට යවන්න නෙවේ. මොකද ශතවර්ෂ ගණනක් තිස්සේ ඒ වැඩේ කරලා තියනවා නේ. ඒ අයගේ අරමුණ ඒ පැත්තේ ඉන්න සත්වයා මේ ලෝකෙට ගේන්න. ඒකටයි ඒ අයට සිමන්ස් ගේ හෝ ෆිට්ස් ගේ දැනුම ඕන වෙන්නේ. සිමන්ස් අකැමැති වෙන හින්දා ඒ ෆිට්ස් ගේ සහාය ගන්න ඒ අය දක්ෂ වෙනවා.
10. Secret Warriors
ශිල්ඩ් කතා මාලාවේ මේ සීසන් එකේ දී ප්‍රධාන තේමාව සික්‍රට් වොරියර්ස් කියලනේ තිබ්බේ. ඒත් අපිට මේ දක්වා ඒ අය එකට ඉන්නවා දකින්න හම්බුනේ නෑ. ඒකට බලපෑවා Andrew ගේ වැඩ පිළිවෙළ. ඔන්න අපිට පලවෙනි වතාවට මේ කට්ටිය එකට මෙහෙයුමකට යනවා දකින්න හම්බෙනවා. මෙතන හැබැයි ඉන්හියුමන්ස් ලා නම් ඉන්නේ තුන් දෙනයි. ඒ ඩේසි, ලින්කන් සහ ජෝයි තුන්දෙනා.
11. What was going on there?
අපි මේ දක්වා ශිල්ඩ් කතාවේ හොඳම කොටසට ඇවිත් නෑ. ලබන සතියේ මිඩ් සීසන් ෆිනාලේ එක ලොකු දෙයක් කරන්න අදහස් කරගෙන ඉන්නවා. මොකද මැලික්, වෝර්ඩ් ට කියනවා මාවෙත් වලට යන මෙහෙයුම් කණ්ඩායමට නායකත්වය දෙන්න කියලා. එතන දී එයා කියන්නේ එහා ලෝකෙට ගිහිල්ලා It ව හම්බෙන්න කියලා. ඒ කියන්නේ Hydra එකේ අයට අවබෝධයක් තියනවා මේ කවුද කියලා. ඒ අයගේ අරමුණ වෙන්නේ මේ පුද්ගලයා ආපහු ගෙන්වන එක.
14. Brave or Stupid
වෝර්ඩ්, පෝර්ටල් එක ඇතුලෙන් යනවා දකින කොල්සන් කරන්නේ ගුවන් යානයේ ඉදන් එකට පනින එක. මේක මේ දක්වා කෝල්සන් කරන නිර්භීතම වැඩේ. එහෙම නෙවේ නම් මෝඩම වැඩේ කියලා ත් කියන්න පුළුවන්.
15. Back in Maveth
පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකේ දී අපි දකිනවා කණ්ඩායම මාවෙත් වල ඇවිදින විදිහ. හැබැයි ඉහළ ඉදලා වැටුණු කෝල්සන් ට නම් සුභ දායි ආරම්භයක් නෙවේ එහෙ දී හම්බුනේ.
ලබන සතිය තමයි ශිල්ඩ් එකේ මිඩ් සීසන් ෆිනාලේ එක. මතක නේ සීසන් 2 වල මිඩ් සීසන් ෆිනාලේ එක. ශිල්ඩ් එක වෙනස් වෙන්න පටන් ගත්තේ ඒ කොටසේ ඉදන්. ඒ හින්දා අපිට බලාපොරොත්තු තියා ගන්න පුළුවන් ලබන සතියේ කතාවත් ලොකු දෙයක් වෙන කොටසක් කියලා. එහෙනම් ඒ කොටසත් එක්ක අපි ආයේ ඉක්මනටම හම්බෙමු.
attila_THE_hun
ලිපියට බොහෝම ස්තුතියි.
ReplyDeleteඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ReplyDeleteඔබලාට අයූ රක්කන්ත ආවඩා…
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු