Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

BvS Trailer #2 Breakdown

BvS Trailer #2 Breakdown
 Batman vs Superman : Dawn of Justice trailer #2 breakdown

ඔන්න අපේ යාළුවො බලාගෙන හිටපු,අපෙන් දිගින් දිගටම ඉල්ලපු BvS අලුත්ම ට්‍රේලර් එකේ බ්‍රේක්ඩවුන් එක අරගෙන අවා.. ට්‍රේලර් එක ආපු ගමන්ම ඔඑ ඇඩ්මින් මණ්ඩලය තීරණය කළා මේ සතියේදී ආපු අනෙක් දේවල් වලට අදාළ ලිපි දුන්නට පස්සේ මේ ලිපිය පේජ් එකේ දාන්නේ කියල.. මොකද මිට කලින් ආපු ට්‍රේලර්ස් හැම එකක්ම වගේම මේ ට්‍රේලර් ඒකත් අනිත් ඒවායේ අවධානය අඩු කරලා කැපී පෙනෙන ට්‍රේලර් එකක උන නිසා..

රිවිව් එක පටන් ගන්න කලින් මතක් කරන්න ඕනේ කලින් මේ ට්‍රේලර් එක බැලුවේ නැත්තම් තව පාරක් බලලා ඉන්න.. බලපු අයත් අඩුම ගානේ තුන් පාරක්වත් බලලා හිටියනම් හොඳයි..


මේ ට්‍රේලර් එකේ දර්ශන කාලය විනාඩි තුනක් විතර තමයි තියෙන්නේ.මුලින්ම පෙන්නන දර්ශනයේ පසුබිම අනුව හිතාගන්න පුළුවන් නගරයෙන් ටිකක් ඈත ප්‍රදේශයක ඉන්නේ කියල.. මොකද අපිට පෙනෙන පැත්තේ ඈතින් ගොඩනැගිලි වල දර්ශනයක් පෙන්න නෑ..ගොඩක් දුරට මේ ගෝතම් වල වෙන්නත් පුළුවන්.. මිනිස්සු රැස්වෙලා ඉන්න විදිහට හිතාගන්න පුළුවන් මොකක් හරි උත්සවයක් කියල. පොටෝ බුත් එකක් තිබුනත් ඉන්න පිරිසේ හැටියට සම්මාන උත්සවයකට වඩා මොකක් හරි දෙයක් අලුතෙන් හඳුන්වා දීමක් සඳහා පවත්වන දෙයක් වගේ..


ඒ වගේම මෙතන උත්සවය තියන ගොඩනැගිල්ලේ ඉදිරිපස විදුරු ටික දැක්කම හිතාගන්න පුළුවන් කලින් ට්‍රේලර් එකේදී (කොමික් කොන් ට්‍රේලර් එකේ 00.02.35) ඩයනා (වොන්ඩර් වුමන්) කාර් එකට නගිනකොට බ්රුස් බලාගෙන ඉන්නේ මෙතන ඉඳන් කියල.. ඒ කියන්නේ මෙතනට dc ට්‍රිනිටි එකම එනවා කියන එක..



00.00.10 දි ඔන්න බ්රුස් වේන් ටිකක් පරණ තාලේ කළු පාට පොඩි වාහනෙකින් මෙතනට එනවා.. පේන විදිහට නම් ඇස්ටන් මාටින් එකකින් තමයි මේ එන්නේ..බ්රුස් වේන් කොහොමත් කොමික් වලදීත් මිට සමාන වාහනයක් පාවිච්චි කරන්නේ.. එකම වෙනස තියෙන්නේ ඒ වාහනය මේකට වඩා තරමක් දිගෙන් වැඩි සහ රියදුරු අසුනේ ඉන්නේ අල්ෆ්රෙඩ්..



00.00.14 ටේලර් එකේ මුල්ම වතාවට ක්ලාර්ක් කෙන්ට් ව අපිට දකින්න ලැබෙන්නේ මෙතැනදී. ෆොටෝ බුත් එකේ තියෙන ලොගෝස් කිහිපය අතරෙන් ලෙක්ස් කොර්ප්ස් ලෝගෝ එක යාන්තමින් වගේ අපිට දැකගන්න පුළුවන්..උත්සවය ආවරණය කරන්න පත්තර වාර්තාකාරයෙක් විදිහට ක්ලාර්ක් එනවා.. ජනප්‍රිය පුද්ගලයෙක් නිසා සහ ලෙක්ස් කොර්ප් වල ප්‍රතිවාදී සමාගමක අයිතිකාරයා හැටියට බ්රුස් වේන් මෙතනට සහභාගී වෙනවා.. තවමත් හිතාගන්න බැරි ඩයනා ප්‍රින්සස් මෙතනට එන්නේ මොකටද සහ මොනවා වෙනුවෙන්ද කියල..



00.00.26 ක්ලාර්ක් සහ බ්රුස් ගේ ප්‍රථම හමුවීම.. බැට්මෑන් ගැන බ්රුස්ගෙන් ම අහපුවාම දාන හිනාව නම් පට්ට.. එතනදී දෙන්න අතර ටිකක උණුසුම් සංවාදයක් තමයි ඇදිලා යන්නේ.. මේ අතරේදී අපි කලින් දැකපු දර්ශන වගයක් සහ අලුත්ම දර්ශන කිහිපයකුත් දකින්න ලැබෙනවා..



00.00.44 දි අපිට මෙට්‍රොපොලිස් වල සුපර්මෑන් පිළිමේ හදල තියෙන හේතුව පැහැදිලි කරලා දෙනවා.. සොඩ් එක්ක සටන් කරලා නගරය/ලෝකය බේරගත්ත එකට උපහාරයක් වශයෙන් සහ ඒ සිදුවීමෙන් මියගිය අයව සිහි කරන්න ස්මාරකයක් විදිහට මේක හදල තියෙන බවක් තමයි පෙන්න තියෙන්නේ.. ඔතන රෝද පුටුවක ඉන්න කකුල් දෙක නැති කෙනාම තමයි සෙට් පොටෝස් වලදී කොළ පාට විශේෂ ආවරණයක් දාගෙන ඉන්නේ.. කතාවට තියෙන සම්බන්ධය මොකක්ද කියල නම් තවම හරි අදහසක් නෑ..


දැන් ඔන්න අවධානය යොමු කරන්නම් මේ දෙන්න කතා කරන දේවල් ගැන. ක්ලාර්ක් බ්රුස් ගෙන් අහන්නේ බැට්මෑන් ගැන අරණ අදහස මොකක්ද කියල.එතැනදී එයා එකතු කරනවා ගෝතම් නගරයේ මිනිස්සු භයෙන් ඉන්නේ නිතිය අතට ගත්ත මේ පුද්ගලයා හින්දා කියල..
බ්රුස් එතකොට මතක් කරලා දෙනවා ඩේලි ප්ලනට් එකෙන් ලෝකෙම විනාස කරන්න තරම් බලයක් තියෙන කෙනෙක් කරන පොඩි වැඩක් පවා පුම්බල පෙන්නනවා කියල.. මෙතැනදී ජෝකර් ගැනත් සඳහනක් කරනවා..
ඔතනදි පොඩි ප්‍රශ්නයක් එනවා මොකද බ්රුස් වේන් ජෝකර් සමග සහ විශේෂයෙන්ම ජේසන් ටොඩ් සමග ඇතිවෙච්ච දේවල් නිසා ටික කාලෙකට බැට්මෑන් මැන්ටල් එකෙන් අයින් වෙලා ඉන්නේ කියල තමයි අපිට කරුණු ලැබුනේ.. ඒ උනත් මෙතැනදී ඇතිවෙන කතාබහ නිසා තේරෙනවා මේ කාලය වෙනකොට ගෝතම් වල බැට්මෑන් කෙනෙක් ඉන්නවා කියලා.. ඒ ඉන්නේ වෙන කෙනෙක්ද එහෙමත් නැත්තම් මෙට්‍රොපොලිස් වලදී සිද්ධ වෙන දේවල් වලින් පස්සේ ගෝතම් වලට ඇවිත් ආපහු බැට්මෑන් වෙනවද කියන්නත් දන්නේ නෑ හැබැයි..මෙතන බ්රුස් ඇඳන් ඉන්න ඇඳුමට සමාන ඇඳුමක් තමයි බැට්කේව් එක අතුලේදීත් ඇඳන් ඉන්නේ..



00.01.11 සුපි සහ බැට්සි තරම් ම මේ චිත්‍රපටයේදී ලොකු භූමිකාවක් කරන ලෙක්ස් ව පෙන්නන්නේ මුලින්ම මෙතැනදී.. අපිට කොමික් වල දකින්න ලැබෙන තරමක් ආඩම්බරකාරී ලෙක්ස් කෙනෙක්ව නම් නෙමෙයි වගේ දැකගන්න ලැබෙන්නේ.. මෙතැනදී වෙන කතාබහෙන් තේරෙනවා ලෙක්ස් බ්රුස් සහ ක්ලාර්ක් ගැන දන්නවා කියල..එත් පේන හැටියට ක්ලාර්ක් එච්චර ලෙක්ස් ගැන දන්නේ නෑ වගේ.. මේ සිදුවීමේදී හිතෙනවා සමහරවිට ලෙක්ස් බ්රුස් සහ ක්ලාර්ක් ගේ නියම ස්වරුපය දන්නවා වත්ද කියල..



00.01.37 - අල්ෆෙර්ඩ් කතා කරන තැන ඉඳන් අපිට පෙන්නන්නේ මෙට්‍රොපොලිස් ගැටුමේදී වෙන දර්ශන ටිකක්.. මෙතැනදී බ්රුස් ටිකක් දරුණු විදිහට තමයි වචන පාවිච්චි කරන්නේ.. ගොඩක් වෙලාවට මේ කියන්නේ සුපි ගැන වෙන්න ඕනේ..



00 .01.43 ඉඳන් අපිට පෙන්වන්නේ සුපි සහ බැට්සි අතර වෙන සටන.. බැට්සි ගේ ආමර් එක නිසා සටන් කරන්න අපහසුවක් තියෙන බවක් පෙනෙන්න නෑ..මොකද හුස්ම ගනිද්දීත් ආමර් එක ගැස්සෙනවා පේනවා.. ඒ කියන්නේ ගොඩක් නම්‍යශීලී බොඩි ආමර් එකක් තමයි පාවිච්චි කරන්නේ.. හොඳින් බැලුවොත් ආමර් එකේ අත් දෙක හරියෙන් සාමන්‍ය බැට්සුට් එකේ කොටස් පෙන්න තියෙනවා.. ඒ වගේම අපිට පෙන්නනවා බැට්වින්ග් එකෙන් වෙඩි තියන්නේ කාටද කියලත්..


එත් 00.01.53 දි සුපි ට වෙඩි තියන්නේ කොහොමද කියල නම් කියන්න අමාරුයි,මොකද එතන ස්ථානය අනුව හිතා ගන්න පුළුවන් සටන පටන් ගන්න තැන එහෙමත් නැත්තම් කලින් ට්‍රේලර් එකේදී ඩු යු බ්ලිඩ්..? යු විල්.. කියල කියන තැන කියල..



00.01.57 දි අපිට ලෙක්ස් සහ ලොයිස් දෙන්නව පෙන්නන එකෙන් හිතා ගන්න පුළුවන් සුපිව සටනට පොළඹවන්න ලෙක්ස් ගොඩක් දේවල් කරන බවක්.. මෙතැනදී ම තමයි කලින් ට්‍රේලර් එකේදී සුපි සහ ලොයිස් දෙන්න කතා කරන්නේ,ගුඩ් ලක් කිස් එකක් දෙන්නෙත් සහ සුපි ලෙක්ස් ඉස්සරහ දනගහගෙන ඉන්නෙත්.. සුපර්මෑන් කියන්නේ හැම ප්‍රශ්නෙටම බෙල්ල මිරිකලා විසඳුම් දෙන කෙනෙක් නෙමෙයි කියල ආපහු පාරක් මතක් කරන්න කැමති.. අනික කලින් ලෙක්ස් කියනවා ගෝතම් වල බැට්සි සහ ක්රිප්ටන් වල සුපි අතර ඉතිහාසයේ ලොකුම ග්ලැඩියෙටර් සටන පටන් ගන්න යන්නේ කියල.. සටන ක්‍රියාත්මක කරවන්නේ ලෙක්ස් කියල නොකියා කියනවා..



00.02.07 දි ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් ආව මේ පෙන්නන්නේ ඩාර්ක්සයිඩ් ගේ  පැරාඩීමන්ස් ආමි එකද කියල.. මෙතන වෙන්නේ මොකක්ද කියලත් ගොඩාක් අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.. ඒ විතරක් නෙමෙයි මේ දේ ගැන ඉන්ටර්නෙට් එකේ කොහෙත්ම ගැලපෙන්නේ නැති තියරිස් ඕනේ තරම් තියෙනවා..
මේ ගැන තියෙන ලොකුම පැහැදිලි කිරීම සහ මගෙත් තියෙන අදහස තමයි මේ දර්ශනය හීනයක් කියල.. ඒ ගැන හිතාගන්න තියෙන ලොකුම හෝඩුවාව තමයි NYCC එකේදී BvS ඇක්ෂන් ෆිගර්ස් එළිදක්වපු වෙලාවේදී ඔතනදි batman පාවිච්චි කරන ඇඳුම නම් කරලා තිබුන විදිහ.. ඔය ඇඳුමට මුලාශ්‍ර අරගෙන තියෙන්නේ ගෝතම් බයි ගෑස්ලයිට් සහ සීරෝ ඉයර් කතාවලදී තියෙන ඇඳුම් දෙකෙන්.. ඔය කතා දෙකම batman ගේ නපුරු හීනයක් වගේ නිසාම මේ අන්දුමටත් නම දාල තියෙන්නේ Nightmare Batman කියල..
සුපර්මෑන් ගේ පවර්ස් නිසා ලෝකෙට වෙන්න පුලුවන් දෙයක් ගැන batman දකින හීනයක් කියල ඒ නිසා අපිට උපකල්පනය කරන්න පුළුවන්.. අනික තමයි මෙතන ඉන්නේ පැරාඩීමන්ස් සෙබළු නම් නෙමෙයි. ඩාර්ක්සයිඩ් ගැන පොඩි ඉඟියක් දෙන්න තමයි ඔය සිදුවීම යොදාගෙන තියෙන්නේ.. පැරාඩීමන්ස් ලා ඔයිට වඩා ලොකුයි සහ පාට වෙනස්.. මට හිතෙන විදිහට නම් මේ සුපි ගේ (සුපර්?) සොල්ජර්ස්ලා එක්ක සටන් කරන්න එන ආමි එකක්.. ගොඩක් දුරට batman ගේ ආමි එකක් වෙන්න පුළුවන්..ඉක්මනටම ඒ කොටස ඉවර වෙන නිසා හරියටම කියන්නත් අමාරුයි..



00.02.04 දි සුපි බැට්සි ට කියනවා පරාජය බාර ගන්න,මට ඔයාව මරන්න උවමනාවක් නෑ කියල.. කොමික් වලදී සුපි කියන්නේ සටන් වලදී තමන්ගේ සම්පුර්ණ ශක්තියම යොදවන්න අකමැති කෙනෙක්.. මෑන් ඔෆ් ස්ටීල් එකේදී වෙන විනාශයෙන් පස්සේ මෙහෙම හැසිරෙන එක පුදුමයක් නෙමෙයි.. ඔන්න ඔය හේතුව ගොඩක් දෙනෙක්ට මෑන් ඔෆ් ස්ටීල් එකේදී තේරුනේ නෑ..
අනික "This time you'll learn what it meens to be human" කියල කියන එකෙන් අපිට පොඩි ඉඟියක් දෙනවා batman මේ සටනේදී ක්‍රිප්ටොනයිට් පාවිච්චි කරනවා කියලා..



00.02.07 දි ආපහු අපිට ලෙක්ස් ගේ සහයිකාව (නම මතක නෑ ඕයි :3 ) සොඩ් ගේ මෘතශරීරය අරගෙන එනවා.. මේ පරීක්ෂණය පෞද්ගලිකවම ලෙක්ස් මෙහෙයවන බවක් තමයි පෙන්න තියෙන්නේ.. මෙතනදීත් ලෙක්ස් හැසිරෙන විදිහ දැක්කම ටිකක් සැකයක් එනවා කොමික් වල ඉන්න ගාම්භීර ලෙක්ස් ව අපිට දැකගන්න ලැබෙන්නේ නැද්ද කියල.. එත් සමහරවිට හිසකෙස් නැති ලෙක්ස්,මේ ලෙක්ස් ට වඩා ගොඩක් වෙනස් වෙයි..


if man won't kill God.. Then devil will do it! කියලා 00.02.14 දි කියන තැන ලෙක්ස් ට පිටිපස්සෙන් ඉන්නේ සුපි.. ඒ මොකද,කොහොමද කියල නම් හරි අදහසක් නෑ..



එතනින් පස්සේ අපිට පෙන්වන්නේ ඩුම්ස්ඩේ ව නිර්මාණය කරන අවස්ථාව කියල හිතන්න පුළුවන් දර්ශනයක්..පොඩි සැකයක් තියෙනවා එක පාරක් විනාශ කරන  ඩුම්ස්ඩේ එයාගේ හීලින් ෆැක්ටර් එක නිසා ආපහු පණ එන අවස්ථාවක්ද කියලත්..



00.02.21 දි අපිට BvS වල දකින්න ලැබෙන අනිත් විශේෂම චරිතය දකින්න ලැබෙනවා.. සමහර අය හිතන් හිටියට මේකෙදි අපිට දකින්න ලැබෙන්නේ බිසාරෝ,කින්ග් ශාර්ක්,ආර්මර් ඒකත් එක්ක ලෙක්ස් වගේ කෙනෙක් ව කියල උනත් ගොඩක් දෙනා හිතන් හිටපු විදිහටම මේ ඉන්නේ  ඩුම්ස්ඩේ..
 ඩුම්ස්ඩේ ගේ මේ පෙනුම ගැන ගොඩක් අයට ලොකු ගැටළුවක් තියෙනවා.. එත්  ඩුම්ස්ඩේ ගැන හරියට දන්න අයට නම් මේක එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
 ඩුම්ස්ඩේ කියන්නේ ක්රිප්ටන් වල ජිවත් වෙච්ච ආදිවාසියෙක් වගේ චරිතයක්.. ක්රිප්ටන් වල ආරම්භක අවදියේ ඉඳන්ම වගේ ඉන්න දරුණු කෙනෙක්..ගොඩ කාලයක් ෆැන්ටම් සෝන් එකෙත් හිර වෙලා ඉන්නවා..  ඩුම්ස්ඩේ ගේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි එයා දක්වන ප්‍රතිරෝධී පරිණාමය..  ඩුම්ස්ඩේ ට ඉතාමත් ඉක්මනින් සුව වීමේ හැකියාවක් තියෙනවා වගේම එයාව තාවකාලිකව මරණ විදිහකින් ආපහු පාරක් මරන්න බෑ.. ලේ බින්දුවක් විතරක් ඉතුරු උනත් ආපහු පණ එනවා.. ඒ නිසා මරන්න බැරි චරිතයක් වගේම සුපර්මෑන් ව මරණ චරිතයක් විදිහට තමයි  ඩුම්ස්ඩේව හඳුන්වන්නේ.. ඉන්ජස්ටිස් වලදී කියනවා මතක ඇති සුපි භය  ඩුම්ස්ඩේ ට විතරයි කියල..
ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ තියෙන්නේ  ඩුම්ස්ඩේගේ එක ආරම්භක ස්වරුපයක් විතරයි.. සමහරවිට මේ සටන තුලදීම අපිට හුරු පුරුදු පෙනුම ගන්නත් ඉඩ තියෙනවා..
අපිට පැහැදිලියි සොඩ් ව තමයි මේකෙදි  ඩුම්ස්ඩේ විදිහට නිර්මාණය කරන්නේ කියල.. හොඳින් බැලුවොත් සොඩ් ගේ මුහුණේ තිබුන කැලලත් දැකගන්න පුළුවන් යාන්තමට.. මේ දේ වැරද්දක් නම් මම දකින්නේ නෑ.සොඩ් ව  ඩුම්ස්ඩේ විදිහට වෙනස් කරන්නේ ගොඩක් දුරට මෑන් ඔෆ් ස්ටීල් වලදී තියෙන ක්රිප්ටෝන් වල ජාන සහ මතක ගබඩා කරලා තියෙන දෙයින් වෙන්නත් පුළුවන්..සමහරවිට ඒ ජාන සහ මතකයන් අතරේ ඩුම්ස්ඩේ ගේ ජාන/මතක තියෙන්න පුළුවන්..

දැන් කට්ටිය අලුතෙන්ම ගේන කතාවක් තමයි මේ ඉන්නේ ඩුම්ස්ඩේ නෙමේ ව්රැත් කියල.. ව්රැත් ටත් ලේසර් බිම්ස් යවන්න පුළුවන් සහ වොන්ඩර් වුමන් සමගත් සම්බන්ධ වෙනවා.. ඒ උනත් ඒ අයට අමතක වෙලා තියෙන දේ තමයි සොඩ් ව අරගන්නේ මොකටද කියල..

00.02.34 දි අපිට වොන්ඩර් වුමන් මේ සටනට සහබාගි වෙන විදිහ ගැන පෙන්වනවා.. කතාවක් තිබුනා සුපි,බැට්සි සහ වොන්ඩර් වුමන් කියන චරිත තුන විදිහට මේ අය මුලින්ම පෙනී හිටපු වෙලාවේ සෙට් එකේ හිටපු හැමෝටම වගේ කඳුළු ආවා කියල.. ගොඩක් දුරට මේ තුන්දෙනාම අවුරුදු 75 ක DC කොමික් ඉතිහාසයේදී ප්‍රථම වතාවට රිදී තිරයේදී එකට පෙනී හිටින අවස්ථාව මේක වෙන්න ඕනේ..



තව දෙයක් තමයි මේ ට්‍රේලර් එකේදී ටිකක් හාස්‍යමය රසයක් මතු කරලා තියෙනවා..වොන්ඩර් වුමන් ගැන සුපි සහ බැට්සි අතර යන දෙබසත් පොඩ්ඩක් හාස්‍යය මුසුවෙලා තමයි තියෙන්නේ.. dc චිත්‍රපට ගැන ගොඩක් අය කරපු චෝදනාවක් ඉස්සරහදි පාවිච්චි කරන්න බැරිවෙයි කියල තමයි මේ මතක් කරන්නේ..


00.02.47 කියන්නේ කොමික් රසිකයන්ගේ දීර්ඝ කාලින බලාපොරොත්තුවක් ඉෂ්ට වෙච්ච අවස්ථාවක් කියල කිව්වොත් මම හිතන්නේ හරි. ට්‍රේලර් එක කේක් එකක් නම් සරසිල්ලේ උඩම තියන චෙරි ගෙඩිය වගේ රසවත් දර්ශනයක් තමයි මේක..
ගොඩක් අයට තියෙන තවත් ගැටළුවක් තමයි batman යම්කිසි ගන් එකක් පාවිච්චි කරන එක. ඒ අයට මුලින්ම මතක් කරන්න ඕනේ batman ගාව හැමවෙලාවෙම  ග්‍රැපනල් ගන් එක තියෙන බව.. ඒ වගේම නොයෙකුත් අවස්ථා වලදී විවිධ විවිධ ගන්ස් පාවිච්චි කරලා තියෙනවා.. හරියට ඩාර්ක් නයිට් වලදී ප්ලාස්ටික් එක්ස්ප්ලෝසිව් ශුටර් එක සහ රයිසිස් වලදී ඉලෙක්ට්‍රෝ මැග්නටික් පල්ස් ගන් එක සහ ඩාර්ක් නයිට් රිටන්ස් එකේදී භාවිතා කරපු ස්නයිපර් එක.. මෙතැනදී මතක් කරන්න ඕනේ මේ ගොඩක් ඒවායේ තියෙන්නේ ජීව උණ්ඩ නෙමේ,වෙනත් දේවල් කියල.. ඒ උනත් බැට්වින්ග් එක සහ බැට්මොබයිල් එක නම් එහෙම නෑ කියලත් මතක් කරන්න ඕනේ..


00.02.52.ටිසර් එකේදී වගේම මේකෙදිත් අපිට බිල් ෆින්ගර් ගේ නම දැකගන්න ලැබෙනවා.. ටිසර් එකේ ඉඳන් ඉස්සරහ එන batman ඇතුලත් හැම දෙකටම බොබ් කේන් ගේ නමත් එක්ක බිල් ෆින්ගර් ගේ නමත් අපිට දැකගන්න ලැබෙනවා..

*************************************************************************

මම හිතනවා ට්‍රේලර් එකේ තියෙන විශේෂ දේවල් සේරම වගේ සඳහන් කළා කියල.. අතපසු වෙච්ච දෙයක් හරි එකඟ නැති දෙයක් හරි තියෙනවා නම් අමතක නොකර දැනුවත් කරන්න..
#BatmanVsSuperman #DawnOfJustice #BvS_Trailer_breakdown

#ClownPrinceOfCrime

3 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න