Marvel Comics කියවන, කියවපු ඔයාලට නම් Infinity Gems ගැන හොඳට මතක ඇති. විශ්වයේම පාලනය තමන් යටතට ගන්න තියෙන එක හොඳම විදියක් තමයි මේ ප්‍රබලම Infinity Gems 6 තමන් සතු කරගන්න එක. කලින් අපි දාපු Thanos ගැන ලිපි පෙළේත් Infinity Gems ගැන සඳහන් වුණා. ඒ නිසාමත් ගොඩක් දෙනෙක් Infinity Gems ගැන විස්තර කරන්න කියලා ඉල්ලපු නිසාත් පුළුවන් තරම් ඉක්මනට ඔන්න මං Infinity Gems ගැන විස්තරයක් ගෙනාවා. මුලින්ම අපි මේ Infinity Gems කියන්නෙ මොනවද කියලා දැනගෙන ඉමු.
Infinity Gemsවල මුල්ම Gem එක වන්නේ High Evolutionary විසින් Adam Warlockට ලබා දුන් Soul Gem එකයි. පළමුවෙන්ම මේ Infinity Gems 6ම එකවර භාවිතයට ගනු ලැබුවේ Thanos විසිනුයි. Thanosගේ උවමනාව වූයේ මුළු තාරකා සහ ග්‍රහලෝක සමූහයම විනාශ කිරීමටයි. නමුත් ඔහුව Avengersලා, Adam Warlock සහ Captain Marvel විසින් නවතනු ලබනවා. Thanosට අමතරව මෙලෙස Infinity Gems 6 එකවර භාවිතා කරනු ලබන්නේ විශ්වයේ වැඩිහිටියන් සමූහය වන Elders of the Universe එකේ පිරිස විසිනුයි. මොවුන් තමයි මේ බලගතුම Infinity Gems 6හි මුල් අයිතිකරුවන් වන්නේ. ඔවුන් Galactusගේ විනාශය නැවැත්වීම සඳහා කිසියම් යන්ත්‍රයකට මේ Gems 6 සවිකර Galactus විසින් යොමු කරන ජීව බල කදම්භයන් ජීවී ග්‍රහලෝක වලින් ඉවතට ප්‍රක්ශේපණය කරමින් ජීවය රහිත ග්‍රහලෝකවලට ජීවය ලබාදීමට කටයුතු කරනවා. කොහොම නමුත් මේ ක්‍රියාවලියට Silver Surfer විසින් බාධා කිරීම නිසා යන්ත්‍රය විනාශ වී මේ Gems 6 black hole එකක සිරවනවා.
Thanosගේ යළි පුනරුත්ථානයෙන් පසු ඔහු ප්‍රබලම Infinity Gems 6 සොයන්නට පටන් ගන්නවා. ඒ සෙවීම අතරතුරේදී ඔහු මේ Infinity Gems කියන්නේ විශ්වයේ මූලාරම්භයේදී කුඩා කොටස්වලට කැඩී ගිය ප්‍රභවයන් බව යැයි සොයාගන්නවා. ඒවා කාලාන්තරයත් සමඟ බලයන්ගෙන් ආරෝපණය වෙලා දැනට විශ්වයේ තිබෙන්නා වූ බලගතුම දේවල් බවට පත්ව තිබෙන බවත් ඔහු සොයාගන්නවා. මේ බලයන් වන්නේ power(බලශක්තිය), space(අභ්‍යවකාශය), time(කාලය), mind(මනස), soul(ආත්මය) සහ reality(යථාර්ථය) යන්නයි.
දැන් අපි පලමු Infinity Gem එක ගැන කරුණු සොයා බලමු.
01 - Power Gem
රතු පැහැති Power Gem එක මඟින් එහි වර්තමාන අයිතිකරුවාට විශ්වයේ තිබෙන්නාවූ මුළු ශක්තියම සහ බලය හෝ ඊටත් වැඩි අප්‍රමාණ ගක්තියක් සහ බලයක් ලැබෙන අතර කෙනෙක් Gems තමන් සතු නම් ඒවායේ උපරිම ශක්තිය සහ බලයටත් වඩා උපරිම ශක්තියක් සහ බලයක් ලැබෙන සේ ක්‍රියා කරන්නටත් පුළුවන්. ඒ කියන්නෙ මේ Gem එක හරියට අසීමාන්තික බල සැපයුමක්(unlimited power supply) වගේයි ක්‍රියා කරන්නේ. Gem එකේ හිමිකරුට තමන් සතුව බලයක් තිබේ නම් එය පරාජය කළ නොහැකි තත්වයක් දක්වාම වැඩි දියුණු කරගන්නටත් මෙම Power Gem එක මගින් හැකියාව තිබෙනවා.
මෙම Power Gem එක 1972 අප්‍රේල් මාසයේදී එළිදැක්වුණු Marvel Premiere #1 එකේදි හඳුන්වාදුන් අතර එහි මුල් අයිතිකරුවා වන්නේ The Championයි. ඔහුගෙන් පසුව Thanos මෙම Gem එක ලබාගන්නා අතරම Namor, The Hood, Reed Richards, Drax the Destroyer, Champion, Galactus, Nebula, Adam Warlock, Titania, Red Hulk, She-Hulk යන අය හිමිකාරීත්වය දරා තිබෙනවා. එමෙන්ම Power Gem එක 2013 අප්‍රේල් මාසයේදී එළිදැක්වුණු New Avengers Vol 3 #3 දී විනාශ කරනු ලබනවා.
to be continued...
#SmAsHeR

Thanx සහො..සුපිරි...ithiri kotahath ikmntama demu...
ReplyDeleteඑලම
ReplyDeleteඑලම
ReplyDelete