Animated series එහෙමත් නැත්තම් අපේ අයියල කියන විදිහට කාටුන් එකක් වෙන Young Justice කියන්නේ කොමික් වලට ආස, ආස නැති ඕනම කෙනෙක්ට කිසි කරදරයක් නැතුව බලන්න පුළුවන් සීරිස් එකක්. අපේ අවාසනාවකට YJ සීසන්ස් දෙකකින් කැන්සල් උනත් තවත් කොහෙන්දෝ වාසනාවක් පෑදිලා අලුත් 3න් වෙනි සීසන් එහෙක production දැනටමත් ආරම්භ වෙලා කියලයි කියන්නේ. තුන් වෙනි සීසන් එක නම් කරලා තියෙන්නේ Young Justice : Outsiders කියලා. කලින් සීසන් දෙක හුගක් සාර්ථක උනේ එකේ තිබ්බ Mature ගතිය, වෙන වචන වලින් කියනවනම් මල් කතා සින් නැති නිසා. ඒ හින්ද ඊලග සීසන් එකෙත් ඒ ගතිය එහෙම්ම තියෙයි කියල ප්රාර්ථනා කරමු.
මන් දැනට මතක් කරන්න යන්නේ මේ අමතක නොවන කතාවේ අමතක නොවෙන අවස්ථා 5ක් ගැන.මතක තියාගන්න මේක මගේ පෞද්ගලික මතය විතරයි.
- Shrine of the Fallen
Season 1 එකෙන් 2 එකට එනකොට 5 year jump එකක් තියෙනවා. මේ කාලය ඇතුලේදී මියගිය විරුවන්ගේ සොහොන කිව්වොත් නිවැරදියි. සොහොනක්ම නෙමේ උනත් මිය ගිය විරුවන්ගේ holographs වලින් හැදිච්ච තැනක් මේක. Artemis,Tula වගේ සීරිස් එකට canon අය විතරක් නෙමේ සීරිස් එකේදී දැක ගන්න නොලැබිච්ච Ted Kord (කලින් Blue Beetle) වගේම අවුරුදු පහේ ස්කිප් එක අතුලේදී මැරුණු ජේසන් ටොඩ්ගේ (පස්සේ කාලෙක Red Hood) පින්තුරෙකුත් බලාගන්න පුළුවන්. ලොකු රෙඩ් හුඩ් ෆෑන් කෙනෙක් නිසාමද මන්ද මේක මගේ කැමතිම දර්ශනයක් මුළු සීරිස් එකෙන්ම. මේක පහලින් තියෙන අවස්ථා 5ට අමතරව තියෙන තවත් වැදගත් අවස්ථාවක්.
- 05) Aqualad betraying his friends. - පාවා දීම.
Aqualad කියන්නේ YJ බලන අය හුගක් කැමති තවත් චරිතයක්. Tulaගේ මරණින් පස්සේ තමන්ගේ තාත්තා (Black Manta) යටතේ aqualad වැඩ කරනවා කියල season 2 එකේදී පෙන්නනවා, ඒත් ඕක හුගක් උන් විස්වාස කරන්නේ නැහැ, ඒ හින්දමද කොහෙද Aqualad ආටිමිස්ව මැරුවම ඒක ෆෑන්සලට හුගක් තදින් දැනෙන්නේ. ඒ වගේම සතුටක් දැනෙන්නේ ඒක බොරුවක් කියල දැනගත්තම. ආයෙත් ඒ වගේම දුකක් දැනෙන්නේ Miss Martian, Aqualadව mind rape කරලා මනස විනාශ කරහම. සමහර විට YJ එකේ ගතියත් මේකම වෙන්න ඇති, YJ creatorsල අපේ emotions එක්ක සෙල්ලම් කරන්නේ සෙල්ලන් බඩු වගේ.
- 04) Not Sidekicks Anymore - පුංචි උසස්වීමක්..
Season 2 finale එකේ අන්තිමේදි Batman කියනවා, කණ්ඩායම Watchtower එකෙන් පිටත තමන්ගේ මෙහෙයුම් කටයුතු කරන්න සුදානම් කියල. ඒ වගේම Justice League එකත් එක්ක එකට වැඩ කරන්න සුදානම් කියල."The team will now operate out of the watchtower, Side by side with the Justice league. Not because mount justice was destroyed but because you earned it. " මේක show එකේ finale එකට හොදට ගැලපෙනවා මොකද පලවෙනි episode එකේ ඉදලම මෙයාලගෙ ටාගට් එක උනේ justice league එකේ මෙම්බර්ස්ලා වෙන එක වගේම එයාලව sidekicksලට වගේ සලකන එක නවත්තන එක. කොහොමහරි අවසානයේ මෙයාල league එකේ මෙම්බර්ස්ලා වෙනවා විතරක් නෙවේ එයාලගෙ respect එකත් ලබා ගන්නවා.
- 03) Speedy, Red Arrow and Arsenal - රෙඩ් ඇරෝගේ චරිතය
- 02) Partnership between Savage and Lord Darkseid - සැවේජ්ගේ සහ ඩාක්සයිඩ්ගේ පාට්නශිප් එක
Animated series එහෙක දැකපු සුපිරිම ගේමක් ගහල (heroes, villains හැම එකාවම කොටවල) අන්තිමට War World එකේ පාලනයත් අරගෙන අන්තිමට පොර ගිහින් ඩාක්සයිඩ් එක්ක shake hand කරන සින් එක මම කැමතිම තැනක්. සීසන් 2 එක ඉවර වෙන්නේ මෙතනින්.සීරිස් එක කැන්සල් වෙච්ච එකෙන් උනේ මේ සින් එකේ වටිනාකම තවත් වැඩි උන එක. පෘථිවියේ ඉන්න කපටිම විලන් කෙනෙක් මුලු විශ්වයේම ඉන්න කපටිම හා දරුණුතම විලන් කෙනෙක් එක්ක එකතු වෙච්ච එක පෘතුවියේ ඉන්න heroesලට තියා villainsලටවත් හොද නිව්ස් එකක් කියල මන් හිතන් නෑ. අලුතෙන් එන YJ S03 එකෙන් මේක බලාගන්න පුළුවන් වෙයි.
- 01) Death of Wally - වොලීගෙ මරණය
අනිවාර්යෙන් මේ ලිස්ට් එකේ පළමු තැන හිමි වෙන්නේ මේකට. Superhero කෙනෙක් උනත් හුගක් මානුෂිය ලක්ෂන පෙන්නපු චරිතයක් තමා වොලී වෙස්ට් නොහොත් Kid Flash. සීරිස් එක අන්තිමේ ෆ්ලෑෂ්ල තුන් දෙනා තමන්ගේ kinetic energy එක පාවිචිචි කරලා ලෝකය බේර ගන්නවා, ඒත් Impulseගේ හෝ Flashගේ තරම් ස්පීඩ් එකක් වොලීට නැති නිසා වොලිව speedforce එකේ හිරවෙනවා. එතන අන්තිමට artemis 'where is wally?' කියල අහන තැනදී වෙන්න ඕන මට animated series එහෙක වැඩිම දුකක් දැනිච්ච තැන.
Young Justice බලපු කට්ටිය මොකද හිතන්නේ? මේකේ වෙනස් වෙන්න ඕනේ කරන තැන් තියෙනවද? ඒවා ටික එහෙනම් කමෙන්ට් කරන් යන්න.. YJ බලපු නැති සෙට් එක නම් මේක කියව කියව මොනා කරනවද කියල හිත ගන්න බැරි උනත් Young Justice අනිවා බලන්න කියල පුංචි ඔවදනක් දෙනවා. ඒ වගේම කමන්ට් එකක් දාල පුංචි සැප එකක් දෙන්නත් අමතක කරන්න එපා.
Young Justice බලපු කට්ටිය මොකද හිතන්නේ? මේකේ වෙනස් වෙන්න ඕනේ කරන තැන් තියෙනවද? ඒවා ටික එහෙනම් කමෙන්ට් කරන් යන්න.. YJ බලපු නැති සෙට් එක නම් මේක කියව කියව මොනා කරනවද කියල හිත ගන්න බැරි උනත් Young Justice අනිවා බලන්න කියල පුංචි ඔවදනක් දෙනවා. ඒ වගේම කමන්ට් එකක් දාල පුංචි සැප එකක් දෙන්නත් අමතක කරන්න එපා.
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න