Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

The Dark Trinity - Red Hood and The Outlaws (Rebirth) - DC

The Dark Trinity - Red Hood and The Outlaws (Rebirth) - DC


හැමෝම ට්‍රිනිටි එක ගැන අහල ඇතිනේ? DC වල ට්‍රිනිටි එක කියල හදුන්වන්නේ Batman ,Superman සහ Wonder Woman තුන් දෙනාට. කොමික්වල iconicම, එහෙමත් නැතිනම් වැදගත්ම චරිත තුන විදිහට මේ තිදෙනාව හදුන්වන්න පුළුවන්. Batman vs Superman ෆිල්ම් එකේදී අපිට ප්‍රථම වතාවට රිදී තිරයෙන් ට්‍රිනිටි එක දැක ගන්න ලැබුන කියල මතක ඇතිනේ?
අද මම කියන්න බැලුවේ ටිකක් වෙනස් ට්‍රිනිටි එකක් ගැන.. කලින් ට්‍රිනිටි එක තරම් iconic නැති උනත් මේ කණ්ඩායම හුගක් වැදගත් මට හිතෙන විදිහට. මේ කණ්ඩායමේ ඉන්නවා ඔරිජිනල් ට්‍රිනිටි එකේ සාමාජිකයන් තුන් දෙනාට හරියනම තුන් දෙනෙක්. 


Red Hood - Jason Todd (Batman)
Artemis (Wonder Woman)
Bizarro (Superman)

 ඒ කියන්නේ ඔරිජිනල් ට්‍රිනිටි එකේ ඉන්න Batman වෙනුවට Red Hood මේ කණ්ඩායමේ ඉන්නවා වගේම මේ කණ්ඩායමේ නායකත්වය දරන්නෙත් ඔහු. ඊට අමතරව ආටිමිස් සහ බිසාරෝත් ඉන්නවා.

  • Red Hood - Jason Todd


ජේසන් ටොඩ් එහෙමත් නැත්තන් රෙඩ් හුඩ් ගැන කෙටියෙන් කියනවනම් ජේසන් කියන්නේ Bat Family එකේ Black Sheep. සාමාන්යෙන් බ්ලැක් ෂිප් කියල කියන්නේ පවුලක ඉන්න පවුලට අපකීර්තියක් ගෙන දෙන කෙනා. No Kill නීතියක් තියෙන Bat Family එකේ දිගට හරහට villainsලව මරණ නිසා තමා ජේසන්ට මේ ටයිටල් එක ලැබෙන්නේ. මේ හින්දම Jasonගේ සහ Bruce Wayne ගේ relationship එක තියෙන්නේ කොට උඩ, කොයි වෙලාවේ පුපුරයිද දන්නේ නැහැ, ඒ හින්දමද මන්ද මන් Jason Todd a.k.a Red Hoodට ඔච්චර ආස.

  • Artemis



දෙවෙනි සමාජිකයා වෙන්නේ ආටිමිස්. YJ එකේ ඉන්න ආටිමිස් නම් නෙමේ. මේ ආටිමිස් Amazon කෙනෙක්. හැමෝම හිතන් ඉන්නේ Amozonsලා ඉන්නේ වොන්ඩර් වුමන් එන Themyscira වල විතරයි කියලනේ? නැහැ,ඉන්දියාවෙන් විජය ලංකාවට ඇවිත් මෙහෙ ජනපද ආරම්භ කළා වගේ වගේ ඇමේසන්වල රැජින Queen Hippolytaගේ (වොන්ඩර් වුමන්ගේ අම්මා) අණට නොනැමුණු පිරිසක් Themyscira හැර දාලා යනවා. මේ කට්ටිය මෙහෙම යන නිසා ග්‍රීක දෙවිවරු මේ පිරිසට උදවු කරන එක නතර කරනවා, ඒ හින්ද මේ කට්ටිය ග්‍රීක දෙවිවරුනව අත්හැරලා ඊජිප්තු දෙවිවරුනට එකතු වෙනවා. ඒ නිසා මේ කට්ටිය Amazonsල උනත් ඊජිප්තු දෙවිවරුන්ට තමා ගරු කරන්නේ. දැනට යන කතාවේ මේ ටික ගැන තමා කතා වෙන්නේ. කොහොම හරි ආටිමිස් කියන්නේ මේ අයගේ වොන්ඩර් වුමන් වගේ චරිතයක් කිව්වොත් නිවැරදියි. ඒ වගේම ආටිමිස්ට ලොකු යුධ පොරවක් (Battle Axe) තියෙනවා, ලෝඩ් ඔෆ් ද රින්ග්ස් එකේ ගිම්ලිගේ පොරව වගේ, හැබැයි ඊට වඩා අම්බානක විශාලයි. ඒ වගේම තෝර්ගෙ මිටියට (Mjolnir) එකට වගේ ආටිමිස් කතා කලහම කොතන ඉදන් එන්න හරි පුළුවන් කම මේ Battle Axe එකට තියෙනවා. ආටිමිස්ගේ චරිතය මට දැනට විදිහට DC එකෙන් ලියන් යන ඉතා සාර්ථක චරිත වලින් එකක්. ඒ වගේම මන් මෙතැනදී Pre 52 origin එක ගැන සදහන් කලේ නැහැ දැන් ඒක අදාල නැති නිසා.

  • Bizarro



Bizarro කියන්නේ මේ ටීම් එකේ තුන්වන සහ අවසන් සමාජිකයා. Superman ගේ clone එකක් විදිහට Lex Luthor විසින් තමා Bizarroව නිර්මාණය කරන්නේ. ඒත් වෙන වැරදීමක් නිසා බිසාරෝගේ මනස පුංචි ළමයකුගේ මනසට හා සමාන වෙනවා. Supermanගේ ශක්තියත් එක්ක නොදියුණු මනසක් තියෙන බිසාරෝ කෙටියෙන්ම කියනවනම් ලෝකයට තර්ජනයක්. මොකද මනස වැඩිලා නැති නිසා.මේ කොමික් එක ඇතුලේ මේක ගැන ලස්සනට කතා වෙනවා වගේම ජේසන්ගේ සහ බිසරෝගේ තියෙන බැදීම මාර ලස්සනට නිරුපනය වෙනවා. Bizarroගේත් සදහන් කලේ මේ කතාවට අදාල ඔරිජින් එක විතරයි.

New 52 එකේ චාටර් වෙවි තිබ්බ කතා හරි මාර්ගයට අර ගන්න තමා ජෙෆ් ජෝන්ස් Rebirth නිර්මාණය කලේ.. Rebirth එකේ දැන් තියෙන හැම කොමික් එකක්ම වගේ සාර්ථකයි. ඒත් මට හිතෙන විදිහට දැනට එන හොදම කොමික් එක මේක. මේකට පස්සේ තියෙන්නේ Super Sons. හැම මාසෙම මේක එනකන් තමා මම බලන් ඉන්නේ. මේ කොමික් එකේ කතාව ලියන්නේ Scott Lobdel. Pencils කරන්නේ Dextor Soy. මන් ආසම ආටිස්ට් කෙනෙක්. Coloring කරන්නේ Veronica Gandini. මේ පැනල් එක මේ කොමික් එකේදී මාර ලස්සනට වැඩේ කරන් යනවා. ඒ වගේම මේ කතාවේ තියෙන ඇක්ෂන් සහ අනිත් දේවල් වලටත් වඩා මන් මේකට කැමති වෙන්න හේතුව මේකෙදි පෙන්නන මානුෂිය පැත්ත, සුපර් හිරෝස්ලා උනත් බලයන් තිබ්බත් විද්‍යාගාරයක නිර්මාණය වෙලා තිබ්බත් මේ හැමෝටම මිනිස්සුන්ට වගේ හැගීම් දැනීම් තියෙනවා කියන එක මේ කොමික් එකෙන් ලස්සනට පෙන්නලා දෙනවා.
මේක දැනට මම කියවන ආසම කොමික් බුක් එක. මම ලොකු රෙඩ් හුඩ් ෆෑන් කෙනෙක් නිසා වෙන්නත් පුළුවන් හැබැයි. ඒත් DC ෆෑන් කෙනෙක් නම් හරි, හොද කතාවක් කියවන්න කැමති කෙනෙක්නම් හරි මේකට පොඩි ට්‍රයි එකක් දුන්නට පාඩු වෙන එකක් නැහැ.


#PJ

1 comment:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න