Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Flash theory: The true identity of Savitar

Flash theory: The true identity of Savitar


Savitarව පලවෙනි පාරට දැක්ක දවසෙ ඉදන් ගොඩක් අයට තිබුන ලොකුම ප්‍රශ්නයක් තමයි කවුද මේ savitar කියන එක. Episode 19 අන්තිමේදී අපිට පොඩි clue එකක් ලැබෙනවා ඒ විතරක් නෙවේ episode 20දි අපිට බලාගන්න ලැබෙයි ඇත්තටම මේ savitar කියන්නෙ කවුද කියලා. ඒ වෙනකන් ඉතින් අපිට කරන්න පුලුවන් බලාගෙන ඉන්න එක විතරයි. ඒක නිසා මට හිතුනා savitarගෙ ඇත්ත identity එක ගැන පොඩි theoryයක් දෙන්න. ඒත් මුලින්ම කියන්න ඕන මේක මගේ අදහස විතරයි ඔයගොල්ලන්ගෙ වෙන අදහස් තියෙනවනන් පල්ලෙහා comment එකක් දාලා අපිවත් දැනුවත් කරන්න. 

මුලින්ම අපි බලමු savitar වෙන්න/නොවෙන්න පුලුවන් කියලා හිතන කට්ටිය ගැන. 

  • Wally West 



මෙතනදි මුලින්ම අහන්න ඕන ප්‍රශ්නෙ තමයි, මොන රෙද්දකට wally එයාගෙ සහෝදරියව මරන්නෙ? :3 wally irisව මරන එක පිටි පස්සෙ කිසිම motivation එකක් නෑ. හැබැයි episode 9දි barry ඇහුවම " ඔයාට අපෙන් මොනවද ඕන" කියලා savitar කියනව " හැමදේම, ඔයගොල්ලො මගෙන් ගත්ත හැමදේම මට ආපහු ඕන" කියලා. ඒවගේම savitar ආපහු episode 15දි කියනවා ඔයගොල්ලො මගෙන් හැමදේම ගත්තා, මම මේ කිසි දෙයක් ඉල්ලුවෙ නෑ ජෝ. මම මේ විදිහට උනේ ඔයගොල්ලගෙ වැරැද්දෙන්. " කියලා. පේන හැටියට මෙතන emotional drama scene එකක් තියෙනවා, විශෙශ්ෂයෙන්ම barry,wally සහ joe අතර. සමහරවිට joeගෙ වැඩි අවදානය barryට දෙන නිසා wallyට ටිකක් ජෙලස් වගේ, මේක පස්සෙ තරහට හැරවෙන්න ඇති . ඒ විතරක් නෙවෙයි barry savitarට මරණ තර්ජන එල්ල කරාම savitar කියනව, " Barry Allen කාවවත් මරන් නෑ, මොකද එයා හොද කෙනෙක්. Joe හදපු කොල්ලා, iris ආදරය කරන මිනිහා. ඔයාටහැම දේම තියෙනවා ඒත් කිසිම දෙයක් ලැබීමට සුදුසු නෑ" කියලා. මෙතන savitar ඒක කියන හැටියට මට හිතෙන්නෙ පොර ටිකක් ජෙලස් බැරි එක්ක වගේම තරහයි හැමදේම බැරීට ලැබෙන නිසා.
ඒ විතරක් නෙවේ barry ඇහුවම " අපි නිසාද ඔයාට speed එක ලැබුණේ, අපිද ඔයාව නිර්මාණය කලේ" කියලා, savitar කියනවා " නෑ, මම මාවම නිර්මාණය කරගත්තා, මට විතරයි මගේ greatness එක එලිදක්වන්න පුලුවන්" කියලා. මේක සමහරවිට ඇත්ත වෙන්න පුලුවන් මොකද Savitar තමයි wallට එයාගෙ speed එක දුන්නෙ. ඒත් මන් හිතන්නෑ savitar කියන්නෙ wally කියලා මොකද එයාට speed force එකෙන් එලියට එන්න replacement එකක් ඕන. පොඩ්ඩක් හිතන්න ඔයා savitarගෙ තැන හිටියනම් ඔයා ඔයාගෙ past version එකක් තෝරගන්නවද replacement එක විදිහට? අපි දන්නවනෙ speed force prison එක තනිකර අපායක් කියලා. අනික මන් කලින් කිව්වා වගේ wallyට කිසිම motivation එකක් නෑ ( barryට රිද්දනව ඇරෙන්න ) irisව මරණ එකෙන්. 

  • Eddie thawne and Ronnie Raymond


Eddie සහ Ronnie savitar නොවෙන්න ලොකුම හේතුව තමයි 

1. පොරවල් දෙකම ජීවතුන් අතර නෑ -_- 

2. මේ දෙන්නම මැරුනෙ වීරයො විදිහට, මේ දෙන්නව ව ආපහු show එකට ගෙනැල්ල villain කෙනෙක් කරන එක එච්චර හරියන්නෑ. 

3. Savitar කියනවා " මම සිද්ද වෙන හැම දේම දන්නවා, i've already lived it. " මේකෙ තේරුම savitar කියන්නෙ ඇත්තටම වර්තමානයේ ජීවතුන් අතර ඉන්න කෙනෙක්. Eddie මලා season 1 finale එකේ -_- ඒවගේම Ronnieත් මලා 1 වෙනි season එකේම. 

4. Savitar fake wellsව දන්නවා.( e15දි savitar කියනවා wellsට " තාමත් මෙතනද බොරුකාරයා, තාමත් ඔයාගෙ තැන හොයාගන්න දගලනවද?" කියලා) මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් fake wellsව දැකලවත් නෑ. 

5. E19දි අපිට අනාගතේ ඉන්න wallyව දකින්න ලැබෙනවා. ඒවගේම දැනගන්න ලැබෙනව savitar එයාගෙ කොඳුඇට පෙළ කඩලා කියලා. ඒවගේම පොර traumatized වෙලා ඉන්නෙ savitar එයාට කරපු දේ නිසා නෙවේ wally ඒ දවසෙ දැක්ක දේ නිසා. ( season 2 එකේ zoom barryටඔය දේම කරා) wally ඒ දවසෙ savitarගෙ මූණ දැක්කා කියලා තමා අදහස. Wally මොකටද traumatize වෙන්නෙ eddieව හරි ronnieව හරි දැක්කනම්. පොර මේ දෙන්නව කවදාවත් දැකලත් නෑනෙ?
ගොඩක් අය savitar කියන්නෙ Ronnie කියලා හිතන්නෙ e19 එකේ අන්තිමට පෙන්නපු killer frostගෙ reaction එක නිසා. එයා savitarගෙ මූණ දැක්ක ගමන් අහනව " මන් මොනවද කරන්න ඕන" කියලා. මේකෙ තේරුම savitar කියන්නෙ කවුරුහරි caitlin trust කරන කෙනෙක්. හැබැයි මන්නම් හිතන්නෑ ronnie savitar කියල මොකද season 1 එකේ හිටපු supporting character එකක් savitar කියල පෙනුවිතින් ලොකු impact එකක් තියෙන එකක් නෑ විශේෂයෙන්ම comics ගැන නොදන්න average audience එකට, මොකද ගොඩක් අයට ronnieව මතකවත් නෑ දැන්.
හැබැයි Eddie ගැනනම් මට ටිකක් සැකයි මොකද එයාට motivation එකක් තියෙනව Flash එක්ක තරහ වෙන්න. මොකද Flash එයාගෙ හැම දේම ගත්තා, eddie flash නිසා එයාගෙ ජීවිතය දුන්න විතරක් නෙවේ අන්තිම පොර eddieගෙ කෙල්ලවත් ඉස්සුවා. මේ storyline එකේ හොද twist එකක් වෙන්න පුලුවන් eddie ඇත්තටම barryගෙ twin සහෝදරයා උනානම්. ( comic වල barryට twin කෙනෙක් හිටියා, thawne family එකෙන් adopt කරනවා මෙයාව. ) eddie තමයි මගෙ savitar list එකේ දෙවැනියට ඉන්නෙ.

  • Barry Allen(Future Flash) 


මට හිතෙන විදිහටනම් Savitar කියන්නෙ Barryගෙ Future version එකක්. මේක තමන්මයි තමන්ගෙ ලොකුම හතුරා කියන එකේ classic example එකක්. මේ theoryට support කරන්න ගොඩක් evidence තියෙනව. 

1. Jay සහ Abra Kadabra දෙන්නම කියනව Savitar තමයි speed powers හම්බුන පලවෙනි පුද්ගයා කියලා. Jay Garrickගෙ වචන වලින්ම කියනවනම් " Savitar was the first man ever granted speed and over time he became the god of motion, the fastest of us all. " අපි දන්න තරමින් Show එකේ පලවෙනි speedster තමයි Barry allen. ඒ විතරක් නෙවේ සමහර comic වල Barry තමයි Speed force එක නිර්මාණය කරන්නෙත්, මේක show එකෙත් ඇත්ත වෙන්න පුලුවන් මොකද Speed force එක හැම තිස්සෙම barryට පාඩම් උගන්නන්න හදන නිසා. මේ වගේ connection එකක් අපිට speed force එක අතර සහ වෙන speedster කෙනෙක් අතර දකින්න ලැබෙන්නෙ නෑ. 

2. Savitar කියනව ciscoට " reverb told you that you could have been a god, but instead you would rather work as tech support ? "
Reverb මේක Ciscoට කියද්දි එතන හිටියෙ කවුද කියලා කියන්න ඕන නෑනෙ ?
( Barry, Barry තමයි එතන හිටියෙ :3 )

3. I am the future Flash. Savitar මේක කියද්දි හැමොම හිතුව එයා කියන්නෙ මම තමයි අනාගතය , ෆ්ලෑශ් කියලා. ඒත් ආපහු මුල ඉදන් බලද්දි මට තේරුන දෙයක් තමයි savitar Flashට Flash කියන්නෙ මේක කියන කොට විතරයි. අනිත් වෙලාවට පොර Flashට කියන්නෙ Barry කියලා. උදාහරණයක් ගත්තොත් පලවෙනි පාර Julian හරහා savitar එක්ක කතා කරද්දි පොර මුලින්ම කියන්නෙ " Hello BARRY! Its been a while "

ඊට පස්සෙ e15දි barry කිව්වම you are just a man, like me කියලා savitar ඒකට උත්තර දෙනවා " i'm nothing like you, BARRY"
ඒ Episode එකේම කියනව " You thought that thawne and zoom were your biggest foes ? But its me, its always been me, BARRY " 

කලින් කිව්ව වගේ පොර Flashට Flash කියන්නෙ එක තැනක විතරයි. ඒ තමයි I am the future, flash කියන කොට. Unless, පොර එතන කියන්නෙ එයා තමයි future flash කියන එකනම්? Barry අහද්දි ඔයා කවුද කියල පොර කියනව, i am the future flash කියලා. අපිදන්නව episode 20 promo එකෙන් savitar එයාගෙ identity එක හංගන්න දගලන්නෙ නෑ කියලා, මොකද barry කිවම මන් දන්නව ඔයා කවුද කියලා පොර කිසිම ගින්නක් නැතුව කියනවා " it's about time " කියලා. මේකෙ තේරුම savitar මුල ඉදන්ම team flash එකට කිව්වද එයාගෙ true identity එක? 

4. Out of time - story-arc
Comic වලත් අපිට මේ වගේ scene එකක් දකින්න ලැබෙනව. අවුරුදු 20ක් අනාගතයේ ඉන්න Barryව අපිට දකින්න ලැබෙනව villain කෙනෙක් විදිහට. Wallyගෙ මරණයෙන් පස්සෙ තමා පොර මෙහෙම වෙන්නෙ. මෙයාටත් තියෙනව futuristic blue suit එකක්, කාව හරි මතක් වෙනවද? මේ flashට කියන්නෙ Future flash කියලා. Savitar හැම තිස්සෙම i am the future flash කියන නිසා මේ ගැන මතක් කරන්න හිතුනා. 

5.flash crossover episode එකේ stein පෙන්නවා barryට 2056 ඉන්න flash එවපු massage එක. ඒකෙ කියනව barry කාවවත් ( එයත් ඇතුලව) trust කරන්න එපා කියලා. 

6. මේ season එකේ theme එක තමයි duality. Wally හොයා ගන්නවා එයා speedster කෙනෙක් කියලා, caitlin එයාගෙ killer frost side එකත් එක්ක සටන් කරනව, julian හොයා ගන්නව එයා (*unwillingly )Alchemy කියලා. ඒවගේ barryව ඉදල හිටල villain කෙනෙක් වගේ පෙන්නවා, flashpoint time line එකේදි thawne කියනවා "Now who's the villain flash?" කියලා ඒ වගේම savitaරුත් කියනවා " from my perspective, you are the big bad " කියලා.
ඒත් ඇයි බැරී irisව මරන්නෙ? ඒක ගැනත් මට පොඩි අදහසක් තියෙනවා. Savitar කියනවා " i created myself" කියලා ඒ වගේම iris ව මරන්න ඔන්න මෙන්න තියලා savitar කියනව " now finally i am free of you ". කියලා. ඒ වගේම තව තැනක කියනවා " Barry you had to suffer worse than anyone, you have endured pain your whole life. Your mother, your father. Trust me you will never get over this"
මන් හිතන්නෙ irisගෙ මරණය තමා barryගෙ breaking point එක. අපි දැක්කනෙ episode 19 කොච්චර darkද කියලා future barry. හැබැයි මේකට තියෙන එකම අවුල ඒ episode එකේ future barry ආපහු කට්ටියත් එක්ක එකතු උන එක. 

කොහොමහරි අපි බලමුකෝ මොකද වෙන්නෙ කියලා මේ අගහරුවාදා. ( බදාද තමා ඉතින් අපිට බලන්න වෙන්නෙ :/ ) මේකටත් zoomගෙ reveal එක වගේ චාටර් explanation එකක් දුන්නොත්නම් ආයෙ flash බලන්නෙත් නැ මමනන් :/ ( ඔය කිව්වට බලනව 🙃🙃 ) 


#Shazam

2 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න