ඇස්ගාඩියන්වරුන් සම්බන්ධව පළකෙරෙන මේ ලිපිය වෙන්වන්නේ Warriors Three හි ඊලඟ සාමාජිකයා වන Hogun සම්බන්ධවයි.
Hogun කියන්නේ Thorගේ කුඩා කල පටන් යහලුවෙක්ටයි. Fandral සහ Volstagg සමඟ එකතු වී සැදුම්ලන Warriors Three හි ප්‍රබලම සාමාජිකයා ලෙසට Hogunව හඳුන්වන්න පුළුවන්. කුඩා කල Odinගේ කැඩීගිය කඩුව යළි ස්ථාපිත කරවන්නට යෙදුණු ක්‍රියාන්විතයේදී තමයි මොහුට මුලින්ම Thorව හමුවන්නේ. Hogunගේ උපන් බිම Mogul of the Mystic Mountain විසින් ආක්‍රමණය කොට විනාශ කොට අල්ලා ගනු ලබනවා. මේ සිදුවීම තමයි තමයි Hodunගේ ජීවිත කථාවේ හැරවුම් ලක්ෂය බවට පත්වන්නේ. ඉන් පසුව Volstagg විසින් මෙහෙයවනු ලබන සේනාංකයත් සමඟ Thor, Fandral සහ Loki එක්ව Mogul of the Mystic Mountain වෙත ප්‍රහාර එල්ල කරනවා. මේ ප්‍රහාරයෙන් දරුණු ලෙස තුවාල ලබන Hogun; Fandralගේ උදව් සහිතව යළි ප්‍රකෘති තත්වයට පත්වනවා. ඉන් පසුව ඔහු තමන්ගේ ස්වභාවය වෙනස් කරගන්නවා. Hogun the Good Hogun the Grim ලෙසට වෙනස් වන්නේ ඉන් පසුවයි.
Hogun with Thor in Thor: The Dark World |
Ragnarok විනාශයේදී මුලින්ම මිය යන්නේ Hougunයි. මෙය Thorට දැඩි දුකක් ගෙන දෙනවා. නමුත් ragnarok විනාශය සෑම Asgardian කෙනෙක්ටම පොදුයි. ඔවුන් සැම ragnarok විනාශයේදී මියගොස් යළි වෙනත් ශරීරය තුළ උපත ලබනවා. Hogun,Fandral සහ Volstagg තිදෙනාම ඒ අනුව අප්‍රිකානු සටන්කාමී සෙබළුන් තිදෙනෙකුගේ ශරීර තුළ උපත ලබනවා. පසුව Thor විසින් Mjolnir එක හරහා යළි ඔවුන්ට පණ ලබා දෙනවා.
අනෙක් ඇස්ගාඩියන්වරුන්ට මෙන්ම Hogunටත් විශේශිත වූ හැකියාවන් සහ බලයන් පිහිටනවා. Hogunට මිනිසුන් මෙන් දස දහස් ගුණයක් ඉක්මවූ ශක්තියක් (Superhuman Strength) පිහිටා තිබෙනවා. එලෙසම ඉතාමත් කඩිසර බවක් (Superhuman Agility), සුපිරි වේගයක් (Superhuman Speed), විශාල ප්‍රත්‍යාවර්තිත හැකියාවක් (Superhuman Reflexes), සුපිරි සවිබලයක් (Superhuman Stamina) සහ අධික දරාගැනීමේ හැකියාවක් (Superhuman Durability) රඳා පවතිනවා. ඒ පමණක් නොවෙයි ප්‍රතිජනක සුවවීමේ හැකියාවක් (Regenerative Healing Factor) එකකුත් පිහිටනවා. ඒ වගේම අනෙක් ඇස්ගාඩියන්ස්ලාට වගේම දිගු කාලයක් ජීවත්වීමේ හැකියාවත් තිබෙනවා.
ඊට අමතරව සාමාන්‍ය මිනිසෙකුට වඩා 3ගුණයක් ඝනකම් සමක්ද ඔහු සතුයි. එමෙන්ම සාමාන්‍ය මිනිසුන්ට වඩා 1000 ගුණයක් වැඩි තියුණු දැනීමේ සහ දැකීමේ ශක්තියක්ද මොහු සතු වනවා.
#SmAsHeR
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න