Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Speed Force Lightning Colors Explained

Speed Force Lightning Colors Explained


Flash කියන්න ගොඩක් ජනප්‍රිය චරිතයක් මේ දවස් වල Flash tv series එක නිසා. අපිට මේ වෙනකොට speedsterල බර ගානක් දකින්න ලැබිලා තියෙනව ඒවගේම ඔයගොල්ලන්ට notice වෙන්න ඇති සමහර speedsterලගෙ lightning එකේ පාට වෙනස් කියලා. Tv series එකේ තියෙන එක අවුලක් තමා මේ ගැන වැඩිය පැහැදිලි කිරීමක් කරන්නෙ නෑ comics වල වගේ.

New 52 Flash
අපි මුලින්ම බලමු Comics වල lightning colors ගැන. Brett Booth(කලින් Flash artist සහ අලුත් titans artist)ට අනුව speedster කෙනෙක්ගෙ speed එක අනුව තමා lightning එකේ පාට වෙනස් වෙන්නෙ. Boothගෙ වචන වලින්ම කියනවනන් " the closer you get to the light speed the color shifts " ඒවගේම Boothට අනුව රතු පාට තමා slowest, නිල්/ඉන්ඩිගෝ තමා fastest. මේකට කියන්නෙ Blueshift කියලා. * Blueshift refers to the shifting in the color of light in the visible spectrum as the wavelength decreases and frequency increases. * 

Rebirth Flash
අපිට මේක දකින්න පුලුවන් Flash comic book එකේ. New 52 වල Flash පටන් ගන්න කොට එයාගෙ lightning එක රතු පාටයි ඒත් දැන් ඒ කිව්වෙ Flash rebirth වල එයාගෙ lightning එක කහ පාටයි මොකද flash එන්න එන්නම වේගවත් වෙනව විතරක් නෙවේ speed force එකත් එක්ක තියෙන connection එකත් තව ශක්තිමත් වෙනවා. ඒවගේම " Out of time " comic-arc එකේ අපිට දකින්න ලැබෙනව Barryගෙ future version එකේ lightning color එක නිල් පාට කියලා මේකෙ තේරුම මේ future flash, present day barryට වඩා වෙගවත් වගේම තව දුරටත් speed force එකට tap වෙන්න පුලුවන්.

Future Flash
මේක තව දුරටත් ස්ථිර වෙනවා අපි අලුත්ම Flash villain දිහා බැලුවොත්. ඒ තමයි Godspeed. මෙයාට පුලුවන් අනිත් අයගෙ speed එක උස්සල තමන්ගෙ වේගෙ වැඩි කරගන්න. කොහොමහරි අන්තිමේදී මෙයාගෙ lightning color එක Barryට වඩා ගොඩක් bright yellow-ish පාටකට හැරෙනව. කොහොමහරි මෙයාව පරද්දන්න Barryට Wally( african american )ගෙන් උදව් ගන්න උනා.

Godspeed

Speaking of wally, ඊලගට ඉන්නෙ අපේ wally west( original ).Boothට අනුව මෙයා තමා Fastest man alive ! මොකද මෙයාගෙ lightning එක සුදු පාටයි. This makes sense මොකද මෙයා ගොඩ කාලයක් speed force එකේ හිටිය නිසා අනිත් අයට වඩා මෙයාගෙ connection එක strong. හැබැයි comic වල සුදු පාට lightning එකක් තිබිල තියෙන්නෙ මෙයාට විතරක් නෙවේ. Flash v4 issue #47 දි අපිට දකින්න ලැබෙනවා Barryගෙ lightning එක red-ish yellow පාටකින් තනි සුදු පාටකට හැරෙනවා. Barry මෙතනදී කියනවා එයාට වේගෙන් යන්න විතරක් නෙවේ time එක speed up කරන්නත් පුලුවන් කියලා, 

Wally West( original )

Flash v4 issue #47 දි අපිට දකින්න ලැබෙනවා Barryගෙ lightning එක red-ish yellow පාටකින් තනි සුදු පාටකට හැරෙනවා. Barry මෙතනදී කියනවා එයාට වේගෙන් යන්න විතරක් නෙවේ time එක speed up කරන්නත් පුලුවන් කියලා, Boothට අනුව ඒකයි Barryගෙ lightning එක සුදු පාටට හරුනෙ. තවදුරටත් Boothගෙන් ඇහුවම wallyටත් තියෙනවද මේ power එක එයා කියනවා " maybe, white in light is all colors combined " කියලා. 


Barry Allen(Flash) Generating white lightning
ඊලගට ඉන්නෙ professor zoom, මෙයාගෙ lightning එක තනි කලු පාටයි. මේක ගැන boothගෙන් ඇහුවම එයාගෙ උත්තරය තමයි " can't say. You never know what the future holds " පේන විදිහට මේක ගැන දැනගන්න තව ටිකක් බලන් ඉන්න වෙයි වගේ. සමහර විට එයාගෙ negative speed force එකට තියෙන connection එක නිසා වෙන්න පුලුවන් එහෙමත් නැත්තන් එයාගෙ power එක නිසා වෙන්නත් පුලුවන්. ඒ කිව්වෙ thawneට පුලුවන් time එක slow කරන්න. අනිත් හැමෝටම පේන්නෙ මෙයා වේගෙන් දුවනව වගේ.



හැබැයි ඉතින් අමතක කරන්න හොදනැති දෙයක් තමා comic book වල artistලා වෙනස් වෙනව කාලෙන් කාලෙට සමහර වෙලාවට එක artist කෙනෙක් කරන දේවල් ඊට පස්සෙ එන artist කරන්නෑ ඒක නිසා මේ හැම දේම වෙනස් වෙන්න පුලුවන් ඉස්සරහට.

4 comments:

  1. Aye page eka active wela patan gattha eka nam godak hoda deyak. Digtama karan yanna subapathanwa.

    ReplyDelete
  2. සෑහෙන්න වටිනවා....

    මම දැක්කමයි මෙහෙම මහන්සි වෙලා කරුණු එකතු කරලා පිළිවෙලකට ලියලා තියෙන site එකක්...

    සුබ පතනවා දිගටම වැඩේ කරන්න යන්න..

    ජයවේවා

    ReplyDelete
  3. mekan patta watinawa , mehema karunu hodata ekathu karala hadap usinhala blog ekak dakke adamai

    ReplyDelete
  4. මචෝ අළුතෙන් Post update කරපංකෝ

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න