Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Is that A mother box?

Is that A mother box?
මේ සතියේ (සීසන් 4 එපිසෝඩ් 6) බලපු අයට කතාව අවසානේ දී ඩේමියන් විශේෂ වස්තුවක් දිහා බලාගෙන ඉන්නවා දකින්න ඇති. පෙට්ටියක් ඇතුලේ තිබුණු විශේෂ වස්තුවක් තමයි එයාගේ අවධානය දිනා ගත්තේ.'


මේ වස්තුව මොකක් වෙන්න පුළුවන් ද? මේ ගැන ෆෑන් තියරියක් ගොඩ නැගිලා තියන හින්දා අපි හිතුවා ඒ ගැන අපේ යාලුවෝ එක්ක කතා කෙරුවොත් හොදයි කියලා. සමහරක් අය මේ වෙද්දී මේ තියරි එක අහලාත් ඇති. ඒ තමයි මේ තිබ්බේ Mother Box එකක් කියන එක. 

මේකේ ඇත්ත නැත්ත හොයලා බලන්න කලින් අපි බලමු මොකක් ද මේ Mother Box එකක් කියන්නේ කියලා. Mother Box එකක් කියන්නේ New Genesis වල දකින්න ලැබෙන වස්තුවක්. සේරටම කලින් අපි New Genesis ගැන පොඩි පැහැදිලි කිරීමක් කරගමු. මොකද මේ අපි කතා කරන්නේ නිතර එදිනෙදා කතා කරන කොමික් සංකල්ප වලට වඩා ගොඩක් ගැඹුරු තේමාවක්. 
DC කොමික් වල දී දේව සංකල්පය ආකාර ගණනාවකින් කතා කරනවා. අපි Spectre ලිපියේ දී කතා කෙරුවා DC යුනිවර්ස් එකේ ඒක දේව වාදී මතය ගැන. ඇත්තටම ඒ අපිට හම්බෙන එක දේව සංකල්පයක්. මේ විදිහේ දෙවිවරුන්ට අපි කියන්නේ Cosmic Gods කියලා. ගොඩක් නිර්මාණ කරුවෝ තමන් ගේ අභිමතය හැටියට දේව සංකල්ප හදා ගත්තා. ඒ වගේ නිර්මාණය වුනු එක දේව සංකල්පයක් තමයි New Gods කියන්නේ. මේ අයව නිර්මාණය වුනේ Jack Kirby අතින්. මේ සංකල්පයට අනුව විශ්වයේ කලින් හිටියා Old Gods කියලා කණ්ඩායමක්. 


මේ අය සදාකාලිකවම හොඳ සහ නරක විදිහට දෙපැත්තට බෙදිලා යුද්ධ කරගනිමින් හිටියේ. එක අවස්ථාවක දී මේ අය ජිවත් වුනු Urgrund කියන ග්‍රහ ලෝකය දෙකඩ කැඩුනා. ඒ Highfather නායකත්වය දරන හොඳ කණ්ඩායම New Genesis කියන ලෝකෙටත් Darksied නායකත්වය දරණ නරක කණ්ඩායම Apokolips කියන ලෝකෙටත් වෙන් කරලා. මේ දෙගොල්ලන්ට තමයි New Gods කියන්නේ.

දැන් ඔයාලා බලනවා ඇති ග්‍රීක, රෝම, නොර්ස්, ඊජිප්තු වගේ දෙවිවරු මේ කතාවට සම්බන්ද වෙන්නේ කොහොමද කියලා. අර කලින් කියපු Urgrund විනාශ වෙද්දී විශ්වය පුරාම God Wave කියලා ශක්ති ප්‍රභවයක් විසුරුණා. ඒකෙන් තමයි අපි දන්න අනිත් දෙවිවරු බිහි වුනේ. මේ අයට කියන්නේ Terrestrial දෙවිවරු කියලා. ඉන්ජස්ටිස් කොමික් සීරිස් එක බලපු අය දන්නවා ඇති Highfather ගේ මතයට පිටින් යන්න  Zeus පවා අදිමදි කෙරුවා කියලා.
ඔන්න දෙවිවරු ගැන කතාව ඉවරයි. ආපහු Mother Box එකට එමු. කලින් කියපු විදිහට මේවා දකින්න හම්බෙන්නේ New Genesis වල. හරියටම කියනවා නම් මේවා සජීවී පරිඝනක වගේ. Himon කියන විද්යාඥයා තමයි මේවා නිර්මාණය කෙරුවේ. වර්තාමානයේ අපි ස්මාර්ට් ෆෝන් එකකින්, ටැබ්ලොයිඩ් එකකින් ගන්නවා වගේ New Gods වරු එයාලගේ වැඩ පහසු කර ගන්න මේක යොදා ගත්තා. මේකෙන් කරන්න පුළුවන් දේවල් අතර විශ්වයේ ඕනෑම දැනුමක් ලබා ගැනීම, අනතුරු කල් තියා දැන ගැනීම, ශක්ති සම්ප්‍රේශනය කිරීම, විශ්වයේ මූලික ධාතුව වෙන The Source එකට සම්බන්ධ වීමේ හැකියාව වගේ ගොඩක් දේවල් පුළුවන්. කොටින්ම කිව්වොත් මේකෙන් කරන්න බැරි දෙයක් නෑ. ඔයාලට මතක නම් ඉන්ජස්ටිස් එකේ දී හාර්ලි, බිලී කණ්ඩායමට මේකක් හම්බුනා. 



දැන් අපිට තියන ගැටලුව තමයි ඇරෝ කතාවේ දී හම්බුනේ මේ Mother Box එකක්ද කියන එක. කොමික් වල දී අපිට හම්බෙන Mother Box එක මොනවගේද කියලා අපි පොඩ්ඩක් බලලා ඉමු. අපිට විවිධ ස්වරූප දකින්න ලැබුනත් බහුලවම දකින්න හම්බෙලා තියෙන්නේ පරිපථ සටහනක් වගේ තියන ඝන වස්තුවක්.


අපි ඇරෝ කතාවේ දී දකින්න ලැබුණු වස්තුව මීට වඩා වෙනස් උනාට සමාන සලකුණු දකින්න පුළුවන්. 


හැබයි මේකෙන් කියවෙන්නේ නෑ මේ තිබ්බේ Mother Box එකක්මද කියලා. අපිට අනුමානයක් විතරයි කරන්න පුළුවන්. අපි බලමු ඊට පක්ෂව තියන කරුණු මොනවාද කියලා. 
ඇරෝ කතාවේ නිතරම දකින්න ලැබෙන දෙයක් තමයි අතීත කතාවේ දේවල් පුදුමාකාර විදිහට වර්තමානයට සම්බන්ධ වෙනවා. අපි දන්නවා මේ දවස් වල බැරන් රයිටර් සුවිශේෂ වස්තුවක් හොයනවා කියලා. මීට අවුරුදු 5 කට කලින් බැරන් දුපතේ තිබිලා හොයාගත්තේ මේක වෙන්න හැකියාවක් තියනවා. මොකද මේක වචනයේ පරිසමාප්ත විදිහටම බලසම්පන්නයි. කාලයත් එක්ක මේ වස්තුව ඩේමියන් අතට පත් වුනා වෙන්න පුළුවන්.
ඊලඟ කාරණය තමයි ඩේමියන් මේක ක්‍රියාකරවන්න උත්සාහ කරන්නේ රේ පාමර් ගේ බල ප්‍රභවය වෙන Dwarf Star කැබැල්ල පදනම් කරගෙන කියලා. ඒ කියන්නේ පෘථිවියේ දකින්න නොලැබෙන ප්‍රභවයක් භාවිතා කරලා. ඒ හින්දා මේක Mother Box එකක් වෙන්න පුළුවන් කියන මතයට පක්ෂව ලකුණු වැටෙනවා.

මේකට ප්‍රතිවිරුද්ධව තියන දේ තමයි මේ සංකල්පය ඉතාම ගැඹුරු දෙයක්. ඒවත් එක්ක බලපුවාම ස්පීඩ් ෆෝර්ස් එක, මල්ටි වර්ස් එක පවා කොමික් වල මතුපිට තියන දෙයක්. මෙතනින් කතා කරන New Gods සංකල්පය කොමික් වල ගැඹුරු සංකල්පයක්. ඒක මාවල් කොමික් හඳුන්වා දීපු ඉන්ෆිනිටි ස්ටෝන්ස් සංකල්පයට සමාන හෝ ඊට වැඩි උණත් අඩු නම් වෙන්නේ නෑ.

හැබැයි මෙහෙම දේකුත් තියනවා. මාවල් ආයතනයට කුඩා තිරයට ඉන්හියුමන් වරු හඳුන්වා දුන්නාට පස්සේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන් කියන තැන අපිට ඉන්න වෙනවා. ඒකට DC වලින් දෙන්න පුළුවන් හොඳම පිළිතුර තමයි New Gods වරු හඳුන්වා දෙන එක. ඉස්ස්සරහට DCEU එකට Darksied ගේන්න වැඩි සම්භාවිතාවයක් තියන හින්දා මේකට ප්‍රවේශයක් ගත්තා වෙන්න පුළුවන්. සමහර අය තර්ක කරනවා මේක Mother Box එකක් නෙවේ ඊට සමානව Apokolips වල තියන Mother Box එකට ප්‍රතිවිරුද්ධ Father Box එකක් කියලා. 
හැබයි මේ සේරම අනුමාන විතරයි. මේ දෙකම නොවෙන්නත් ඉඩ තියනවා. මේ ලිපියේ අරමුණ උනේ අන්තර්ජාලයේ සැරිසරද්දී අපිට හම්බෙන මේ විදිහේ දේවල් අපේ යාලුවෝ අතරට ගේන්න. මොකද ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේවා සාකච්චා කරන්න ඕන තරම් තැන් තිබ්බට සිංහල මාධ්‍යයෙන් කතා කරන්න තැනක් නෑ. අපේ Comic Script පේජ් එකේ මූලික අරමුණ උනේ ලංකාවේ අපිට කතා කරන්න තැනක් හදන එක. අපේ අරමුණ යම්තාක් දුරකට සාර්ථකයි කියලා අපි හිතනවා. ඒ හින්දා අපේ යාලුවන්ගේ අපි ඉල්ලනවා මේ සම්බන්ධයෙන් ඔයාලගේ මතය මොකක්ද කියලා අපිත් එක්ක බෙදා ගන්න කියලා.

attila_THE_hun


12 comments:

  1. hammo bn ubala kiyana samahari ewwanam minions bashawa wage api comics gana danna bn wadiya sorry ah ewala una dewal kiyadda hithaganna ba e unath maru ahh thanxx

    ReplyDelete
    Replies
    1. අපි අපේ පේජ් එක හැදුවේ ඔය අරමුණට නේ බන්. කට්ටිය අතරට කොමික් ගෙනියන්න නේ

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න