Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Arrow S04E06 Review

Arrow S04E06 Review
Arrow S04E06 - Lost Souls

Raylicity again???
Is that a paperweight? Oh no, it is poor Ray

Bonus
Ray Palmer's Iron Deficiency

Full of Spoilers. Read at your own risk


ගිය සතියේ ඇරෝ කතාවට ආපු අපේ පරණ යාලුවා Constantine ගෙන් පස්සේ ඇරෝ කතාව ආපහු පරණ පුරුදු විදිහටම ගලාගෙන යනවා. වැඩි විස්තර නැතිව අපි බලමු මේ සතියේ කතාවේ මොකද උනේ කියලා.

මේ සතියේ කොටසේ නම තමයි Lost Souls කියන එක. මෙතන දී මුලිකම අවධානය යොමු වුනේ රේ පාමර් ආපහු ගෙන්වීම කෙරෙහි. ඊට අමතරව සේරා මරණයෙන් නැගිට්ටවලා ආපහු ගෙනාවට පස්සේ දේවල් ගැනත් කතා කරපු හින්දා මේ මාතෘකාව හොදටම ගැලපෙනවා.

01. Oliver's Fundraising

අපිට දැනට මේ සටනේ ඉන්නවා දකින්න පුළුවන් උනේ ඔලිවර් විතරයි. ඒත් තව කවුරු හරි විරුද්ධ පැත්තෙන් ඉන්නවා ඇතිනේ. ඒ කියන්නේ පෝස්ටර් ගහන්න, කටවුට් ගහන්න එහෙම සල්ලි ඕනේ. පොඩි ගැටලුවකට තියෙන්නේ ඔලිවර්ට සල්ලි දෙන්න ඉන්නේ රේ පාමර් ගේ කොම්පැනි එක විතරයි. ඒත් මේ සතියේ ෆෙලිසිටි ගේ හැසිරීම එක්ක මට නම් හිතුවේ ඔලිවර් ට ගොඩ එන්න බැරිවෙයි කියලා. මොකද සල්ලි දෙන්න වෙන කවුරුත් නැතිවෙන්න තිබ්බා.


02. Raylicity again???
මේ සතියේ ගොඩක් අයට ෆෙලිසිටි ගේ හැසිරීම හිසරදයක් උණා. කතාව ගලාගෙන විදිහට මම නම් හිතුවේ ඔලිසිටි ඉවරම වෙලා ආපහු රේලිසිටි පටන් ගයි කියලා. මොකද ෆෙලිසිටි හරිම හිතුවක්කාර විදිහට තමයි හැසිරුනේ. එයා ඔලිවර් ව ඈත් කරන්න උත්සාහ කෙරුවා. හැබැයි පස්සේ හෙළිදරව් වුන විදිහට මෙයා මේ දේවල් කරන්නේ රේ ට උදව් ඕන වුනු වෙලාවේ දී ෆෙලිසිටි ළඟ ඉන්නේ නැතුව ඔලිවර් එක්ක ලෝකේ වටේ ගියපු එක හිතට වද දුන්න හින්දා. 



03. No it is Olicity forever
ඔලිසිටි රසිකයන්ගේ ඇඟේ ලේ ටිකක් ඉනුවේ රේ සහ ෆෙලිසිටි අතර සම්බන්ධයක් ආපහු ඇති වෙන්නේ නෑ කියන එක තහවුරු උනාට පස්සේ. ෆෙලිසිටි ගේ වරද කාරී හැගීම ඉවත් උනාට පස්සේ එයාගේ ස්ථාවරය පැහැදිලි වෙනවා. ඒ කියන්නේ දිගටම ඔලිසිටි තමයි අපිට දකින්න වෙන්නේ. 



04. Is that you Oliver?
ඇත්තටම කර්ටිස් ඔලිවර් කියන්නේ ග්‍රීන් ඇරෝ වෙන්න පුළුවන් කියද්දී තමයි මතක් උනේ තවමත් ඔලිවර් ගේ අනන්‍යතාවය හෙළි කරලා නෑ නේද කියලා. මොකද මේ වෙද්දී මේ දේ දන්න කට්ටිය ගොඩක් ඉන්නවා. ඩේමියන්, ග්‍රීන් ඇරෝ ගේ මාස්ක් එක ගලවන්න උත්සාහ කරපු එකෙනුත් පෙන්නුවේ මේ කාරණය තවමත් ලොකු රහසක් කියලා. තව දෙයක් තමයි මෙතන දී කර්ටිස් කියනවා Straight කියලාත්. ඒ මොකද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේද?



05. Family Reunion
ලාන්ස් සහ එයාගේ පවුල කියන්නේ ඇරෝ කතාවේ ඉන්න අවාසනාවන්තම කට්ටියක්. ඔලිවර් කරපු දේවල් වලින් ගොඩක් කරදර වින්දේ මේ අය. අන්තිමේ දී මේ විදිහට හරි තාවකාලික සැනසීමක් ලැබුණ එක නම් ලොකු දෙයක්.



06. Blood Lust
අපි දැක්කා කලින් කොටස් වල දී තියා මුහුණ දීපු ගැටළු කාරී තත්ත්වය. සීසන් 03 වල දී රෝයි හාපර් මුහුණ දුන්නෙත් මේ වගේම දෙයකට. ආපහු සේරා සම්බන්ධයෙනුත් ඒ අය අනුගමනය කරන්න තීරණය කරලා තියෙන්නේ මේ දේමයි. ගිය සතියේ කොන්ස්ටන්ටීන් ගේ උදව්වෙන් සේරා ආපහු ගෙන්නුවාට මේ ප්‍රශ්නය හරියට විසදලා නෑ වගේ. 



07. Is that a paperweight? Oh no, it is poor Ray
මේ සතියේ කතාවේ ප්‍රධාන අවධානය යොමු උනේ රේ බේරා ගන්න එකට. මොකද මේ වෙද්දී රේ, ඩේමියන් ගේ පේපර්වේට් එකක් වෙලා ඉන්නේ. අන්තිමේ දී කට්ටිය කොහොම හරි රේ බේරා ගන්නවා. 


06. So much for a Superhero
රේ ව බේරාගන්න ඕනේ කරන උපකරණය හදන්න අවශ්‍ය කොටසක් තියෙන්නේ KORD ආයතනයේ. අපි මේ ආයතනයේ වැදගත් කම මීට කලින් කතා කලානේ. ගැටලුව තියෙන්නේ මේකයි. රේ බේරාගන්න ඕනේ තමයි. ඒත් එහෙම කියලා මේ විදිහට මංකොල්ල කාලා ආරක්ෂක නිලධාරියෙක් මරණාසන්න වෙනකල් පහර දෙන එක ඇරෝ ගේ ප්‍රතිපත්ති වලට එකඟද කියන එක ප්‍රශ්නයක්. ඔලිවර් සහ ෆෙලිසිටි දෙන්නා බැන ගන්න එක අනිත් අයට ඇහෙන එක නම් නියමෙටම තිබ්බා.


07. Lost in a storm
ඔලිවර් සහ ෆෙලිසිටි අතර දුරස් වීමක් මේ කතාව පුරාම තිබ්බා නේ. ඒ සිදුවීම් වලින් හොදම එක තමයි ඩිගල්ස් මැද ඉද්දි ඔලිවර් සහ ෆෙලිසිටි බහින් බස් වෙන එක. (බහින් බස් වෙනවා කිව්වට ෆෙලිසිටි බනිනවා, ඔලිවර් සමාව ඉල්ලනවා. කොහෙත් වෙන දේ නේ මේක). මේ වෙලාවේ ඩිගල්ස් ගේ මුහුණ බලන්න වටිනවා.


08. Like good old days
මතකද ඔලිවර් ගමන පටන් ගත්ත හැටි. ඔලිවර් සහ ඩිගල්ස් විතරයි. මේ දෙන්නා අතර තිබ්බ විශ්වාසය සීසන් 3 වල දී පොඩ්ඩක් බිඳ වැටුනා නේ. අපි දැක්කා මේ සීසන් එකේ දී ඒක ආපහු ගොඩ නැගෙනවා. දැන්නම් ඉස්සර පුරුදු විදිහමයි. දෙන්නා එකතු වෙලා පවුල් ප්‍රශ්න ගැන කතා කරනවා. ඇරෝ සීසන් 4 අනිත් සීසන් වලට වඩා ගොඩක් ඉදිරියෙන් තියෙන්නේ මේ වගේ දර්ශන හින්දා.

මත්ද්‍රව්‍ය භාවිතය අනතුරු දායකයි. ඔබේ හය හතර නොතේරෙන දරුවාට ඒ ගැන කියා දෙන්න

09. It is a family talk
මේ කතාවට අපේ පරණ චරිතයක් ආපහු එකතු වෙනවා. ඒ තමයි ෆෙලිසිටි ගේ අම්මා. එකපාරටම මෙයා මොකද ස්ටාර් සිටි වලට ආපහු ගෙන්නුවේ. සමහරක් විට මේක ෆෙලිසිටි ගේ තාත්තා ගැන තියන ෆෑන්-තියරි එකත් එක්ක සම්බන්ධ වෙන්න ඉඩ තියනවා. මොකද මෙතන දී ෆෙලිසිටි ගේ තාත්තා ගැන ටිකක් වැඩියෙන් අවධානය යොමු වෙනවා. 



10. More from Mr Terrific
අපි දන්නවා නේ මේ වෙද්දී කර්ටිස් එහෙමත් නැතිනම් අනාගත මිස්ටර් ටෙරිෆික් හැකියාවන් ගොඩක් තියන කෙනෙක් කියලා. ඔන්න පලවෙනි වතාවට එයාව මෙහෙයුම් වලටත් යොදා ගත්තා අද. මම නම් හිතන්නේ ඉස්සරහට මේ වගේ අවස්තා වැඩි වෙන්න පුළුවන්.



11. Some crazy fighting
අපිට මේ වෙද්දී බ්ලැක් කැනරි ලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නාත් එක්ක තියා එකතු උනාම ලොකු දෙයක් කරන්න පුළුවන්. ඩේමියන් ගේ මුලස්ථානෙට පහර දීපු වෙලාවේ මේ තුන්දෙනා සටන් කරපු විදිහ දැක්කම ඒක හොදටම පැහැදිලියි.


12. Gone for the greater good
මේ දේ අපිට ඇරෝ සහ ෆ්ලෑෂ් කතා දෙකේම දකින්න තිබ්බා. ඒ තමයි කතාව පුරාම එක චරිතයක් බේරා ගන්න ලොකු අවධානයක් දෙනවා. හැබයි ඒ චරිතේ බෙරාගත්තට පස්සේ එකපාරටම එයාව කතාවෙන් අයින් කරනවා. මේකට හේතුව මොකක්ද කියලා දන්නවානේ. ඒ Legends of Tomorrow කතාවට අවශ්‍ය පසුබිම සකස් කරන්න නේ. ඒ හින්දා අපිට සිද්ද වෙනවා රේ දිගටම මැරිලා ඉන්න තීරණය කිරීම සහ සේරා එයාගේ අම්මා හම්බෙන්න සෙන්ට්‍රල් සිටි වලට යන එක ගැටලුවක් නෑ කියලා පිළිගන්න. හැබයි මේකෙන් වෙන්නේ මේ කතාවට ලොකු හානියක් වෙන එක. 


13. Yes, That's Exactly What We Need
ඇත්තටම ෆෙලිසිටි ගේ අම්මා සහ ලාන්ස් අතර ඇතිවෙන්න යන මේක නම් කතාවට අවශ්‍යද කියලාත් හිතෙනවා. කමක් නෑ ඔන්න ඔහේ ඉතින්


14. It is not the only romance
ඒක විතරක් නෙවේ අපිට දකින්න හම්බුනු එකම ආදර සම්බන්ධය. තියා සහ ඇලෙක්ස් අතර සම්බන්ධයත් ටිකක් වර්ධනය වෙන්න යන්නේ.


15. Something big (small) is coming
ඩේමියන්, රේ ව හිරකරලා තියා ගන්නේ ලොකු සැලසුමක් ඇතිව. අපිට ඒ මොකක්ද කියලා නම් තවම කියන්න බෑ. හැබයි ඉස්සරහට අමුතු අමුතු දේවල් බලාගන්න පුළුවන් කියන එක නම් ෂුවර්.


16. Flashbacks
කොන්ස්ටන්ටීන් ගේ ආගමනයෙන් පස්සේ ආපහු අතීත සිදුවීම් මන්දගාමිව යන්න පටන් අරගෙන තියෙන්නේ. බැරන් රයිටර් සාමන්‍යයෙන් දකින හොර නායකකුට  වඩා ගොඩක් වෙනස්. එයාගේ මැජික් සම්බන්ධය මොකක්ද කියන එක නම් තවම පැහැදිලි මදි.



මීට කලින් අපි නිකමට වගේ සඳහන් කෙරුවා අතීත කොටස් වලත් ඔලිවර් මිනිස්සු මරන්නේ නැතිව ඉන්න තීරණය කරලා කියලා. ඒත් ඒක එහෙම නෙවේ. අවශ්‍ය නම් ඒ පියවර උනත් තියන්න ඔලිවර් පසුබට වෙන්නේ නෑ.


Bonus
Ray Palmer's Iron Deficiency 
ඇරෝ කතාවේ නිර්මාතෘවරුන් හැම වෙලාවෙම ප්‍රේක්ෂක මතය ගැන අවධානයෙන් ඉන්නේ. ඒ හින්දාම කලින් කොටසක අපිට දකින්න හම්බුනා ඩිගල්ස් ගේ හෙල්මට් එකට විහිළු කරපු අවස්තාවක්. ඒ වගේම NBC ආයතනයේ ක්‍රියා කලාපය විවේචනය කිරීමක් ගිය සතියේ දකින්න හම්බුනා. මේ සතියේ ඒ වගේ අවස්ථාවක් තිබ්බා. රේ පාමර් ගේ ඇඳුම මුලින්ම එලියට දාපු වෙලාවේ ගොඩක් අය එයාව Iron Man ට සමාන කළා. ඇඳුම විතරක් නෙවේ හැකියාව පවා ඒ විදිහම තිබ්බා. හැබයි මේ මෙතන දී කියනවා රේ පාමර් ට යකඩ ඌනතාවයක් තියනවා කියලා. ඒ කියන්නේ මෙතනින් එහාට අයන් මෑන් ගේ සමාන කම ඉවරයි කියන එක.



attila_THE_hun

2 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න