"CHAOS THEORY" - Review
*** >> Spoiler Alert << ***
*** >> Spoiler Alert << ***
- Spoilers Evreywhere.. Read at Your own Risk
සතියක විරාමයකට පස්සේ ඔන්න ආයෙත් Agents of S.H.I.E.L.D. review එක අරගෙන එන්නයි සූදානම් වෙන්නේ. කථාමාලාව දැන් එන්න එන්නම අති සාර්ථකව ඉදිරිපත් වෙනවා. අලුත් චරිත සහ පරණ චරිත අතරේ ගැටීම් වලින් දැන් කථාව Civil War දක්වා ගෙනියන බවකුයි පේන්නේ.ඒ වගේම තවත් දෙයක් කියන්න ඕන. අපි අපේ Comic Script පේජ් එකේ ඇඩ්මින්ලා, ෆෑන්ස්ලා වෙනුවෙන් මේ රිවිව් දෙන්න ගොඩක් මහන්සි වෙනවා. මේක සල්ලි බලාගෙන කරන දෙයක් නෙවයි නිසා අපිට සමහර අවස්ථා වලදි අපේ 100% කැපවීම දෙන්න බැරි වෙන්න පුලුවන්. මොකද අපිත් ලොකු වැඩ ගොඩක් කරන අතරෙ තමයි මේ හැම දෙයක්ම කරන්නෙ. ඒ නිසා මේ review කියවලා නිකම්ම යන්න එපා. Comic Script page එක වෙනුවෙන් පොස්ට් එක පිළිබඳව අදහසක් දක්වන්න පුලුවන් නම් අපිට ඒ දේ ගොඩක් වටිනවා. එහෙනම් මේ සතියේ episode එක ගැන කථා කරමු..
1 - Andrew is an Inhuman
කලින් සතියේ අපිට Andrew තමයි Lash කියන්නේ කියලා Von Struckerගෙන් දැනගන්න ලැබුණා හැමෝටම මතක ඇතිනේ. ඔන්න අපි හැමෝටම ප්‍රශ්නයක් වෙලා තිබුණු තව කරුණකට මේ පාර episode එක පටන් ග්අන්නකොටම උත්තර ලැබුණා. ඒ තමයි Andrew කොහොමද Inhuman කෙනෙක් වුණේ කියන එක ගැනයි. අපි දැක්කා Joye ඇතුළු අනිත් Inhumansලා fish pills වලට එකතුවුණු Terrigen Mist එක නිසා Inhumansලා බවට පත්වෙලා තියෙනවා. නමුත් Andrew මේ ක්‍රියාවලියට භාජනය වෙන්නේ Terrigen Mist එකට කෙළින්ම නිරාවරණය වීම නිසායි. ඒ Jiayingගේ දිනපොතේ අඩංගුවෙන Terrigen Mist එක පොත විවෘත කරනවාත් එක්කම සක්‍රිය වෙන නිසායි. මේ දිනපොතේ අඩංගුවෙන දේවල් නිසා මට හිතෙන විදියට නම් මේ දිනපොත කථාමාලාවේ ඉස්සරහට ලොකු සාධකයක් වේවි.
ඒ වගේම Andrew කෙළින්ම නිරාවරණය වූවා නම් ඔහු Lash බවට එක්වරම පත්වෙලා ඒ ස්වභාවය හැමවෙලාවෙම පවතින්නේ නැත්තේ ඇයි කියන ගැටළුවත් මෙතනදී ඉස්මතු වෙනවා. සාමාන්‍යයෙන් Inhuman කෙනෙක්ට තමන්ගේ ස්වභාවය ආයෙත් සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ තත්වයට පත් කරගන්න බැහැ. ඒත් Lash යළි Andrew බවට පත්වෙන කොටස ටිකක් අසාමාන්‍යයි. මේ නිසා Lashට උදව් කරන වෙන බලගතු Inhuman කෙනෙක් ඉන්නවා කියලත් මට වෙලාවකට හිතෙනවා. නැතිනම් Andrew ATCU එක සමඟ හෝ වෙනත් සංවිධානයක් එක්ක එකතුවෙලා වැඩකරනවා කියලත් මේ episode එක අන්තිමට වෙන දේ දැක්කායින් පස්සේ හිතෙන්න පුළුවන්.
2 - May is Suspecting Andrew
Werner Von Struckerගේ ප්‍රකාශයත් එක්ක Agent Mayට Andrew ගැන සැක හිතෙනවා. ආයෙත් SHIELD HQ එකට ආපු ගමන්ම ඇය කරන්නේ Andrewගේ flight records සහ ඔහුගේ blood sample එක සොයා බැලීමයි. එහිදී ඇයට දැනට වාර්තා වුණු Inhuman මරණයන්ට සැතපුම් 30කට නුදුරු ප්‍රදේශයන්ට Andrew ගොස් තිබෙන බව සොයාගන්නවා. ඒ වගේම Andrewගේ Blood Samples SHIELD database එකෙන් delete වෙලා කියලත් ඇය සොයාගන්නවා. මේ නිසාම ඇය SHIELD එකේ Training Facility එකක් වන 'The Cocoon' එක වෙත යනවා. මේ අවස්ථාවේදී Andrew සිටින්නේ අපිට 1වෙනි episode එකේදි හමුවුණු Joey Gutierrezගේ හැකියාවන් පරීක්ෂා කරමිනුයි. වහාම එතනින් Joeyව පිටත් කරන Agent May තමන් සියල්ල දන්නා බවත් ඇයට ඇත්ත පවසන ලෙසත් පවසනවා. නමුත් කෝපයට පත්වන Andrew ඇයට Icer එකකින් වෙඩි තබා ඇයව රැගෙන යනවා.
3 - Werner Von Strucker is ALIVE!!
හැමෝවම පුදුමයට පත්කරපු මේ ආරංචිය මං හිතන්නේ Captain America: Civil War දක්වාම කථාබහට ලක්වේවි කියලයි. අපි ඔක්කොම අහුවුණා මේ දේට. ඔව් ඇත්තටම Werner Von Strucker මැරිලා නැහැ. එහෙනම් ඊලඟ episode එකේ ඉඳන් ආයෙත් අපිට මෙයාව බලාගන්න පුළුවන් වේවි. සමහරවිට මේ දේ දැනගත්තාම Wardට සහ Gideonට ගොඩාක් කේන්ති යන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම Kebo මැරිලා කියලා confirm වුණු නිසා HYDRA Commanding Unit එකට අලුතෙන් කෙනෙක් එකතු වේවි.
4 - Inhuman Development
ඔන්න දැන් නම් කථාව Secret Wars තේමාව ගැන අපිට ඉඟි ගොඩක් දෙන්න පටන් අරන් තියෙන්නේ. ලබන සතියේ ඒ ගැන ගොඩක්ම කියවෙයි. කොහොමවුණත් මෙතනදී අපි විශේෂයෙන්ම කථා කළ යුතු වෙන්නේ Joey Gutierrezට තමන්ගේ බලයන් පාලනය කරගන්න හැකිවීමයි. මේක හොඳ සලකුණක්. ඉස්සරහට එන episode වලට ඉක්මනින්ම අපිට Joey ඇතුළු SHIELD එක සතු අනිත් Inhumanලා බලාගන්න පුළුවන් වේවි කියන එකට ඉඟියක් හැටියටත් මේක සඳහන් කරන්න පුළුවන්.
5 - Fitz's Discovery
අපේ Fitz දැන් වීරයෙක් වෙන්නයි යන්නේ. තමන් ආදරය කරන ගෑණුළමයගේ හිතේ තියෙන අරමුණ ඉටු කරන්න Fitz සෑහෙන්න මහන්සි වෙනවා. ඒ නිසාම තමයි Simmonsගේ phone එකේ data recover කරගන්න ඔහු මහන්සි වෙන්නේ. කොහොම හරි Fitzගේ වැඩේ සාර්ථක වෙනවා. ඒ අනුව ඔහු සියලුම data ටික recover කරගෙන ඒවා විශ්ලේෂණය කරන අතරේදී Simmons Will එක්ක ගත්තු photo එක ඔහු දකිනවා. ඒ මොහොතේ ඔහුගේ හිතට දුකක් දැනුණු නමුත් Simmons ගේ අනිත් videos හැම එකකම වගේ ඇය තමන් ගැන බලාපොරොත්තු තබාගෙන සිටින බව ඔහු දකිනවා. මේ නිසාම ගැඹුරු විශ්ලේෂණයක නිරතවෙන Fitzට Will හැඳ සිටින shirt එකේ ඇති සලකුණක් ගැන සමානාත්මතාවක් දකිනවා. මේ වගේම සලකුණක් ඔවුන් කලින් simmonsව ගෙන්නගන්න portal එක විවරකරපු castle එකේත් දකිනවා. මේක NASA එකට වඩා වෙනස් සංවිධානයකින් කරපු දෙයක් හැටියටයි Fitz දකින්නේ. සමහරවිට මේ සිද්ධිදාමයට 3වන පාර්ශවයකුත් සම්බන්ධ වෙන්න ලොකු ඉඩක් තියෙනවා.
6 - Lincoln knows Lash is a SHIELD Agent!
Lincon මෙච්චර කාලයක් හැංගිලා කළේ මොකක්ද කියලා අපිට දැන් තේරෙනවා. එයා Afterlife එකේ හිටපු අනිත් Inhumansලාට මොකද වුණේ කියලා හොයන්නයි ගිහින් තියෙන්නේ. මෙතනදී දැනට මියගොස් සිටින්නේ අර Jiayingගේ දිනපොතේ සඳහන්වෙන Inhumansලා බවLincon හොයාගන්නවා. ඒ අනුව ඔහු Mackගේ උදව් ඇතිව මේ දිනපොත කවුරුන් සතුව තිබෙනවාද යන්න සොයාගන්නවා. ඌප්ස් දැන් ඉතින් Andrewගේ හැංගි හොරා සෙල්ලම ඉවරයි. Mack හොයාගන්නවා Inhumansලා ගැන විස්තර අධ්‍යයනය කරන්න SHIELD එකෙන් පත් කරලා තියෙන්නේ Dr. Andrew Garnerව කියලා. ඔන්න ඒක දැනගත්තට පස්සේ Lincon ආයෙත් SHIELD එකට එනවා. ඇවිල්ලා මේ හැමදේම Daisy. Coulson ඇතුළු පිරිසට කියනවා. ඔය අතරෙමයි Coulsonට Agent May සහ Dr. Garner අතුරුදහන් වෙලා කියන පණිවිඩේත් එන්නේ. එහෙනම් Linconගේ සැකේ හරියටම හරි.
7 - Lash's Inhuman Hunt
ඔන්න Andrew හැමදේම Mayට කියනවා. එයා කොහොමද Lash වෙන්න පටන්ගත්තේ, කොහොමද එයා හැමදේම ඒ විදියට වෙන්න ඕනේ කියලා තීරණය කළේ කියන දේවල් හැම එකක්ම ඔහු කියනවා. ඒ වගේම Inhumansලා මරන්න තීරණය කළේ කියන එකත් ඔහු කියනවා. බලයන් පාලනය කරගන්න බැරි, තමන්ට ඒ බලයන් ලැබුණු එක කරුමයක් කියලා හිතන අයව Lash මරලා දාන එක ගැනත් ඔහු කියනවා. නමුත් Andrew කියන චරිතේ මේ දේට කැමති නැහැ ඒත් Lash මේ හැමදේම කරවනවා කියලත් ඔහු කියනවා. මේක හරියටම Bruce Banner සහ Hulkගේ කථාව වගේමයි. වෙනසකට තියෙන්නේ Bruce Banner Hulk වුණාම නරක කෙනෙක් නොවීමත් Andrew Lash වුණාම නපුරු කෙනෙක් වීමත්යි. ඒ වගේම Andrew තාමත් සම්පූර්ණ Inhuman කෙනෙක් බවට පත්වෙලා නැහැ. තාම සම්පූර්ණ Inhuman කෙනෙක් වන ක්‍රියාවලිය ඔහු සම්පූර්ණ කරලා නැහැ. මේ නිසා Andrew සම්පූර්ණයෙන්ම ඒ ක්‍රියාවලියට කැමැත්ත දැක්වුවහොත් ඔහු සදාකාලිකවම Lash විදියට හිඳීවි කියන එකයි.
8 - Hunt For Lash
Agent Mayව සහ Dr. Garnerව සොයා SHIELD එකෙන් සහ ATCU එකෙන් පිරිස් එක්ව පිටත්ව යනවා. ඔවුන්ගේ අරමුණ Lash/Andrewව අල්ලා ගැනීමයි. කොහොම නමුත් Linconගේ හදිසි කෝපය නිසා මේ සැලසුම පොඩ්ඩක් අවුල් යනවා. තමන්ගේ වර්ගයා ගැන තීරණ ගන්න Lashට බලය දුන්නේ කවුද කියන දේ Lincon විමසනවා. ඒ මොහොතේම Andrew 'Lash Out' වෙලා Lash බවට පත්වෙනවා. Linconගේ සහ Lashගේ ගැටුම දුරදිග යෑමෙන් Coulson, Rosalind, ATCU, Mack, Daisy සහ May සියළුදෙනා මැදිහත් වෙනවා. නමුත් Lashව නවත්තන එක එච්චට ලේසි වෙන්නෙ නැහැ. වෙඩි උණ්ඩ වලින් Lashට කිසි හානියක් වෙන්නෙ නෑ. නමුත් අන්තිමට May Lashව යළි Andrewගේ ස්වරූපය බවට පත්කරගන්නට සමත් වෙනවා. ඒ වහාම තමන්ගේ සැබෑ උණ්ඩ සහිත තුවක්කුවෙන් Andrewට වෙඩි තබා ඔහුව SHIELD Container එක තුළට ඇද දමන්න සමත්වෙනවා. වෙඩි තබනවාත් සමඟම Andrew යළි Lash බවට පත් වූවත් Container එක තුළින් එවනු ලැබූ වායුවකින් ඔහුව සිහි නැති කරන්නට පිරිසට හැකි වනවා. ඒ අනුව Andrew යළි Lash බවට පත් නොවන්නට Rosalindගේ කඳවුරේ කුටියකට යවන්නට Agent May කැමැත්ත පළ කරනවා.
9 - Hail HYDRA!!
SHIELD එක Lashගේ ප්‍රශ්නේ එක්ක ගණුදෙනු කරද්දී ඔන්න Ward, Gideon එක්ක එකතුවෙලා SHIELD එක වට්ටන්න ප්ලෑන් කරනවා. Wardගේ අදහස වෙන්නේ Coulsonව ඉවරයක් කරලා දාන්න. මොකද Coulsonගෙන් පස්සේ SHIELD එකට නායකත්වය දෙන්න කෙනෙක් තාමත් හොයාගෙන නැති නිසා. බැරිවෙලාවත් මේ දේ වුණොත් Civil War වලදී Iron Manට SHIELD එකේ නායකත්වය ලැබෙන්නත් ඉඩ තියෙනවා. ඒත් ඒ දේ වේවි කියලා හිතන්න අමාරු කාරණාවක්. කොහොම නමුත් Gideon පේනවට වඩා සෑහෙන ගේමක් ගහනවා වගේ පේන්නේ. එහෙනං ඒ ප්ලෑන හරිගියොත් හේල් හයිඩ්‍රා!! තමයි ඉතින්.
10 - Rosalind’s Loyalties
හැමදාම වගේ post credits scene එක කථාවේ hype එක සම්පූර්ණම උඩට ගෙන එන්න සමත් වෙනවා. Ward Coulsonගේ ඔලුව කපලා දාන්න ලෑස්තිවෙද්දි ඒ අතරේ Gideonගේ phone එකට call එකක් එනවා. WTF!! ඒ call එක Rosalind Priceගෙන්. එහෙනං Rosalind කියන්නේ HYDRA member කෙනෙක්ද? Meeting එකට Coulsonව එක්කන් එන්න බැරිවීම ගැන ඇය ඔහුට සමාවෙන්න කියනවා. එහෙනං presidentව හම්බෙන්න යනවා කියලා Coulsonට කියන්නේ බොරුවක්. ඒ වගේමයි Gideon call එක answer කරද්දි කථා කරන්නේ Ms. Price කියලා. එහෙනං මෙයා බැඳලා කිව්ව එකත් බොරුවක්. මොකාටද මෙයා ලෑස්ති වෙන්නේ? දැන් නං ගෑනු කට්ටියව විශ්වාස කරන්නත් බයයි වගේ.
11 - They KISSED!!
හැමදාම වගේ post credits scene එක කථාවේ hype එක සම්පූර්ණම උඩට ගෙන එන්න සමත් වෙනවා. Ward Coulsonගේ ඔලුව කපලා දාන්න ලෑස්තිවෙද්දි ඒ අතරේ Gideonගේ phone එකට call එකක් එනවා. WTF!! ඒ call එක Rosalind Priceගෙන්. එහෙනං Rosalind කියන්නේ HYDRA member කෙනෙක්ද? Meeting එකට Coulsonව එක්කන් එන්න බැරිවීම ගැන ඇය ඔහුට සමාවෙන්න කියනවා. එහෙනං presidentව හම්බෙන්න යනවා කියලා Coulsonට කියන්නේ බොරුවක්. ඒ වගේමයි Gideon call එක answer කරද්දි කථා කරන්නේ Ms. Price කියලා. එහෙනං මෙයා බැඳලා කිව්ව එකත් බොරුවක්. මොකාටද මෙයා ලෑස්ති වෙන්නේ? දැන් නං ගෑනු කට්ටියව විශ්වාස කරන්නත් බයයි වගේ.
11 - They KISSED!!
මෙච්චර කල් බලන් හිටපු දේ ඔන්න වුණා. Coulson සහ Rosalind දෙන්නා kiss කරා ඊට කලින් වෙච්ච දේ ගැන කියන්න ඕනෙ නැහැනේ. Rosalind එයාගේ blouse එකේ බොත්තම් දාන ගමන් හිටියේ. ඒ වගේම Coulson එයාගෙ ටයි ගැටය ගලවලා හිටියේ. හෝ.. හෝ.. බලන් යනකොට Coulson වැඩකාරයා ඈ. කොහොමහරි මට මෙහෙමත් හිතෙනවා. Coulson, Rosalind ගැන
හොයන්න එයාට ටිකක් ළං වුණාද කියලත්. එක්කො Coulson අහු උනාද කියලත් හිතෙනවා. වැඩේ සංකීර්ණයි. ''Coulson, You are dating the wrong B*tch'' කියලා තමා අන්තිමට කියන්න වෙන්නේ.
හැමදාම වගේ මේ සතියෙ episode එක සාර්ථක episode එකක් කියලා තමයි කියන්න තියෙන්නේ. නළු නිළියන් ඉතා සාර්ථකව තමන්ගේ චරිත රඟදක්වන්නට සමත් වෙනවා. ඒ වගේම Daisy, Lincon සහ Joey තමන්ගේ බලයන් සාර්ථකව මෙහෙයවන්නට සමත්වෙනවා. Agent May emotional වෙනවා අපිට බලාගන්න ලැබුණා. Lashගේ තව වැඩකෑලි ටිකක් ආවනම් හොඳයි කියලත් මට හිතුණා. ඒත් ඉස්සරහට ආයෙත් Lashව අපිට බලාගන්න පුළුවන් වේවි කියලයි මට හිතෙන්නේ. Epic ending එකක් එක්ක ලබන සතියට කථාව සම්බන්ධ කරපු විදිය නම් සුපිරියි. ඒ වගේම ලබන සතියේ අපිට Rosalind ගැන වැඩි විස්තර දැනගන්න ලැබේවි. ගොඩක් දුරට අලුත් Inhumansලා සහ Secret Warriors කණ්ඩායම official විදියට ගොඩනැගෙන්නත් ඉඩක් තියෙනවා.
Agents of S.H.I.E.L.D. continues next Tuesday with ‘Many Heads, One Tale’ at 9pm on ABC. Check out a preview below:
#SmAsHeR
Thanks
ReplyDeletemehema mama hithtanne ita kalinuth Coulson oya wage wada karala thiyenawa anthimata baladdi eka master plan ekak. ithin mama hithanne mekath ehema ekak wenna oneh.
ReplyDelete