The Flash S02E06 - Enter Zoom
#Scarlet_Speedster
මේ එපිසෝඩ් එකේ අපිට බලන්න ලැබෙනෙ ගොඩක්ම ෆ්ලෑශ් ඇතුලු කට්ටිය සූම්ව අල්ල
ගන්න දරන උත්සහය තමයි. ඒක නිසාමද කොහෙද මේ පාරනන් ගිය සතියෙ එක තරන් හොද නෑ
මටනන්. හැබැයි පුදුමයට වගේ imdb එකේ මේ එපිසෝඩ් එකට 9.7ක් ගන්න පුලුවන්
වෙලා තියෙනවා කලින් එපිසෝඩ් එකට ලැබිල තියෙන්නෙ 9.1 විතරයි.
01. මුලින්ම
අපිට දකින්න ලැබෙනවා ඩොක්ටර් ලයිට් සහ බැරී එකගතාවයකට එනවා. ඒතමයි සූම්ව
කොහොමහරි අල්ලගන්න එක, ඒත් ලයිට් එයාගෙ පොරොන්දුව කඩ කරලා හිරෙන් පැනලා
යනවා ඇදුම් සේරමත් ගලවලා දාලා. ( ඒ කියන්නෙ ලින්ඩා අදුම් නැතුව තාමත්
සෙන්ට්රල් සිටි වල සැරිසරනවද ?
කොහොමරි ලින්ඩා පැනපු නිසා බැරීට සූම්ව අල්ලගන්න වෙන ක්රමයක් හොයාගන්න
වෙනවා. එතකොට තමයි බැරීට අර්ත් 1 ලින්ඩව ඩොක්ටර් ලයිට් විදිහට අන්දලා සූම්ව
අල්ලගන්න අදහස එන්නෙ. කොහොමහරි ඔයගොල්ලන්ට තේරෙන්න ඇතිනෙ මේක එච්චර හොද
අදහසක් නෙවේ කියලා.
02. සිස්කොට අමුතුම විනෝදාංශනෙ තියෙන්නෙ
03. මෙතන
තමයි මුලු එපිසෝඩ් එකේම ෆන්ම කොටස. ලින්ඩා එඅර්ත් 2 ලින්ඩ විදිහට රගපාන එක
කොහොමහරි සූම්ට තේරෙන්න ඇති ඒකත් ඉතින් පුදුම වෙන්න දෙයක් නෙවේනෙ සොරි
ලින්ඩා ඔයාට රගපාන්න තේරෙන් නෑ
04. මෙතනදි මට විතරද ගුවේන් ස්ටේසිගෙ මරණය මතක් උනේ? කොහොමහරි ටෝනි ටොඩ්ගෙ වොයිස් එක නිසා සූම්ව දැක්කත් ඇගේ හිරිකඩු පිපෙනවා. ( සමහට විට ඒ මට විතරක් වෙන්න් ඇති)
05. බැරීට
කොච්චර පුහුණුවක් තිබුනත් සූම් බැරීව කිසිම ගේමක් නැතුව පරද්දනවා. කොමික්
වලට අනුවනන් සූම්ට පුලුවන් කාලය පාලනය කරන්න, කාලයෙ වේගෙ අඩු කරන්න, ඒක
නිසා සූම්ට ෆ්ලෑශ් උනත් පේන්නෙ හෙමින් යනවා වගේ. බැරී ලයිට්නින් බෝල්ට් එක
විසිකරනකන් සූම් කිසිම දෙයක් නොකර බලන් ඉදලා ඒක විසි කරාම සූම් ඒක අරන්
ආපහු බැරීගෙ දිහාවට විසි කරපු එකෙන් මට හිතෙන්නෙ මේ ශෝ එකේ සූම්ටත් කාලයෙ
වේගෙ අඩු කරන්න පුලුවන් කියන එක ඔප්පු වෙනවා.
ඒවගේම කේට්ලින් ස්නෝට රගපාන
ඩැනියල් පැනබේකර් එක්ක තිබුන ඉන්ටවිව් එකකින් එයා කියලා තියෙනවා තව ඉස්සරහට
සූම්ගෙ අලුත් පවර්ස් දැකගන්න පුලුවන් වෙයි කියලා.
06. ආආආ
අසරණ බැරී, දැන් එයාගෙ කකුල් දෙක පණ නැති නිසා ඊලග එපිසෝඩ් එකේ ගොරිල්ලා
ග්රොඩ් ආවම බැරී මොනා කරන්නද ? ස්පීඩ් එක නැතුව ග්රොඩ්ව පරද්දන්න
ක්රමයක් හොයා ගන්න වෙයි කට්ටියට
07. ආ
පැටී, කොච්චර දැක්කත් එපා වෙන්නෑ. දැන් පැටී විතරයි ෆ්ලෑශ් ගැන දන්නැත්තෙ.
ඒත් බය වෙන්න එපා කොමික් ෆෑන්ස්, දැනටමත් පැටීට බැරී මොකක් හරි හංගනවා
කියලා සැකයක් ඇති වෙලා තියෙන පාටක් තියෙන්නෙ. ලගදිම පැටිත් ටීම් ෆ්ලෑශ්
එක්ක එකතුවෙයි.
08. යප්,
අර්ත් 2 එකේ බැට්මෑන් කවුද? මොකක් බ්රූස් වේන් නෙවෙයි ? එහෙනන් කවුද?
එර්ත් 2 බැට්මෑන් තමයි බ්රූස්ගෙ තාත්තා තෝමස් වේන්. ඇරොත් ඉතින් බැට්මෑන්
වෙන්න හදන එකේ එයාගෙ තාත්තා රොබර්ට් අර්ත් 2 බැට්මෑන් වෙන්න හැදුවට මොකෝ? කොහොමහරි මේක හොද reference එකක් සමහර විට හින්ට් එකක් වෙන්නත් පුලුවන් කවුද සූම් කියන ප්රශ්නෙට.
09. ඕ
යෙස්, ඔයාට ඇහුන හරි මෙයා තමයි ජෙසී කුයික්. කොමික් වලනන් මෙයාගෙ තාත්තා
ජොනතන් චැම්බර්ස් එහෙමත් නැත්තන් ජොනී කුයික්. හැබැයි මේකෙනෙන් මෙයාගෙ
වාසගම චැම්බර්ස් නෙවේ වෙල්ස්. අපි බලමුකො කොමික් වල වගේ මෙයාටත් ස්පීඩ්
ෆෝර්ස් පවර්ස් ලැබෙයිද කියලා.
ඉතිං බං සිස්කෝට තිබ්බනෙ අරකිගෙ ඇදුම් අල්ලල ඉන්නෙ කොහෙද කියල බලා ගන්න ��
ReplyDeleteඅද නං review එක මෙලෝ රහක් නෑ මට නං තරහකට නෙවෙයි කිව්වෙ හදිස්සියට ඕනවට එපාවට ලියල වගේ
හැම සුපර්හීරෝ කෙනෙක්ගෙම ස්ටෝරි එක ඒ වගේ වෙනස් වෙන්නෙ නෑ මචෝ. ඒක බැට්මෑන් ගැන කරපු රිෆරන්ස් එකක් වගේ එකක්.
ReplyDeleteමේක review එකක්ද බම් අවුලක් ගන්න නම් එපා මට නම් අද review අවුල් වගේ..
ReplyDeleteඅද Review ඒක අවුල් තමයි
ReplyDelete. මෙතනදි මට විතරද ගුවේන් ස්ටේසිගෙ මරණය මතක් උනේ? කොහොමහරි ටෝනි ටොඩ්ගෙ වොයිස් එක නිසා සූම්ව දැක්කත් ඇගේ හිරිකඩු පිපෙනවා. ( සමහට විට ඒ මට විතරක් වෙන්න් ඇති)
ReplyDeletemachan me tiaka therunna bn mata me charitha mathakath na bn me para review eka madi
kohoma unath godak isthuthi ahh wechcha mahansiyata