Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Gotham s02e08 Review

Gotham s02e08 Review
Gotham s02e08 - Tonight's the Night Review
******* Spoiler Alert *******


හැම සතියකදීම වගේ මේ පාරත් ගෝතම් කතාව ලොකු පෙරලියක් ඇති කළා කිව්වොත් මම හිතන්නේ මම හරි.. අනිත් කොමික් ආශ්‍රිත කතාවන්ට චරිත සංවර්ධනයක් තියෙන නිසා සහ සතියේ මුලින්ම අපිට බලන්න ලැබෙන කතාව නිසාම මන්දා අනෙක් ඒවාට වඩා වෙනසක් අපිට හැමදාම ගෝතම් වලින් දකින්න ලැබුනේ. කොහොම උනත් මේ පාර කතාවේදී කෙලින්ම කොමික් වලට සම්බන්ධ කරුණු එතරම් ම දකින්න නොලැබුනත් වැදගත් දේවල් කිහිපයක්ම සිද්ද උනා..


01 - Was it a dream? - මේ පාර කතාව පටන් ගන්නේ බාබරා කීන් දකින හීනයකින්. මේ හීනය තමයි මේ පාර කතාවට අත්තිවාරම දැම්මේ කියල කියන්න පුළුවන්,මොකද මේ හිනයෙන් මෙවර කතාවේ සිද්ද වෙන්න පුළුවන් දේවල් ගැන කලින්ම ඉඟි කළා.. ඒ සේරමටත් වඩා පලවෙනි විනාඩි කිහිපය තුල බාර්බරා තුල තියෙන උමතු බව, භය, යටි අරමුණ පෙන්නුවා වගේම ඒ දේවල් සාර්ථකව අපිට කියන්න ආලෝකකරණය, කැමරාකරණය සහ විශේෂයෙන්ම රංගනය යොදාගත්ත විදිහ ඉතාමත් අපුරුයි..

බාර්බරා හීනෙන් දකින්නේ එයා ජිම් එක්ක විවාහ වෙන්න යනවා. මෙතැනදී විවාහයේ පෙරහුරුව තමයි කරන්න යන්නේ. කතාව මැද හරියක බාබරා කියන දෙකින් හිතෙනවා සමහරවිට මේ දෙන්න විවාහ පෙරහුරුවත් කරලා තියෙන්න ඇති කියලත්. බාබර කතාවේ තැන් කිහිපයකදීම ජිම් ව මරන්න ඕනේ කියල කිව්වත් එයාගේ යටි හිතෙන තාමත් ඕනේ කරන්නේ ජිම් එක්ක විවාහ වෙන්න.. හැබැයි ගෝතම් කතාව තුලදී නම් මේ දෙන්නට විවාහ වෙන්න පුළුවන් බවක් නම් පේන්න නෑ..
ඒ කොහොම උනත් කොමික් වලදී නම් මේ දෙන්න විවාහ වෙනවා. මේ දෙන්නට ජේම්ස් ගෝර්ඩන් ජූනියර් කියල ලමයකුත් ඉන්නවා.. ජේම්ස් ගෝර්ඩන් ජූනියර් කියන්නේ කවුද සහ මොන වගේ කෙනෙක්ද කියල නිව් 52 ඩෙත් ඔෆ් ද ෆැමිලි කතාව ටයි ඉන්ස් එක්ක කියෙව්වනම් මතක ඇති..


මෙතැනදී බාබරාගේ කටින් කළු පාට කුරුල්ලෙක් එලියට එනවා එයා දකිනවා,මම කලින් කිව්වනේ මේ හිනයෙන් කතාවේ ඉස්සරහ ගැන අපට ඉඟියක් දෙනවා කියල. කළු කුරුල්ලෙක් කට ඇතුලේ ඉඳන් එලියට එනවා කියන්නේ අසුභ පෙරනිමිත්තක්. මේකෙන් කියවෙන්නේ ඉස්සරහට කරදරයක් සිද්ද වෙනවා කියල. තවත් පැහැදිලි කරනවා නම් අනෙක් අයට කරපු සිත් රිදවිමකට තමන්ටම විඳවන්න වෙනවා කියන එක තමයි මේ පෙරනිමිත්තේ තේරුම. ඒ දේ කොච්චර දුරට ඇත්තද කියල අපේ යාලුවන්ට මතක ඇතිනේ..



02 - let's catch the mayor - කලින් සතියේදී තියෝ ගැලවන්  ගේ සැබෑ ස්වරුපය ගැන ජිම් දැනගත්ත නිසා එයාගේ සුදානම කොහොම හරි තියෝ ව නිතිය ඉදිරියට ගේන්න.. කැප්ටන් බාර්න්ස් මේ දේවල් ගැන සාවධානව අහගෙන හිටියත් ජිම් ට මතක් කරනවා නගරාධිපතිට චෝදනාවක් කරන්න නම් මිට වඩා සාක්ෂි හොයාගෙන ඉන්න ඕනේ කියල. 



03 - Her Presence is a Bad Luck - ගිය පාර බාබරා පොලිසිය ඇතුලට ආපු වෙලේ සාරා එසන්ස් ඇතුළු ගෝතම් පොලිසියේ බහුතරයකට එච්චර හොඳ උනේ නෑ. මේ පාරත් එහෙම්මම තමයි.. අත්අඩංගුවට ලක් උනත් බාබරා කතා කරන්නේ ජිම් ආවොත් විතරයි කියල කියන නිසා තියෝ ව අල්ලගන්න තියෙන අන්තිම තුරුම්පුව බාබරා නිසා ජිම් යනවා බාබර ගෙන් ප්‍රශ්න කරන්න.. ප්‍රශ්න කරන්න කිව්වට මෙතැනදී සුහද කතාවක් යන්නේ. අපිට මේ සීසන් එක පුරාම ජිම් ගේ ප්‍රශ්න කිරීම් දැකගන්න ලැබුනේ ටිකක් තර්ජනාත්මකව කියල මතක ඇති නේ, නමුත් මෙවර නම් එක එහෙම නෙමෙයි උනේ..


කොහොම උනත් කාටත් හිතාගන්න පුළුවන් බාබරා මේ කරන්නේ රඟපෑමක් සහ ජිම් ව උගුලකට අහු කරගන්න කියලා.. මොකද ජිම් ගේ මැදිහත්වීම නිසා සැලසුම් ඉක්මනින් ක්‍රියා කරවන්න තියෝ කල්පනා කරනවා. බ්රුස් ගේ දෙමව්පියන්ගේ ඝාතකයා ගැන කියල බවේන් සමාගම තමන් යටතට ගන්න නම් තියෝ ට සිද්ද වෙනවා ජිම් ව දර්ශනයෙන් අයින් කරලා දාන්න..



04 - theo and his evil plans - ජිම් එහෙම කාර්යබහුල ඉන්න වෙලාවේ තියෝ තමන්ගේ දැල බ්රුස්ට එලන්න සේරම සුදානම් කරගෙන ඉන්නේ.. සිල්වර් ගේ මායම් වලින් සහ තියෝ ගේ චාටු කතා වලින් බ්රුස් ගේ හිතේ බලාපොරොත්තු ඇති කරලා තමන්ගේ දුෂ්ට සැලසුම ක්‍රියාවට නංවන්න තමයි මේ සුදානම..



05 - I take you by night, by day take you back.. None suffer to have me, but do from my lack.. What am I? - නිග්මා ගේ මේ ප්‍රෙහෙලිකාව තේරුනාද? රැයේදි අපි වෙත එන, දවල්ට අපෙන් යන.. ආවට ප්‍රශ්නයක් නැතත් නැති උනාම දුකක් දෙන දේ ඉතින් වෙන මොකක්ද නින්ද මිසක්.. ක්රින්ගල් ට සුභ සදාකාලික නින්දක් පතන්න වෙන්න ඇති නිග්මා සුදානම් උනේ. ඒත් ඉතින් ඒ දේ කරන්න වැරදි වෙලාවක වැරදි තැනක හිටපු අවාසනාවන්තයෙක් ඉඩ දුන්නේ නෑ..
හීනයකින් පටන් ගත්ත ගෝතම් කතාව ඇතුලට නිග්මා ගේ නින්ද ගැන තේරවිල්ලක් දැම්මේ මොකද කියල ප්‍රශ්නයක් එන්න පුළුවන්.. නින්දක් නැතුව හිනයකුත් නෑ කියලත් ඕනේ නම් අපිට හිතන්න පුළුවන්. නමුත් තෙරවිල්ලට කලින් නිග්මා කියන දේ ඒකට උත්තරයක් අපිට දෙනවා වගේම මෙතෙක් කල් මට තිබුන ගැටලුවකට,පසුතැවිල්ලකට උත්තරයක්ද දෙනවා..
නිග්මා කියනවා ක්රින්ගල් ගේ මරණය කලින් එයා තමන්ගේ ඇතුළාන්තයත් එක්ක ගැටෙමින් හිටපු අසම්පුර්ණ පුද්ගලයාව සම්පුර්ණ කළා කියල.. ගෝතම් වල  නිග්මා ගේ මානසික ස්වාභාවය ටිකක් විකෘති බවක් පෙනෙන්න තිබුන නිසා මම ඒ ගැන ටිකක් කනගාටුවෙන් හිටියේ. නමුත් මෙතැනදී අපිට කියනවා නිග්මා කලින් ඉඳන්ම මේ තත්වයේ හිටියේ කියල.. එහෙනම් ඉස්සරහට මානසික අතින් ශක්තිමත් නිර්භීත එඩී නිග්මා ජෙනේජ්ව අපිට දැකගන්න ලැබේවි..



06 - judgment place - ආපහු පාරක් අපිට බැට්කේව් එක පෙන්නනවා.. තමන්ගේ ජීවිතේදී තමන් ගන්න පලවෙනි වැදගත් තීරණය ගන්න බ්රුස් හිතන්නේ මෙතන ඉඳගෙන.. ඉස්සරහට ගොඩක් වැදගත් තීරණ මෙතන ඉඳන් බ්රුස් ට ගන්න වෙනවා කියලා අපිට ඉඟියක් තමයි මේ දෙන්නේ.. 
අනික් කාරණය තමයි මෙතැනදී බ්රුස් අල්ෆ්රෙඩ් ගෙන් අහනවා තමන්ව පුහුණු කරන්න කොච්චර කාලයක් යයිද කියල.. අල්ෆ්රෙඩ් කියනවා ඒකට ගොඩාක් කාලයක් යයි කියල.. කොමික් වලදීත් බ්රුස් තමන්ට අවශ්‍ය කරනා ශාරීරික හා ආධ්‍යාත්මික පුහුණුවීම් සපුරාගන්න සෑහෙන කාලයක් වැය කරනවා.. නමුත් මට හිතෙන විදිහට මෙතැනදී අපිට මේ ඉඟි කරන්නේ ගෝතම් කතා මාලාවෙන් බැට්මෑන් ව බලාගන්න නම් තව ගොඩාක් කාලයක් යයි කියල වගේ..
තමන්ගේ තීරණය ගන්න අල්ෆ්රෙඩ් ගෙන් උපදෙස් ඉල්ලන එක සහ මෙතැනදී අල්ෆ්රෙඩ් සහ බ්රුස් අතර වෙන කතාබහ ඉතාමත් වටිනවා.. සමස්තයක් හැටියට බැලුවම මෙතෙක් මේ ගුහාව තුලදී අපිට පෙන්වපු අනෙක් දර්ශන වගේම මේ සිදුවීමත් ගොඩක් සංවේගී සහ වටිනා සිදුවීමක්..



07 - Death by Marriage - කතාව පටන් ගත්ත තැනටම අවසානයට කලින් අපිව ගෙනාවා. ජිම් ව විතරක් නෙමෙයි, ලී තොම්ප්සන් වත් බාබරා මෙතනට ගෙන්න ගන්නවා.. බාබරාට තමන්ගේ හීනෙ සැබෑ කරගන්න ලොකු උවමනාව තියෙනවා උනත් මේකෙදි සිද්ද උනේ නම් උදේ දැකපු භයානක හීනය සැබෑ වෙන එක.. මේනියැක්ස් කණ්ඩායම ගොඩනැගිල්ලක ඉඳන් පහලට මිනිස්සු ටිකක් අතහැරියා වගේ බාබරා ටත් සිද්ද උනේ පල්ලියේ උඩ ඉඳන් වැටෙන්න.. නමුත් මෙතැනදී මෙයාගේ ජීවිතේට නම් හානියක් උනේ නෑ..


මෙතැනදී බාබරා ගේ විවාහය සහ ලී තොම්ප්කින්ස් ගේ මුහුණේ හම ගලවනවා කියලා කරන තර්ජනය නිසා බාබරා තමයි ගෝතම් වලදී ජෝකර් වෙන්නේ කියන මතය දරන අයට තවත් රුකුලක් දුන්න. ඩෙත් ඔෆ් ද ෆැමිලි වලදී ජෝකර් බැට්ගර්ල් බාබරා ගෝර්ඩන් ව විවාහ කරගන්න යන එක සහ ජෝකර්ගේ සම රහිත මුහුණ විදිහට බැට්ෆැමිලි එකේ හැමෝගෙමත් මුහුණ විනාශ කරනවා කියල කරන තර්ජනය නිසා බාබරා කීන් ජෝකර් වෙනවා කියල ආපහු විශ්වාස කරන්න පටන් අරගෙන. මගේ නම් මේ මතය ගැන කිසිම විශ්වාසයක් නෑ සහ කොහෙත්ම වෙන්න බැරි දෙයක්..



08 - Boxed mayor - බාබරා ගේ කටින් ජිම් අල්ල ගත්ත තොරතුර නිසා හිටපු නගරාධිපතිව හොයා ගන්න ගෝතම් පොලිසියට පුළුවන් වෙනවා.. මේ දේ මෙච්චර ලේසි වෙච්ච එක ගැන ගැටළුවක් තියෙන්නේ මට විතරද?



09 - Busted - හිටපු නගරාධිපති ජේම්ස් නිසා ජිම් ට පුළුවන් වෙනවා නව නගරාධිපති තියෝ ව අත්අඩංගුවට ගන්න. කලිනුත් කිව්වා වගේම මෙවර සීසන් එකේදී ජිම් ගේ කලහකාරී බව හොඳින්ම දැකගන්න ලැබුන තැනක්. සාරා එසන්ස්,ගෝතම් පොලිසියට සහ බාබරා ට කරපු මේ දේවල් වලට තියෝ ගෙන් තරහව පිරිමහන්න කැප්ටන් බාර්න්ස්, බ්රුස් වේන් දෙන්න ළඟ හිටියත් ජිම් පසුබට වෙන්නේ නෑ..

කොහොම නමුත් ජිම් එන්න කලින්ම බ්රුස් තීරණය කරනවා තමන්ගේ සමාගම තියෝ ට දෙන්නේ නෑ කියල. නමුත් ඒක නිසාම තමන්ගේ දෙමව්පියන්ගේ ඝාතනයේ විස්තර ගැන බ්රුස් ට දැනගන්න බැරි වෙනවා.. අත්අඩංගුවට පත්වෙන්න කලින් ඒ ගැන විස්තර තිබුන ෆයිල් එක ගින්නට විසික් කරන්න තියෝ සමත්වෙන නිසා මේ දේවල් ගැන බ්රුස් ට තනියම හොයාගන්න වෙනවා..මේක පරාජයක් නෙමෙයි, ඉස්සරහට ලෝකේ හොඳම රහස් පරීක්ෂකයා වෙන්න ඉන්න කෙනාට ලැබෙන හොඳ අවස්තාවක්..



10 - The bird and the Riddler - ගෙනාපු කෑම ටික හොරෙන් කාපු සාක්ෂිකාරයාව හොයාගෙන එන නිග්මා ට කැලේ මැද්දෙදි හම්බවෙන්නේ කවුරුවත් හිතපු නැති කෙනෙක්.. පෙන්ගුයින් සහ රිඩ්ලර් කියන දෙන්න කොමික් වලදී ගොඩක්ම එකට වැඩ කරන දෙන්නෙක් නම් නෙමෙයි. හැබැයි සමහර අවස්ථාවල මේ දෙන්න එකට වැඩ කරලා තියෙනවා.. පෙන්ගුයින්ට උදව් කරලා නිග්මා පෙන්ගුයින් එක්ක සම්බන්ධතාවයක් හදා ගනී වගේ. ඉස්සරහට තවත් රසවත් සිදුවීම් දැකගන්න පුළුවන් වෙයි.. ඒ දේවල් ගැන හරියටම දැනගන්න නම් දිගටම කොමික් ස්ක්‍රිප්ට් එක්ක එකතු වෙලා ඉන්න..



#Gotham_sII_eVIII_Review  #ClownPrinceOfCrime

1 comment:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න