Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Who is Zoom in The Flash?

Who is Zoom in The Flash?




මේ සතියෙ ගොඩක් වැඩ තිබුන නිසා Flash review එක දෙන්න බැරි උන එක ගැන පොඩි කණගාටුවක් තිබුනත් අපේ ඇඩ්මින් ‪#‎Luthor‬ මන් වෙනුවෙන් මටත් වඩා හොදට review එක දුන්නා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කොහොමහරි අද අපි කරන්න යන්නෙ කවුද මේ Zoom කියන්නෙ කියන එක ගැන. මුලින්ම කියන්න ඕන මේ කිසිම දෙයක් 100% ඇත්ත කියලා කියන්න බෑ මොකද අපි තාමත් හරියටම දන්නෙ නෑ zoomගෙ වෙස්මුහුණ යට ඇත්තම ඉන්නෙ කවුද කියලා. හැමදාම වගේ කෝකටත්‪#‎Spoiler_Warning‬ එකකින්ම පටන්ගමු.


1- (Earth 2 or Future ) Barry Allen
 


Barryගෙ අඳුරු පැති අපි ඕන තරන් comic වල දැකලා තියෙනව. ඒවගේ එක story line එකක New 52 Flash #30 දි අපිට දකින්න ලැබැනව Future flash(Blue flash) කියලා චරිතයක්. මේ story line එකේ අවුරුදු විස්සක් අනාගතයෙ Flash එහෙමත් නැත්තන් Barry allenගෙ මනස අවුල් වෙනව Wally westගෙ මරණය නිසා. කොහොමහරි Speed force එකේ සිදුරක් නිසා මේ අවුරුදු විස්ස ඇතුලත සිදුර ලොකු වෙනවා වගේම barryගෙ speed එක වෙනස් වෙනවා. මේක නිසා barryට කිසිම තැනකට හරි වෙලාවට යන්න බැරි වෙනවා. මේක නිසා ගොඩක් අය මෙයාට නැති වෙනවා, wallyත් ඒ අයගෙන් එක්කෙනෙක්. කොහොමහරි මේ speed force එකේ වැරැද්ද හරිගස්සන්න මෙයා ආපහු අතීතෙට එනව, කොහොමහරි එන්නෙ අතීතෙ ඉන්න flashව මරන අදහසින්. අපි දන්නවනෙ cw show එකේ zoom ඕනත් ඒ දේමයි කියලා ඒ flashව මරන එක. හැබැයි cw zoom සහ future flash අතර තව සම්බන්ධයක් තියෙනව. ඒ තමයි නිල් පාට lightning එක. ඒත් අපි දන්නවනෙ zoom එන්නෙ earth 2 වල ඉදන් කියලා. ඒක නිසා මෙයා future flash වෙන්න බෑ නේද. ඒත් ඇයි මෙයාට multiverse එකේ තනි speedster කෙනෙක් වෙන්න ඕනා. ඒ මෙයාගෙ තණ්හාව නිසාද නැත්තන් .... Speed force එකේ වැරැද්දක් නිසාද. මතකද කලින් කිව්වා future flash අතීතෙට ආවෙ flashව මරලා speed force එකේ සිදුර හරිගස්සන්න කියලා. සමහරවිට zoomටත් ඕනා ඒ වගේ දෙයක් වෙන්න පුලුවන්. ඒත් මන් හිතන්නේ නෑ මේක 100%හරි කියලා. ඒත් Zoom earth 2 barry වෙන්න ලොකු ඉඩක් තියෙනව මොකද කලින් සීසන් එකේ Flash එයාගෙ ලොකුම හතුර වෙන eobard thawne එක්ක සටන් කරානේ, මන් හිතන්නෑ thawne වඩා ලොකු හතුරෙක් ඉදී කියලා barryට මොකද තාම අවුරුදු 2ක්වත් නෑනෙ barry flash වෙලා. ඒත් අපිට ගොඩක් දුරට හිතන්න පුලුවන් Barryට thawneට ව්ඩා ලොකු හතුරෙක් ඉන්නවනම් ඒ barryම තමයි කියලා. මතකද Arrow එකේ උනත් Fear gas පාවිච්චි කරාම oliverට පෙනුනෙ එයාවමයි කියලා. Flash ලියන්නෙත් arrow ලියන අයම නිසා මේ තර්කය ඇත්ත වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ඒවගේම අපිට දැනගන්න ලැබුනනෙ Zoom barry ගැන හොදට දන්නවා කියලා. Barry ගැන වෙන කවුද හොදට දන්නෙ Barry තරන්. ඒ වගේම් මේ වෙනකන් earth 2 වලින් ආපු හැම කෙනෙක්ම වගේ එයාලගෙ earth 1 version එක මරන්න හැදුවා. Zoom කියන්නෙ barry නම් zoomට බැරීව මරන්න ඕන ඇයි කියලා ආපහු කියන්න ඕන නෑනෙ

#2- Earth 2 Henry Allen


Barryගෙ තාත්තා? ඔව්. මේ වෙනකොට මේ තර්කය තමයි අපිට ගොඩක් දුරටම ඇත්ත වෙන්න පුලුවන් කියලා හිතන්න පුලුවන්. ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි හෙන්රි හිරෙන් නිදහස් උන ගමන්ම barryව මගහරින එක. මොන තාත්තද එහෙම් කරන්නෙ? මේකට හේතු දෙක්ක් තියෙනවා මටහිතෙන විදිහට. එකක් තමයි හෙන්රි දන්නව zoom කියන්නෙ කවුද කියලා ඒවගේම zoom මොනවද මෙහෙ කරන්නෙ කියලා. ඒකනිසා henry තනියම zoomව හොයන් ගිහින් එයගෙ පුතාගෙ ජීවිතය බේරගන්න තමයි එහෙම කරේ එහෙමත් නැත්තන් zoom කියන්නෙ earth 2 හෙන්රි සහ earth 1 හෙන්රි හිරෙන් නිදහස් උන ගමන් earth 2 හෙන්රි earth 1 හෙන්රිගෙ තැන ගත්තා. තව දෙයක් තමයි ගිය සීසන් එකේ බැරී කාලය හරහා ගමන් කරද්දි අපිට දකින්න ලැබුනා speed force wall එකේ බැරී හිරේ ඉන්න එයාගෙ තාත්තා එලියෙ ඉන්න සීන් එකක්. සමහර විට earth 2 වල බැරී වෙනුවට හෙන්රිට පව්‍ර්ස් ලැබෙනවා වෙන්න පුලුවන්. සමහරවිට earth 2 බැරී මැරෙන්න ඇති. හෙන්රිට ආපහු කාලයහරහා ගිහින් එයාගෙ පුතාව බේරගන්න වෙන්න පුලුවන් අනිත් speedstersලගෙ speed එක අරගන්නෙ. ( හරියට new 52 වල reverse flash, Daniel west කරා වගේ )

අපි තාමත් හරියටම දන්නෙ නෑ කවුද zoom කියන්නෙ කියන්නෙ අපි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා. කොහොමහරි අපි ඊලග පාර කතා කරමු ඇයි අපි Eddie , patty,harrison wells වගේ අය zoom නොවෙන්න හේතු.

‪#‎Shazam‬

9 comments:

  1. පෙනුමෙ හැටියටයි ඇස්වල හැටියටයි මට පෙන්නෙ ග්‍රෝර් වගේ...
    නමුත් ගෝරිල්ලෙක් මිනිහෙක් වෙන්න බෑනි..
    ඒ නිසා.. එඩී වෙයි කියලයි මං බලාපොරොත්තු වෙන්නෙ බලමුකො

    ReplyDelete
  2. මටනම් පිස්සු වගේ

    ReplyDelete
  3. zoom කියන්නෙ earth 2 හෙන්රි සහ earth 1 හෙන්රි හිරෙන් නිදහස් උන ගමන් earth 2 හෙන්රි earth 1 හෙන්රිගෙ තැන ගත්තා
    me tiaka therunna bn

    ReplyDelete
  4. හෆ්ෆට විකාරයි ඈ

    ReplyDelete
  5. earth 2 වල ඊබර්ඩ් තෝන් වෙන්න බැරිද?

    ReplyDelete
  6. සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

    ReplyDelete
  7. mama hithana widiyata zoom kiyanne api danna kenek newei...eka aluthen apu charcter ekak....comic walata godak characters enawa kiyala DC la kiyala thiyenawa....

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න