THE FLASH: Episode 2.5: "The Darkness and the Light" Review
Spoilers Ahead : Proceed with caution
මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේ පාර ෆ්ලෑශ් රිවිව් එක පරක්කු උනාට. ෆෑන්ස්ල වැඩිපුරම බලාගෙන ඉන්න රිවිව් එකක් තමයි ෆ්ලෑශ්. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕන. අපි අපේ Comic Script පේජ් එකේ ඇඩ්මින්ලා, ෆෑන්ස්ලා වෙනුවෙන් මේ රිවිව් දෙන්න ගොඩක් මහන්සි වෙනවා. මේක සල්ලි බලාගෙන කරන දෙයක් නෙවයි නිසා අපිට සමහර අවස්ථා වලදි අපේ 100% කැපවීම දෙන්න බැරි වෙන්න පුලුවන්. මොකද අපිත් ලොකු වැඩ ගොඩක් කරන අතරෙ තමයි මේ හැම දෙයක්ම කරන්නෙ. ඒ නිසා මේ රිවිව් කියවලා නිකම්ම යන්න එපා. Comic Script පේජ් එක වෙනුවෙන් පොස්ට් එක පිළිබඳව අදහසක් දක්වන්න පුලුවන් නම් අපිට ඒ දේ ගොඩක් වටිනවා.
......................................................................................................................................................................
මේ පාර රිව්ව් එක පරක්කු වුනේ අපේ වෙනදට ෆලෑශ් රිවිව් එක දෙන ඇඩ්මින් මේ දවස් වල ටිකක් කාර්යබහුල නිසා ඒ වෙනුවෙන් අද මමයි(Luthor) ෆ්ලෑශ් රිවිව් එක ගේන්නෙ. Shazam ඇඩ්මින්ට තමයි අපේ පේජ් එකෙන් ෆ්ලෑශ් ගැන හොදටම දැනුම තියෙන්නෙ. ඒ නිසා ෆ්ලෑශ් බාර වෙලා තියෙන්නෙ Shazamට. ඒ තරම් හොදට ෆ්ලෑශ් රිවිව් එක මට දෙන්න බැරි වෙයි. ඒත් පුලුවන් උපරිමෙන් දෙන්න බලනවා.
මුලින්මකියන්න ඕන මේ සතියෙ එපිසෝඩ් එක, සීසන් 2 එකේ හොදම එපිසෝඩ් එක කියල කියන්න පුලුවන්. එ වගේම සීසන් 2 එකේදි දැනට් රේටින්ග්ස් වැඩිපුරම ලැබිලා තියෙන්නෙ මේ එපිසෝඩ් එකට. මම ඔයාලගෙනුත් ඉල්ලන්නෙ පුලුවන් නම් IMDB සයිට් එකට ගිහිල්ල සාධාරණ රේටින් එකක් ලබා දෙන්න කියලා.
හරි අපි දැන් කතාව පැත්තට හැරෙමුකො...
ගිය සතියෙ කතාව ඉවර උනේ අර්ත්-2 එකේ වෙල්ස්, බැරීව කින්ග් ශාක්ගෙන් බේරගත්ත අවස්තාවෙ..... කින්ග් ශාක්ව එතනින් එහාට දැකගන්න වෙන එකක් නෑ කියල අපිට හිතුනත් ඉස්සරහට කින්ග් ශාක්ව අපිට ආයිත් දැකගන්න පුලුවන් වෙයි කියල ෆ්ලෑශ් නිෂ්පාදකවරු කියලා තියෙනෙවා. මොකද කින්ග් ශාක් වගේ චරිතයක් මේ වගෙ පොඩි කොටසකට විතරක් යොදාගන්න එක ලොකු අපරාදයක්.
Earth-2 Star Labs |
මේ සතියේ කතාව පටන්ගන්නෙ අර්ත්-2 එකේ ස්ටාර් ලැබ්ස් වල දර්ශන පෙළකින්. පැහදිළිවම මේ ලෝකෙදි ෆ්ලැශ් සහ වෙල්ස් අතර ලොකු මතබේදයක් තියෙනවා වගෙයි පේන්නෙ. ෆ්ලෑශ් චෝදනා කරන්නෙ සූම්ව නිර්මාණය කරේ වෙල්ස් කියලයි. ඒත් particle accelerator එක පිපිරීම සම්බන්දව වෙල්ස්ගෙ සම්බන්දයක් තියෙනවා කියලා කිසිම දෙයක් වෙල්ස්ගෙ දුව දන්නෙ නෑ වගේ.
අපිට මීට කලින් එපිසෝඩ් එකක දැනගන්න පුලුවන් වුනා මල්ටිවර්ස් එකේදි,ඒ කියන්නෙ සමාන්තර ග්‍රහලෝක වලදි, ඒ ලෝක දෙක අතර එකම චරිත දෙකක් ගත්තොත් උදාහරණෙකට එයාලගෙ රැකියාව වගේ දෙයක් ගත්තොත් ඒව වෙනස් වෙන්න පුලුවන් කියලා. ඒත් අර්ත් 2 එකේ වෙල්ස් සහ අර්ත් 1 එකේ වෙල්ස් දෙන්නම ස්ටාර් ලැබ්ස් එකේ අයිතිකාරයා. මේක අහම්බයකින් සිදු උන සිදුවීමක්ද? Coincidence? I think not.
Earth-2 Wells comes to Earth-1 Star Labs |
වෙල්ස් අර්ත් 1 එකට ආපු ගමන් කෙලින්ම පිළිගන්නවා සූම්ව නිර්මාණය කරේ තමන් කියලා. ඒත් වෙල්ස්ට ඒක ගැන කොහොමද මේ තරම් විශ්වාස කියන එක ගැන පොඩි ගැටලුවක් තියෙනවා. මොකද අර්ත් 1 එකේ රිවර්ස් ෆ්ලෑශ් නිර්මාණය උනේ ස්ටාර් ලැබ්ස් එකේ පිපිරීමෙන් නොවන නිසා.
ජෝ, අයිරිස්ට ගන් එකක් දෙනවා. ජෝ එහෙම කරන්නෙ අයිරිස්ගෙ ආරක්ශාව ගැන හිතලා උනත් මේකෙන් අපිට හිතාගන්න පුලුවන් ඉස්සරහට අයිරිස් ගොඩක්ම ෆීල්ඩ් එකේදි දැකගන්න පුලුවන් වෙයි කියලා.
ඔන්න cwලා එයාල ඉස්සරහට කරන්න යන දේවල් ගැන ලොකු හින්ට් එකක් දීලා තියෙනවා. සිස්කොට ජිටර්ස් එකේදි මුනගැහෙන Kendra Saunders කියන්නෙ ඉස්සරහට CW එකෙන් එන්න තියෙන Legends Of Tommorow ටීවී සීරියස් එකේ ලොකු චරිතයක්. Kendra Saunders කියන්නෙ Hawkgirlට. Justice League බලපු අය දන්නව ඇති හෝක්ගර්ල් කියන්නෙ කණ්ඩායමට කොච්චර වැදගත් චරිතයක්ද කියලා. මම වැඩිය හෝක්ගර්ල් ගැන කතා කරන්න යන්නෙ නෑ. අපේ ලිපියකින්ම ඒ ගැන ඔයාලට දෙන්න කොමික් ස්ක්‍රිප්ට් අපි බලාපොරොත්තු වෙනවා.
Kendra Saunders aka Hawkgirl |
සිස්කොගෙ මෙටාහියුමන් පවර්ස් අපිට ආයෙමත් සැරයක් බලාගන්න පුලුවන්. එන්න එන්නම සිස්කො පවර්ෆුල් වෙනවා වගේ.
මේ සතියේ විලන් Doctor Light. කොමික් වලදී මේ නමින් අපිට කීපදෙනෙක්ව හම්බවෙනවා. Arthur Light තමයි Dr Light ගේ ඔරිජිනල් වර්ශන් එක. ඒ පිරිමි කෙනෙක් උනත් කොමික් ව්ලදි තවත් Dr Light කෙනෙක් අපිට දකින්න පුලුවන්. ඒ තමයි Kimiyo Hoshi මෙයා ජපන් සම්බවයක් තියෙන කෙනෙක්. මේ නිසාම මේ Dr Light version එක පාදක කරගෙන තමයි අපිට ටීවී ශෝ එකේ Dr Lightව දීලා තියෙන්නෙ.
ශෝ එකේ ලින්ඩා පාක් ට රඟපාන Malese Jowට japanese look එකක් තියෙන නිසා හොදට ගැලපෙනවා කියන්න පුලුවන්. Dr Light ට Light manipulation, Light transformation, Flight වගේ පවර්ස් තියෙනවා. ඒත් මේ ඔක්කොම අපිට ශෝ එකේ බලාගන්න නම් බැරි උනා.
Dr Light |
පැටීගෙයි බැරීගෙයි ලව් එක ඔන්න පටන්ගත්තා. කොමික්වලට(New 52) බැරීගෙ ගර්ල්ෆ්රෙන්ඩ් වෙන්නෙ පැටී. ඒ වගේම කොමික් බැරීගෙ රහස දැනගන්න තවත් කෙනෙක් තමයි පැටී කියන්නෙ. ඒත් මේක ශෝ එකේදි මොනා වෙයිද දන්නෙ නෑ. මම හිතන්නෙ මිඩ් සීසන් එක වෙනකොට වගේ පැටීට පොඩි සැකයක් එයි ෆ්ලෑශ් කියන්නෙ බැරී කියලා. අපි බලමුකො මොකද වෙන්නෙ කියලා.
බැරී දැනගන්නවා Dr Light කියන්නෙ ලින්ඩා කියලා. ඒත් එතනදි බැරී ඒ බව දැනගත්තම හැසිරෙන විදිහනම් පොඩ්ඩක් අවුල් වගේ. මොකද බැරී ඒ වෙනකොටත් දන්නව Dr Light earth-2 එකෙන් ආපු කෙනෙක් කියලා. ඒ වගේම අර්ත්-2 එකේ වෙල්ස්(අපි දැන් ඉදන් අර්ත් 2 වෙල්ස්ට කියමු හැරී කියලා) එක්ක මෙච්චර වෙලා හිටපු බැරීට බැරි උනාද මේ අර්ත් 2 එකේ ලින්ඩා පාක් කියලා හිතාගන්න?
Barry meets erath-2 Lynda Park |
හැරී ටිකක් ෆනී වගේ කියල හිතුනෙ මට විතරද? බැරීගෙ බ්ලයින්ඩ් ඩේට් එක.... බැරීට සාධාරණ හේතුවක් හදාගන්න තිබුනා ඇස් පෙනීම දුර්වල වීම ගැන පැටීට කියන්න. ඒත් පැටී කියන්නෙ දක්ෂ රහස් පරීක්ෂකවරියක්. කොමික් වලදිත් ඒ බව පැටී ඕන තරම් ඔප්පු කරලා තියෙනවා.
Barry's Blind date |
අර්ත් 2 එකේ ලින්ඩා අතින් ලාකින්(අයිරිස්ගෙ බොස්) මැරෙනවා. අපිට පේනවා Dr Light එතනදි තමයි පළවෙනි පාරට මනුෂ්‍ය ජීවිතයක් බිලිගන්නෙ. ඒ කියන්නෙ සූම් Dr Lightව ඒ තැනට පත් කරලා තියෙනවා කියන එක. ඒ වගේම අයිරිස් තමන්ට ලැබුන තුවක්කුව පාවිච්චි කරනවා. මේක අයිරිස්ගෙ අනාගතේ ගැන හින්ට් එකක් වගේ. ජේ ඒ වෙලාවෙ එතනට ආවම "ෆ්ලෑශ්" කියලා කියන්වා අපිට දකින්න පුලුවන්. එහකොට අර්ත් 1 එකේ ලින්ඩා මොනා හිතුවද දන්නෙ නෑ නේ?
Dr Light kills Mr Larkin |
හැරී සහ ජේ අතර බහින්බස් වෙන එක දුරදිග යනවා. හැරීට අනුව බැරී ජේට වඩා වේගවත් වගේම නිර්භීතයි. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. සමහර කියනවා සූම් කියන්නෙ අර්ත් 1 එකේ හිටපු එඩී කියලා. ඒකට හේතුව සීසන් 2 එකේ අවසානෙදි එඩීගෙ ශරීරය වෝම්හෝල් එකට ඇදිලා ගිහින් අර්ත් 2 එකට යන්න ඇති කියන තර්කය මත. ඒත් මෙතනදි හැරී කියනවා සූම් පහුගිය අවුරුදු දෙක පුරාවට ජේගේ පස්සෙන් ආවා කියලා. ඒ කියන්නෙ අර්ත්1 එඩී සූම් වෙන්න කොහෙත්ම බෑ කියන එකනෙ. සූම් වෙන්න පුලුවන් කවුද කියන එක ගැන අපි වෙනමම ලිපියක් කොමික් ස්ක්‍රිප්ට් හරහා ගේන්න අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ ගැන වැඩිය කතා නොකර ඉන්නම්.
මෙතනදි ලොකු දෙයක් වෙනවා. ෆ්ලෑශ් ටීම් එක දැනගන්නවා සිස්කෝ මෙටාහියුමන් කෙනෙක් කියලා. ඒ හැරීගෙ මෙටාහියුමන් ඩෙටෙක්ටර් එකෙන් ඔප්පු කරල පෙන්නන දේත් එක්ක.
ඒත් අපි දන්නවා ඉස්සරහට කේට්ලින් Killer Frost විදිහට ශෝ එකට එනවා කියලා. ඒත් ඇයි එහෙනම් ඩෙටෙක්ටර් එකට අහු උනේ නැත්තෙ කේට්ලින් මෙටා කෙනෙක් කියලා? මට හිතෙන විදිහට අර්ත් 1 එකේ කේට්ලින් killer Frost වෙන එකක් නෑ. ඒ වෙනුවට අර්ත් 2 එකේ කේට්ලින් අර්ත් 1එකට එයි Killer Frost විදිහට. මොකද ආයෙමත් මෙටාහියුමන්ලා හැදෙන විදිහක් ගැන මේ යුනිවර්ස් එකේදි අපිට හිතගාන බෑ. ඊට අමතරව අර්ත් 1 එකේ කේට්ලින් සිස්කෝට කියන දේවල් වලින්ම පේනවා එයාට සුපර්පවර්ස් ලැබුනොත් වැරදි පැත්තට යන එකේ සම්භාවිතාවය ගොඩක් අඩුයි කියලා. සීසන් 1 එකේ වගේම මේකෙදිත් හැරීගෙන් ටීම් ෆ්ලෑශ් එකට ලොකු උදව්වක් ලැබෙයි. සිස්කෝට එයාගෙ මෙටා පවර්ස් කන්ට්‍රෝල් කරන්න කියල දෙන විදිහෙන්ම අපිට ඒක හිතාගන්න පුලුවන්.
ඒත් අපි දන්නවා ඉස්සරහට කේට්ලින් Killer Frost විදිහට ශෝ එකට එනවා කියලා. ඒත් ඇයි එහෙනම් ඩෙටෙක්ටර් එකට අහු උනේ නැත්තෙ කේට්ලින් මෙටා කෙනෙක් කියලා? මට හිතෙන විදිහට අර්ත් 1 එකේ කේට්ලින් killer Frost වෙන එකක් නෑ. ඒ වෙනුවට අර්ත් 2 එකේ කේට්ලින් අර්ත් 1එකට එයි Killer Frost විදිහට. මොකද ආයෙමත් මෙටාහියුමන්ලා හැදෙන විදිහක් ගැන මේ යුනිවර්ස් එකේදි අපිට හිතගාන බෑ. ඊට අමතරව අර්ත් 1 එකේ කේට්ලින් සිස්කෝට කියන දේවල් වලින්ම පේනවා එයාට සුපර්පවර්ස් ලැබුනොත් වැරදි පැත්තට යන එකේ සම්භාවිතාවය ගොඩක් අඩුයි කියලා. සීසන් 1 එකේ වගේම මේකෙදිත් හැරීගෙන් ටීම් ෆ්ලෑශ් එකට ලොකු උදව්වක් ලැබෙයි. සිස්කෝට එයාගෙ මෙටා පවර්ස් කන්ට්‍රෝල් කරන්න කියල දෙන විදිහෙන්ම අපිට ඒක හිතාගන්න පුලුවන්.
ෆ්ලෑශ්ගෙ පවර්ස් එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකට වැඩි වෙනවා වගේ. දැන් ෆ්ලෑශ්ට, රිවර්ස් ෆ්ලෑශ් කලින් කරා වගේ Speedmiraj හදන්න පුලුවන් කමක් තියෙනවා. ඒ හැරීගෙ උදව්වත් එක්ක. ඒත් හැරී කොහොමද ඒ ගැන දන්නෙ කියලා පොඩි ගැටලුවක් තියෙනවා. සමහරවිට එයාගෙ බුද්ධිය නිසා වෙන්නත් පුලුවන්. ඒත් ඒක
බැරීට පැහැදිලි කරල දෙන වෙලාවෙ සිස්කොගේ මූන දැක්කද?
බැරීට පැහැදිලි කරල දෙන වෙලාවෙ සිස්කොගේ මූන දැක්කද?
බැරී තීරණය කරනවා හැරීව දිගටම ස්ටාර් ලැබ්ස් එකේ තියාගන්න. ඒත් ජේ මේ තීරනේට කැමති නෑ වගේ. ජේ සහ හැරී එකම යුනිවර්ස් එකක නිසා ජේ හොදටම දන්නවා ඇති හැරී කියන්නෙ මොන වගේ පුද්ගලයෙක්ද කියලා. ජේ දන්නවා බැරීට තාම අත්දැක්කීම් මදි සූම්ව පරද්දන්න කියලා. ඒත් ජේ ටීම් ෆ්ලෑශ් එකෙන් අයින් වෙන්නෙ කේට්ලින් එක්ක පටන්ගන්න හදපු සම්බන්දෙ හොදම හරිය එනකොට. ඉස්සරහට අපිට ජේව ආයි දකින්න පුලුවම් වෙයි.
Jay leaving Team Flash |
සිස්කො අන්තිමට කෙන්ඩ්‍රාගෙ නම්බර් එක ඉල්ලගන්නවා. අපි බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා. හොදම කොටස තමයි සිස්කොගෙ මෙටාහියුමන් නේම් එක ඔෆිශියලි Vibe කියල කියපු එක. හම්මෝ පිස්සු වගේ මට නම්.
හැරී මේ තුන්දෙනා දිහා හොරෙන් බලාගෙන ඉන්නවා පෙන්නනවා. පේන විදිහට මේ හැරීගෙත් කලින් හිටිය කෙනා වගේම වෙනසක් නෑ වගේ. අපිට අන්තිමට පෙන්නනවා සූම් අර්ත් 2 එකේ කොහේ හරි තැනක හැරීගෙ දුවව හිරකරගෙන ඉන්නවා. ඒ නිසා අපිට කරන්න පුලුවන් උපකල්පනය තමයි හැරී මේ හැම දෙයක්ම කරන්නෙ තමන්ගේ දරුවව සූම්ගෙන් බේරගන්න එක යටි හිතේ තියාගෙන කියන එක.
Cisco as Vibe |
ඔන්න එහෙනම් අමාරුවෙන් පරක්කු වෙලා හරි රිවිව් එක දුන්නා එහෙනම්. ඉස්සරහට මේ වගේ අතපසුවීම් පුලුවන් තරම් අඩුකරගන්න අපි බලනවා. හදිස්සියෙවත් එහෙම උනොත් අපිට බනින්න නම් එපා. මොකද එපි මේ දවල් කරන්නෙ සල්ලි බලාගෙන නෙවෙයි. කොමික් ස්ක්‍රිප්ට් එකේ අපි හැමතිස්සෙම ඔයාලගෙ ප්‍රශ්නවලට මේ වගේ රිවිව් වලින් උත්තර ගේන්න බැඳී ඉන්නවා. එහෙනම් ලබන සතියෙත් මේ වගේ රිවිව් එකකින් හමුවෙමු. රැඳී ඉන්න කොමික් ස්ක්‍රිප්ට් එක්ක.
#Stick_to_the_script
#Luthor
#Stick_to_the_script
#Luthor
waw
ReplyDeletethanks
ela
ReplyDeleteනියමයි මචංලා..
ReplyDeleteජය වේවා.. !!
වටිනවා ගොඩාක් effort එක
ReplyDeleteThankZ Bro
ReplyDeleteThankZ Bro
ReplyDeleteThankZ Bro
ReplyDeleteනියමෙට්ම තියෙනවා සහෝ ස්තුති
ReplyDeleteWellsගෙ දුවට ඉන්නෙ jesse quickට ගත්ත නිලිය නේද බන්
ReplyDeleteඅඩෝ තෑන්ක්ස් බං රිවීව් එකට...
ReplyDeleteහැමදාම කියවන්න හම්බෙන්නෙත් නෑ බං වැඩ නිසා.
හැබැයි කියවන්න වෙලාවක් හම්බුනොත් උඹලගේ රිවීව් එකක් අතාරින්නේත් නෑ කීයටවත්...
සුපිරි රිවීව්...
ජය වේවා කණ්ඩායමටම...!!!
~ පූසා ~
පදිරි.
ReplyDeleteBlind date එක පට්ට. මන් ආදරෙයි පැටීට.