Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Agents of S.H.I.E.L.D. S03 E08

Agents of S.H.I.E.L.D. S03 E08
"MANY HEADS ONE TALE" - Recap & Review

*** >> Spoiler Alert << ***
  • Spoilers Evreywhere.. Read at Your own Risk

වෙනදා කියනවා වගේම දැන් නම් Agents of SHIELD කථාමාලාව එන්න එන්නම දියුණු වෙලායි තියෙන්නේ. කලින් season 1 වලදී මුල් හරියේ අපි දැක්ක නොගැලපීම්, චරිත ඉස්මතු නොවීම්, කථාවට අදාල නොවන කොටස් කිසිවක් දැන් නම් හොයාගන්නටත් අමාරුයි. ඒකට හොඳම උදාහරණය තමයි මේ සතියේ episode එක. දැනට ආපු episode වලින් හොඳම episode එක මේක කියලයි මට නම් හිතෙන්නේ. Action, history, intelligence, drama, epic conclusion කියන මේ හැමදේකින්ම මේ සතියෙ episode එක සමන්විත වනවා. ඒ වගේම අපි නොහිතපු පැත්තකට කථාව හැරවුණා කියලත් කියන්න පුළුවන්. එහෙනම් කෙලින්ම මේ සතියේ වුණේ මොනවද කියලා හොයලා බලමු.

1 - The Fitz-Simmons Curse
 


මේ දෙන්නගේ සම්බන්ධකම දැන් අපි හිතනවාට වඩා පැටළිලි සහගත වෙලයි තියෙන්නේ. ඒ වගේම Simmons දන්නවා තමන් අතින් අර ග්‍රහලෝකෙදි වුණේ වැරැද්දක් කියලා. Fitz තමන් වෙනුවෙන් කොච්චර ලොකු කැපකිරීමක්ද කළේ කියන එක ඇයට අමතක නොවෙනවා නෙවෙයි. ඒත් Simmonsගේ හිතේ Will ගැන ආදරයක් තියෙනවා. ඒත් මෙච්චර කල් තමන් ගැන හොයලා බලපු Fitzට ද්‍රෝහිවුණා කියලා ඇයට හිතෙන නිසා තමයි ඇය හැමවෙලේම Fitz එක්ක වැඩකරනකොට ටිකක් කලබල වෙන්නේ. ඒ වගේම මේ හැමදේම දැනගෙනත් Fitz, Jemmaට උදව් කරන එක සහ තමන් අතින් වුණු දේට ඔහු කේන්ති නොගන්න එක ගැන ඇය පුදුම වෙනවා. මේ නිසාම දෙන්නාගේ එකතුවීම ගැන තාම හරියට කියන්න බැහැ. ඒත් කොහොම හරි ඔවුන් Willව ආයෙත් පෘථිවියට ගෙන ආවොත් එතකොට නම් මේ දෙන්නා වෙනස්ම දෙන්නෙක් වේවි.

Fitzට රඟපාන Iain De Caestecker සහ Simmonsට රඟපාන Elizabeth Henstridge දෙන්නා මේ චරිත දෙක සුපිරියටම රඟ දක්වනවා. හරියට මේ ඒ දෙන්නගේ සැබෑ චරිත දෙකද කියලා හිතෙන වෙලාවල් නම් අනන්තයි. කොහොම නමුත් කථාමාලාවේ ඉදිරි දිගහැරුමට මේ දෙන්නගෙන් ලොකූ බලපෑමක් තියෙනවා කියලා මට හිතෙනවා.


2 - Gideon Malick & Grant Ward


ගිය සතියේ episode එක අන්තිමට අපි දැක්කා Malick සහ Ward දෙන්නා එකට මුණගැහිලා HYDRA වල ඉදිරි සැලසුම් ගැන කථා කරනවා. කොහොම නමුත් Malick කියන්නේ අමුතුම චරිතයක්. අපිට Avengers 1 movie එකේදීත් මෙයාව දකින්න ලැබුණා. ඒ World Council එකේ සාමාජිකයෙක්. නමුත් World Council එකේ ඉඳගෙන මෙයා HYDRA වලට උදව් කරන එකයි කරලා තියෙන්නේ. දැනට පැරණිතම HYDRA සාමාජිකයන් අතරින් ජීවත්වෙලා ඉන්න එකම කෙනා වෙන්නේත් Gideon Malickයි. මේ නිසාම මෙයාව අපිට Captain America: Civil War movie එකේදී දැකබලාගන්න ලොකු ඉඩකඩක් තියෙනවා.

නමුත් Malick සහ Ward දෙන්නා අතරේ දෙන්නා ගැන එච්චර හොඳ හැඟීමක් නම් නෙවෙයි තියෙන්නේ. Malick Wardට එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. සමහරවිට ඔහු Ward ගැන හොඳට දන්න නිසා වෙන්න පුළුවන්. Ward කොහොමත් කපටියා නිසා තමන්ගේ ආරක්ෂාව සහ තමන්ගේ තැන තියාගන්න ගොඩක් උත්සහ කරනවා. ඒ වගේම තමන්ට වටිනා කියන ආරංචි ස්අහ දේවල් ගැනත් හොඳට හොයලා දැනගෙන ඉන්න කෙනෙක් තමයි Ward කියන්නේ. මේ නිසාම තමයි Malick සහ Ward දෙන්නා රාත්‍රී ආහාරය ගන්නා අතරේ Werner von Struckerට අයිති von Strucker පරම්පරාවේ සේප්පුව ගැන කථාබහක් ඇතිවෙන්නේ. මොනවා වුණත් මේ සේප්පුවේ තියෙන්නේ ගොඩක් වටින් දෙයක් බවයි පේන්නේ. Ward මේ ගැන දන්නා බව Malick දැනගන්නවා. ඒ වගේම මේ සේප්පුව තමන්ට ලබාගන්න Malick විසින් Werner von Struckerව පාවාදුන් බව තමන් දන්නා බව Ward පවසනවා. මේ නිසාම තමයි Malick Wardව මරන්න පිරියක් යොදවා එතනින් පලා යන්නේ. කොහොම වුණත් Ward තමන්ව මරන්න එන පිරිසට පහරදීලා ඔවුට වධ දීලා අර සේප්පුව තියෙන තැන ගැන විස්තර දැන ගන්නවා.




3 - Coulson's Plan
 


Coulsonගේ සහ Rosalindගේ relationship එක පහුගිය සතියේදී පත්වුණු තැන ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. වැඩේ තියෙන්නේ Rosalind Coulsonව රවට්ටපු එක ගැනයි. ඒත් Coulson ඇයට අහුවුණාද කියලත් අපිට හිතුණා. ඒත් කලින් හිතුවා වගේම Director Coulsonව රවට්ටන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි. Coulsonට සැක හිතෙනවා Rosalind ගැන. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි Rosalind Coulsonව හමුවුණු පළවෙනි දවසේ Tahitti ගැන සඳහන් කිරීමත් සමඟයි. SHIELD එක හැරුණුකොට Tahitti ගැන උනන්දුවෙන් කථා කරේ සහ දැනගෙන හිටියේ HYDRA එක පමණයි. මේ නිසායි Coulsonට සැක හිතෙන්නේ. මේ නිසාම ඔහු Rosalindට SHIELD base එක බලන්න ආරාධනා කොට ATCU එකේ සිදුවෙන දේවල් නිරීක්ෂණයට Hunter, Bobbi, Mack, Skye, May සහ Linconගෙන් සමන්විත කණ්ඩායමක් යවනවා.

4 - Lincon is on the field


ඔන්න පහුගිය සතියේ SHIELD එකට එකතුවීමත් සමඟ Linconට තමන්ගේ පළවෙනි මෙහෙයුමට සූදානම් වන්න ඉඩ ලැබෙනවා. ඒකත් විශේෂ ආකාරයකිනුයි. Agent May තමයි Linconව තමන්ගේ සහයකයා ලෙස තෝරාගන්නේ. Andrewට වෙච්ච දේට තමන්ගෙන් පළිගන්න ඇය තමන්ව සහයකයා හැටියට තෝරා ගත්තා කියලා Lincon හිතුවත් ඒ දේ වැරදි බව May පසක් කර දෙනවා. Andrewගෙන් සිදුවුණු දේට සමාවෙන ලෙස ඇය ඔහුට පවසනවා. මෙතනදීත් අපි කලින් දැනගෙන හිටපු Mayට වඩා වෙනස් ස්වභාවක් ඉස්මතු කරවනවා. මේ සිදුවුණු දේ නිසා Lincon සහ May ගොඩක් සුහදව ඉදිරි episode වලදී දකින්න ලැබේවි. සමහරවිට දෙන්නෙගෙන් එක්කෙනෙක් අනිකාගේ ජීවිතය බේරාගන්නට ඉදිරිපත් වෙන්නත් පුළුවන්.
5 - The Big Kiss of the Three Seasons
 


Seaon 2කට පස්සේ 3වෙනි Season එකේදී අපිට Simmonsගේයි Fitzගෙයි පළවෙනි kiss එක දකින්න ලැබෙනවා. ඒක කවදාවත් නොහිතපු විදියටයි. Jemma එයා අතින් අර ග්‍රහලෝකෙදි වෙච්ච දේවල් ගැන කිසියම් කනස්සල්ලකින් ඉන්නා බවක් අපි දැක්කා. ඒ ව්අගේම Fitz Jemma මෙච්චර Willව ගෙන්නගන්න උත්සහ කරන එක එච්චර සතුටකින් නෙවෙයි ඉන්නේ. මේ නිසා Fitz Simmons දෙන්නා අතරේ බහින්බස් වීමක් අතරේයි මේ දේ වෙන්නේ. නමුත් ඒ දෙන්නා අතරට දැන තවත් කෙනෙක් ඉන්න බව Simmons පිළිගන්නවා. ඒ තමන් Willට ආදරේ බව Fitzට පවසනවාත් සමඟමයි. හැබැයි මේ kiss එක නිසා දෙන්නා එකතුවෙයි කියලා අපි හිතුවත් ඒ දේ වෙන්න තවම ඉඩක් නෑ. Fitz තේරුම්ගන්නවා ඔවුන් දෙදෙනාට එකතුවෙන්න තාමත් ඉඩක් ලැබී නැති බව. 'We are cursed' (අපි ශාපලත් අය) කියලා Fitzගේ කටින් පිට වෙන්නේ ඒ නිසාම වෙන්න ඇති. මේ Season එක අන්තිමටවත් දෙන්නට එකතුවෙන්න ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරමු.

6 - Ward is on his Mission


Malickගේ සෙබළුන්ගෙන් බේරුණු Ward ඔවුන්ට වධ දෙමින් von Strucker පරම්පරාවේ සේප්පුව පවතින තැන හොයාගන්නවා. ඒ අනුව ජර්මනිය කරා යන ගුවන් යානයකට ගොඩවෙන ඔහු එහි ගුවන් සේවිකාවක් වසඟයට ගනිමින් තමන්ගේ අභිප්‍රාය කරා ගමන් අරඹනවා. මේ පාර season එකේදී අපිට Grant Ward කියන චරිතය සතු ලක්ෂණ මනාව ඉස්මතු කරවනවා. නියම villain කෙනෙක් සතුවන ලක්ෂණ Grant Ward සතු නිසා ඔහුගෙන් කථාමාලාවට ලැබෙන සහයෝගය ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනෙ වෙන එකක් නැහැ. ගොඩදෙනෙක් Marvel සමාගමට cinematic/tv universe වල හොඳ villain කෙනෙක් හදාගන්න අමාරුයි කියලා කිව්වොත් බය නැතුව දැනට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන එකම කෙනා Grant Ward තමයි.
7 - ATCU's Secrets


Coulsonට Rosalind ගැන තිබුණු විශ්වාසය කඩවීමත් සමඟම ඔහු තමන්ගේ පිරිස ATCU එකේ ඔත්තු බලන්න පිටත් කොට යවනවා. Ground team එක බවට පත් වෙන්නේ Bobbi සහ Hunterයි. මෙතනදී Hunterගේ jokes ටික නම් මරු. කොහොම හරි කට්ටිය එකතුවෙලා ATCU එකෙන් ඇත්තටම වෙන්නේ මොකද්ද කියන එක ගැන සොයා ගන්නවා. ඇත්තටම ATCU එකේ වෙන්නේ අර Fish Oils තව තවත් නිපදවන එකයි. ඒ කියන්නේ ඔවුන්ගේ අරමුණ තව තවත් Inhumansලා නිර්මාණය කරවීමයි. මේ හැමදේ ගැනම Rosalind දන්නවාද? එහෙම නැතිනම් මේ සියල්ල පිටුපස ඉන්නේ කවුරුන්ද?

8 - Mockingbird gonna Sing Again



ATCU එකේදී මුලින්ම මේ Fish Oils ගැන සොයාගන්නේ Bobby Morse aka Mockingbird විසිනුයි. FBI නියෝජිතවරියක් ලෙස වෙස්වලාගනිමින් ඇය Hunter සමඟ ATCU එකේ ආරක්ෂක අංශයට පිවිසෙනවා. එතැනදී ඇය Andrew සිටිනවා යැයි පැවසූ කුටිය වෙත ගියත් එතන Andrew සිටින කුටීරය ඇත්තේ නැහැ. ඒ වෙනුවට එතැන තිබෙන්නේ Fish Oils වලඉන් සමන්විත කාමරයක් සහ Inhumansලා බවට පත් වුණු මනුෂ්‍යයන්ගේ නෂ්ඨාවශේෂයි(cocoons). Bobbiව දකින Guardsලා දෙදෙනක් එතැනට පැමිණියත් Bobbi පහසුවෙන්ම ඔවුන් දෙදෙනා අඩපණ කර දමනවා. ඔය අතරේ Hunter එතැනට පැමිණෙනවා. ඒත් එක්කම එතනට එන්නේ telekinesis බලයන් සහිත Inhuman කෙනෙකුයි. පේන හැටියට නම් මෙයා ATCU එකේ කෙනෙක්. කොහොම නමුත් මෙතනදී Bobi යොදාගන්නේ අලුත්ම තාක්ෂණයක් සහිත ඇගේ batons දෙකයි. කාන්දම් වලින් ආරෝපණය කරන ලද විනිවිද පෙනෙන වළලු දෙකක් ඇය පැළදගන්නවා. මේ නිසාම පහර දුන්නායින් පසුව batons දෙක යළි ඇය වෙත එනවා. මේ හා සමාන තාක්ෂණයක් අපි Avengers: Age of Ultron movie එකේදී Capගේ shield එකට යොදාගෙන තියෙනවා දැක්කා. අපිට ආයෙත් ඒ movie එකක් මතක් කර දීමක් හැටියට මේ අවස්ථාව හදුන්වන්නට පුළුවන්.

9 - Grant Ward: HYDRA's Second Head!!
 


Ward කියන චරිතය කථාමාලාවේ ඉන්න නපුරුම සහ කාර්යශූරම චරිතය හැටියට නම් කළොත් මං වැරදි නැතිවෙයි. ඒ වගේම HYDRA එකට නව නායකයෙක් නැතිව හිටපු කාලයේදී නායකත්වයක් ලබා දෙමින්, නවක සාමාජිකයන් සොයා ගනිමින් ඔහු HYDRA එක හොඳ තැනකට ගෙනාපු කෙනෙක්. ඒ වගේම තමන්ට වටිනා කියන දෙයක් ගැන ආරංචියක් ලැබුණොත් ඒ දේ වෙත කොහොම හරි ළඟාවෙන කෙනෙක් තමයි Ward කියන්නේ. von Strucker පරම්පරාවේ සේප්පුව තිබෙනා තැන සොයාගන්නා Ward ඒ තැන කරා ළඟා වෙනවා. පුදුමයකට වගේ එතැනට පැමිණ සිටින අනිත් චරිතය වන්නේ Gideon Mallickයි. තමන් Ward ගැන කලින් දැකපු ආකාරය වැරදි බව ඔහු පවසන්නේ එවිටයි. තමන්ට පසු HYDRA වල ඊළඟ හිස බවට පත්විය යුත්තේ Ward බව Malick එතැනදී පිළි ගන්නවා. ඒ වගේම SHIELD එකේ ලොක්කාව මරා දමන්නට තමන් උදව් කරන බවද Malick පවසනවා. ඇත්තටම Ward HYDRA එකේ මීලඟ නායකත්වයට සුදුසුයි නම් අනිවාර්යයෙන් ඔහුව Civil War movie එකට සම්බන්ධ විය යුතුයි කියන එකයි මගේ අදහස වෙන්නේ. ඔයාලා හිතන්නේ කොහොමද?

10 - HYDRA's History


අපි ගොඩ දෙනෙක් HYDRAවල ආරම්භය හැටියට හිතන් හිටියේ දෙවන ලෝක යුද්ධ කාල සමයේදී Red Skull විසින් ආරම්භ කරනු ලැබූ සංවිධානයක් හැටියටයි. නමුත් ඊට වඩා දුර ඈත අතීතයක් HYDRA සතු බව අපිට මේ episode එකේදි දැනගන්නට ලැබෙනවා. Monolith එක හා සමාන වයසක් එහෙමත් නැතිනම් ශතවර්ෂ 100ක් පමණ ඉතිහාසයකට HYDRA එක හිමිකම් කියන බවයි කියවෙන්නේ. කාලයෙන් කාලයට විවිධ නම් වලින් HYDRA එක පැමිණි ආකාරය ගැන හොඳ සඳහනක් මෙහිදී ලබාගන්න අපිට පුළුවන්. මේ ගැන වැඩි විස්තරයක් අපේ ඊලඟ ලිපි වලින් ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා.

11 - Rosalind is a Pet of ALL

Rosalind Price ATCU එකේ ප්‍රධානියා වුණාට ඒක ඇතුළේ වෙන දේවල් ගැන ඇයට සම්පූර්ණ විස්තර නොලැබෙන බවයි මෙතනින් පෙනී යන්නේ. ඒ උනාට මට නම් Rosalindව විශ්වාස කරන්න අමාරුයි. Malick තමන්ට විස්තර ලබා දුන් බව සහ ඔහු ATCU එකේ විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ කොටසේ භාරකාරත්වය දරන බව ඇය පැවසුවත් SHIELD එක් ඇතුළේ ඉඳන් HYDRA එකට විස්තර සපයන්න ඇය උත්සුක වෙනවාද කියන සැකේත් මට තියෙනවා. අනික Rosiland හැසිරෙන විදිය අමුතු නිසාත්, HYDRA ලොක්කෙක් එක්ක වැඩ කරපු නිසාත් අපිට 100%ක් මෙයා හොඳ කෙනෙක් වේවි කියලා හිතන්න අමාරුයි. ඒ වුණාට සමහරවිට Coulsonට උදව් කරන්න Rosalind උදව් වේවි කියලත් හිතන්න පුළුවන්.12 - The Leader on the Other side and the Army for 'it'

Zepkow, Germany වල තියෙන Struckerගේ සේප්පුව අඩංගු රහසිගත කුටියේදී Malick සහ Ward අතර ඇතිවුණු කථාවේදී අපිට කථාව හා සම්බන්ධ වන ගොඩක් දේවල් දැනගන්න ලැබුණා. අපි නොදන්න දේවලුත් ඒ අතර තිබුණු නිසා දැනට තිබුණු හිස්තැන් බොහොමයක් පුරවගෙන ඊලඟ episode වලට පිඹුරුපත් සකසන්නට ඒ මගින් ඉඩක් ලැබෙනවා. Malick අර Monolith එකේ කොටස ගැන විස්තර කියද්දී අපි Season 3 episode 05 වලදී දැකපු කෙනා ගැන තවත් විස්තරයක් කියවෙනවා. මීට වසර දහස්ගණනකට කලින් මේ කෙනා පෘථිවියෙන් බිහිවූ Inhuman කෙනෙක් තමයි මෙයා. ඉතාමත් බලගතු සහ බියගන්වන සුළු කෙනෙක් බවට මේ කෙනා පත්වූ නිසා පෘථිවියෙන් පිටුවහල් කරන්නට අනිත් අය තීරණය කර තිබෙනවා. එහෙනම් මේ කෙනා වසර දහස් ගණනක් තිස්සේ ජීවත්වෙන වෙනෙක්. මේ කෙනාව පිටුවහල් කිරීමෙන් පසුව යළි ඒ කෙනාව ගෙන්වීමේ අරමුණෙන් තමයි HYDRA එක පිහිටුවලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කෙනා HYDRA නායකයෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම සෑම පරම්පරාවකින්ම කෙනෙක් මේ ග්‍රහලෝකය වෙත යවන්නටත් HYDRA එකට හැකිවෙලා තියෙනවා. නමුත් ඔවුන්ට ඒ ගිය පුද්ගලයන් යළි ගෙන්වා ගැනීමට හැකිවෙලා නැහැ. ඒ කෙනා ආපහු ආවාම ඔහුට අවනතව ක්‍රියාකරන්න හැකි හමුදාවක් ගොඩනගන්නටයි දැන් HYDRA එකට උවමනා වෙලා තියෙන්නේ. මේ නිසාම අලුත් Inhumansලා රැසක් HYDRA එකෙන් තමන්ගේ යටතට ගනීවි. ඒ කියන්නේ මේ කෙනා ආයෙත් පෘථිවියට ආවොත් ඒ ලෝක විනාශය කියන එකද? මේ කෙනා ගැන අනිවාර්යයෙන්ම ඉදිරි ලිපියකදී අපි කථාකරන්න කටයුතු ලෑස්ති කරලයි තියෙන්නේ.

13 - Dr. Garner's Fate


Dr. Andrew Garnerව ATCU facility එකට ඇතුල් කරන්නට කලියෙන් HYDRA එකෙන් ඔහු සිටිනා කුටීරය පැහැරගන්නවා. ඉන් පස්සේ Dr. Garnerගේ ජීවිතය වෙනස් කරන්නයි HYDRA එකට ඕනෙ වෙන්නේ. ඒ කියන්නේ Andrewගේ වෙනස් වීම HYDRA එක දන්නවා කියන එකයි. මේ නිසාම ඔවුන්ට අනිත් ග්‍රහලෝකයේ සිටින කෙනාගේ හමුදාවට Andrewව එකතු කරන්න සැලැස්මක් තියෙන බවකුයි පේන්නේ. ඒක අපිට post credit scene එකේදී පැහැදිලිව කියා දෙනවා. ඒ Ward ඇවිල්ලා Andrewව යළින් Lash බවට පත් කරන්න හදන මොහොතේදීයි.

මේ පාර episode එක හොඳ solid episode එකක් හැටියට නම් කරන්න පුළුවන්. Season එකේ මම දැක්ක හොඳම episode එක කියලා කිව්වට වරදක් නැතිවෙයි. කථාමාලාවේ ප්‍රධාන චරිත රැසක්ම එක episode එකක දකින්න ලැබුණු පළෑවෙනි අවස්ථාවත් මේකයි. මේ නිසාම මේ සතියේ episode එකට 9.8/10ක්ම ලකුණු ලබා දෙන්න පුළුවන්. ලබන සතියේ SHIELD කථාමාලාව විකාශනය වෙන්නේ නැති නිසා Jessica Jones කථාමාලාවේ දිගහැරුමත් එක්ක යළි හමුවෙමු.


Agents of S.H.I.E.L.D. continues Tuesday December 1st with ‘Closure’ at 9pm on ABC.


#SmAsHeR

6 comments:

  1. mama kiewwe giya para review eke. Colson ohoma hitiyata yatin gamak gahala athi kiyala

    ReplyDelete
  2. මට ප්‍ර‍ශ්නයක් තියෙනවා. SHIELD එකෙන් යවපු ඇන්ඩෘ ඉන්න කුටියෙ මොකක්දෝ සිග්නල් එකකින් ATCU එකේ සිස්ටම් එකට ලොග් වෙනවයි කියනවනේ. ඒ තත්වෙ ඇති කරලනේ බොබීවයි හන්ටර්වයි ATCU එකට යවන්නෙ?? එහෙම නේද? දැන් ඇන්ඩෘෘ ඉන්න කුටිය තියෙන්නෙ ජර්මනියේ. එතකොට ඒ කුටියෙන් නිකුත් වෙච්චි සිග්නල් තිබ්බ තැනට ගියාම ATCU එකේ ඒක නෑනේ. කොහොමද ඒක වුනේ?

    ReplyDelete
    Replies
    1. ඒක නං සෑහෙන ප්‍රශ්නයක්. මටට්ට් තාම ඒ ගැන හරියටම කියන්න අමාරුයි. සමහර විට HYDRA එකෙන් ඒ සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයක්ම භාවිතා කළා වෙන්න පුළුවන්. නැත්තං HYDRA එකට තමන් ගාවයි Dr.Garner ඉන්නේ කියලා SHIELD එකට කියන්න ඕනෙ උනා වෙන්නත් පුළුවන්

      Delete
  3. බොහෝම සවිස්තරාත්මක ලිපියක්.

    මට දැනගන්න ඕනේ එකම දේ කවුද මේ අනිත් පැත්තේ ඉන්න බුවා කියලා.
    සමහරවිට ඒ කෙනාමද දන්නේ නෑ විල් විදියට වෙස්වලාගෙන හිටියේ. එතකොට ජෙමාගේ උදව්වෙන් පෘථිවියට එන්න පුළුවන් වෙන්න. තැනින් තැනදී එහෙම කෙනෙක් පිට ඉන්නවා කියලා ජෙමාට පෙන්නලා බය ගන්නලා එයාම විල්‘ගේ ස්වරූපයෙන් ගිහි්ල්ලා එයාව බේරගන්නවා වෙන්න පුළුවන්. කොහොමත් අපි දැක්කේ නෑනේ එකම රෑප රාමුවක විල් එක්ක එකටම අර අත්භූත මිනිහා ඉන්නවා.

    අන්තිම වෙලාවේදී පිට ග්‍රහලෝකේදී ගගනගාමී ඇඳුමක් ඇඳගෙන ජෙමා ලඟට ආපු වෙලාවේ නම් ඈතින් විල් කතා කරන කටහඬක් ඇහුනා. ඒත් ඒක මොකක්හරි ප්‍රයෝගයක් වෙන්න පුළුවන්. එහෙම සීන් එකක් වුනොත් නම් ෆිට්ස්, සිමන්ස් දෙන්නට ආයෙමත් එකට එකතු වෙන්න හොඳ අවස්ථාවක් උදා වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. පහුගිය එපිසෝඩ් එකක පෙන්නුවා නේද සෑහෙන කාලෙකට කලින් මොකක් හරි සමුළුවක් වගේ එකක් තියලා එකෙක්ව විතරක් කාමරයක් ඇතුලට දානවා. ඒ කියන්නෙ සැරින් සැරේට මිනිස්සුන්ව එහෙට යැව්වා කියන එකනෙ අතීතෙ ඉදලම. විල් අර අද්භූත එකා වෙන්න තියෙන ඉඩ අඩුයි මට නම්. ඒක තහවුරු වුනේ ඒ ග්‍ර‍හලෝකයට ඉර එලිය වැටෙන වෙලාවෙ විල් තනියම ඉන්නවා පෙන්නන දර්ශනයත් එක්ක. එයා ගාව තිබ්බ පිස්තෝලෙ උණ්ඩ නැතිව තිබ්බ එක. ඒකෙන් සිමන්ස්ට හරි ෆිට්ස්ට හරි තිබ්බා වෙන්න බෑනෙ.

      Delete
    2. ඔව් ඒකත් ඇත්ත. 10වෙනි එපිසෝඩ් එකෙන් ප්‍රශ්න ගොඩක් විසදුනා කියලයි මට හිතෙන්නේ :D

      Delete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න