Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Supergirl S01E03 Review

Supergirl S01E03 Review

Supergirl S01E03 Review 

 
 
ඔන්න වෙනදා වගේම මම සුපර්ගර්ල් රිවිව් එකත් අරන් ආවා. ඉස්සෙල්ලම සමාවෙන්න ඕන රිවිව් එක සතියක් පරක්කු උන එක ගැන. මේ දවස් වල ගොඩක් කාර්යබහුල උන  නිසා කොමික් ස්ක්‍රිප්ට් පේජ් එකේ වැඩත් ටිකක් අතපසු උනා. ඒ නිසා ඒ මග ඇරුන ඒවත් එක්ක අල්ලලා දැන් දිගටම වැඩ කරන්න වෙන්යි වගේ. :p 
දැන්නම් ශෝ එකේ මුලින් තිබ්බ හයිප් එක ටිකක් අඩු වෙලා වගේ. ෆෑන්ස්ලත් ඒ තරම් උනන්දුවක් නෑ ශෝ එකට. ඒ උනත් අපිට ඊස්ටර් එග්ස් සෑහෙන ප්‍රමානයක් දකින්න පුලුවන් ශෝ එකක්  තමයි සුපර්ගර්ල් කියන්නෙ.  

  • මේ සතියේ එපිසෝඩ් එක පටන්ගන්නෙ කැට් ග්‍රෑන්ට් එක්ක සුපර්ගර්ල්ගෙ ඉන්ටර්විව් එකෙන්. කාරාගෙ අතින් වැරදිලා කියවෙන වචනෙකින් කැට් දැනගන්නවා සුපර්ගර්ල් කියන්නෙ සුපර්මෑන්ගෙ සහෝදරියක් බව. ඒ වගේම ඇලෙක්ස් දැනගන්නවා කාරාගෙ හිතේ ජිමී ගැන ක්‍රශ් එකක් තියෙනවා කියලත්. 
  • Bulletproof Coffee කියන්නෙ ඇත්තටම තියෙන coffee brand එකක්.



  • කවුද මේ Reactron කියන්නෙ? Reactron ඇත්තටම කියනවනම් ඔරිජිනල් සුපර්ගර්ල් විලන් කෙනෙක්. මෙච්චරකාලෙකට අපිට ශෝ එකේදි දකින්න පුලුවන් උනේ කාරගේ වගේම පවර්ස් තියෙන පිටසක්වල සම්භවයක් සහිත විලන්ලා. ඒ අතින් ගත්තම මේක හොද උත්සාහයක් කතාවෙ ගලායෑම පවත්වාගන්න.


  • Reactron ගැන කියන්වා නම් අපිට Reactron ඉස්සෙල්ලම දකින්න හම්බුනේ THE DARING NEW ADVENTURES OF SUPERGIRL #8 කොටසෙදි. Reactron කොමික් වලදි ඒ තරම් ප්‍රබල චරිතයක් නොවුනත් SUPERMAN: NEW KRYPTON කියන ස්ටෝරි ලයින් එකේදි(මේක ක්‍රොස් ඕවර් ඉවෙන්ට් එකක්) ලොකු චරිතයක් නිරූපණය කරලා තියෙනවා. ඒ කතාවෙදි කාරාගෙ පියා වෙන Zor-El ව ඝාතනය කරන්නෙ මේ Reactron.


  • DEO එකේදි හෑන්ක්, කාරා  කැට් එක්ක කරපු ඉන්ටර්විව් එක ගැන විවේචනය කරද්දි එක තැනකදී කියනවා "Keeping up with the Kryptonions" කියලා. මේක "Keeping up with the Kardashians" කියන ශෝ එකට සමච්චලේට කියපු එකක් වගේ. 


  • පහුගිය සතිවල එක්ස්පීරියන්ස් එකත් එක්ක කාරා තමන්ගේ හැකියාවන් වර්ධනය කරගෙන හදිසි අවස්තාවන්ට දැන් හොදින් මුහුන දෙනවා වගෙයි පේන්නෙ. ඒ වගේම අපිට ඇහෙනවා Reactron කියනවා "man of steel" කියලත්. අනිත් ශෝ වල  වගේ වටින් ගොඩින් කියන්නෙ නැතුව කෙලින්ම කියන ශෝ එකක් තමයි සුපර්ගර්ල් කියන්නෙ. ඒ වගේම කියන්න ඕන කලින් එපිසෝඩ් වලට වඩා CGI දැන් හොද මට්ටමක තියෙනවා කියලා.

  •  හෑන්ක් කියනවා එක තැනකදි "Superman fights for truth, justice and the American way," කියලා. මේක සුපී කොමික් වලදි වගේම ටිවී ශෝ(ඇනිමේශන්) නිතරම වගේ පාවිච්චිකරපු ටැග් ලයින් එකක්.


  • ඔන්න සුපර්ගර්ල්ත්, ෆ්ලෑශ් ඇරෝ වගේ සීක්‍රට් HQ එකක් හම්බුනා. HQ කිව්වට මේක නිකම් ඔෆිස් එකක් විතරයි. ඉස්සරහට අපේ ටීම් එක වැඩිවෙලාවක්  මෙතන ඉන්නවා බලාගන්න අපිට පුලුවන් වෙයි.

  • ඒ වගේම ජිමී අතින් වැරදීමකින් සුපර්මෑන්ගෙ රහස් අනන්‍යතාවය හෙලිවෙනවා. වාසනවාකට  මේක දැනගන්නෙ වින් විතරයි. ඒත් සුපර්විලන් කෙනෙක් වෙන්න ඉන්න වින් මේ වගේ දෙයක් දැනගන්න එක නම් ඇඟට හොඳ නෑ වගේ කියලයි මට හිතෙන්නෙ. 


  • මැක්ස්වෙල් ලෝඩ් ගැන මම ගිය සතියෙ කිව්වා වගේම අපිට මිනිහ ගැන වැඩිපුර බලාගන්න පුලුවන් උන මේ එපිසෝඩ් එකේ. දකින්න ඇතිනේ මිනිහට කොයිතරම් සල්ලි තියෙනවද කියලා. සල්ලි වගේම මොළෙත් තියෙන සුපර් ජීනියස් කෙනෙක්.  ඒ වගේම තනි වචනෙ මිනිහෙක්. මොනා උනත් ලෝඩ්ගේ හොඳ පැත්තකුත් තියෙනවා කියලා දකින්න ඇතිනෙ. 


  • Bakerline Nuclear Power Station එක ගැන කිව්ව ගමන් ජිමී ඒක අදුරගත්තා වගේ පෙන්නුවා නේද. ඒකට හේතුවක් තියෙනවා. ඒ සුපර්මෑන් මිනිස්සු බේරගත්ත නිසාම නෙවෙයි. කොමික් වලට අනුව ජිමී එන්නෙ Bakerline වල ඉදලා. 
  • MILLENNIAL FALCON - හෝලි ශිට්, මේක StarWars reference එකක් කියලා Star Wars ෆෑන්ස්ලට නම් එකපාර මීටර් වෙන්න ඇති. 


  • දෙවෙනි පාරටත් අපිට සුපර්මෑන්ව ශෝ එකේදි දකින්න පුලුවන්. Reactronගෙන් කාරාව බේරගන්න එන්නෙ සුපර්මෑන් අත්‍යවශ්‍ය වෙලාවක. ඒ වගේම Reactron උනත් සුපීට කොච්චර බයද කියලා සුපී දක්ක ගමන්ම පැනලා යන එකෙන් තේරෙනවා.
  •  මැක්ස්වෙල් ලෝඩ් සුපර්මෑන් ගැන මාධ්‍ය සාකච්ඡාවෙදි කියන තැනදි මට නම් හිතුනේ, කොමික් වලදි ලෝඩ් ජස්ටිස් ලීග් එක එකතු කරන්න හදන එක ගැන කරපු රිෆරන්ස් එකක් වගේ කියලා. 
  • ජිමීගේ වොච් එක සාමාන්‍ය දෙයක් වගේ උනාට කොමික් වලට මේක ලොකුවටම සම්බන්ධ දෙයක්. ACTION COMICS #238 කලාපෙදි අපිට ඉස්සෙල්ලම ජිමීගෙ මේ වොච් එක දැකගන්න පුලුවන් උනා. ඒ වගේම කොමික්වලදි අවස්තා රැසකදි මේක ජිමීගෙ වගේම තවත් ගොඩ දෙනෙක්ගෙ ජීවිතය බේරලා තියෙනවා. 

  •  ඇලෙක්ස් DEO එකෙන් ගෙනාපු බුලට් පෘෆ් ඇඳුම ගැන කියනකොට සප්යි කතා මතක් උනේ මට විතරද?
  • වින්, කාරා ගැන තියෙන අදහස අතහරින්නෙ නෑ වගේ.   

  • හෑන්ක්ගෙ සයිබෝග් සුපර්මෑන් රිෆරන්ස් එක හොදටම පෙන්න තියෙන්නෙ කියලා මට කියන්න පුලුවන්. මොකද ඇලෙක්ස් පරිගණකයෙන් තොරතුරු හොයනකොට හෑන්ක්ගෙ ඇස් දෙක රතු වෙලා ඒ ගැන දැනුම් දීමක් වෙනවා වගේ දෙයක් අපිට පේනවා. එහෙම වෙන්න නම් ඒ පරිගනකය හෑන්ක්ගෙ මොලේ සමග සම්බන්ද වෙලා තියෙන්න ඕන. ඒ කියන්නෙ අනිවාර්යෙන්ම හෑන්ක් සයිබෝගෙ කෙනෙක් කියලා කියන්න මේක හොඳ සාක්ෂියක්. 
 



  • ජිමී, වින්ගෙන් කාරව ඉල්ලන සීන් එකේදි වින් ටිකක් අප්සට් උනා වගේ. සමහරවිට ඉස්සරහට වින් විලන් කෙනෙක් වෙන්නත් මේක ලොකු හේතුවක් වෙන්නත්  පුලුවන්. ජිමීගෙ හිතෙත් කාරාඅ ගැන අදහසක් තියෙන පාටයි. කොහොමත් මේක ඉතින් ඉස්සරහට වෙන්න තියෙන දෙයක්නෙ.
  • ජිමී උනත් කරදරයකදි පසු බහින කෙනෙක් නෙවෙයි කියලා අපිට දකින්න පුලුවන්.


  • Lucy Lane කවුද කියලා Smallville tv series එක බලපු අයට මතක ඇතිනෙ. ලුසී කියන්නෙ ක්ලාක් කෙන්ට්ගේ ආත්මීය සහකාරිය වෙන ලොයිස් ලේන්ගෙ නංගිට. කොමික් වලදිත් ජිමී සහ ලුසී අතර සම්බන්ධතාවක් තිබ්බත් ඒක ඒ තරම් බරපතල එකක් උනේ නැහැ. හොදම වැඩේ කියන්නෙ කොමික් වලට අනුව ජිමී සහ ලුසී Break up වෙලා ටික දවසකින් ලුසීගෙ අක්කා ලොයිස් සහ ක්ලාක් අතර වෙඩින් එකේදි දෙවෙනි මනමාලය වෙන්න උනේ ජිමීට. ඒත් ශෝ එකට ලුසීව ගෙනාවෙ මොන අරමුනකින්ද කියලා තමයි හිතාගන්න බැරි. 


ක්ලාක් කාරත් එක්ක සම්බන්ධතාවක් පවත්වන එක ඉස්සරහට සුපරගර්ල්ට හොද දෙයක් වෙයි. මොකද සුපර්මෑන් කියන්නෙ ගොඩක් අත්දැකීම් බහුල කෙනෙක්නෙ. 
කතාවෙ අන්තිම ටික නම් ගොඩක්ම හිතට ඇල්ලුවා. මෙලිසා රඟපානව දකින්න කවුද අකමැති ඉතින් නේද. 
එහෙනම් ඔන්න යන්තම් රිවිව් එක ඉවර කලා. මේ සතියේ එක හෙට් දෙන්න බලාපොරොත්තු වෙනවා. රැඳී ඉන්න කොමික් ස්ක්‍රිප්ට් සමග. 

#Luthor

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න