Gotham s02e09 - A Better Pil to Swallow Review
මුලින්ම කියන්න ඕනේ ටිකක් කාර්යබහුල වෙච්ච නිසා මේ පාර රිවිව් එක දෙන්න හිතුවටට් වඩා ටිකක් කල් ගියා,කොහොම උනත් මේ සුදානම මේ සතියේ ගෝතම් කතාවේදී වෙච්ච දේවල් ගැන පොඩි සාරාංශයක් දෙන්න වෙනදා වගේම..
01 - The Lady - මේ පාර කතාව පටන් ගන්නේ ටැබතා ජිම් ගෝර්ඩන් ව ඝාතනය කරන්න කුලී ඝාතකයෙක් ව හොයාගෙන එන දර්ශනයකින්. ගියපාර ජිම් ටැබතා ගේ අතට වෙඩි තිබ්බ නිසා තමයි මෙයාට මේ වැඩේට වෙන කෙනෙක්ව හොයාගන්න උනේ. කුලී ඝාතකයෙක් ව හොයාගෙන මෙයා යන්නේ මිට කලින් ගෝතම් කතාවේදී පෙන්නුවේ නැති තැනකට සහ චරිතයක් ගාවට. මෙතැනදී ටැබතා හම්බවෙන කාන්තා චරිතය කොමික් වලද අපිට දකින්න ලැබෙන කෙනෙක්ද කියල දැන්මම නිගමනයකට එන්න අමාරුයි, නමුත් බාරගන්න වැඩක් කොහොම හරි ඉවර කරනවා කියල කියපු නිසා සමහරවිට අපිට නැවත වතාවක් දැකගන්න ලැබෙයි..
02 - Knocked out - බාර්බරා කීන් මරුනේ නැති උනත් කොමා තත්වෙකට පත් වෙලා ඉන්නේ. එක නිසා ගොඩක් දුරට තව ටික කාලයක් යනකම් අපිට ආපහු දැකගන්න ලැබෙන්නේ නැති වෙයි. ඒත් ආපහු මේ චරිතය කතාවට ගේන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනෙව. පලවෙනි එක තමයි කෝමා එකෙන් පස්සේ ආපහු සිහිය එද්දී බාර්බරාට තිබුන මානසික ව්යකුලතාවයන් නැති කරලා හරි, පරණ මතකයන් නැති වෙච්ච කෙනෙක් විදිහට හරි ආපහු ගේන එක..
දෙවැනි කාරනාව තමයි බාර්බරා සහ ඉන්ඩියන් හිල් අතර සම්බන්ධයක් ගොඩනගන එක. මෙතැනදී ජිම් ට කියනවනේ බාර්බරා ව ආකම් වලට යවනවා කියල,සමහරවිට ආකම් වලට වෙනුවට ඉන්ඩියන් හිල් පර්යේෂණාගාරයට බාර්බරා ව අරන් යනවා වෙන්නත් පුළුවන්. මේ දේවල් නිසැකයෙන්ම වෙයි කියල නම් කියන්න දැන්මම බෑ,ඒත් ගොඩක් වෙලාවට මේ දෙකෙන් එකක් සිද්ධ වෙන්න තියෙන ඉඩක් තියෙනෙව..
03 - Love"LEE" - ජිම් ගේ හැසිරීම් වල ඇතිවෙච්ච වෙනස් වීම් හොඳින්ම වටහාගන්නේ ලෙස්ලි තොම්ප්කින්ස්. ආකම් රෝගීන් එක්ක ඉඳපු පුරුද්ද නිසාමද මන්දා මේ දේවල් ලී හොඳින්ම තේරුම් ගන්නවා. ජිම් සහ බාබරා අතර පහුගිය ටිකේ වෙච්ච හුටපටය ගැන තරහවක් හෝ ඉරිසියාවක් ලී ට නැති උනත් ජිම් ගේ ඇතුලාන්තයෙන් සිදුවෙලා තියෙන වෙනස් වීම ගැන ලොකු බයක් මෙයාට තියෙනෙව. කතාවේ ඉන්න තවත් වටිනාම චරිතයක් විදිහට දැන් අපිට ලෙස්ලි තොම්ප්කින්ස් ව හඳුන්වන්න පුළුවන්,මොකද ඒ තරමටම කතාව ඇතුලෙදි මේ චරිතේ සංවර්ධනය උනා කිව්වොත් මම හිතන්නේ මම හරි..ඒ වගේම කතාවේ ඉන්න අනිත් චරිත ටිකක් අඳුරු වේගෙන එද්දී අනිත් අයගෙන් වෙන්වෙච්ච ආදරණිය, සැහැල්ලු සහ ආලෝකමත් චරිතයක් විදිහට ඉන්න එකම චරිතය කියලත් හඳුන්වන්න පුළුවන්..
04 - What's your play bruce? - බ්රුස් ව හම්බවෙන්න සිල්වර් වේන් මන්දිරයටම එනවා. මේ දේට නම් අල්ෆ්රෙඩ් පොඩ්ඩක් වත් කැමති වෙන්නේ නෑ. අල්ෆ්රෙඩ් කියන විදිහට සිල්වර් ව ගෙන්නාගෙන තියෙන්නේ බ්රුස් ම තමයි. ගැලවන් ගාව තමන්ට අවශ්‍ය තොරතුරු තියෙන නිසා සිල්වර් ගේ මාර්ගයෙන් ඒ දේවල් ගන්න බ්රුස් සැලසුම් කරනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් බ්රුස් ගොඩක් මෝඩ විදිහට සිල්වර් සහ ගැලවන් ගේ ගැටේට අහු වෙලාද දන්නෙත් නෑ. ඔතනින් පලවෙනි කාරණේ වෙනවා නම් තමයි හැබැයි බ්රුස් වේන් බෑට්මෑන් වෙන ගමනට වටින්නේ..
තමන්ගේ ගමන යන්න කරන්න තියෙන ඕනෙම දෙකට තමන් ලෑස්තියි කියල බ්රුස් කිව්වට අල්ෆ්රෙඩ් දන්නවා තවමත් බ්රුස් කියන්නේ පොඩි ළමයෙක් කියල. සිල්වර් ගෙන් තොරතුරු ගන්න තරම් දැනුමක් බ්රුස් ට තවමත් නෑ කියල කියන්නේ ඒ නිසයි. කොහොමත් අපි දන්නවා තවමත් අපේ මේ පුංචි බ්රුස් ට කොමික් වල බ්රුස් වේන් තරම් කාන්තා පාර්ශවය එක්ක සම්බන්දතා පවත්වාගෙන යන්න බෑ කියල. එකටත් ලොකු දක්ෂකම සහ පුහුණුවක් තියෙන්න ඕනේ. සමහර විට මේ සීසන් එක අවසන් වෙද්දී අපිට කලින් දකින්න ලැබුණු දුර්වල බ්රුස් වෙනුවට ශක්තිමත් සහ කල්පනාකාරී කෙනෙක්ව දැකගන්න ලැබෙයි..
05 - Going up - විදුලි සෝපානය ඇතුලේ වෙන සටන නම් මේ පාර දකින්න ලැබුණු හොඳම සිද්දියක්.. මෙතෙක් කල් ගෝතම් වලදී දකින්න ලැබුණු හොඳම සටන් ජවනිකාව කියල කියන්න පුළුවන්. මේක දකිද්දී මතක් උනේ කැප්ටන් ඇමරිකා වොන්ටර් සෝල්ජර් එකේදී කැප් හයිද්‍රා/ශිල්ඩ් කට්ටියත් එක්ක ගහගන්න එක. ඒ තරම් ම සුපිරි නැති උනත් මේකෙත් වරදක් නෑ.. ( මොනවා උනත් ඩෙයාඩෙවිල් වල හෝල්වේ ෆයිට් සීන් ඔය දෙකටම වඩා තාමත් ඉස්සරහින් තියෙනෙවා.. ;) )
06 - Mr. Feathered and Mr. Twisted - ගියපාර අන්තිමට කලේ ඇතුලෙදි නිග්මාට හම්බවෙන්නේ තුවාල වෙච්ච කුරුල්ලා,අපේ ඔස්වල්ඩ් කොබොල්පොට් ව කියල මතක ඇතිනේ. නිග්මා තීරණය කරලා තියෙනෙව පෙන්ගුයින්ට උදව් කරන්න ඕනේ කියල. නිග්මා එකට දෙන උත්තරේ තමයි අලුතෙන්ම අපරාධකාරයෙක් වෙච්ච එයාට මේ ක්ෂේත්රයේ ටිකක කාලෙක ඉඳන් ඉන්න පෙන්ගුයින් ගේ උපදෙස් ඕනේ කරනවා කියන එක. ඒ උනත් අම්මට වෙච්ච දේ නිසා පෙන්ගුයින් සෑහෙන්න වැටිලා ඉන්නේ.ඒ නිසයි ගෝතම් වලින් සහ මේ වැඩ වලින් අයින් වෙනවා කියල කියන්නෙත්. ඒ උනත් ඉතින් කතාවේ ඉන්න වැදගත්ම චරිතයකට එහෙම නිකන්ම අයින් වෙන්න බෑනේ. දිගටම අපිට පෙන්ගුයින් ගේ වැඩ සහ වැටිච්ච තැනින් ගොඩ එන විදිහ දැකගන්න ලැබෙයි. ඒ වගේම මේ සීසන් එක පුරාවටම මේ දෙන්නගේ මිත්‍ර සමාගමත් අපිට දැකගන්න ලැබේවි..
07 - Hanging on a Cliff - කලින් කිහිප සැරයක්ම කිව්වා වගේ ගෝර්ඩන් ඉන්නේ නපුර සහ හොඳ අතර ගැට්ටක වගේ. මොන පැත්තට වැඩිපුර බර වෙයිද කියල කියන්න බෑ. තවමත් ප්‍රශ්න කිරීම් කරද්දී සම්මතයන්ට පිටින් යන්න උත්සාහ කරනවා. මේ ගැන කැප්ටන් බාර්න්ස් ආපහු පාරක් ජිම් ට අවවාද කරන්නෙත් ඒ නිසයි. කතාව නතර කරන්න වෙන්නේ පලවෙනි වෑයම හරි යන්නේ නැති නිසා ජිම් ව ඝාතනය කරන්න තවත් පිරිසක් මෙතනට එන නිසා.. දෙපැත්තකින් සිද්ධ වෙන මේ ප්‍රහාරය නිසා මෙතන හිටපු එක නිලධාරියෙක් මැරෙනවා.. ප්‍රහාරය සාර්ථකව මැඩපවත්වා ගත්තත් කුලී ඝාතකයින් හැමෝම මැරෙන නිසා වැඩි තොරතුරක් ගන්න ලැබෙන්නේ නෑ. පොලිස් නිලධාරිනියව ප්‍රාණ ඇපකරායෙක් විදිහට අරගෙන ගෝර්ඩන් ව මරන්න ආපු පලවෙනි ඝාතකයා උත්සාහ ගත්තත් එයාට වැරදෙන්නේ මෙතන ඉන්නේ අපි පලවෙනි සීසන් එකේදී හඳුනා ගත්ත ජිම් ගෝර්ඩන් නෙමේ නිසා..
එයා එහෙම ඇහැට වෙඩි කන අතරේ ජිම් ව බේරගන්න හදන බාර්න්ස් අනිත් ඝාතකයෙක් ගෙන් පිහි පාරක් කනවා.. ජීවත්වෙන්න පුළුවන් උනත් එතනින් ගැලවෙන්න ලැබෙන්නේ නැත්තේ ඒකයි.. මේ සිදුවීම වෙන්න කලින් ගෝර්ඩන් ට ක්රිල් පියතුමා තියෝව හම්බවෙන්න ආපු වෙලාවේ දාහෙන හිටපු ලෝගුව වගේ එකක් හම්බවෙන්නේ.. මේ ලැබුණු හෝඩුවාවෙන් ඉස්සරහට ජිම් වැඩක් ගනීද කියල ඉස්සරහට අපි බලමු..
08 - Gotham : the city of killer birds - මේ සතියේදී ගෝතම් වලින් අපිට හඳුන්වා දෙන කොමික් චරිතය තමයි එඩ්යුරාඩෝ ෆ්ලෙමින්ගෝ. batman #666 වෙනුවෙන් ග්‍රාන්ට් මොරිසන් කියන අද්විතීය කොමික් නිර්මාණ කරුවා බිහි කරපු චරිතයක් තමයි මේ ෆ්ලෙමින්ගෝ.
එඩ්යුරාඩෝ ෆ්ලෙමින්ගෝ කියන චරිතය ෆ්ලෙමින්ගෝ කුරුල්ලා ආශ්රයෙන් තමයි හදල තියෙන්නේ..
09 - The line and the Law - කැප්ටන් බාර්න්ස් ආපු කාලෙදිම ජිම් ට කියනවා සීමාව ගැන දැනගෙන ඉන්න ඕනේ කියලා. තමන් සීමාව අඳුරගත්තේ අපහසු අකාරයකට කියලා එදා කිව්වට මේ පාර තමයි අපිට බාර්න්ස් ගේ කතාව දැනගන්න ලැබුනේ. වෙලාවකට හිතෙනවා බර්න්ස් ගේ චරිතෙත් ගෝතම් වලින් යන්න කාලේ ඇවිත්ද කියලත්, අපිට එයාගේ රහස කියපු නිසා..
10 - sneak out - බ්රුස් අල්ෆ්රෙඩ් ට හොරෙන් සිල්වර් ව හම්බවෙන්න යන්න හැදුවත් ඒ වැඩේ හරි යන්නේ නෑ.මේ පාර වෙච්ච රසවත්ම සිදුවීමක් කියල කිව්වොත් මම හිතන්නේ මම හරි. කොහොඅ උනත් අපිට මතක් කරලා දෙනවා ච්රුස් වේන් කියන්නේ තාම තමන්ගේ බට්ලර් ව වත් රවට්ටන්න දන්නේ නැති පොඩි එකෙක් කියල.. තව ටිකක් පුරුදු වෙන්න වෙයි වගේ බ්රුසි.. :v
11 - Man Without fear - අම්මගේ මරණය සිද්ද උනේ තමන්ගේ දුර්වලකම නිසා කියල හිතන පෙන්ගුයින් ව ආපහු ශක්තිමත් කරන්නේ එඩී. කොමික් වලදීත් පෙන්ගුයින් ප්‍රභල චරිතයක් වෙන්නේ අනිත් කිසිම කෙනෙක් එක්ක බැඳීමක් නැති නිසා ( හැබැයි ඉතින් හැම තුරම වගේ එහෙම තමයි ඉතින් ) කොහොම උනත් මෙතැනදී අපිට දකින්න ලැබෙන්නේ අපිට මෙච්චර කල් දකින්න උවමනා වෙච්ච නිග්මා ව.
12 - Flam [ing] On - ජිම් සහ ෆ්ලෙමින්ගෝ අතර සටනත් විශේෂයි. කොමික් වලදී ෆ්ලෙමින්ගෝ ආයුධයක් විදිහට කසයක් පාවිච්චි කරනවා. මෙතැනදී ඒ වෙනුවට පාවිච්චි කරන්නේ දම්වැලක්.. කොහොම හරි දරුණු සටනකින් පස්සේ දිනන්නේ ජිම්. ඒ උනත් බාර්න්ස් ට සිද්ද වෙනවා වගේම කඩඉම් අවස්තාවක් මෙතැනදී ජිම් ට උදා වෙනවා. නමුත් සීමාවෙන් පිට පනින්නැති වෙන්න ජිම් වග බලාගන්නවා..
මෙතැනදී එඩ්යුරාඩෝ දාන හිනාව නම් මරු. ෆ්ලෙමින්ගෝ ලා සද්ද කරන විදිහට සමාන හිනාවක් තමයි මේ දන්නේ.. කොමික් වලත් මෙයාගේ මේ විශේෂ හිනාව ගැන සඳහන් වෙනවා..
13 - Best Buds? - පෙන්ගුයින් සහ එඩී ඉතාමත් ඉක්මනින් යාළුවන් වෙලා වගෙයි. දෙන්නම එකට අපරාධ කරන්නත් පටන් ගන්න වගේ හදන්නේ.. එඩී ගේ මොලෙයි ඔස්වල්ඩ් ගේ කපටිකමයි එකතු උනාම එතන හැදෙන භයානක සංයෝගය ගැන අමුතුවෙන් මම කියන්න ඕනෙද ඉතින්..
14 - What is the news selina? - කලින් පාර අහු උනාට අල්ෆ්රෙඩ් ගේ කීම අහන්නේ නැතුව ආපහු පාරක් සිල්වර් ව හම්බවෙන්න යන්න බ්රුස් උත්සාහ ගන්නවා. කලින් පාරට වඩා ටිකක් සාර්ථක උනත්, එහෙමත් නැත්තම් අල්ෆ්රෙඩ් ට හොරෙන් යන්න පුළුවන් උනත් හිතුවේ නැති වෙලාවක එන සෙලිනා ට බ්රුස් අහු වෙනෙවා.. ගොඩක් දුරට සෙලිනා වෙච්ච හැම දේම ගැන විමසිල්ලෙන් ඉන්න ඇත්තේ. කොහොම උනත් සෙලිනා කියනවා සිල්වර් ගේ රහස් ගැන එයාට හෝඩුවාවන් ලැබුන කියල. ඉස්සරහට බලමු මේ ත්‍රිකෝණාකාර සම්බන්ධතාවයට මොනවා වෙයිද කියල..
15 - This is a really bad time for cops - මේ ගෙවෙන්නේ ගෝතම් පොලිසියේ නිලධාරීන්ට එතරම් සුභ කාලයක් නෙමෙයි කියල අපිට ආපහු පාරක් මතක් කරලා දෙනවා. දිගටම සිද්ධ උනා වගේ මේ පාරත් තවත් නිලධාරියෙක් මැරෙනවා, ඒ වෙන කවුරුත් නෙමෙයි ගෝර්ඩන් ගෙන් ප්‍රශංසා ලබපු පාර්ක්ස්.
මේ සිදුවීම් නිසා ගෝර්ඩන් ගේ වරදකාරී හැඟීම තවත් වැඩි වෙනෙවා. ප්‍රචණ්ඩකාරී බව හොඳ නෑ කියල තෙරුම් ගත්ත විතරයි ආපහු ප්රචණ්ඩ වෙන්න සිද්ද වෙනවා වගේ. මේක තමයි ගෝතම් නගරයේ ස්වභාවය..
16 - Why so Serious Theo? - මෙතෙක් කල් අපිට දැකගන්න ලැබුනේ නිවිච්ච තියෝ කෙනෙක් සහ තමන්ගේ සහෝදරයව ගණන් ගන්නෙවත් නැති අහංකාර ටැබතා කෙනෙක්ව. ඒත් මෙතැනදී ඒ දේ සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා. අපි මිට කලින් දැක්කේ නැති විදිහේ භයානක බවක් තියෝ තුලින් මතු වෙලා, ඒ දේට ටැබතා පවා භය වෙලා ඉන්නේ.
මගේ මතකය හරි නම් මෙතැනදී තමයි ගෝතම් වලදී පලවෙනි වතාවට අපිට බ්ලැක් ගේට් සිරකඳවුර පෙන්නන්නෙත්..
17 - The Dark army - අන්තිම තත්පර කිහිපය නම් හදගැස්ම වැඩි වෙච්ච තත්පර කීපයක් උනා. ගැලවන් සහ ක්රිල් දෙන්න බලාපොරොත්තු උන හමුදාව ගෝතම් වලට අන්තිමේදී ආව.. මෙතැනදී මේ අය ඇඳන් ඉන්න විදිහ දැක්කහම කොර්ට් ඔෆ් අවුල්ස් වල ටැලොන්ස් ව මතක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. අනික මේ අය පාවිච්චි කලෙත් ටැලොන්ස් ල අතර ජනප්‍රියම ආයුධය වෙන කිනිස්ස.. තව දෙයක් තමයි මේ අය වරාය ආරක්ශකයට පහර දුන්නේ කුරුළු රංචුවක් වගේ.. මේ හැමදෙයින්ම අපිට ඉඟි කරන්නේ කොර්ට් ඔෆ් අවුල්ස් ගැන..
එහෙම නම් සෙන්ට් ඩුමා ඔර්ඩර් එකට මොකද වෙන්නේ, මේ එන්නේ හරියටම කවුද කියල අපිට දැනගන්න නම් තව ටිකක් ඉවසන්න වෙනවා...
#Gotham_sII_eVIII_Review
#ClownPrinceOfCrime
Daredevil ඒෙක් fight ඒකට දුන්න credit ඒකට නම් මම කැමතියි..
ReplyDeleteඒ fight ඒක ගැන නම් කියලා වැඩක් නෑ.. සුපිරි..
:) fatta mchn
ReplyDelete