Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Marvel's Jessica Jones - S01E01 Review

Marvel's Jessica Jones - S01E01 Review
Marvel's Jessica Jones: Season 01  Episode 01 - "AKA Ladies Night" Recap & Review


නොවැම්බර් 20 වෙනිදා කියන්නේ Comic fansලා ඉවසිල්ලක් නැතුව බලන් හිටපු දවසක්. ඒකට හේතුව තමයි Jessica Jones Tv Series එක release වෙච්ච එක. ඔන්න එහෙනම් ශ්‍රී ලංකාවේ පළවෙනිම වතාවට Tv Series එකක් ඇවිත් පැය 24ක් ගත වෙන්නත් කලින්ම review එක දෙන්න Comic Script අපි සමත්වෙනවා. ඒ වගේම මෙච්චර කල් අපිත් එක්ක ඉන්න අපේ 4500කට අධික fansලාට ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. Jessica Jones Tv series එකට මාස ගාණක් තිස්සේම අපි ලක ලෑස්ති වුණා හැමෝටම මතක ඇතිනේ. ඒ නිසා අද අපිට මුලින්ම review එක දෙන්න ලැබුණු එක ගැන ලොකු සතුටක් තියෙන්නේ. අපේ යාලුවෝ ඉල්ලපු විදියටම Episode 13ටම reviews දෙන්න අපි තීරණය කළා. ඒ කියන්නේ එක episode එකට එක review එක ගානේ ඔයාලට අපි ගානේ ලැබෙනවා. එහෙනම් වැඩි කතාබහ පස්සට තියලා කෙලින්ම Marvel's Jessica Jones: Season 01 Episode 01 එකේ වුණේ මොනවද කියන එක හොයලා බලමු. ආ තව දෙයක් දැනට episode ගොඩක් release වෙලා තියෙන නිසා ඔක්කොම episode බලපු අයට අනිත් අයට කථාව spoil කරන්න එපා කියලත් ඉල්ලා සිටිනවා.



කථාව පටන්ගන්නේ New York වලින්. ඒ නිසාම Jessica Jones කියන චරිතයට New York ගොඩක් සම්බන්ධ වේවි. ඒ කියන්නේ Jessica Jonesගේ base of operation එක වෙන්නේ New York නගරයයි. Comics වලදීත් Jessica Jones ජීවත් වෙන්නේ New York වලයි. ඒ ඇයගේ දෙමව්පියන් මියගියාට පසුව ටික කාලයක් ගෙවුණාට පසුවයි. ඒ අතරතුරේ Jessicaට ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වෙනවා. දැනට පළවෙනි episode එක බැලුවට පස්සේ තේරෙනවා ගොඩක් දුරට comics වල Jessicaගේ origin story එක පදනම් වෙලා කථාව ගලාගෙන යාවි කියලා.

Alias Investigations 
කලින් දැනගන්න ලැබුණා වගේම සහ Comics වල තියෙනවා වගේම Jessica Jones කථාව R-rated වර්ගීකරණයෙනුයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ series එකට ලිංගික දර්ශන සහ අසභ්‍ය වචන ඇතුළත් වෙනවා. ඒ නිසා කට්ටිය ටිකක් පරෙස්සමෙන් Tv Series එක බලන්න. කථාමාලාව පටන් ගන්නේම එහෙම දර්ශනයකින්. කථාව පැත්තෙන් ගත්තාම Jessica Jones කියන්නේ Private Investigator කෙනෙක්. Jessica තමන්ගේ පුද්ගලික කාර්යාංශය Alias Investigations යන නමිනුයි පවත්වාගෙන යන්නේ. ඒ නිසා ගොඩක් අය තමන්ගේ තියෙන සැකයන් සහ ප්‍රශ්න විසඳගන්න එන්නේ Jessica ගාවටයි. මේ නිසාම ඒ ඒ පුද්ගලයන් ලබාදෙන cases ගැන පුද්ගලිකවම හොයන්න Jessicaට සිදු වෙනවා. ඔය අතරේ ගොඩක් පුද්ගලික සිදුවීම් පවා ඇයට නිරීක්ෂණය කරන්න වෙනවා. පළවෙනි දර්ශනයෙන් අපි දකින්නේ ඒ වගේ සිද්ධියක්. මේ දේවල් සාක්ෂි සහිතව ලබාදුන්නත් සේවාදායකයන් පිළිගන්න අකමැති වුණාම ඉතින් Jessicaට පොඩ්ඩක් කේන්ති යනවා. පොඩ්ඩක් කිව්වට ඉතින් පොඩ්ඩක්මත් නෙවෙයි කියලා ඔයාලා දකින්න ඇතිනේ.


ඇත්තටම Jessica කියන්නේ තරමක් තදින් බීමට ඇබ්බැහි වුණු කෙනෙක්. ඒ වගේම දැඩි කායශක්තියකින් යුතු කෙනෙක්. ඒ වගේම හොඳ දරාගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි Jessicaට පියාඹන්නත් පුළුවන්. අපිට පළවෙනි episode එකේම මේ ගැන දැකගන්න පුළුවන්. නමුත් ඒ තරමටම හොඳට නෙවෙයි. සමහර විට ඉස්සරහට මේ දේ අපිට වඩාත් පැහැදිළිව දකින්න පුළුවන් වේවි.


Jeri Hogarth - ally to Jessica Jones 

Private Investigator කෙනෙක්ට හැමවෙලාවෙම රැකියාවන් ලැබෙන්නේ නැති නිසා Jessicaට අමතර cases ලබා දෙන්නේ Jeri Hogarth විසිනුයි. ඇය විශාල සමාගමක නීතිවේදිනියක් හැටියට කටයුතු කරනවා. සමාගමක නීති හා රෙගුලාසි වලට පිටතින් ප්‍රශ්න වලට උත්තර හොයාගන්න අමාරු නිසයි ඇය Jessicaට තමන්ට එන නඩු සහ පුද්ගලික ප්‍රශ්න යොමු කරන්නේ. ඒ වගේම අනිත් ගොඩ දෙනෙක්ට ඉවර කරගන්න බැරි ප්‍රශ්න ගොඩක්ම Hogarth විසින් Jessicaට ලබාදෙනවා. ඒ සියල්ලම Jessica සාර්ථක ලෙස නිම කරනු ලබනවා. ඒ වගේම Jeryn Hogarth ගැන විශේෂ යමක් සඳහන් කරන්න ඕනේ. මෙයා lesbian කෙනෙක්. කාන්තා චරිතයක් කථාමාලාවේ ප්‍රධාන චරිතය ලෙස ඉදිරිපත්වෙන නිසා මේ තීරණය අධ්‍යක්ෂවරුන් ගත්තා කියන අදහස තමයි අපිට දැනගන්න ලැබුණේ. කොහොම වුණත් Comic වලත් මේ නමම තියෙන කෙනෙක් ඉන්නවා. ඒත් ඒ පිරිමි කෙනෙක්. ඔහුගේ නම Jeryn Hogarth. ගැහැණු පිරිමි භේදයක් තිබුණට චරිතය සහ එහි අභ්‍යන්තරය නම් පෙනුමෙන් එක සමානයි. කොහොම වුණත් Marvel Tv Universe එකේ පළමු lesbian චරිතය හැටියට Jeryn Hogarthව හඳුන්වන්න පුළුවන්.

Trish Walker aka Hellcat 

 මේ episode එකේ මුලදි සහ මැදදි අපිට මේ කෙනා ගැන රූපරාමු දකින්න ලැබුණත් මෙයා ගැන වැඩි යමක් දැනට අපිට දැනගන්න ලැබෙන්නේ නැහැ. මෙයාගේ නම Trish Walker. මෙයා Jessica Jonesගේ හොඳම යෙහෙළියකුත් වනවා. මෙයා WNEX කියන New York වල ප්‍රමුඛතම ගුවන්විදුලි නාලිකාවේ වැඩසටහන් නිවේදිකාවක්. ඒ වගේම මෙයා Marvel Comics වල පැරණිම චරිතයක්. Comic වලදී මෙයාගෙ නම කියවෙන්නේ Patricia Walker කියලායි. මෙයා comic වලදී සුපිරි වීරවරියක්. මුලින්ම ඇය "Miss America" හැටියට තමයි තමන්ගේ ගමන් ආරම්භ කරන්නේ. ඒත් පසුවට "Hellcat" කියලා නම වෙනස් කරගන්නවා. මෙයාටත් විශේෂ බලයක් තියෙනවා. ඒ ගැන කථාවේ ඊලඟ episode වලදී කථා කරමු. මෙයා Defenders team එකට සම්බන්ධ වෙලා කටයුතු කරලත් තියෙනවා. ඒ නිසා සමහර විට මේ season එක අන්තිමට අපිට මෙයාව Hellcat විදියට දකින්න ඉඩ ලැබෙන්නත් පුළුවන්.

Hope Shlottman - Client of Jessica Jones 

 මේ episode එකේදී Jessicaට හම්බෙන case එක ටිකක් සංකීර්ණ එකක්. ඒකෙන් Jessicaව නොදැනුවත්ම එයාගේ අතීත සිද්ධියකට සම්බන්ධ කරවනවා. එක් තරුණ ගැහැණු ළමයෙකුගේ අතුරුදහන් වීමක් සම්බන්ධවයි Jessicaට සොයාබලන්න සිදුවෙන්නේ. මේ ගැහැණු ළමයාගේ නම Hope Shlottman. Hope කියන්නේ ගොඩක් දක්ෂ මළල ක්‍රීඩිකාවක්. ඒ වගේමයි ඇය NYU එකේ මළලක්‍රීඩා කණ්ඩායමේ නායිකාවද වනවා. නමුත් කෙටිකාලයක සිට ඇය කිසියම් අමුත්තක් දක්වනවා. ඇගේ හොඳම යෙහෙළියගෙන් ඇයගේ විස්තර සඟවා ඇය වෙන නවාතැනකට යනවා. ඒ වගේම සිය කණ්ඩායමෙන් පවා ඇය ඉවත්වනවා. මේ ගැන සැක පහළවන ඇයගේ දෙමව්පියන් ඇයව සොයා Omaha වල සිට New York කරා පැමිණෙනවා. ඒ අනුව ඔවුන් පැමිණිල්ලක් කරන්නට පොලීසියට ගිය වේලාවේදී ඔවුන්ට Jessica Jones ගැන විස්තර දැනගන්නට ලැබෙන බවයි ඔවුන් පවසන්නේ. කෙසේ වෙතත් Jessica මේ ප්‍රශ්නය විසඳන්නට භාරගන්නවා. ඒ අනුව දිගටම තමන්ට ලැබෙන තොරතුරු අනුව Hope ගැන විස්තර සොයන විට Jessicaට දැනගන්නට ලැබෙන්නේ Hopeව කිසියම් කෙනෙක් මානසිකව නතු කරගෙන ඇති බවයි. විශේෂම කරුණ වන්නේ මේ කෙනා Jessicaගේ ජීවිතයටත් මේ ආකාරයෙන්ම සම්බන්ධ වීමයි.


ඇත්තටම කවුද ඒ කෙනා? මේ කෙනාගේ නම තවමත් අපිට දැනගන්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ කෙනාට පුද්ගලයන් මනසින් පාලනය කිරීමේ බලයක් තිබෙන බවයි පෙනී යන්නේ. මේ නිසාම තමයි Jessica අන්තිමට Hopeව සොයාගෙන දෙමව්පියන්ට භාර දුන්නත් Hope අර පුද්ගලයාගේ බලපෑමෙන් තමන්ගේ දෙමාපියන්ව මරා දමන්නේ. මේ කෙනා ගැන ඊලඟ episode වලදී ගොඩක් කථා වෙන නිසා ඒකෙදී වැඩි විස්තර කියන්නම්.

Luke Cage - Husband of Jessica Jones 


 Jessicaට ඔන්න Luke Cageව හමුවෙනවා. ඒ Lukeගේ Bar එකේදීයි. Luke ගැන comic කියවලා තියෙන අයට නම් අමුතුවෙන්ම කියන්න ඕනෙ නැහැනේ. Luke කියන්නෙත් Defendersලාගේ ප්‍රධාන member කෙනෙක්. ඒ වගේම Luke තමයි Jessicaගේ ස්වාමිපුරුෂයා වෙන්නෙත්. ඒ නිසා මේ දෙන්නා ගැන ගොඩක්ම ඉස්සරහට අපිට කථා කරන්න පුළුවන්. ඒ වගේම තමයි දෙන්නගේ පෙන්නපු sex scene එකෙන් Luke කියන්නේ කොච්චර ශක්ති සම්පන්න කෙනෙක්ද කියන එක සහ Jessica කියන්නේ කොච්චර දරාගෙන ඉන්න පුළුවන්ද කෙනෙක් කියන එක තේරෙනවනේ. 

මේ episode එකේදී මෑත කාලීනව වුණු සිදුවීම් සහ විකාශනය වෙන සිදුවීම් ගැන පොඩි හාස්‍යමය වගන්ති කිහිපයක් කථා වෙනවා. අපි දකිනවා Jessica, Jeri Hogarthගෙන් ලැබෙන case එකක් සමථයට පත් කරන්න Gregory Spheerisව සොයා ගිය වෙලාවේදී ඔහුගේ සුපිරි මෝටර් රථය Jessica පැත්තෙන් ඔසවා ඔහුගේ ගමන නවතාලනවා. මේ වෙලාවේදී දෙදෙනා අතර වන කථා බහේදී ඇය පවසනවා ''මට මේ කාර් එක ඔසවන්න පුළුවන් කියලා ඔහේ කියන එක කවුරුත් පිළිගන්න එකක් නැහැ. ඒ ව්අගේම ඕනෙනම් මගේ ලේසර් ඇස් වලින් ඔහේව කිසිම සලකුණක් නැතිව පුච්චලා දාන්න වුනත් පුළුවන්'' කියලා. හෝ හෝ කට්ටියට කාවද එක පාරටම මතක් වෙන්නේ? ඔව් මේ Supergirl එක ගැන පොඩි hint එකක් තමයි දීලා තියෙන්නේ. කොහොම වුණත් මේක ගැන කිසිම පහත් කිරීමකින් කතා කරලා නැති නිසා අපිට පේනවා Marvel සමාගම DC සමාගම පහතට දාලා හෝ සමච්චලයට ලක් කරලා නැති බව. ඒ නිසා fansලා බොරුවට ගහබැන ගන්න ඕනි නෑ ඒකට. ඒ වගේම Jessica කොච්චර badass character එකක්ද කියන එකත් මෙතනින් හොඳට ඉදිරිපත් වෙනවා.


Channing Tatum - Gambit 


අනිත් සිදුවීම නම් ප්‍රධාන නළුවෙක්ට කරන පුංචි hint එකක්. Trish ඇයගේ radio station එකේ සාමාජිකයන් දෙදෙනා එක්ක ඇගේ නිවසේදී කරන කථාබහේදී Channing Tatum ගැන කථා වෙනවා. ඇයගේ සගයා ''Channing Tatumව show එකට ගෙන්නන්න ඕනේ'' කියලා කියනවා. එතකොට Trish කියනවා ''ඔව් ඔයා ඇහුවා ඒත් එයා බෑ කිව්වා'' කියලා. මතකනේ ඒ දවස් වල Gambit movie එක ගැන තිබ්බ කතන්දර. එක වෙලාවක Channing Tatum Gambit movie එකට එන්න බෑ කියලත් කිව්වා. මේ වෙලාවේ ඒ දේ මතක් වුණු අය කවුද? මොනවා වුණත් ඒ හැමදේම මෙතනදී ලස්සනට ගලපලා තියෙනවා. 

පළවෙනි episode එක අවසන් වන්නේ Jessica අර පුද්ගලයාට විරුද්ධව සටන් කරන්න තීරණය කිරීමත් සමඟමයි. ඒ වගේම තවත් අලුත් චරිත රැසක් ඊලඟ episode එකට සම්බන්ධ වෙන්න තියෙනවා. පළවෙනි episode එකේදී චරිත ගැන හඳුන්වන්න වුණු නිසා ලිපිය පොඩ්ඩක් දිග වැඩි වුණා. කොහොම වෙතත් Jessica Jones ලිපි පෙළ අතරතුරේ අපි මේ චරිත බොහොමයක් ගැන වෙන වෙනම ලිපි ගේන්නත් හිතන් ඉන්නවා. ඒ නිසා නොතේරුණු තැනක්, දෙයක් හෝ සිදුවීමක් තිබ්බොත් පහළින් comment එකක් දාන්න. අපි පුළුවන් විදියට ඒවාට උත්තර දෙන්නම්. 

#SmAsHeR

4 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න