Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Arrow S04E07 Review

Arrow S04E07 Review
Arrow S04E06 - Brotherhood

  • The Dead Don't Stay Dead
  • Did he just teleport?
  • Who is Taiana
Bonus
     Green Arrow : Year One

Full of Spoilers. Read at your own risk


ඔන්න අදත් අපි පුරුදු විදිහට ඇරෝ කතාව ගැන විස්තර ඔයාලා අතරට ගේන්න යන්නේ. අපේ ගොඩක් යාලුවෝ කතාව බලපු ගමන් ම අපේ පේජ් එකට ඇවිත් බලනවා අපි රිවිව් එක දාලා ද කියලා. ඇත්තටම ඒක අපිට ගොඩක් සතුටක්. ඒ වගේම ටිකක් හරි පරක්කු උනොත් ඒ ගැන විපරම් කරන එකටත් අපි පොඩ්ඩක්වත් අමනාප නෑ. එතකොට අනිත් සේරම වැඩ අතර තුරේ උනත් ඉක්මනටම රිවිව් එක දෙන්න අපි උත්සාහ කරනවා. 
දැන් මේ වෙද්දී ඇරෝ කතා මාලාව යම්කිසි තැනකට ඇවිත් තියෙන්නේ. පැහැදිලිවම සීසන් 3 දී තිබුන දුර්වලතා මඟ හැරිලා තියනවා. ඒ හින්දාම මුල්ම කාලේ ඇරෝ කතාව වටා එකතු වෙලා හිටිය කට්ටිය ආපහු මේ ගැන උනන්දු වෙන්න පටන් අරන් තියෙන්නේ. එහෙනම් වැඩි විස්තර කතා කරන්නේ නැතුව අපි කෙලින්ම මේ සතියේ සිද්ද වුනු දේවල් හොයලා බලමු.

01. Blood Lush Continues 
සාමන්‍යයෙන් ඇරෝ කතාවේ එක සතියක ප්‍රධාන තේමාවට අමතරව අතුරු තේමාවන් කිහිපයක් යනවානේ. ඒ අතරින් මේ සතියේ විශේෂ තැනක් ගත්ත එකක් තමයි තියා ගේ හැසිරීම. මැල්කම් ලබා දීපු තාවකාලික ප්‍රතිකාරය ඉවර හින්දා එයාට ආපහු ආවේගයන් පාලනය කරන්න බැරි තැනට ඇවිත් තියෙන්නේ.


මැල්කම් කතාවට අයෙමත් එකතු වෙන්නේ මේ හින්දා. එයාගේ අදහස වෙන්නේ අපරාද කාරයෙක් මේ ලෝකෙන් අයින් කරන්න කටයුතු කරලා මේ ආවේගයන් සංසිදවා ගන්න කියලා. මේකට තියා විරුද්ද උනාට තව ටිකෙන් එයා අතින් මිනිහෙක් මැරෙන්නත් ඉඩ තිබ්බා. ඒ වගේම ඇලෙක්ස් ඇතිවෙන්න තිබ්බ සම්බන්ධය පවා ටිකක් දෙදරලා ගියා. 


02. BFF Again
ඩිගල්ස් ට එයාගේ සහෝදරයා ගේ ලිපිගොනුව හම්බෙලා දැන් ටික දවසක් වෙනවා. ඒත් එයා ඒ විස්තරය ඔලිවර් ට කිව්වේ නෑ මෙච්චර දවසක්. අපි ගිය සතියේ දැකපු සුහදතාවය හින්දා ඩිගල් ස් එයාගේ භයානකම රහස ඔලිවර්ට කියනවා. මේ සිද්ධිය තමයි මේ සතියේ ප්‍රධාන තේමාවට මුල් වෙන්නේ.


03. The Dead Don't Stay Dead
ඇරෝ කතාවේ කවුරුත් එක දිගට මැරිලා ඉන්නේ නෑ කියන එක ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ලාසරස් පිට් එකට කලින් ඉදන්ම අපි මේක දැක්කා නේ. මේ වතාවේ ඒ හැකියාව පෙන්නුම් කරේ ඩිගල්ස් ගේ සහෝදරයා ඇන්ඩි. හැබයි අහම්බෙන් මුහුණු ආවරණය ගලවපු කෙනාම සහෝදරයා වුනු එක නම් එච්චර තාත්ත්වික නෑ. 


ඇන්ඩි ගැන විස්තර හොයාගෙන යද්දී අපිට තවත් වැදගත් දෙයක් දකින්න හම්බෙනවා. ඒ තමයි ඩේමියන් කොහොමද එයාගේ ගෝලයෝ බදවා ගන්නේ කියලා. පේන විදිහට නම් එයා ගාව තියනවා මානසික බලාපෑමක් ඇති කරන්න පුළුවන් දෙයක්. අපිට කලින් සීසන් වල දී  මිරාකුර් සෙබළු වගේම ඩේමියන් ගේ මේ හමුදාවේ අරමුණත් නගරයේ පාලනය අල්ල ගන්න.


04. Raylicity 
ඇත්තටම අපි කවුරුත් මේ දේ සිද්ධ වෙනවට කැමති නෑනේ. ඒත් මේ දෙන්නා එකට ඉන්නවා දකිද්දී රේ ගැන පව් කියලාත් හිතෙනවා.


05. In case you didn't notice, Oliver is poor now
මේ සිද්ධිය ගොඩක් අයට මතකද දන්නේ නෑ? ඔලිවර් ගේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව යනවා උණාට ඔලිවර් කියන්නේ අතේ කියක් වත් නැති දුප්පතෙක්. එයා ජීවත් වෙන්නේ ෆෙලිසිටි හම්බ කරන එකෙන්. මේක ඔලිවර් පහත් කරලා කතා කරනවා නෙවේ. එයාට සිද්ධ වෙනවා විශේෂ අවස්ථාවට අදින්න ඇඳුමක් පවා කුලියට ගන්න. ඇත්තටම මම නම් දකින්නේ මේක කතාවේ සාර්ථකතත්වය පෙන්වන හොදම තැනක්. 


06. Lance playing a risky game
හැමෝම දන්නවා මේ වෙද්දී ඩේමියන් කියන්නේ මොන වගේ දරුණු කෙනෙක් ද කියලා. ඒ අතින් බලද්දී නම් ලාන්ස් මේ කරන්නේ ගොඩක් භයානක දෙයක්. ඩේමියන් කියනවා මරණයට වඩා වැඩි දේවල් තියනවා කියලා. ඇරෝ කතාව අවසානේ දී අපිට දකින්න හම්බුනු සොහොන ලාන්ස් ගේ කියලා දැන් ගොඩක් අය කියන්නත් එක හේතුවක් තමයි ලාන්ස් ගේ මේ භයානක මෙහෙයුම.


07. I didn't see this coming
ඩේමියන් කෙලින්ම ඇවිත් ඔලිවර් හම්බෙන එක නම් අනපේක්ෂිත සිද්දියක්. ඩේමියන් ගේ අදහස තියෙන්නේ ඔලිවර් එයාගේ පැත්තට නම්ම ගන්න. මෙතන දී ඔලිවර් පවා ඒ තීරණය ගැන දෙපාරක් හිතන්න ගත්තා. ඒත් ෆෙලිසිටි කිව්වා වගේ ආයේ ඔලිවර් අඳුරු කෙනෙක් වෙනවාට අපි කවුරුත් කැමති නෑ. අන්තිමේ දී ඔලිවර් පවා ඒ අදහස හිතින් අත හැරියා. හැබයි මේකේ ප්‍රති විපාක නම් අපිට අනිවාර්යයෙන්ම ඉස්සරහට දකින්න පුළුවන් වෙයි.


08. Did he just teleport?
මේක නම් ටිකක් නෙවේ ගොඩක් වැදගත් දෙයක්. ඩේමියන් ට ගොඩක් හැකියාවන් තියනවා කියලා දන්නවා නේ. ඒත් අපි මෙතන දී දැක්ක විදිහට නම් එයාට ටෙලිපෝර්ට් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි තවම ඩේමියන් ගැන විස්තර දන්නේ නෑ වගේ. ටෙලිපෝර්ට් හැකියාව තියන කෙනෙක් එක්ක සටනක් කියන්නේ ලේසි වෙන්නේ නම් නෑ. 


ඩේමියන්, තියාට කතාවේ මෙරිඩා කියලා. මේ කවුරු ගැනද කියන්නේ කියලා දන්නවනේ. ඩිස්නි චරිතයක් වෙන රතු පාට කොන්ඩේ තියන දුන්නක් අතේ තියාගෙන ඉන්න පොඩි එකී දන්නේ නෑ කියලා නම් කියන්න එපා. ඩේමියන් ඉස්සරහ තියා හරියට ඒ පොඩි කෙල්ල වගේ.


09. Backfired Damian
ඩේමියන්, තියාගේ බෙල්ලෙන් අල්ලපු අවස්ථාවේ තමයි නොහිතපු දෙයක් වෙන්නේ. සාමන්‍ය විදිහට නම් වෙන්න ඕනේ තියා ගේ ජිව ශක්තිය අයින් වෙන එක. ඒත් ඒ වෙනුවට අපි දැක්කේ ඒක ඩේමියන් ට වෙනවා. මේකට දෙන්න පුළුවන් එකම හේතුව තමයි තියා කියන්නේ ලාසරස් පිට් එකේ මැජික් වල ප්‍රතිපලයක්. එතකොට ඩේමියන් ගේ හැකියාවත් ඒ වගේම මැජික් සම්බන්ධ දෙයක් හින්දා මේ දෙක අතර ගැටීමක් උනා කියන එක. අපිට මේ රහස මොකක්ද කියලා ඉක්මනටම බලා ගන්න පුළුවන් වෙයි. මොකද තියා මේ ගැන හොයන්න පටන් ගන්න යන්නේ.


10. Ray in action
අපි හිතුවේ රේ බේරගත්ත ගමන් කතාවෙන් අයින් කෙරුවා කියලානේ. ඒත් අලුත් කතාව පටන් ගන්න කල් රේ ට පොඩි අවස්ථාවක් දීලා වගේ. මෙහෙම හරි රේ ගේ හැකියාවන් දකින්න ලැබුණු එක සතුටක්.


11. Troublesome Brother
ඇන්ඩි බේරගත්තා නම් තමයි. ඒත් මෙතනින් එහාට වෙන්නේ මොකක්ද කියලා නම් හිතාගන්න බෑ. එයාම පිලිගන්නවා එයා සේරම අපරාධ වැඩ කෙරුවා කියලා. අනිත් කට්ටිය වගේ මෙයාත් ඩේමියන් ගේ පාලනයට යටත් වෙලා ඉන්නවා වෙන්නත් පුලුවන්. එහෙමත් නැතිනම් අපිට හිතුනෙවත් නැති පැත්තක් මේකට තියෙන්නත් ඉඩ තියනවා.


12. Flashbacks
අතීත කතාව දැන් ටිකක් උණුසුම් වෙන්න පටන් අරන් තියෙන්නේ. ඔලිවර් අතින් Taiana ගේ සහෝදරයා මරණයට පත් උනාම, කොන්ක්ලින් හැදුවේ ඒකට ඔලිවර් ට දඩුවම් කරන්න. හැබයි නොහිතපු විදිහට ඒක එයාටම කඩා පාත් උණා. ඒ වගේම තමයි බැරන් රයිටර් ගේ අබිරහස් ගතියත් එන්න එන්නම වැඩි වෙනවා.


13. Who is Taiana
අතීත කතාවේ දී ඔලිවර් උදව් කරන්නේ Taiana කියලා කෙනෙක් ට නේ. මෙයා ගැන අපි සති දෙක තුනක ඉදන් දැක්කා. ඒත් වැඩිය විස්තර කතා කරන්න උනේ නෑ. 


අපිට මෙයාව හම්බෙනවා Green Arrow: Year One කතාවේ දී. මෙයා ඒ කතාවේ ප්‍රධාන චරිතයක්. හැබයි ඉතින් එතන කතාවේ හැටියට නම් මෙයා ස්වදේශික ගෝත්‍රයකට අයිති කාන්තාවක්.



19. Honorable Mentions
අපි දකින්න ලැබුනා එක තැනක Wolfman Biologics කියන ආයතනය. මේ DC කොමික් වල ප්‍රධාන නිර්මාණකරුවෙක් වුනු Marv Wolfman ට කරපු ගරු කිරීමක්.


Bonus - Green Arrow : Year One
අපි මේ කාරණය මිට කලින් පේජ් එකේ කතා කෙරුවේ නම් නෑ. ගොඩක් අය දන්නේ නැති උණාට ඇරෝ පලවෙනි සීසන් එකට පාදක උනේ මේ කතාව. හැබයි ගොඩක් අය බලාපොරොත්තු වුනු විදිහට ග්‍රීන් ඇරෝ කියන චරිතය බිහිවෙන්න Taiana කියන කාන්තාව බලපෑවේ කොහොමද කියන කාරණය සීසන් 01 එකේ දී අපිට දකින්න හම්බුනේ නෑ. හැබැයි සීසන් 04 වල දී අපිට කොමික් වල කතාවට වඩා වෙනස් විදිහට උණත් මේ සිදුවීම් පෙළ දකින්න පුළුවන් වෙනවා. 


කොමික් වල කතාව කොහොමද ටීවී සිරිස් එකෙන් වෙනස් වෙන්නේ කියලා දැනගන්න ඕන අයත් ඇතිනේ. ඒ හින්දා අපි තීරණය කෙරුවා මේ කතාවේ සාරාංශය ඔයාලට ගේන්න. ලබන සතියේ ඇරෝ නැති හින්දා ඒ වෙනුවට මේ ගැන විස්තරයක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.
එහෙනම් ඇරෝ සහ ෆ්ලෑෂ් ක්‍රොස් ඕවර් එකේ දී හම්බෙමු ආයෙමත්. ඒ හම්බෙන කල් ට්‍රේලර් එක බලල ඉමු.


attila_THE_hun

1 comment:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න