Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Supergirl S01 E04 Review

Supergirl S01 E04 Review

Supergirl S01 E04 - Livewire- Review 

වෙනදා වගේම ඔන්න අදත් කොමික් ස්ක්‍රිප්ට් එකේ අපි සුපර්ගර්ල් රිවිව් එකත් අරගෙන ආවා. රිවිව් එක හෙන්න ටිකක් පරක්කු උනත් මේ පාර එපිසෝඩ් එක දැනට ආපු හොදම එපිසෝඩ් එක කිව්වොත් මම වැරදි නෑ. තව දෙයක්, මේ එපිසෝඩ් එක 4 වෙනි එපිසෝඩ් එක විදිහට නම් කරලා තිබ්බත් ඒක ඔරිජිනලි ආවෙ පස්වෙනි එපිය හැටියටයි. ඒත් පහුගියදා පැරිසියේදී සිදු උන ත්‍රස්ත ප්‍රහාරයත් එක්ක CBS නාලිකාවෙ අධ්‍යක්ශකවරු මේ පිලිවෙළ වෙනස් කරලා Livewire කියන එපිසෝඩ් එක ඉස්සරහට දාලා තියෙනවා.

කොහොම කොහොමින් හරි දැන් ශෝ එක ටිකක් පරිණත වෙලා තියෙනවා  වගේ. කුතුහලය දනවන සිද්දි ගොඩක්ම අපිට මේ එපිසෝඩ් එකේදි දකින්න ලැබුනා. ඒ වගේම ඊස්ටර් එග්සුත් වෙනදා වගේම අඩුවක් නැතුව තිබුනා කියන්න පුලුවන්. කතාවෙ ඇතුලින් දැන් මේන් ස්ටෝරිලයින් එකකුත් පටන්ගත්ත නිසා දැන් කතාවෙ හොද හයිප් එකක් තියෙනවා.

මේ සැරේ කතාව දිහාවට හැරෙන්න කලින් මේ දේත් කියලා හිටිය නම් හොදයි කියලා හිතුනා. Kevin Tancharoen නම කොමික් ෆෑන්ස්ලට සමහරවිට මතක ඇති. ඔහු තමයි මේ සැරේ "Livewire" කියන එපිසෝඩ් එක අධ්‍යක්ශනය කරලා තියෙන්නෙ. ඔහුගෙ විශේෂත්වය තමයි Mortal Kombat: Legacy,Marvel's Agents of S.H.I.E.L.D. The Flash වගේ ඉතා ජනප්‍රිය ටීවී සීරියස් කිහිපයකම සමහර එපිසෝඩ් ඩිරෙක්ට් කරලා තිබීම. ඒ නිසාම වෙන්න ඕන මේ එපිසෝඩ් එක අනිත් ඒවට වඩා ගොඩක් උඩින් තියෙන්නෙ.

Kevin Tancharoen

අපිට මුලින්ම දකින්න ලැබෙනවා DEO එක ඇතුලෙදි නිදහස් උන දරුණු ජීවියෙක්ව මෙල්ල කරන්න හදනවා. කාරා හිතන්නෙ මේ පිරිමි සතෙක් කියල උනත් හෑන්ක් නිවැරදි කරනවා ඒ ඉන්නෙ ගැහැනු සත්වයෙක් කියලා. මෙතනදි ඇත්තටම මට නම් මතක් උනේ Rampage(රැම්පේජ්) ව. ඒත් ඉතින් හරියටම කියන්න තරම් සාක්ශියක් අපට නැහැ.

Rampage

  • අපි මීට කලින් එපිසෝඩ් වලදි ඇලෙක්ස්ගෙ දෙමාපියෝ, ඒ කියන්නෙ ඩැන්වර්ස් යුවල දැකලා තියෙනවා. ඒ දෙන්නගෙ විශේෂත්වෙ  තමයි ඒ දෙන්නම මීට කලින් සුපර්මෑන් සහ සුපර්ගර්ල් විදිහට ටීවී ශෝ වලදි පෙනී ඉදලා තියෙනවා. මේ අතරින් වැඩිපුරම ජනප්‍රිය උනේ Helen Slater රඟපෑව 1984 තිරගත උන ඔරිජිනල් සුපර්ගර්ල් සීරියස් එකයි. අපි ඩීසීලගෙ ටීවී ශෝ වලදි ගොඩක්ම දැක්ක දෙයක් තමයි එයාල පරන චරිත වලට ගරු කිරීමක් විදිහට ඒ චරිත අලුත් ශෝ එකේ සහයක චරිතයක් විදිහට අරන් ආපු එක. අපි ෆ්ලෑශ් වලදිත් මේ දේ දැක්ක. ස්මෝල්විල් ටී සීරියස් එකේදිත් Christoper Reeves අපිට දකින්න පුලුවන්කමක් ලැබුනා.

Danvers
  • ඔන්න අලුත්ම විලන් කෙනෙක් ගෙනල්ල තියෙනවා මේ සතියේ. Livewire අපිට කොමික් වලදිත් දකින්න ලැබෙන්නෙ Leslie Willis විදිහටම තමයි. ඒත් කොමික් වලට අනුව එයාට පවර්ස් ලැබෙන්නෙ නම් සුපර්මෑන් ලෙස්ලිව බේරගන්න යන අවස්තාවකදි සිදුවන අනතුරකින්. ඒත් මෙතනදි නම් එයාට පවර්ස් ලැබෙන්නෙ සුපර්ගර්ල් හරහායි. මේක දකිනකොටම මට මතක් උනේ ස්මෝල්විල් ටීවී සීරියස් එකේ ක්ලාක්ගෙ පවර් එකත් මේ විදිහටම තව කෙනෙක් එක්ක මාරු වෙන හැටි. අපිට  Livewireව ඉස්සෙල්ලම කොමික් වලදි දකින්න ලැබුනෙ Superman Adventures #5 දි. ඒත් Harley Quinn වගේම Livewireවත් මුලින්ම ආවෙ Superman: The Animated Series කියන ඇනිමේටඩ් ටීවී සීරියස් එකෙන්.මෙයා ගොඩක් වෙලාවට සුපර්ගර්ල් වගේම බැට්ගර්ල්ගෙත් හතුරෙක් උනා.

Livewire
  • කැට් ග්‍රාන්ට් පිටට පේන්න කොයිතරම් අහන්කාර කෙනෙක් උනත් උණුවෙන හිතක් තියෙනවා කියලා මේ එපිසෝඩ් එකෙන් හොදටම හින්ට් එකක් දෙනවා. ඒ වගේම මේ සතියෙ ටිකක් මියුසික් ෆීල්ඩ් එක ගැන හින්ට් ගොඩක් දුන්න වගේ මට තේරුනා. කැට් Katy Perry ගැන සඳහන් කරන තැන වගේම ඉස්සරහදි කාරා සහ ඇලෙක්ස් කතා කර කර ඉන්නකොට යන්නෙ Ellie Gouldin, Take me to church කියන සිංදුවට ගහපු කවර් එකක් බැක්ග්‍රවුන්ඩ් එකේ ප්ලේ වෙනවා ඇහෙනවා. :D
  • ඇලෙක්ස්ගෙ අම්ම නම් කොහෙත්ම කැමති නෑ වගේ කාරා සුපර්ගර්ල් උනාට. මොකද හැම අම්මම බයයි තමන්ගෙ දරුවො අනතුරේ වැටෙනවට. ඒ වගේම කාරාගෙ අතීත කතාවෙ දර්ශන කීපයකුත් අපිට දකින්න පුලුවන්. ඒ කියන්නෙ ඉස්සරහට වෙන වැදගත් අවස්ථාවලට මේ ෆ්ලෑශ්බෑක් ටික ලොකු ලින්ක් එකක් වෙනවා කියන එක. 
  • මොන තරම් ඈතට ගියත් ජිමීට කාරාව නම් අමත නොවෙන පාටයි. ලූසි ලේන් කතාවට අරගෙන ආව නිසා දැන් මේ තුන්දෙනා අතර Love triangle එකක් හැදෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. අනිත් එක ජිමී කියන විදිහට සුපර්මෑන් එයාව නැශනල් සිටි එකට  එවන්නෙ කාරාව බලාගන්න කියලා. මේ නිසා ජිමීට වගකීමක් තියෙනවා එයාගෙ යාලුවට වෙච්ච පොරොන්දුව ඉශ්ට කරන්න. ඒ වගේම අපිට ඇලෙක්ස්ගෙ වයස ගැනත් පොඩි ඉඟියක් හම්බවෙනවා. ඒ කියන්නෙ ඇලෙක්ස් කාරාට වඩා අවුරුද්දක් වගේ තමයි වැඩිමහල් වෙන්නෙ.


  • ඔන්න අපිට අතීත කතාවෙ තව කොටසක් දකින්න ලැබෙනවා. මම කිව්වා වගේම මේ කොටස් කතාවට ගොඩක් වැදගත්. අපිට සාක්ශි ලැබෙනවා අවුරුදු 12කට කලිනුත් DEO එක තිබුනු බවට. ඒ වගේම ඒ කාලෙත් හෑන්ක් ඒකේ ප්‍රධානියෙක් විදිහට ඉදලා තියෙනවා.


  • අපිට ඇහෙනවා කැට්, කාටර් කියල කෙනෙක් ගැන. ඔහු ඉන්නෙ ඔහුගෙ පියාත් එක්ක කියලා. ඒ කියන්නෙ කාටර් කැට්ගෙ පුතා වෙන්න ඕන. අපිට ඉස්සරහට කාටර්ව දකින්න ලැබෙයි බොහෝදුරට. 


මේ සැරේ ඩිරෙක්ටර්ගෙ හොඳකම නිසාමද කොහෙද එපිසෝඩ් එකේ ඩාක් ගතිය ටිකක් වැඩිවෙලා තියෙනවා. අනික සංවාද පවා උසස් මටාමක තිබුනා කියන්න පුලුවන්. ලෙස්ලි එකපාරම කැට්කෝ එකේ මොනිටර් ටිකට එන විදිහ නම් හොදට තිබුනා කියන්න පුලුවන්. ඩිරෙක්ටර් ලොකු උත්සාහයක් දරලා තියෙනවා මේ එපිසෝඩ් එක හොද තත්වෙට ගේන්න.
  • ලෙස්ලි, ලයිව් වයර් උන හැටි හරියටම විස්තර කරන්න හෑන්ක්ට පුලුවම් උනා. ඒ කියන්නෙ මේක ගැන කලින්න් දැනගෙන ඉදලා තියෙනවා. ඒ වගේම මෙතනදි හෑන්ක් Eliment X කියලා දෙයක් ගැන කියනවා. DC කොමික්ස් වලදි එලිමන් එක්ස් කියන්නෙ විචල්‍යයක් හදුන්වන්න භාවිතා කරන දෙයක් වගේ. ඒ වගේම කොමික් වලදි එලිමන්ට් එක්ස් හදුන්වනවා "දෙවිවරුන්ගේ අග්නිය" කියලත්.(Fire of the gods). මේක හොයාගෙන තියෙන්නෙ New Godsලා. එලිමන්ට් එක්ස් කියන්නෙ කොස්මික් ලෙවල් එකේ බල ප්‍රභවයක් වගේම මේක සිව්වන මානයේ ලෝක බලගන්වන්නත් භාවිතා කරනවා. හරියටම කියන්වා නම් මදර්බොක්ස් සහ ෆාදර්බොක්ස් වගේ දේවල් පවා. 
  • කොහොම උනත් මේ විස්තර කරේ ටිකක් එහාට ගියපු දෙයක් විතරයි. හෑන්ක් නම් අදහස් කරෙ මම අර ඉස්සෙල්ල කිව්වා වගේ විචල්‍යයක් කියන එක. තව දෙයක් කියනව නම් මේ වගේම සිද්දියකින් තමයි සයිබෝග් සුපර්මෑන්ව, සුපර්මෑන් විසින් පාලනය කරන්නෙ. ඒ ගැන තව ඉස්සරහට කතා කරමු.


  • Agent Maulder කියලා කැට් කියන එක X-Files රිෆරන්ස් එකක් වගේ. ඒ වගේම හෑන්ක් ඒ වෙලාවෙ උත්තර දෙන්නෙ Munro කියලා. කොමික් වලට අනුව මේ මුන්රෝ කියන කෙනා  DC වල Post Crisis එකෙදි ලොකු චරිතයක් නිරූපණය කරා.
Livewire කොමික් වලට ටිකක් සමීප වෙන්න හදලා තියෙනවා කිව්වොත් මම වැරදි නෑ. එතන ෆයිට් එකේදි අයන් මෑන් 2 මූවි එක මතක් උන කවුරුහරි ඉන්නවද? :p
  • මෙච්චර දවසක හිතාගෙන හිටපු තියරියක් වෙනස් උනා වගේ. වින් එයාගෙ තාත්ත ගැන කිව්වා. ඒ වගේම තාත්ත ගැන තමන් කළකිරෙනව කියලත් ප්‍රකාශ කරා. මේකෙන් කියන්නෙ වින් අනාගතේදි  ටෝයිමෑන් නොවී එයාගෙ තාත්තා ටෝයිමෑන් වෙන්න පුලුවම් කියන එකයි බොහෝ දුරට. ඒ වගේම විශේෂම දේ තමයි කොමික් වලදි කැට් ග්‍රාන්ට්ගෙ පුතාව ටෝයිමෑන් විසින් ඝාතනය කරන එක. සමහර විට දැන් අපට ශෝ එකේ කාටර් ගරෑන්ට් ගැනත් කියපු නිසා මේ වගේ සීන් එකක් බලාගන්න බැරිවෙන එකකුත් නෑ.

  • කතාවෙ අන්තිමට අපිට ආයෙමත් සැරයක් ෆ්ලෑශ්බෑක් එකක් දකින්න පුලුවන්. ඩැන්වර්ස් යුවල කාරාව ගෙනියන එකට විරුද්ද වෙද්දි හෑන්ක් බලකරනවා, ඒත් අන්තිමට ජෙරමයා ඩැන්වර්ස් තමන් කාරා වෙනුවෙන් ඉදිරිපත්වෙලා විකල්පයක් ඉදිරිපත් කරනවා. අපිට පැහැදිලිවම දකින්න පුලුවන් හෑන්ක්ගෙ යටි අරමුණ තියෙන්නෙ සුපර්මෑන් පිලිබඳව පුලුවන් තරමක් කරුණු හොයාගන්න. ඩැන්වර්ස්ලා කියන්නෙ සුපර්මෑන්ගැන හැමදෙයක්ම දන්න අය නිසාම මේකට හෑන්ක් කැමති වෙනවා වෙන්න ඕන. හෑන්ක් සයිබෝග් සුපර්මෑන් වෙන මුල්ම අදියර මෙතනින් තමයි අනිවාර්යයෙන්ම පටන්ගන්න ඕන. 
Hank Henshaw as Cyborg Superman

ඔන්න එහෙනම් රිවිව් එක ඉවර කරා. අමතක කරන්න එපා කොමික් ස්ක්‍රිප්ට් එකේ අපි මේවා ඔයාලට අරන් එන්නෙ ගොඩක් මහන්සි වෙලා. ඒ නිසා අහහසක් දක්වගෙන යන්න අමතක කරන්න එපා. ඔයාලගෙ අදහස් වලින් තමයි අපිව දිරිමත් වෙන්නෙ. ඒ නිසා පුලුවන් නම් මේ රිවිව්ස් ශෙයා කරලා අපිට සහ්යෝගයක් ලබාදෙන්න කියලා ඉල්ලනවා. මේ දවස් වල රිවිව්ස් ටිකක් පරක්කු උනාට සමාවෙන්න ඕන. අපේ ඇඩ්මින් පැනල් එක සෑහෙන්න කාර්යබහුල කාලයක් මේක. ඒත් දිගටම Comic Script එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරනගමන් අදට සමුගන්නවා.

#Luthor


7 comments:

  1. Thnx Machan Staying Wid Da Script Forever :)

    ReplyDelete
  2. සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න