The Flash: Easter Eggs and DC Comics References In "Gorilla Warfare"
ඔන්න ඉතිං පරක්කු වෙලා හරි ෆ්ලෑශ් රිවිව් එක ගෙනාවා. ඇත්තම කියනවනම් අපේ ෆ්ලෑශ් ලියන ඇඩ්මින් ගොඩක් කාර්යබහුල වෙලා එක්සෑම් නිසා. ඒ නිසා මේ සතියේ රිවිව් එක ගේන්නෙ මම, Luthor. ඒ වගේම ෆෑන්ස්ලගෙන් සමාව ඉල්ලන්න ඔන්න මේ දවස් වල රිවිව් ටිකක් පරක්කු වෙන එක ගැන. මොකද අපේ ෆෑන්ස්ලා 5000 පිරීම නිමිත්තෙන් Comic Script අපි ලොකු වැඩ ටිකක් ප්ලෑන් කරගෙන යනවා. ඒ නිසා ටිකක් වැඩ වැඩියි මේ දවස් ටිකේ. ඒ උනත් කොහොම හරි රිවිව් එක නොදී මග අරින්නෙ නම් නෑ. පරක්කු වෙලා හරි දෙනවා. ලබන මාසෙ ඉදලා ටීවී සීරියස් ටික නිවාඩුවක් ගත්තත් ඔයාලට ඒ වෙනුවෙන් ගොඩක් දේවල් අපි ලෑස්ති කරලයි තියෙන්නෙ. හරි අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.
- ගිය සතියේ ෆ්ලෑශ් ඉවර උනේ අපිට ලොකු ප්‍රශ්නයක් ඉතිරි කරලා. මොකද බැරීගේ කකුල් දෙක එතකොට පන නැති වෙලා වගේ තිබුනෙ. මේ එපිසෝඩ් එකේ මුල් දර්ශන කිහිපයෙන් අපිට බලාගන්න පුලුවන් ඒක ඒ තරම් දරුනු අබාධයක් නොවෙන බව. ඒ වගේම ජෝ ඉස්සරට වඩා බැරීගෙ හැකියාවන් ගැන විශ්වාසය තියලා තියෙනවා වගේ පේනවා.
- හැරී, බැරීට උදව් කරන්නෙ සූම්ව පරද්දන්න උනත් ඒ යටි හිතේ ලොකු දෙයක් තියාගෙන කියලා අපි කලින් දැනගෙන හිටියනෙ. ගිය සතියෙ එපිසෝඩ් එකේදි ෆ්ලෑශ් ටීම් එක දැනගන්නවා හැරීගෙ දුව ජෙසී ගැන. බැරීව සූම් පරාද කරපු ගමන් හැරී ගෙදර යන්න හදන එකෙන් අපිට තේරුම් ගන්න පුලුවන්, හැරීගෙ මූලික අරමුණ බැරීට උදව් කරනවට වඩා තමන්ගෙ දුව බේරගන්න කියන එක පැහැදිලීනෙ. බැරී රෝද පුටුවෙ ඉද්දි අර්ත් 1 එකේ වෙල්ස්ව මතක් උනේ මට විතරද?
- අන්තිමේදි සිස්කොටත් කෙල්ලෙක් සෙට් උනා. එසේ මෙසේ කෙල්ලෙක් නෙවෙයි කියල දැක්කනෙ? ඒ වගේම පැටී-බැරී ලව් එකත් හොද තත්වෙකට ඇවිත් තියෙනවා වගේ පේනවා. ඒත් පැටීව ආරක්ශා කරන්න කියල හිතාගෙන බැරී බොරු කියන එක නම් එච්චර ඇගට හොද දෙයක් නෙවෙයි වගේ. මොකද අපි ඕන තරම් දැකල තියෙනවා මේ වගේ දේවල් නිසා ලව් බ්‍රේකප් වෙනවා. කොහොම උනත් පැටී කියන්නෙ බැරීගෙ රහස දැනගන්න ඕන චරිතයක්. ඒක කොමික් වලදිත් එහෙමමයි. ඒත් මම හිතන්නෙ සමහරවිට පැටී, ෆ්ලෑශ් කියන්නෙ බැරී කියල දැනගෙනත් ඒ බව බැරීට නොකියා ඉදී කියලා. මොකද පැටී කියන්නෙ දක්ශ රහස් පරීක්ශකවරියක්නෙ.
|
Patty Spivot |
- සිස්කෝ එයාගෙ මෙටාහියුමන් පවර්ස් පාවිච්චි කරලා කෙන්ඩ්‍රා ගැන අමුතු දෙයක් දැනගන්නවා. අමුතුවෙන් කියන්න ඕන නෑනෙ සිස්කො දෙක්කෙ මොකක්ද කියලා. ඒ ගැන කලින් රිවිව් එකක සදහන් කරපු නිසා ආයෙ කියන්න යන්නෙ නෑ මම.
|
Hawkgirl |
- ඒ වගේම කියන්න ඕන ටීවී සීරියස් එකකට හෝක්ගර්ල්(කෙන්ඩ්‍රා) ව ගෙනාපු එක නම් DC ආයතනය ගත්ත ලොකු පියවරක්. මොකද හෝක්ගර්ල් ජස්ටිස් ලීග් එකේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන කෙනෙක් නිසා. සිස්කො මෙතනදි දැක්කෙ උනත් කියන්නෙ "Birdman" කියලා. ඒ කියන්නෙ පිරිමි කෙනෙක් කියලා. මේක සමහර හින්ට් එකක් වෙන්න ඇති හෝක්මෑන් ගැන. අපි දැනටමත් දන්නව ඊලඟට එන එපිස්සොඩ් එකේ හෝක්මෑන් ඉන්නවා කියලා.
- කොහොම උනත් සිස්කො කෙන්ඩ්රාව බලන්න එක්කන් යන චිත්රපටියෙ නම "The
Princess Bride". මේකෙ වැඩි විශේෂයක් නම් නෑ. ඒ උනත් මේ ෆිල්ම් එකේ Carol
Kane, එහෙමත් නැත්තම් ගෝතම් ටීවී සීරියස් එකේ පෙන්ගුයින්ගෙ අම්මාට ඉන්න
නිළිය රඟපාලා තියෙනවා.
|
The Princess Bride |
- පළවෙනි පාරට මේ සීසන් එකේ අපිට ග්‍රොඩ්ව දකින්න පුලුවන්. ඇත්තම කියනව නම් ටීවී සීරියස් එකකට නම් ග්‍රොඩ් ගෙ ඇනිමේශන් සහ CGI ඉතාම ඉහල මට්ටමක තිබුනා කියන්න පුලුවන්. ෆ්ලෑශ් ලෝ බජට් ටීවී සීරියස් එකක් උනත් ඩිරෙක්ටර්ස්ලා ඒවගෙන් උපරිම ප්‍රයෝජන අරගෙන තියෙනවා.
|
Gorilla Grodd |
- කොමික්බුක්වලට ලගින් යන විදිහට ග්‍රොඩ්ව නිර්මාණය කරලා තිබුනා වගේම දැන් එන්න එන්නම ග්රොඩ්ගේ හැකියාවන් වැඩිවෙලා. DC කොමික්ස් වල New 52 version එකට අනුව නම් ග්‍රොඩ් එන්නෙ ගෝරිල්ලා සිටි කියන අප්‍රිකාවෙ තියෙන නගරයකින්. මේකේ ග්‍රොඩ් වගේ තව දියුන මනස සහිත ගෝරිල්ලාවරු ගොඩක් අපිට දකින්න පුලුවන්.
- ඒ වගේම කොමික් වලට අනුව ග්‍රොඩ් කියන්නෙ ගෝරිල්ලා සිටි එකෙත් හිර කාරයෙක්. ඒ කියන්නෙ ග්රොඩ්ගේ ක්‍රියා කලාපය අනුමත කරලා නැහැ ඒ නගරෙදි පවා. ග්‍රොඩ් කියන්නෙ බල තන්හාව තියෙන කෙනෙක්. මේ නිසාම වෙන්න ඕන ග්රොඩ්ට තමන් වගේ අයව නිර්මාණය කරලා හමුදාවක් හදන්න ඕන වෙන්නෙ.
- ඒ වගේම පැටී මෙතනදි සඳහන් කරනවා Vertigo කියිලා මත්ද්‍රව්‍යක් ගැන. අපි ඇරෝ වලදි දැනගත්තනෙ වර්ටිගෝ කියන්නෙ මොනාද කියලා. ඉතිං අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑනෙ.
- බැරී මානසිකව වැටිලා ඉන්නෙ කියලා ජෝදන්න නිසා කියනවා කකුල් පන නැති උනත් මොලෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා. අපි දන්නවා ෆ්ලෑශ්ට ආලෝකයේ වේගයෙන් දුවනවට වඩා ගොඩක් දේවල් කරන්න පුලුවන් කියලා. තාම ශෝ එකේ පෙන්නුවෙ නැතත් කොමික් වලදි බැරීට හැකියාවක් තිබුනා දුවනවා වගේ වේගෙකින් අලුත් දෙයක් ඉගෙනගන්න සහ මතක තියාගන්න.
- කොමික් ලෝකයේ ෆ්ලෑශ්ගෙ හොදම අවස්තාවක් තමයි භූමි කම්පාවක් නිසා කඩා වැටෙන තට්ටුගානක බිල්ඩිමක මිනිස්සු ඇසිල්ලකින් බේරගනිපු එක. හොදම හරිය ඒක නෙවෙයි, බැරී මොහතක් ඇතුලත ගෘහනිර්මාණශිල්පය ගැන කියවලා ඒ ගැන ඉගෙනගෙන ඒ මොහොතෙම ඒ සම්පූර්ණම බිල්ඩින් එකම හදලා ඉවර කරනවා. ඒ තරම් වේගයක් තියෙන්නෙ ෆ්ලෑශ්ට. තාම ශෝ එකේ පෙන්නලා තියෙන්නෙ බොහොම සුලු දේවල් කිහිපයක් විතරයි කියලා කියන්නම ඕන.
- බැරීගේ තාත්තා ආයෙමත් සෙන්ට්‍රල් සිටි එකට එනවා. අයිරිස්ටත් මොලේ නැත්තෙම නෑ නේ? අර්ත් 1 එකේ වෙල්ස් වගේම අර්ත් 2 එකේ වෙල්ස් ගොඩක්ම බුද්ධිමත් කියල හැරීගෙ ඇල්ගොරිදම් එකෙන්ම අපට පේනවා. ඒ වගේම බැරීගේ තාත්තා, හෙන්රිත් වෛද්‍ය විද්‍යාව ගැන තමගෙ හැකියාවන් පෙන්නන අවස්තාවක් තියෙනවා. අපි දන්නවා හෙන්රි ඩොකටර් කෙනෙක් වෙලා හිටියා කියලා. ඒ වගේම බැරී මානසිකව වැටුන ගොඩක් අවස්තාවල හෙන්රි මීට පෙර උදව් කරලා තියෙනවා.
- හැරී ඉදිරිපත් වෙනවා රිවස් ෆ්ලෑශ් විදිහට වෙස්වලාගෙන ගිහින් ග්‍රොඩ්ව අල්ලගන්න උදව් කරන්න. ගිය සීසන් එකේදි අපි දක්කා ග්‍රොඩ්, රිවර්ස් ෆ්ලෑශ්ට ගොඩක්ම කීකරුයි කියලා. ඒ වගේම රිවර්ස් ෆ්ලෑශ් සූට් එක කොහෙන්ද හම්බුනේ කියලා දැන් අවුලක් නෑනෙ නෙ? සිස්කො කියන විදිහට ඒක අනිත් ටයිම් වෝල්ට් එකේ තිබිලා තමයි හම්බවෙලා තියෙන්නෙ. පොඩි කුතුහලයක් තියෙනවා හැරී කොහොමද ග්රොඩ්ගෙ අවශ්‍යතාවයන් දන්නෙ කියලා. මට හිතෙන විදිහට අර්ත් 2 එකේදිත් සමහරවිට හැරී පොරොන්දුවක් දුන්නද දන්නෙ නෑනෙ කාට හරි. ඔයාල්ට මතක ඇති එපිසෝඩ් එකේ මුල් හරියෙදි හැරී කියනවා ලෝක දෙකේම එක හා සමාන දේවල් ගොඩක් තියෙනවා කියලා.
|
Harry disguised as Reverse Flash |
- ස්ටාර් ලැබ් එකේදි සිස්කෝ ග්‍රොඩ්ව හඳුන්වනවා "grape ape" කියලා. ඇත්තටම ග්‍රේප් ඒප් කියන්නෙ ඉස්සර ගියපු කාටූන් එකක්.
|
Grape Ape |
- වෙල්ස් හොයාගන්නවා අර්ත් 1 එකේ තියෙන බ්‍රීචස් හැම එකක්ම සම්බන්ද වෙන්නෙ අර්ත් 2 එකේදිත් ඒ තැනටම නෙවෙයි කියලා. ඒ කියන්නෙ මේක ඉස්සරහට ගොඩක් වැදගත් වෙන්න පුලුවන් සාධකයක්. ඒ වගේම මේ දොරටු හැම එකක්ම තියෙන්නෙ ඇමරිකාවෙ විතරක් නෙවෙයි කියලත් දැන් පැහැදිලියිනෙ.
|
52 breaches scattered around the world |
- රිවර්ස් ෆ්ලෑශ්ගෙ ඇඳුමේ තිබුන මුද්ද මතක ඇතිනෙ, හරියටම කියනවා නම් ඇඳුම තිබුනෙ මුද්ද ඇතුලෙනෙ. රිවර්ස් ෆ්ලෑශ්ට විතරක් නෙවෙයි කොමික් වලදි ෆ්ලැශ්ගෙත් ඇඳුම තියෙන්නෙ මේ වගේ මුද්දක් ඇතුලෙ තමයි. ඒ නිසා ඉස්සරහට අපිට ෆ්ලෑශ් ගාවත් මේ වගේ මුද්දක් දකින්න ලැබුනොත් පුදුමයක් නෑ.
- මම කලින් ගොරිල්ලා සිටි එක ගැන කිව්වනෙ. ඒත් අර්ත් 1 එකේදි ඒ ගැන විස්තරයක් අහන්න ලැබුනෙ නැති තරම්. ඔන්න ඒකට දැන් විසඳුමක් ගෙනල්ල තියෙනවා අර්ත් 2 එකෙන්. ඒ කියන්නෙ ඇත්තටම ගොරිල්ලා සිටි එකක් අර්ත් 2 එකේ තියෙනවා කියන එකයි මේකෙන් අදහස් වෙන්නෙ. ෆ්ලෑශ් කොමික් වලට වඩා වෙනස් විදිහකට පටන්ගත්තත් කොමික් වලට දැන් දැන් ගොඩක් සමීපව යන්වා කියලා වගකීමෙන් කියන්න පුලුවන්.
- ජෝ කියන්වා එයාටත් එයාගෙම කියලා පුතෙක් හිටිය නම් කියලා. මේක වොලී වෙස්ට් ගැන දෙන ඉඟියක් වගේ. සමහරවිට මේ නිසාම අයිරිස් තමන්ගෙ මල්ලි ගැන ආයෙ හොයන්න පටන්ගන්න පුලුවන්.
- සිස්කෝ කෙන්ඩ්රාගෙන් සමාගන්නව වගේම ආයෙත් එකතු වෙනවා. සිස්කො තමගෙ වයිබ් පවර්ස් වලින් ආයෙ කෙන්ඩ්‍රා ගැන විශේශයක් දැනුනත් කෙන්ඩ්‍රා හොද කෙනෙක් කියලා සිස්කොට තේරුම් ගිහින් වගේ. බලමුකො ඉස්සරහට මොනා වෙයිද කියලා. සිස්කො කෙන්ඩ්රාව මුනගැහෙන්න එනකොට ලොකු පික්නික් බාස්කට් එකක් අරන් එනවා දකින්න පුලුවන්. එතකොට බැක්ග්‍රවුන්ඩ් එකේ මියුසික් එකකුත් ප්ලේ වෙනවා ඇහෙනවා. මේක දකිනකොට නම් මට මතක් උනේ කොමික් වල වයිබ්ගෙ බූම් බොක්ස් එක. ගොඩක් වෙලාවට මිනිහා මේක කරේ තියාගෙන තමයි ඉන්නෙ මෙතන සිස්කො ඉන්නවා වගේ.
|
Vibe with his BoomBox |
- ඔන්න අන්තිමට කිව්වා වගේම ගෝරිල්ල සිටි එක යන්තම් බලාගන්න පුලුවන් උනා. බයවෙන්න එපා මේක මෙතනින් ඉවර කරන එකක් නැහැ. ඉස්සරහට ග්‍රොඩ්ව ආයෙ ගෙනෙයි. මොකද ග්‍රොඩ් කියන්නෙ කොමික් වල ෆ්ලෑශ්ගෙ ප්‍රධාන හතුරෙක්නෙ. කතාව ලියන අයගෙ අතේ තමයි ඉතිං හැමදේම තියෙන්නෙ. අපේ බලාපොරොත්තු කඩ කරන එකක් නැතිවෙයි කියලා හිතෙනවා. බලමුකො.
|
Gorilla City in earth 2 |
ඔන්න එහෙනම් යන්තම් රිවිව් එක ඉවර කරා. ලබන සතියේ අනිවාර්යයෙන්ම එපිසෝඩ් eඑක අපු ගමන්ම රිවිව් එක දෙනවා. ඔහ් අමතක උනා ලබන සතියේ ෆ්ලෑශ් නැහැ. ආයෙ එන්නෙ දෙසැම්බර් මුල් සතියෙ තමයි. අනික අපිට ඒ සතියෙ බලන්න පුලුවන් ඇරෝ/ෆ්ලෑශ් එකේ ක්‍රොස් ඕවර් එකක්. මේක හරියටම DC ලගෙ Legends Of Tomorrow series එකට පෙර සූදානමක් වගේ එන එපිසෝඩ් එකක්. ඒ නිසාම හීරෝස්ලා ඔක්කොම මේ එපිසෝඩ් දෙකේදි දකින්න ලැබෙයි.
එහෙනම් ඊලඟ ෆ්ලෑශ් එපිසෝඩ් එකේදි හමුවෙමු. ජය. එකතුවෙලා ඉන්න Comic Script සමඟ.
#Luthor
තෑන්ක්ස් මචන් උබලගේ උත්සහය වටිනවා
ReplyDelete//හරියටම කියනවා නම් ඇඳුම තිබුනෙ මුද්ද ඇතුලෙනෙ//
ReplyDeleteමුද්දෙ කතාව තේරුන්නෑනෙ ඒ කිව්වෙ සූට් එක් තියෙන්නෙ මුද්දක් ඇතුලෙ ඔබලද? 😊
ඔව් මචෝ ෆ්ලෑශ්ගෙ යුනිෆෝම් එක කොමික් වලදි තියෙන්නෙ මුද්දක් ඇතුලෙ.
Deletejaathi
ReplyDeleteAwesome bro...
ReplyDeleteNiyamai ah.. comic pissanta godk watinwa.. thanks
ReplyDeleteශෝ එකේ ෆ්ලෑෂ් ආලෝකයේ වේගයෙන් දුවන්නෙ නෑ නේ??
ReplyDelete