මාවල් - නෙට්ෆ්ලික්ස් ඉදිරිපත් කරපු අලුත්ම ටීවී සිරිස් එකේ උණුසුම විද ගනිමින් තමයි අපේ ගොඩක් යාලුවෝ මේ දවස් වල ඉන්නේ. ඒ කතාවේ ප්‍රධාන චරිතය වෙන ජෙසිකා තරම්ම නැතිනම් ඊටත් වඩා කට්ටියගේ අවධානය දිනා ගත්තේ ප්‍රධාන දුෂ්ටයා වුනු Purple Man ගැන. අපිට මෙයා Purple Man කියලා කොතැනක වත් හදුන්වා දෙන්නේ නෑ. ඒත් ඉතින් මේ චරිතය Purple Man කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මෙතන දී අපි ටීවී සීරිස් එකේ විස්තර ගැන කතා කරන්නේ නෑ. මොකද කතාවේ රිවිව් එක්ක ඒ ගැන විස්තර කරන හින්දා. මෙතන දී කතා කරන්නේ කොමික් වල දී අපිට මෙයා ගැන හම්බෙන තොරතුරු ගැන.
මෙයා පස්සේ කාලෙක ඇමරිකාවට එනවා. දවසක් මෙයාට ලස්සන ගැහැණු ළමයෙක් හම්බෙනවා. කිල්ග්‍රේව් මෙයාගේ මනස පාලනය කරලා එයත් එක්ක විවාහ වෙනවා. ඒ ගැහැණු ළමයාගේ නම තමයි Melanie. කිල්ග්‍රේව් හිතනවා එයාත් එක්ක හිටපු හින්දා ගැහැණු කෙනා එයාට ඇත්තටම ආදරෙයි කියලා. එහෙම හිතලා එයා ගැහනු කෙනාගේ මනස පාලනය කරන එක නතර කරනවා. එතකොට හොඳ සිහිය ආපු මේ ගැහැණු කෙනා භයවෙලා මෙයාගෙන් පලා යනවා. පස්සේ කාලේක මේ ගැහනු කෙනාට දරුවෙක් හම්බෙනවා. Kara කියන මේ ළමයාටත් කිල්ග්‍රේව් ගේ බලයම තියනවා.
කිල්ග්‍රේව් නිව්යෝර්ක් වල එයාගේ රාජධානිය ගොඩ නගා ගෙන යද්දී තමයි එයාට ඩෙයාඩෙවිල් හම්බෙන්නේ. ඩෙයාඩෙවිල් ට පුළුවන් වෙනවා කිල්ග්‍රේව් ගේ මානසික බලපෑමෙන් මිදෙන්න. ඒකට හේතු වුනේ ඩෙයාඩෙවිල් ගේ තියන අධිෂ්ඨාන ශක්තිය. ඒ හින්දා ටික කාලේකට කිල්ග්‍රේව් හිරගෙදරට නියම වෙනවා. මෙයා හිර ගෙදරින් පැනලා ගිහින් සැන් ෆ්රැන්සිස්කෝ වල වැඩ පටන් ගන්නේ ඊට පස්සේ. ඒත් එයාට ඩෙයාඩෙවිල් ගෙන් බේරුමක් වෙන්නේ නෑ. ආපහු වතාවක් එයාව පරාද කරන්න ඩෙයාඩෙවිල් සමත් වෙනවා. මේකෙන් පස්සේ කිල්ග්‍රේව් සහ ඩෙයාඩෙවිල් අතර අවස්ථා කිහිපයකදීම ගැටුම් ඇති වෙනවා. ඔය අතර වාරයේ තමයි කිල්ග්‍රේව් දැන ගන්නේ ඩෙයාඩෙවිල් කියන්නේ අන්ධ කෙනෙක් කියලා. එයා ගොඩක් ලේසියෙන් අනුමාන කරනවා ඩෙයාඩෙවිල් කියන්නේ මර්ඩොක් කියලා. හැබයි මේ අනුමානය එයාගේ හොදට නම් හේතු උනේ නෑ. මොකද ඩෙයාඩෙවිල් මෙයාව මුහුදේ ගිල්වන තැනටම ආවා. මෙතන දී කිල්ග්‍රේව් බේරුණත් එයා ආපහු එළිපිට සටනට යන්න බය උණා. ඒ වෙනුවට එයා කෙරුවේ එයාගේ බලය භාවිතා කරලා සුවපහසු ජිවිතයක් ගත කරපු එක.
ඔය අතර වාරේදී තමයි කිල්ග්‍රේව් ට කිංග්පින් මුණ ගැහෙන්නේ. කිල්ග්‍රේව් උත්සාහ කරනවා කිංග්පින් ව පාලනය කරන්න. ඒත් කිංග්පින් ට පුළුවන් වෙනවා ඊට එරෙහිව මනස තියාගන්න. ඒ විතරක් නෙවේ, එයා කිල්ග්‍රේව් ව යොදා ගන්නවා එයාගේ වැඩ කරවා ගන්න.
මීට පස්සේ කිල්ග්‍රේව් නිව්යෝක්වල කට්ටියට හිසරදයක් වෙන තැනට කටයුතු සිද්ද කරගෙන ගියා. ඔය අතර වාරේදී තමයි මෙයාට සුවිශේෂී කෙනෙක් හම්බෙන්නේ. ඒ තමයි ජෙසිකා ජෝන්ස්. කිල්ග්‍රේව් අවන්හලක කෑම කකා ඉද්දි විනෝදෙට වගේ වටේ හිටපු කට්ටියට එකිනෙකා එක්ක සටන් කරන්න නියම කරනවා. මේ සද්දේ ඇහිලා අහම්බෙන් වගේ ජෙසිකා එනවා මෙතනට. එයා තමන් ගේ ශක්තිය භාවිතා කරලා සටන නවත්වන්න හදනවා. ඒත් එයාට බැරිවෙනවා කිල්ග්‍රේව් ගේ බලපෑම ඉක්මවලා යන්න. ඔය අතර වාරයේ එතනට එන පොලිස් නිලධාරීන්ව මර්දනය කරන්න එයා ජෙසිකාට නියම කරනවා. මෙතන දී ජෙසිකා ගේ හැකියාව දැකලා කිල්ග්‍රේව් ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ තමයි කොමික් ඉතිහාසයේ අපිට දකින්න ලැබෙන අසාමාන්‍ය විදිහේ කතාවකට මුල පිරෙන්නේ.
කිල්ග්‍රේව් ජෙසිකාව එක්කරගෙන යනවා තරු පහේ හෝටලයකට. එයා තමන්ගේ හැම පහත් වැඩකටම ජෙසිකාව යොදා ගන්නවා. කිල්ග්‍රේව් ට තිබ්බා අධික කාම ආශාවක්. එයා තරුණ ගැහැණු ළමයි එක්කරගෙන ඇවිත් ඒ ආශාවන් සංතෘප්ත කරගන්නවා. ඒත් විකෘතිම සිද්ධිය තමයි ඒ දේවල් එයා ජෙසිකාට කරන්නේ ජෙසිකා ලවා ආයාචනය කරවාගෙන. ඒ කියන්නේ අනේ මාව දුෂණය කරන්න කියලා ජෙසිකාට කිල්ග්‍රේව් ඉස්සරහා වැද වැටෙන්න උණා. කිල්ග්‍රේව් මේ විදිහට ජෙසිකාව මාස 8 ක් තිස්සේ අපජෝනයට ලක් කරනවා. ඒක නතර වෙන්නේ ඩෙයාඩෙවිල් නවත්වන්න ජෙසිකාව යවන්න තීරණය කෙරුවාට පස්සේ.
ඔයාලට මතක ඇති අපි මීට කලින් 4th wall ගැන ලිපියක් ගෙනවා. ජෙසිකා සහ කිල්ග්‍රේව් අතර තිබ්බ සම්බන්ධය ටිකක් මේකට සමානව යනවා. කිල්ග්‍රේව් ජෙසිකාට පැහැදිලි කරනවා ඒ දෙන්නා කොමික් චරිත කියලා. ජෙසිකා, කිල්ග්‍රේව් ඉදිරියේ නිරුවත් වෙද්දී ඒ නිරුවත් වෙන්නේ කොමික් පාඨකයෝ ඉස්සර කියලා තමයි ජෙසිකාට කියන්නේ. ඒ හින්දා ඕනෑම දෙයක් කෙරුවාට ගැටලුවක් නෑ කියන අදහස ජෙසිකාට කා වැදිලා තිබ්බේ. මෙතන දී කිල්ග්‍රේව් කියන්නේ ඇත්ත කතාවක් උණාට එයා ඒක කිව්වේ 4 th wall එක ගැන දැනගෙනද කියන එක නම් පැහැදිලි නෑ. මෙතන තියන වැදගත් දේ තමයි කිල්ග්‍රේව් එයාගේ හැකියාව යොදාගෙන 4th wall break හැකියාව තියන කෙනෙක් ට විතරක් කරන්න පුළුවන් යථාර්තය වෙනස් කිරීම් ජෙසිකාට තහවුරු කිරීම. උදාහරණයක් විදිහට එයා ජෙසිකා ට සමීප කෙනෙක් මරලා කියනවා එයා තමයි කතාවේ දුෂ්ඨ චරිතය. ජෙසිකාට හොරෙන් කුමන්ත්‍රණය කරනවා වගේ දේවල්. ජෙසිකා ට උදව්වක් විදිහට තමන් ඒ කෙනාව මැරුවත් සියලු දෙනාම කොමික් චරිත හින්දා එහෙම මරණයක් වෙලා නෑ කියලා. සාමාන්‍ය කෙනෙක් ගේ මනස පාලනය කරන්න කිල්ග්‍රේව් ගොඩක් ලේසියෙන් පුළුවන් උණාට, ජෙසිකා වගේ ශක්තිමත් කෙනෙක් ව පාලනය කරන්න එයාට මේ විදිහේ දේවල් භාවිතා කරන්න උණා.
හැබයි ජෙසිකා ඩෙයාඩෙවිල් නවත්වන්න ගියාට පස්සේ ඇවෙන්ජර්ස් ලා එයාව නවත්වනවා. ඊට පස්සේ එක්ස් මෙන් කණ්ඩායමේ ජීන් ග්‍රේ ලවා ජෙසිකාගේ මනස යතා තත්ත්වයට පත් කරන්න කටයුතු කරනවා. පස්සේ කාලේක ජෙසිකා කිල්ග්‍රේව් ගේ ග්‍රහණයට අහු උනාට පස්සේ එයා එතනින් බේරිලා යන්නේ ඒ ප්‍රතිකාරය හින්දා.
ජෙසිකා සහ ඩෙයාඩෙවිල් දෙන්නා එක්ක ගොඩක් අවස්තා වල දී ගැටුම් ඇති කරගත්තා උනත් කිල්ග්‍රේව් මාවල් යුනිවර්ස් එකේ අනිත් අයටත් පුදුමාකාර වදයක් දීපු කෙනෙක්. එක අවස්තාවක එයා ලූක් කේජ් යවනවා ඇවෙන්ජර්ස්ලා ට එරෙහිව සටන් කරන්න. තව වතාවක් එයා ගේ දරුවෝ (කිල්ග්‍රේව් ට සම්බන්ධතා පවත්වපු ගොඩක් අය ඉන්නවා. ඒ අයට ලැබුණු දරුවන්ටත් මේ හැකියාව තියනවා) එකතු කරගෙන කැරැල්ලක් ඇතිකරන්න උත්සාහ කෙරුවා.
කොමික් වල දී නම් කිල්ග්‍රේව් මේ දේවල් කරන්නේ එයාගේ විකුර්ති වුනු සමේ සෛල වලින් නිකුත් කරන රසායනිකයක් මගින්. ඒවා ශ්වසනය තුලින් හරි සම තුලින් හරි වෙන කෙනෙක් ගේ සිරුරට ඇතුළු උනොත් එයාගේ මනසේ පාලනය නැතිවෙනවා. ඊටපස්සේ කිල්ග්‍රේව් පුළුවන් කම තියනවා එයා කැමති විදිහට ඒ කෙනාව හසුරුවන්න. මේ දේවල් වෙන්න නම් අදාළ පුද්ගලයා කිල්ග්‍රේව් ගේ සමීපයේ ඉන්න ඕනේ. කිල්ග්‍රේව් එතනින් අයින් උනාට පස්සේ ඒ බලපෑම ටිකෙන් ටික අඩුවෙනවා. එක අවස්තාවක එයා පුද්ගලයින් 100 ක් එකවර තමන්ගේ පාලනයට ගන්න තරම් දක්ෂ වුනා. මීට අමතරව කිල්ග්‍රේව් ට තියනවා ඉක්මනින් සුව වීමේ හැකියාවක්.
කිල් ග්‍රේව් ගේ ලොකුම දුර්වලතාවය තමයි එයාගේ හැකියාව ඉක්මවා යන්න හරි එයාගේ අවධානය යොමු කරන්න හරි බැරි උනොත් එයාට ඉතාම පහසු ගොදුරක් වෙන එක. මොකද එයාට කිසිම සටන් පුහුණුවක් නෑ. යන්තම් දෙකක් ගහගන්න පුළුවන් කෙනෙක්ට හරි එයාව පරදවන්න පුළුවන්. හැබයි ඉතින් මේ දේ වෙන්න එයා ඉඩ තියන්නේ නෑ.
ඒ හින්දා කිල්ග්‍රේව් ගෙන් බේරන්න තියන ලේසිම ක්‍රමය තමයි නියමිත දුර පවත්වා ගන්න එක. ඒ වගේම ආසාධිත උනොත් අදාළ කාල සීමාව ඉවර වෙනකල් බේරිලා ඉන්න එක. එයාට විරුද්ධව යන්න නම් කෙනෙක් ට තියෙන්න ඕනේ අසාමන්‍ය මානසික හැකියාවක්. ඒ වගේම ටෙලිපති හැකියාව තියන කෙනෙක් ට මෙයාගෙන් කරදරයක් වෙන්නේ නෑ.
මෙයා ගැන කතා කරන්න ගොඩක් දේවල් තිබ්බත් අපි කතා කෙරුවේ ජෙසිකා ජෝන්ස් කතා මාලාවට වැදගත් වෙන දේවල් විතරයි. අපි කලින් කියපු ජෙසිකා පාලනයට අරගත්ත සිදුවීම ඇතුලත් වෙන Alias කතා මාලාව පදනම් කරගත්ත ටීවී සිරිස් එක වචනයේ පරිසමාප්ත විදිහටම අති සාර්ථක නිර්මානයක්. රූපමය මාධ්‍යක නිරුපනය කරන්න බැරි තරමටම සමහර දේවල් දරුණු හින්දා කතාවේ දී අපිට දකින්න ලැබෙන්නේ පසුකාලින කතාවක්. හැබයි ඒ උණාට කොමික් වල දී හම්බෙන කිල්ග්‍රේව් ට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරන්න Davis Tennant සමත් වෙනවා. කොමික් වල දී කිල්ග්‍රේව් ට පර්පල් මෑන් කියලා නම වැටෙන්න හේතු උණු සමේ දම් පැහැය දකින්න නැති උණත් දම් වර්ණය යොදා ගෙන ඒ චරිතයේ නියම ස්වභාවය ඉස්මතු කරලා තියනවා. අපි මෙතන දී ටීවී සිරිස් එකේ චරිතය ගැන කතා කරන්න වැඩිය යන්නේ නෑ. මොකද මේ වෙද්දී ගොඩක් දෙනෙකුට මෙයා ගැන හොඳ අවබෝධයක් ලැබිලා ඇති කියලා හිතෙන හින්දා. හැබයි එක රැයකින් කොමික් සමබන්ධ ඕනෑම රුප මාධ්‍යක හම්වුනු ඉහලම ගණයේ දුෂ්ටයෙක් වෙන්න කිල්ග්‍රේව් ට හැකියාව ලැබුණා.
ඉදිරි දවස් ටිකේ අපි ජෙසිකා ජෝන්ස් කතාවේ ඉතිරිකොටස් වලට අදාළ රිවිව් ටිකත් ගේනවා. එතකල් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියන මතක් කිරීමත් මේ අවස්ථාවේ දී අපේ යාලුවෝ හැමදෙනාටම කියනවා.
Amadeus_chO

No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න