CAPTAIN AMERICA:CIVIL WAR
මේ දවස් ටික කොමික් රසිකයන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වුනු දවස් කිහිපයක් කිව්වොත් ඒක වැරදි නෑ. මුලින්ම අපිට එදා මෙදා තුර කොමික් කතාවක් ඇසුරෙන් බිහිවුණු සාර්ථකම ටීවී සිරිස් එක බලාගන්න හම්බුනා. ඒ වගේම මෑත ඉතිහාසයේ දකින්න ලැබුණු ආකර්ශනීයම ට්‍රේලර් එක ලෙජන්ඩ් ඔෆ් ටුමාරෝ බලාගන්න ලැබුනා. අද දවසේ ඒ සතුට තවත් වැඩි කරලා අපි හැමෝම ආසාවෙන් බලාගෙන හිටිය සිවිල් වෝර් ට්‍රේලර් එක බලා ගන්න හම්බුනා. ඒ වගේම මේ ට්‍රේලර් එක මේ දක්වා කොමික් සම්බන්ධ ෆිල්ම් එකක් වෙනුවෙන් නිකුත් වුනු හොඳම ට්‍රේලර් එක කියන දේ ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ගොඩක් අය මේ කතාවට එකඟ වෙන්නේ නැතිවෙයි. හැබයි ට්‍රේලර් එකක් කියන්නේ සටන් ජවනිකා කිහිපයක් සහ අහම්බෙන් එකතු කරගත්තු දර්ශන කිහිපයක් එකට එකතු කරන එකක් නෙවේ. මොකද ඒ අතින් ගත්තාම මේ ට්‍රේලර් එකට වඩා ආකර්ශනීය ට්‍රේලර් පහුගිය කාලේ අපිට දකින්න හම්බුනා. හැබයි මෙතන තියන විශේෂත්වය තමයි අපිට ට්‍රේලර් එක බලද්දී ෆිල්ම් එක ඇතුලේ අපිට බලාපොරොත්තු වෙන දේ ගැන පුර්ව අදහසක් ලබා දෙනවා. ඒ වගේම මේ මිනිත්තු 3 කට අඩු කාල සීමාව ඇතුලේ පවා අපේ හදවතට සංවේදී කතාවක් ලියවිලා තියනවා. කොටින්ම කියනවා නම් මේ මිනිත්තු කිහිපය එක දිගට රසවිදින්න පුළුවන් කෙටි කතාවක් වගේ. අන්න ඒ කරුණු කාරණා හින්දා අවිවාදයෙන්ම මේ සිවිල් වෝර් ට්‍රේලර් එදා මෙදා තුර කොමික් සම්බන්ධ ෆිල්ම් එකක් වෙනුවෙන් නිකුත් කරපු සාර්ථකම ට්‍රේලර් එක වගේම මෑත ඉතිහාසයේ ෆිල්ම් එකක් වෙනුවෙන් නිකුත් වුනු සාර්ථකම ට්‍රේලර් වලින් එකක්.
අපි එහෙනම් තව එක වතාවක් සිවිල් වෝර් ට්‍රේලර් එක බලලා කතාව පටන් ගමු.
ඒ විනාඩි 2.27....
අපි එහෙනම් රාමුවෙන් රාමුවට අපිට දකින්න ලැබුණු දේවල් මොනවාද කියලා බලමු. මේ ට්‍රේලර් එක පටන් ගන්නේ Ant-Man ෆිල්ම් එකේ post credit එකේ නැවතුනු තැන ඉදලා.
ට්‍රේලර් එකේ ආරම්භක දර්ශනය මෙතනින් පස්සේ සිද්ද වෙන දෙයක්. හරියටම බැලුවොත් නම් ට්‍රේලර් එකේ ආරම්භක අවස්තාවේ කොටසක් තමයි පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකේ තිබ්බේ.
අපි දකින්න පුළුවන් වෙනවා සෑම් සහ කැප්ට බකී හම්බෙනවා. මේ ස්ථානය කොතනද කියන එක නම් අපිට පැහැදිලි නෑ. මෙතන දී කැප්, බකී ගෙන් අහනවා එයාව මතක ද කියලා. බකී කැප් ගේ මවගේ නම සේරා කියලා කියනවා. මීට කලින් ආපු කැප්ටන් ඇමරිකා ෆිල්ම් වල මේ කාරණය කතා කෙරුවා ද කියන දේ නම් මට මතක නෑ. මොකද කොමික් වලත් කැප් ගේ අම්මාගේ නම Sarah. බකී සහ කැප් පුංචි කාලේ ඉදලම එකට හැදුනු හින්දා ඒ විස්තර වෙන කාටවත් වඩා දන්නවා. තව දෙයක් තමයි බකී විහිළුවට කියනවා කැප් පුංචි කාලේ පත්තර කොළ සපත්තුව ඇතුලට දාන්න පුරුදු වෙලා හිටියා කියලා. ගොඩක් දුරට පොඩි කාලේ කැප් කෙට්ටු කෙනෙක් හින්දා සපත්තු දෙක ගැලවෙන්නේ නැති වෙන්න පත්තර කොළ දාගෙන හිටියා කියන කාරණය තමයි අදහස් කරන්න ඇත්තේ. කොමික් වල දී කැප් සහ බකී අතර තියෙන්නේ ඉතාම ලොකු මිත්‍ර කමක්. මේක සහෝදරයෝ දෙන්නෙක් අතර තියන බැඳීම වගේ. මේ සම්බන්ධය MCU එක ඇතුලේ මෙච්චර දවසක් කතා කෙරුවේ නෑ. ඒත් අපිට අන්තිමේ දී ඒ අවස්තාව උදා වෙන්න වගේ යන්නේ.
ඒ වගේම තමයි බකී දැන් ඉන්නේ සම්පුර්ණ පියවි සිහියෙන්. ආයේ මෙතනින් එහාට ඉන්නේ අපි කොමික් වල ආදරය කරපු බකී ම තමයි.
මෙතන දී සෑම් කියනවා මිට සතියකට කලින් මේ කාරණය ගොඩක් ලේසි වෙන්න තිබ්බ කියලා. ඒ කියන්නේ සතියකට ඉහත දී මොකක් හරි වැදගත් සිදුවීමක් වෙලා තියනවා. ඒ මොකක් වෙන්න පුළුවන් ද? අපිට පහසුවෙන්ම එළඹෙන්න තියන නිගමනය තමයි සුපිරි වීරයන් ගේ ක්‍රියා කාරකම් පාලනය කරන පනත මේ වෙද්දී ඇවිත් කියලා. අඩු ගානේ ඒ යෝජනාව හරි ඇවිත් මේ වෙනකොට.
Ant-Man පෝස්ට් ක්‍රෙඩිට් එකේ සඳහන් වෙන විදිහට මේ කාරණය ටෝනි ට කියන්න විදිහක් නෑ. එහෙනම් ටෝනි ගේ මැදිහත් වීම මේ වෙද්දී වෙලා ඉවරයි වගේ. ඊළඟට දකින්න ලැබෙන දර්ශන එක්ක අපිට දල වශයෙන් මේ ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි.
අපිට දකින්න හම්බෙනවා කැප් ගේ කටහඩ පසුබිමෙන් ඇහෙද්දී පිපිරීමේ දර්ශනයක්. කැප් කියනවා බකී පස්සේ කට්ටිය පන්නනවා කියලා. ඒත් බකී කියන විදිහට එයා ඒ දේවල් තව දුරටත් කරන්නේ නෑ.
හැබයි එයා කලින් කරපු දේවල් වල බලපෑමෙන් මිදෙන්න එයාට තවම බැරි වෙලා වගේ. අපිට දකින්න හම්බෙන පිපිරිම ගොඩක් වෙලාවට බකී ව හසුකරන්න වෙන කණ්ඩායමක් කරපු දෙයක් වෙන්න ඉඩ තියනවා. මොකද අපි අමතක කරන්න නරකයි මේ කතාවේ නරක කණ්ඩායම කැප් වත් ටෝනි වත් නෙවේ කියන එක. ට්‍රේලර් එකේ දකින්න හම්බුනේ නැති Baron Zemo ලොකු වැඩ කොටසක් කරනවා දුෂ්ටයෙක් විදිහට. අපිට එන්න පුළුවන් නිගමනය තමයි ඒ අය විසින් කරපු දෙයකට බකී කොටුවෙලා කියන එක. මේ දර්ශනය සිද්ද වෙලා තියෙන්නේ ජර්මනියේ. මොකද මිනිස්සු කලබලයෙන් දුවද්දී දකින්න ඒ අය පාලනය කරන පොලිස් නිලධාරීන්ගේ පිටේ තියෙන්නේ Polizei කියන ජර්මන් වචනය.
එතන සෑම් ඉන්නවා කියන්නේ ඇවෙන්ජර්ස් ලා සම්බන්ධ සිදුවීමක් වෙන්න පුළුවන්.
අපි අමතක කරන්න නරකයි අල්ට්‍රෝන් ෆිල්ම් එකේ අවසාන සටන වුනු සොකෝවියාව පිහිටලා තියෙන්නේ ජර්මනිය තරමක කිට්ටුවෙන් කියන එකත්. පිපිරිම සිදු වුනේ සමුළුවක් වගේ අවස්ථාවක වගේ හින්දා ඒ සොකෝවියාවේ සිදුවීම් ගැන කතා කරන්න යොදා ගත්ත සමුළුවක් වෙන්න ඉඩ තියනවා. සුපිරි වීරයන් ට එරෙහිව ලෝකයේ අනිත් අයගේ ආකල්පය හදන්න මේ සමුළුවට එල්ල කරන ප්‍රහාරය ගොඩක් තීරණාත්මක එකක් වෙන්න පුළුවන්.
එහෙමත් නැතිනම් ඒ පිපිරිම ගැන හොයන්න සෑම් සහ කැප් ඇතුළු කණ්ඩායම ආවා වෙන්න ඉඩ තියනවා. ඒ අතර වාරයේ ජර්මනි රජය මඟින් මේ ගැන සොයා බැලීම් කරනවා.
කැප් ඇතුළු කණ්ඩායමට පොලිස් නිලධාරීන්ට කලින් බකී ව හම්බෙලා වගේ පේන්නේ. සමහරක් විට අපි මුලින් දැක්කේ ඒ හම්බුනු අවස්තාව වෙන්න ඉඩ තියනවා. මෙතන දී කැප් ට කරන්න දෙයක් නැතුව තමන්ගේ යාළුවාට උදව් කරන්න සිද්ධ වෙනවා වගේ.
කැප් පොලිස් නිලධාරීන් නවත්වන අතරේ බකි එතනින් පැනලා යනවා.
ඊළඟට අපිට දකින්න පුළුවන් වෙන්නේ හෙලිකොප්ටර් එකක දර්ශනයක්. මෙතන පෙන්නුම් කරන්නේ මොන සාගර කලාපයද කියලා අපිට තවම අදහසක් ගන්න විදිහක් නෑ.
ඊට පස්සේ තමයි අපිට General Thaddeus "Thunderbolt" Ross කතාවට එකතු වෙනවා දකින්න හම්බෙන්නේ.
මෙයා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මෙයා හල්ක් පස්සෙන් ගොඩක් පන්නවා. ඒ වගේම MCU එක යටතේ නිකුත් කරපු කොමික් වලදී මෙයා නීතිය හා සාමය වෙනුවෙන් වැඩ කරනවා කියන එක පෙන්නුම් කෙරුවා. සරලව කිව්වොත් මෙයා ඇමරිකානු රජය නියෝජනය කිරීමක් කරනවා.
එයා කැප් ට කියන කතාව ගොඩක් වැදගත්. මොකද මුළු ලෝකයාම කැප් කියන්නේ යුක්තිය හා සාධාරණතත්වයේ පිළිඹුවක් කියලා කියන්නේ නෑ. වින්ටර් සෝල්ජර් ෆිල්ම් එකේ දී අපි දැකපු දේවල් එක්ක කැප් ගේ ක්‍රියා කලාපය ගැන සමහරක් අයට ගැටළු තියනවා වෙන්න පුළුවන්. අපි ජර්මනියේ දැකපු දේවල් එක්ක මේ ගැටලුව තවත් වැඩි වෙන්න ඉඩ ඇති.
මෙතන දී අළුත් ඇවෙන්ජර් මධ්‍යාස්ථානය දකින්න හම්බුනු හින්දා ජෙනරල් එතැනට ඇවිත් කතා කරනවා වගේ පේන්නේ. ජර්මනියේ සිදුවීම ආයේ සිද්ධ නොවෙන්න දීපු අනතරු ඇඟවීමක් වගේ මේක. මේ කතාව කරද්දී සෑම් සහ නටාෂා දෙන්නත් ඉන්නවා. ඒ කියන්නේ ජර්මනියේ සිදුවීම ට නටාෂා ත් ගිහින් තියනවා වගේ.
කතාව යන අතරේ අපිට දකින්න හම්බෙනවා කැප්, බකී ව හොයාගෙන යද්දී සිදුවීමක්. ගැටලුව තියෙන්නේ මේ සිදුවීම කලින් වගේ ජර්මනියේ නෙවේ වෙලා තියෙන්නේ. බකී හිටගෙන ඉන්න තැනට පිටිපස්සේ තියන නාමපුවරුවේ අපිට දකින්න වෙන්නේ ෆාමසිය කියන තේරුම දෙන Farmacia කියන ඉතාලි වචනය. ජර්මනිය සහ ඉතාලිය කියන රටවල් දෙකම මෙතනට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක නම් ඇත්තටම දැන්ම අපිට හිතා ගන්න බෑ.
ජෙනරාල් අවධාරනය කරනවා අධීක්ෂණයකින් තොරව ක්‍රියාත්මක වෙන සුපිරි වීර ක්‍රියාකාරකම් තව දුරටත් ලෝකයා අනුමත කරන්නේ නෑ කියලා. ඒ හින්දා ලෝකයා විසින් සම්මත කරගත්ත ගිවිසුම් වාර්තාව අපිට ඉදිරිපත් කරනවා පේනවා. ඒකෙ නම තමයි The Sokovia Accords : Framework for the Registration and Deployment Enhanced individuals (වර්ධිත පුද්ගලයින් ලියාපදිංචිය සහ සුභාවිත පිළිවෙත සඳහා වූ ස්ලෝවැකියානු ගිවිසුම). වැඩි විස්තර නැතිව සරලව කිව්වොත් මේක තමයි හැමෝම කතා කරපු SHRA එහෙමත් නැතිනම් Super Human Registration Act එක. මේක භාර දෙන්නේ නම් හැබයි ගැහණු කෙනෙක් ට. ඒ කවුද කියන එක නම් පැහැදිලි නෑ හරියටම.
මෙතන දී ජෙනරාල් කියන කාරණයක් ගැන කැප් එකඟ වෙන්නේ නෑ වගේ. ගොඩක් දුරට මේක බකී සම්බන්ධ කාරණයක් වෙන්න ඇති.
ඒත් එකක්ම බකී, බයිසිකලේක යන දර්ශනයක් පෙන්වන හින්දා ඒක තහවුරු වෙනවා.
ඊට පස්සේ අපි දකිනවා නටාෂා සහ කැප් දෙන්නා අතරේ දුරකථන සංවාදයක්. මේ දෙන්නා ගේ සම්බන්දේ ගොඩක් ගැඹුරට අපිට දකින්න හම්බුනා නේ. දෙන්නාම අනිත් කෙනා ගැන හොඳ අවබෝධයෙන් ඉන්නේ. ඒ හින්දා නටාෂා ට කැප්, බකී ගැන කරදර වෙන එක හොඳට තේරෙනවා.
ඒත් එයාට කරන්න දෙයක් නෑ. මොකද නටාෂා ට සිද්ධ වෙනවා සේරටම වඩා රාජකාරිය ගැන හිතන්න. එයා ඒකයි කියන්නේ කැප් ට මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න එපා කියලා.
ඒත් කැප් ට ඒ දේ කරන්න වෙන්නේ නෑ. එයා ඒකයි අහන්නේ මැදිහත් වීමක් කලොත් එයාව අත් අඩංගුවට ගන්නවා ද කියලා? මෙතනින් අපිට පැහැදිලි වෙන දේ තමයි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නටාෂා නියෝජනය කරන්නේ ටෝනි ගේ පැත්ත කියන එක.
ඊට පස්සේ අපිට දකින්න පුළුවන් රථ වාහන සමුහයකින් ඇවිත් කැප් ව වටකරන දර්ශනයක්. පැහැදිලිවම කැප් අනතරු ඇඟවීම් පැත්තක දාලා බකී ට උදව් වෙනවා.
ඊට පස්සේ තමයි අපිට පලවෙනි වතාවට ෆිල්ම් එකේ අනිත් ප්‍රධාන පාර්ශ්වය නියෝජනය කරන අයන් මෑන් දකින්න හම්බෙන්නේ.
මෙතන දී අයන් මෑන් ගිවිසුමට සහය පලකරන පාර්ශ්වයට තමයි වැඩ කරන්නේ. මේකට හේතුව ට්‍රේලර් එකේ පස්සේ පැහැදිලි කරන සිදුවීමක් වෙන්නත් ඉඩ තියනවා. මෙතැන කැප් සහ අයන් මෑන් හමුවීම ෆිල්ම් එකේ නම් අවසාන අවස්ථාවේ වෙන සිදුවීමක් වෙන්න තමයි ඉඩ තියෙන්නේ. මේ ට්‍රේලර් එකේ තියන වැදගත් කම තමයි මේක ඇවෙන්ජර්ස් ෆිල්ම් එකක් නෙවේ කැප් ගේ ෆිල්ම් එකක් කියන දේ හොදටම පැහැදිලි කරන එක. මේකේ පාර්ශව දෙකක් හිටියට ප්‍රධාන කතාව යන්නේ කැප් වටා. ඒ හින්දා එයාට ලැබෙන්න ඕන මුලිකත්වය දීලා තියනවා.
ඊලඟට අපිට දකින්න පුළුවන් වෙන්නේ ගුවන් තොටුපලක දර්ශනයක්. එතන ඉන්නවා ගොඩක් දෙනෙක් කතා කරපු Martin Freeman. මෙයා බ්‍රිතාන්‍ය රජය නියෝජනය කරන කෙනෙක් විදිහට තමයි මේකේ ඉන්නවා කියන්නේ.
එතැන දී කැප් සහ සෑම් දෙන්නා රාජතාන්ත්‍රික ගැටලුවකට මැදිහත් වෙලා වගේ පේන්නේ නම්.
මේ ගැටළුව ඇතිවෙන්න හේතුව මොකක් ද? අපිට ඊළඟට දකින්න හම්බෙන බකි මෙහෙයුමකට සුදානම් වෙන දර්ශනය දැක්කාම හිතෙන්නේ ඒකට සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන් කියලා. මොකද කැප්, බකි කරන්න යන වැඩේට උදව් කරනවා.
ඊට පස්සේ අපිට දකින්න හම්බෙනවා ටෝනි සහ කැප් අතර සංවාදයක්. මෙතන යන සංවාදය ගොඩක් නිවුණු විදිහට යන්නේ. ඒත් ඒ වචන ඇතුලේ තියන අර්ථය නම් ගොඩක් දරුණුයි වගේ. ටෝනි කියනවා "Sometimes I want to punch you in your perfect teeth". කැප් ගේ සමහර තීරණ ගැන ටෝනි ට ගැටළු තිබිලා තියනවා ඒ කියන්නේ. මට නම් හිතෙන්නේ මේක සුහදශීලිව කරපු තර්ජනයක් කියලා.
ට්‍රේලර් එකක් රුප රාමුවෙන් රාමුවට විස්තර කරනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. මේ ලිපිය ගොඩක් දිග වැඩි වෙන හින්දා මෙතනින් පලවෙනි කොටස අපි නතර කරනවා. ට්‍රේලර් එකේ මෙතන ට එනකල් රිද්මයානු කුල විදිහට ගලාගෙන යන්නේ. මෙතනින් පස්සේ ඉතා කෙටි කාලයක් තුල සිදුවීම් විශාල ප්‍රමානයක් පෙන්වනවා. අපි හිතුවා ඒ ටික ඉලංග කොටසින් කතා කෙරුවොත් හොදයි කියලා. එහෙනම් ඉලංග කොටසින් ඉක්මනටම හම්බෙමු.
attila_THE_hun
පට්ට මචෝ හිතුවෙවත් නැති දැක්කෙවත් නැති තැන් පෙන්නුවා සුපිරි
ReplyDeleteහම්මේ...
ReplyDeleteමග බලන් හිටියේ විග්‍රහය කියවන්න...
ස්තූතියි සහෝ....
ඉක්මනටම දෙවෙනි කොටසත් අරගෙන එන්න..
ජයවේව
#Hail_Hydra
Thanks For the quick Review
ReplyDeleteJaya wewa machan thaks for the review........
ReplyDeletethankuuu machannnn
ReplyDeletehithuwatath wada loku deyk CIVIL WAR eken balanna puluwn wei wge.....
ReplyDeletehodatama explain karala tiyanaw....
thanks...
well done!!
ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ReplyDeleteඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
සුපරි මචං කරපු විග්‍රහය නම්.. මේ කියෙව්වා විතරයි පළමු කොටස..
ReplyDeleteදැන් අනිකත් බලනවා හොදේ..
දිගටම කරගෙන යමු..
Thanks bro
ReplyDelete