Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Exclusive Interview with Shalini Peiris

Exclusive Interview with Shalini Peiris
මේ ළඟදී අපිට ඉතාම සතුටු දායක ආරංචියක් දැනගන්න ලැබුණා. ඒ තමයි ඉදිරියට තිරගත වීමට නියමිත Justice League ෆිල්ම් එකේ අපේ රටේ කෙනෙක් ඉන්නවා කියලා.  (අපි මෙතන දී Dilshan Chamika සහෝදරයාත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එයාත් අපේ පේජ් එකට මැසේජ් එකක් දාලා මේ ගැන කියලා තිබ්බා)



මේක දැනගත්ත වෙලාවේ අපිට ගොඩක් සතුටු හිතුනා. මොකද අපි හැමෝම එනකල් බලාගෙන ඉන්න ෆිල්ම් එකේ අපේම රටේ කෙනෙක් ඉන්නවා කියන්නේ ඒක අපිට ලොකු ආඩම්බරයක්. අපි ඒ ආරංචිය ඔයලා අතරේ බෙදා ගත්තාම ඒකට තිබුණු ප්‍රතිචාරය හින්දාම අපි විඳපු සතුට අපේ යාලුවෝ සේරටම දැනුණා කියලා අපිට තේරුණා. ඒ හින්දා අපි බැලුවා මේ ගැන තව ටිකක් විස්තර හොයන්න ඕනේ කියලා.


එයා නමින් ශලිනි පීරිස්. අපි මුලින්ම එයාගේ IMDB පිටුවෙන් තමයි කරුණු හොයලා බැලුවේ. 


අවසානේදී අපි කොහොමහරි ශලිනි ව සමබන්ධ කරගත්තා. මේ වැඩේට ගොඩක් මහන්සි උනේ අපේ MiGhTy_ThOr ඇඩ්මින් සහෝදරයා. අපි හිතුවටත් වඩා යහපත් ප්‍රතිචාර අපිට ශලිනි ගෙන් ලැබුනා. ඒ අනුව තමයි අපේ CS පේජ් එකෙන් කරපු පලවෙනි Interview එක ශලිනි පීරිස් සමඟ කරන්න ලැබුණේ. 

අපේ කොමික් ෆෑන්ස් ලා Justice League ෆිල්ම් එක ගැන පුංචි හරි තොරතුරක් දැනගන්න ආසාවෙන් ඉන්නේ කියලා දන්නවා නේ අපි. ඒ හින්දා ඒ සම්බන්ධ තොරතුරු කිහිපයකුත් අපි ශලිනි ගෙන් ඇහුවා. ඒත් නීතිමය ගැටළු හින්දා සමහරක් තොරතුරු ලබා දෙන්න හැකියාවක් නැති හින්දා අපිට ලැබුණු තොරතුරු වලින් සෑහීමකට පත් වෙන්න සිද්ධ වෙනවා.

අපි සාකච්චාව කෙරුවේ ඉංග්‍රීසි බසින්. එකේ පරිවර්තනයක් අපි වරහන් ඇතුලේ දානවා.



1. Can you give us a brief discussion about your self? (ඔබ ගැන කෙටි හඳුන්වාදීමක් කෙරුවොත්?)

I've been working professionally as an actress for the past 7 years here in London. I'm originally from Kandy and no matter where I am, I'm a proud Lankan girl! (මම පසුගිය අවුරුදු 7 ක කාලයක් පුරා ලන්ඩන් වල වෘතිමය රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා. මගේ උපන් ගම නුවර. මම ඉන්නේ කොහෙද කියන වැදගත් නෑ, මට ආඩම්බරයෙන් කියනවා මම ලංකාවේ කෙල්ලක්)

2. Why do you become an actress? (ඇයි ඔබ රංගන ශිල්පිනියක් වෙන්න හිතුවේ?)

It's something I've loved since I was a child and it's always been a part of me. After university and working for a year, I decided to audition for drama schools here in London and made a deal with myself - if I actually got a place (it's very competitive) at drama school, then that was a sign that this is what I was meant to do. (ඒක පොඩි කාලේ ඉදන්ම මම ආසාවෙන් හිටිය දෙයක්. ඒක මගේ ජිවිතයේ කොටසක් වෙලා තිබ්බේ. මම ලන්ඩන් වල දී කුසලතා පරීක්ෂණ වලට මුහුණ දෙන්න තීරණය කෙරුවා. ඒ වෙලාවේ මම තීරණයක් ගත්තා බැරි වෙලා හරි මාව තේරුනොත් - මොකද ඒක  ගොඩක් තරඟකාරී පරීක්ෂණයක් - ඒක තමයි ඉස්සරහට මම කරන්න ඕනේ දේ කියන එක පෙන්නුම් කරන ලකුණක් කියලා)


3. How did you get the opportunity to act this film? (මේ ෆිල්ම් එකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුනේ කොහොමද?)  

I auditioned for it earlier this year (මේ වසර ආරම්භයේ තිබුණු කුසලතා පරීක්ෂනයට මම මුහුණ දුන්නා)

4. What is the first thing came in to your mind when You came to know about this opportunity? (මේ අවස්තාව ලැබුනා කියලා දැනගත්තම මුලින්ම හිතුනේ මොකක්ද?) 

I really wanted the part and was so so happy when I got the call saying that I had got it! (මේකට සම්බන්ධ වෙන්න මට ලොකු ඕනෑකමක් තිබ්බා. ඒ හින්දා මේ අවස්ථාව හම්බුනා කියලා කෝල් එක ආපුවම ගොඩක් සතුටු උණා)

5. Are you aware of the current hype for comic based films not only in worldwide but also in Sri Lanka it self? ( මේ කාලේ ලෝකේ පුරාම විතරක් නෙවේ ලංකාවේ පවා පැතිරිලා තියන කොමික් ආශ්‍රිත ෆිල්ම් ගැන උන්මාදය ගැන දැනුවත් ද?)

Yes of course! (ඔව් ඇත්ත වශයෙන්ම)

6. Are you a comic fan? If it is DC or Marvel? (ඔබ කොමික් ෆෑන් කෙනෙක් ද? එහෙමනම් ඒ DC ද මාවල් ද?) 

I'm more familiar with Marvel than the DC comics...I am a fan but I'm not in the same league as you guys! Your website and FB page are really impressive! (මට DC වලට වඩා මාවල් සමීපයි. මම කොමික් ෆෑන් කෙනෙක්. එත් ඔයලා ගේ මට්ටමින් නම් නෑ. ඔයාලගේ වෙබ් අඩවිය සහ ෆේස් බුක් පේජ් එක හරිම සිත්ගන්නා සුළුයි)

7. What about the first day in the set? (සෙට් එකේ පළමු දවස ගැන මොකද කියන්න තියෙන්නේ?)
..................................................................................................................................................

8. What do you think about Zack Snyder? (Zack Snyder ගැන මොකද හිතෙන්නේ?)
..................................................................................................................................................

9. Have you come across any legendary celebrities at the set? (ජනප්‍රිය රංගන ශිල්පින් මුණ ගැහුනා ද?)
..................................................................................................................................................

10. Can you describe about your role in general? (ඔබේ චරිතය ගැන කෙටියෙන් විස්තරයක් කරන්න පුලුවන්ද?) 
..................................................................................................................................................

11. Can you give us a hint about Bio Hazard suit? (බයෝ හැසාර්ඩ් ඇඳුම ගැන ඉඟියක් දෙන්න පුලුවන් ද?)
...................................................................................................................................................

12. What are the rules you have to follow during contract period? (ගිවිසුම් කාලය තුළ මොන වගේ කොන්දේසි පිළිපදින්න වෙනවද?

13. What do you think about Sri Lankan film industry? (ලංකාවේ සිනමා කර්මාන්තය ගැන මොකද හිතෙන්නේ?) 

There's so much talent in Sri Lanka...I think we're a very artistic and creative people, it's part of our heritage. Sri Lankan films have had great exposure internationally at film festivals and what's great to see is that producers like Chandran Ratnam are bringing international attention to Sri Lanka as a great filming location (which it is!) (ලංකාවේ දක්ෂ අය ගොඩක් ඉන්නවා. මගේ අදහස නම් අපි ගොඩක් කලාත්මක සහ නිර්මාන ශීලි මිනිස් කොටසක්. ඒක අපේ උරුමයේ කොටසක්. ලංකාවේ ෆිල්ම් අන්තර්ජාතික සිනමා උළෙලවල් නියෝජනය කරන්න අවස්ථාව ලැබිලා තියනවා. චන්ද්‍රන් රත්නම් වගේ සිනමා පසුතල සඳහා ශ්‍රී ලංකාව යොදා ගන්න ජාත්‍යන්තරයේ අවධානය ගන්න සමත් වුනු නිෂ්පාදක වරු ඉන්න එක ලොකු සතුටක්

14. If you ask to join a Sri Lankan film, would you accept? (ලංකාවේ ෆිල්ම් එකක රඟපාන්න අවස්ථාවක් ලැබුනොත් පිලිගන්නවා ද?) 

Of course!! (අනිවාර්යයෙන්ම)

15. What about your future plans? (අනාගත බලාපොරොත්තු ගැන මොකද හිතෙන්නේ?) 

To continue working hard as an actress and to hopefully be successful at it and to make Sri Lanka proud! (දිගටම මහන්සි වෙලා රංගන ශිල්පිනියෙක් විදිහට සාර්ථක වෙලා ශ්‍රී ලංකාවේ නම් ඉදිරියට ගෙනියන්න තමයි)

ශ්‍රී ලංකාවේ නම මේ විදිහට ජාත්‍යන්තර තලයට ගෙනියපු ශලිනි ගැන අවංකවම සතුටු වෙන ගමන්ම කොමික් ෆෑන්ස් විදිහට අපි ආදරය කරන ෆිල්ම් එකක අපේම කෙනෙක් රඟපාන එක ගැන ත් Comic Script කණ්ඩායම සතුටු වෙනවා. ඒ වගේම ශලිනි ගේ ඉදිරි බලාපොරොත්තු සේරම සාර්ථක වෙන්න කියලා ත් හදවතින්ම සුභ පතනවා.


8 comments:

  1. හම්මේ ඉතිම් . ඇහැට කදුලුත් ආව බොලවු. :-P :-S

    ReplyDelete
  2. ඇත්තටම ලොකු ආඩම්බරයක් දැනුනා. ගොඩක් කාලෙක ඉඳන් බලාගෙන හිටියේ මේ වගේ දෙයක් වෙනකං. කවදාවත් හිතුවේ නෑ සිද්ධ වේවි කියලා නම්.

    ඉන්දියාවේ එවුනුත් හොලිවුඩ් ගියපු එකේ, අඩුමගානේ ලංකාවේ ෆිල්ම් IMDB වලටවත් යන්නේ නැති තත්වෙක ලංකාවේ සිනමාව තියෙන කාලේ, ලංකාවේ කවුරුහරි කෙනෙක් මග බලාගෙන ඉන්න ප්‍රසිද්ධ චිත්‍රපටයක රඟපානවා දැක බලා ගන්න ලැබීමත් ලොකු සතුටක්. මෑතකදී මම බලපු චිත්‍රපට සහ ටීවි සීරියස් අතරින් මට ලංකාව නමවත් අහන්න ලැබුනේ Hit Man : Agent 47, The Last Resort (TV), Limitless (TV) කතා වලින් විතරයි. ලංකාවේ නම මේ විදියට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන එක ගැන වගේම, මේ වගේ අවස්ථාවක් ශලිනි පීරිස් සොයුරියට ලැබීම ගැන අපි ගොඩාක් සතුටු වෙනවා.

    සහෝදරියගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :)

    ReplyDelete
  3. meyata unusum suba pathum saha mokakda me Bio Hazard Suit eka?

    ReplyDelete
  4. Good Luck sis & Thank you.

    ReplyDelete
  5. පොඩි ‍දෙයකටත් උඩ පනින මෝඩයෝ ටිකක්...

    ReplyDelete
  6. Niyamai.wish you best luck shalini & thanks to comicscriptsl team to notify us

    ReplyDelete
  7. සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එක ගැනත් ලිපියක්‌ ලියන්න

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න