Moon Girl

CS-Moon_Girl+%25282%2529
Lunella Lafayette aka Moon Girl

පසුගිය සැන් ඩියාගෝ කොමික් කොන් එකේදි මාවල් සමාගමෙන් දැන් අර්ත් 616 බුද්ධිමත්ම පුද්ගලයා සහ GLYPH කොමික් අවෝඩ්ස්වල හොදම කොමික් කාන්තා චරිතයට සම්මානය හිමි කරගත්ත චරිතය ගැන හැදින්වීමක් කරන්න හිතුවා.

 
CS-Moon_Girl+%25282%2529

Lunella Lafayette මෑන්හැට්න්වල නැගෙනහිර ප්‍රදේශයේ ජීවත් වෙන 9 හැවිරිදි කුඩා කළු ජාතික දැරිවියක්. ඇය ඉගෙනගන්නේ Public School 20 Anna Silverහි. මේ පන්තියේ ලමයි ඇයගේ සුපිරි බුද්ධියත්, ඇයගේ නමත් නිසා ඇයට මූන් ගර්ල් නමින් කතා කරන්නේ. 
වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව ඇයට ඉන්හියුමන් ජාන ඇති බව සොයාගෙන තිබ්බේ. එසේම ලෝකය පුරා පැතිර යන Terrigen වලාකුළෙන් ආරක්ෂා වීමට ඇය නිතර පරිස්සම් උනා. ඒ වගේම ඒකෙන් ආරක්ෂා වෙන්න ඇය kree තාක්ෂණය ගැන හෙව්වා. ඒ අතරේ ඇගේ බුද්ධියෙන් ඇය kree තාක්ෂණයෙන් හදපු උපකරණ සොයාගන්න උපකරණයක් නිපදවනවා.
එය මගින් ඇය බ්‍රෝක්ලින් පාලම යට තිබ්බ ඔම්නි වේව් ප්‍රොජෙක්ටර් නම් kree උපකරණයක් සොයාගන්නවා.

මේ අතරවාරයේ, 
අවුරුදු දහස් ගණනකට පෙර ඩයිනසෝර් යුගයේ විසූ මානවයන්ගෙන් කිලර් ෆෝක් නම් කණ්ඩායමේ තෝර්න් ටීත්ද ඇතුළු පිරිස එම කාලයේදි ඔම්නි වේව් ප්‍රොජෙක්ටර් එකට වන්දනාමාන කලා. ඔවුන් එය හදුන්වන්නේ නයිට්ස්ටෝන් යනුවෙන්. කිලර් ෆෝක්ස්ලාගේ මේ වන්දනාමාන කටයුත්ත මැද්දට මූන් බෝයි(එම යුගයේ මානවයන්ගෙන් පරිණාමය වූ පළමුවැනියා) සහ ඩෙවිල් ඩයිනසෝර් කඩාපනිනවා. කිලර් ෆෝක්ස්ලාගේ පහරදීමෙන් මූන් බෝයි මරණාසන්න තුවාල ලබනවා.

මේ අතරේ,
වර්ථමානයේ ඔම්නි වේව් ප්‍රොජෙක්ටර් එක සොයාගත් ලූනෙල්ලා පාසලේ ඩොජ්බෝල් ක්‍රීඩා කරන අතර එය පරික්ෂා කරනවා. එතනට එන කෝච් ඔම්නි වේව් ප්‍රොජෙක්ටර් එක ඇගිල්ලෙන් ගෙන එය ඇගිල්ලෙන් කරකවමින් ඇයට සරදම් කරන විට කිලර් ෆෝක්ස්ලා සිටින අතීතයත්, මූන් ගර්ල් සිටින වර්ථමාන්යත් යාකරමින් දොරටුවක් විවෘත වෙනවා.

අතීතයේ,
මූන් බෝයි තමාගේ පළිය ගන්නා ලෙස ඩෙවිල් ඩයිනසෝර්ගෙන් ඉල්ලාහිටිමින් මිය යනවා. ඩෙවිල්ගෙන් බේරෙන්න කිලර්ෆෝක්ස්ලා නයිට්ස්ටෝන් එකෙන් ඇති කරන දොරටුව හරහා යනවා. ඩෙවිලුත් ඔවුන් පසුපස පන්නාගෙන අනාගතයට එනවා.

CS-Moon_Girl+%25283%2529

මේ විදියට තමයි මූන් ගර්ල් සහ ඩෙවිල් ඩයිනසෝර් එකතු වෙන්නේ. 
මූන් ගර්ල් නිවසේදි හා ඇගේ පාසල යට ඇති ඇගේ රහස් විද්‍යාගාරයේ නිපදවන නොයෙක් උපකරණ යොදාගෙන ඩෙවිල් ඩයිනසෝර් සමග අපරාධ හා අනතුරු වළක්වනවා. 
ඇයව දිනක් ටෙරිජින් මිස්ට් එකට අසු වෙනවා. දින කිහිපෙකින් කෝෂයෙන් පිටතට එන ඇයගේ කිසිදු බාහිර වෙනසක් හෝ බලයක් ඇයට හදුනාගන්න බැරි වෙනවා. 
නමුත් ඇය කෝපයට පත් වූ අවස්ථාවක ඇයගේ සහ ඩෙවිල් ඩයිනසෝර්ගේ විඥාන මාරු වෙනවා. ඊට පස්සේ ඇය හදුනාගන්නවා ඇගේ බලය ඩෙවිල් සමග විඥාන හුවමාරු වීම බව.

CS-Moon_Girl+%25281%2529

හැකියාවන්-
සුපිරි බුද්ධිය - ඉන්හියුමන් ජාන හේතුවෙන් ඇයව ටෙරිජින් මිස්ට් එකට හසු වීමටත් පෙර සිටම ඇයට සුපිරි බුද්ධියක් ලැබී තිබෙනවා. කැප්ටන් ක්‍රීගේ දත්ත ගොනුවට අනුව ඇගේ බුද්ධ්මත්බව ක්‍රී වර්ගයාට 100%ක තර්ජනයක්. එමෙන්ම සැන් ඩියාගෝ කොමික් කොන්හිදී මාවල් සමාගමෙන් දැන්වූ පරිදි ඇය තමා අර්ත් 616 බුද්ධිමත්ම පුද්ගලයා. රීඩ් රිචඩ්ස්ටත් වඩා ඇය බුද්ධිමත්.

දක්ෂ නව නිශ්පාදන නිපදවන්නියක් - 
ඔම්නි වේව් ප්‍රොජෙක්ටර් එක සොයාගත් ක්‍රී තාක්ෂණය අනාවරකය, 4 ඩී ප්‍රින්ටරය, ප්‍රති පිටසක්වල ජීවී උපකරණය වැනි නේක උපකරණ ඇය නිපදවා තිබෙනවා.

බලයන් - 
විඥාන හුවමාරුව

දුර්වලතා - 
ලූනෙලා අවිදුර දෘෂ්ඨිකත්වයෙන් පෙළෙනවා. එනිසා ඇයට කණ්ණාඩි දැමීමට සිදු වෙනවා.

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න