2016/2017 වසරේ ටීවී සීරිස් සමය එහෙමත් නැතිනම් Fall එක පටන් ගන්න හදන්නේ. ඒ අතරින් අපිට වැදගත් වෙන්නේ කොමික් වලට සම්බන්ධ කතා ටික විතරනේ. ඉතින් පරණ මතකය අලුත් වෙන්නත් එක්ක අපි හිතුවා පොඩ්ඩක් කතා කලොත් හොදයි කියලා. මුලින්ම අපි කතා කරන්න යන්නේ Agents of S.H.I.E.L.D. ගැන. පහුගිය සීසන් එකේ දී අපි නතර උනේ කොතන ද සහ මේ සීසන් එකේ දී අපිට බලාගන්න පුළුවන් මොනවාද කියන කාරණය ගැන අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.
Civil War and Sokovia Accords
අපි දන්නවා මේ වෙද්දී මාවල් සිනමැටික් යුනිවර්ස් එකේ සිවිල් වෝර් එක සිදුවෙලා තියන්නේ කියලා. ඒ හින්දා අනිවාර්යෙන්ම ඒ බලපෑම ශිල්ඩ් එක ඇතුලේ දකින්න පුළුවන්. ඒ අතරේ ප්‍රධානම කාරණයක් තමයි enhanced individuals එහෙමත් නැතිනම් විශේෂිත හැකියාවන් සහිත පුද්ගලයන් නිශ්චය කිරීම. අපි මේ ගැන තව ටික වෙලාවකින් කතා කරමු ටිකක් දීර්ඝ වශයෙන්. ඒ කාරණයට අමතරව වැදගත්ම කාරණය තමයි සිවිල් වෝර් එකෙන් පස්සේ ශිල්ඩ් ආයතනය නැවතත් නීතිගත කරපු එක. වින්ටර් සොල්ජර් ෆිල්ම් එකේ ඉදන් මේ දක්වා කාලය තුළ ශිල්ඩ් ආයතනය ක්‍රියාත්මක උනේ නීතියට පිටින්. ඒත් දැන් ආයෙමත් ශිල්ඩ් ආයතනයට පුළුවන් එළිපිට වැඩ කරන්න.
හැබැයි මේකත් එක්ක පොඩි ගැටලුවක් මතු වෙනවා. ඒ තමයි මෙච්චර දවසක් ශිල්ඩ් එකේ ප්‍රධානියා විදිහට කටයුතු කලේ කෝල්සන්. ඒත් ලෝකේ ගොඩක් අයට අනුව එයා මිය ගිය කෙනෙක්. එතකොට ශිල්ඩ් ආයතනයට බෑ කෝල්සන් ප්‍රධානියා විදිහට එළියට යන්න. ඒ අඩුව පුරවන්න තමයි, අලුතෙන් ප්‍රධානියෙක් එකතු කරගන්නේ. මෙයා ගැන සඳහන් කරන්නේ ශිල්ඩ් එකේ මුල්ම අවධියට සමබන්ධ කෙනෙක් විදිහට. හැබයි හරියටම විස්තර බලාගන්න නම් ඉවසගෙන ඉන්න වෙනවා.
ඒ එක්කම කෝල්සන් ආයෙමත් ෆීල්ඩ් ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා අපිට බලාගන්න පුළුවන් වෙයි.
Enhanced Individuals
Sokovia එකඟතාවය හින්දා සියලුම විශේෂ හැකියාවන් තියන අය ගැන අවධානය වැඩි උණා. මේ කාරණය හින්දා ඉන්හියුමන් වරුන් ගැන විශේෂයෙන් කතා කරන්න පටන් ගන්නවා. කලින් සීසන් එක අවසානේ දී අපි දැක්කා ඩේසි පස්සේ ශිල්ඩ් එක පන්නනවා.
දැනට දැනගන්න තියන කරුණු වලට අනුව නම් සීසන් 4 එකේ දී අපි දකින්නේ නාහෙට අහන්නේ නැති ඩේසි කෙනෙක්. සීසන් 3 වල දී ඩේසි ගේ ජිවිතේ ට බලපෑම් ගොඩක් එල්ල උණා. ඒ වගේ ප්‍රතිපලයක් විදිහට අපිට මේ ඉන්න තත්ත්වයේ කෙනෙක් නිර්මාණය වුණා කියන දේ පිළිගන්න පුළුවන්. මෙතන දී ඩේසි විතරක් නෙවේ හැකියාවන් තියන වෙනත් අය ගැනත් අපිට කතා බලාගන්න පුළුවන් වෙයි.
LMD
LMD එහෙමත් නැතිනම් Life Model Decoy කියන්නේ මාවල් කොමික් කියවන අයට නම් අලුත් දෙයක් නෙවේ. පුහුණු වීම් වලට වගේම ආරක්ෂිත පියවරක් විදිහටත් මාවල් කොමික් වල LMD බහුලව භාවිතා වෙනවා. ඒ අතරින් නික් ෆියුරි ගේ ස්වරුපය තියන LMD ගොඩක් ජනප්‍රිය යි.
සීසන් 3 අවසානය වෙද්දී Dr. Radcliffe ශිල්ඩ් ආයතනය එක්ක එකතු වෙලා ඉන්නේ. සීසන් 3 අවසානෙට දකින්න ලැබුණු විදිහට නම් LMD යථාර්තයක් බවට පත්වෙන්න වැඩි කාලයක් යන්නේ නැති වෙයි වගේ.
Good Old Villains
ශිල්ඩ් කතාවේ මුල ඉදන්ම ඒජන්ට් ග්‍රාන්ට් වෝර්ඩ් ආකර්ශනයක් දිනාගන්න සමත් වුනු චරිතයක් වුණා. එයාගේ ජනප්‍රියතාවය හින්දාම සීසන් 2 වලදී මිය ගිය වෝර්ඩ් හයිව් විදිහට සීසන් 3 වල දී ආපහු ගෙන්නුවා. හැබැයි මෙතනින් එහාට නම් අපිට වෝර්ඩ් ව දැක ගන්න පුළුවන් කමක් නෑ.
මෙතනින් එහාට කතාවේ ජිවය පවත්වාගෙන යන්න මේ වගේ ආකර්ශනිය චරිතයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ උනත් වෝර්ඩ් ගේ අඩු පාඩුව නම් අපිට දිගටම දැනෙන එක නම් වලක්වන්න බෑ.
Ghost Rider
සීසන් 4 එකේ දී අපිට මුණ ගැහෙන වැදගත්ම චරිතය වගේම මේ දක්වා ශිල්ඩ් එකට සම්බන්ධ වුණු කොමික් චරිත අතරින් වැදගත්ම චරිතය වෙන්නෙත් ගෝස්ට් රයිඩර්. හැමෝම මේ වෙද්දී දන්නවා ඇති ශිල්ඩ් කතාවට සමබන්ධ වෙන්නේ Johnny Blaze නෙවේ Robbie Reyes කියලා.
මේ දක්වා නිකුත් වුනු පුර්ව ප්රචාරක වලිනුත් ගොඩක් අයගේ අවධානය දිනා ගත්තෙත් මේ ගෝස්ට් රයිඩර් චරිතයම තමයි.
අපි මේ ගැන වෙනම ලිපියකින් කතා කරන්න හිතාගෙන ඉන්න හින්දා ගෝස්ට් රයිඩර් ගැන වැඩිය විස්තර කතා කරන්න අදහසක් නෑ. ඒත් ශිල්ඩ් කතාවට වෙනසක් අවශ්‍යම වේලාවක ගෝස්ට් රයිඩර් චරිතය එකතු කිරීම ගොඩක් සුභවාදී දෙයක් වෙයි කියන එක නම් හොදටම පැහැදිලියි.
අපි මේ කතා කෙරුවේ වැදගත් කාරණා කිහිපයක් විතරයි. මීට අමතරව ෆිට්ස් සහ සිමන්ස් දෙන්නා ගේ සම්බන්ධය, බොබී සහ හන්ටර් දෙන්නා ගේ නික්ම යාම, දැනට දිනයක් නියම කරලා නැති ඉන්හියුමන් ෆිල්ම් එකට ආරම්භයක් ගැනීම, සීසන් 4 අතර මැද දී තිර ගත වීමට නියමිත Dr Strange සහ The Guardians of the Galaxy Vol. 02 ෆිල්ම් දෙක ට දක්වන සම්බන්ධ කම වගේ ගොඩක් දේවල් සීසන් 4 එකේ දී අපිට බලාගන්න පුළුවන්. ඒ හින්දා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
#aTh
පට්ට මචන්,දිගටම දාමු.
ReplyDeleteElaa......
ReplyDelete