Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Ghost Rider

Ghost Rider
අවුරුදු 20000කට පෙර සිට පෘථිවියේ විසූ බ්ලඩ් නමැති මනුශ්‍යරූපී අමරණීය ජීවීන් විශේෂයක් මුල්ම පළිගැනීමේ ආත්මවල සහය පතනවා සරතෝස් නමැති ආත්ම සොරකම් කරන යක්ෂයෙක් සමග යුද්ධයට.. යුද්ධය ජයග්‍රහණය කරන්න බ්ලඩ්ලා පළිගැනීමේ ආත්ම එකතු වෙලා ළබා දුන් සාරය ඇතුළත්, බලයේ පදක්කම නමැති ගුප්ත මෙවලමක් නිර්මාණය කරනවා.. මේ පදක්කමට සරතෝස්ගෙත් කුඩා කොටසක් එකතු වෙනවා.. ඒ නිසා බ්ලඩ්ලා තීරණය කරනවා මේ පදක්කම කොටස්වලට කඩලා, පවුල් දෙකක ආධ්‍යාත්මික ලේවලට එකතු කලා.. 


ඒ අතරේ මෙෆිස්ටෝ සමග සටනකට එළඹෙනවා. මෙෆිස්ටෝ සරතෝස්ව රවට්ටලා තමන්ගේ යටතට අරගෙන මෙෆිස්ටෝගේ වහලෙක් කරගන්නවා..
18 වෙනි සියවසේදි පළවෙනිම ජීවත්වෙන පළිගැනීමේ ආත්මය එහෙම නැත්නම් පළවෙනි ගෝස්ට් රයිඩර් වෙන්නේ නෝබල් කේල්.. කේල් කියන්නේ බ්ලඩ් වර්ගයා බලයේ පදක්කමේ කොටසක් ලෙයට එකතු කරපු පරම්පරාවන් දෙකෙන් එකක්.. 

නෝබල් කේල්


නෝබල් මග්ඩලෙනා නමැති කාන්තාවක් සමග පෙමින් බැදෙනවා.. 
ඒත් පාදිලිවරයෙක් වෙච්ච නෝබල්ගේ දරුණු පියාට බයෙන් නෝබල් මේ ආදර කතාව රහසක් විදියට තියාගන්නවා.. නොබල්ට සහ මැග්ඩලෙනාට දරුවෙකුත් ලැබිලා ටික කාලෙකට පස්සේ, මැග්ඩලෙනා හොයාගන්නවා නෝබල්ගේ පියා පාදිලි කේල් මෙෆිස්ටෝගේ සේවකයෙක් කියලා.. තමන්ගේ රහස පවත්වා ගන්න ඕන නිසා පාදිලි කේල් මැග්ඩලෙනා මායාකාරියක් කියලා නම් කරලා ඇයව දර සෑයක පණපිටින් දවලා මරනවා.. මැරෙන්න මොහොතකට කලින් ඇඑ වෙනුවෙන් පළිගන්නා ලෙස ෆියුරි නම් පුරාණ ආත්මයන්ගෙන් ඉල්ලමින් පාදිලි කේල්ට ශාප කරනවා.. මේ පෞරාණික ආත්මයන් ඇවිත් විනාශකාරී කලබලයක් ඇති කරනවා.. 
නෝබල්ගේ ආත්මය ගෙවීමක් වශයෙන් ඉදිරිපත් කරලා, පාදිලි කේල් මෙෆිස්ටෝගෙන් උදව් ඉල්ලනවා මේ විනාශකාරී ආත්මයන්ගෙන් බේරෙන්න.. 
නෝබල්ගේ ලේවල තියෙන බලයේ පදක්කමේ කොටස් හදුනා ගන්න මෙෆිස්ටෝ වහාම ඒක ක්‍රියාත්මක කරලා නෝබල්ව ජීවමාන පළි ගැනීමේ ආත්මයක් නොහොත් ගෝස්ට් රයිඩර් බවට පරිවර්තනය කරනවා.. නෝබල් ෆියුරීස්ලාව පන්නනවා..
පාදිලි කේල් ගෝස්ට් රයිඩර්ට පූජාවක් විදියට නෝබල්ගේ පුතාව බිලි දෙනවා..
ඒකෙන් ඇති වෙච්ච කම්පනයට නෝබල් සියදිවි හානි කරගන්න උත්සාහ කරනවා. නෝබල්ගේ ආත්මයේ තමන්ට තියෙන අයිතිය පෙන්නමින් මෙෆිස්ටෝ එතනට ඇවිත් නෝබල්ගේ මරණය වළක්වනවා.. 
නෝබල්ගෙන් පසුව ඉපදෙන කේල් පවුලේ හැම අලුත් පරම්පරාවකම පළවෙනි දරුවාට ගෝස්ට් රයිඩර් වෙන්න ශාපයක් වදිනවා..

ජොනතන් 'ජොනී' බ්ලේස්


ජොනී බ්ලේස් තමයි අපි බොහොම දෙනෙක් හොදින්ම දන්න ගෝස්ට් රයිඩර්.. 
බාටන් බ්ලේස් සහ නයෝමි කේල්ගේ වැඩිමහල් පුතා තමයි ජොනී.. ඩැනියෙල් සහ බාබරා නමින් සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නවා.. ජොනීගේ මුල් කාලය ගෙවුණේ ක්වින්ටින් කානිවල් එකේ.. බාටන් සහ නයෝමි , ග්‍රේග් 'ක්‍රෑෂ්' සිම්ප්සන් එක්ක ක්වින්ටින් කානිවල් එකේ ස්ටන්ට් ෂෝ කරනවා.. ඒත් ජොනී පොඩි කාලෙම නයෝමි දැනියෙල් සහ බාබරා අරගෙන ජොනීව තාත්තා එක්ක දාලා යනවා.. නයෝමි මෙහෙම ජොනීව දාලා යන්නේ කේල් පවුලේ ශාපයේ හැටියට ඇය විදින ශාපයම ඇගේ පළමු දරුවාටත් විදින්න වෙන එක වළක්වන්න හිතාගෙන ජොනී අතහැර යන නයෝමි , ඩැනියෙල් සහ බාබරාව ෆ්‍රැන්සිස් කෙච් නමැති කාන්තාවකගේ භාරයේ තියලා යනවා..
ඊට ටික කාලයකට පස්සේ ක්‍රෑෂ් සහ මෝනා සිම්ප්සන් ජොනීව තමන්ගේ භාරයට අරන් හදාගන්නවා.. වයසින් වැඩෙනකොට තමන්ගේ අම්මා 'ක්ලාරා බ්ලේස්' මියගියා කියලා සිම්ප්සන්ලා හදපු කතාවක් තමන්ගේ ඇත්ත අතීතය කියලා හිතාගෙන ජොනී වැඩෙන්නේ..
සිම්ප්සන්ලාගේ දුව රොක්සෑන් සහ ජොනී අතර සම්බන්ධයක් ඇති වෙනවා.. 
නයෝමි ජොනී තරුණ කාලෙදි ආයෙත් එනවා ජොනීව හොරෙන් බලලා යන්න.. ජොනී තවමත් පවුලේ ශාපයට යටත් වෙයි කියලා බයෙන් ඇය ජොනීව ශාපයෙන් මුදවන්න් මෙෆිස්ටෝගෙන් ඉල්ලනවා.. ඒත් නයෝමිගේ අවසාන මොහොතෙදි ජොනී ඇත්ත ගෝස්ට් රයිඩර් නොවුනත් ජොනීට ගෝස්ට් රයිඩර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා කියනවා..
මේ කාලය අතරතුර ජොනී සිම්ප්සන්ලාගේ ස්ටන්ට් ශෝ එකක් වන ද ක්‍රෑශ් සිම්ප්සන් ස්ටන්ට් සයිකල් එක්ස්ට්‍රැවගැන්සා සමග රට වටේ යමින් හිටියේ.. ක්‍රෑශ් තාත්තා කෙනෙක් වගේ ජොනීට මෝටර් සයිකල් එකෙන් ස්ටන්ට් කරන්න ඉගැන්නුවේ තමාගෙන් පසුව මෝටර් සයිකල් ස්ටන්ට් තරුවක් කිරීමේ බලාපොරොත්තුවෙන්.. 
ඒත් ජොනීට වයස අවුරුදු 15දි භයානක ස්ටන්ට් එකක් පුහුණු වෙනකොට වෙච්ච අනතුරකින් ජොනී යන්තමින් නොමැරී බේරුණා වගේම, මෝනා මරණීය තුවාල ලැබුවා..
තමන්ගේ මරණාසන්න මොහොතේදි මෝනා ජොනී ලව්වා මෝටසයිකල් පදින එක නවත්තන්න ශපථ කරවගත්තා.. 
ඊළග අවුරුදු පහ ඇතුළත, ජොනී මෝනාගේ වචනය මත මෝටර් සයිකල් ධාවනය ප්‍රතික්ෂේප කල නිසා ජොනී නිවටයෙක් කියලා හිතන තරමට ක්‍රෑෂ් ජොනී කෙරෙහි කලකිරුණා.. 
ඒ නිසා ජොනී රාත්‍රී කාලයේදී ක්‍රෑෂ්ට වඩා හොදින් ධාවනය කරන්න හිතාගෙන නැවත ඵුණු වෙන්න ගත්තා.. 
මේ අතරේ ක්‍රෑෂ් තමන්ට වැළදිලා තියෙන පිළිකාව ගැන පවුලේ අයට කියනවා.. ක්‍රෑෂ් ජොනීගෙන් ආයෙත් ස්ටන්ට් ශෝ එක භාරගන්න කියලා ඉල්ලනවා.. ඒත් ජොනී ඒ පාරත් අකමැති වෙනවා.. 
ශෝ එක භාරගන්න අකමැති උනත්, ක්‍රෑෂ්ව බේරගන්න ජොනී ගුප්ත දේවල් හරහා ක්‍රෑෂ්ව බේරගන්න පුළුවන්ද කියලා හොයනවා.. එතකොට ජොනීට ලැබෙනවා සාතන්ව ගෙන්නන්න පුළුවන් මන්ත්‍රයක්.. ජොනී සාතන්ව කැදවනවා.. ඒත් ඒ එන්නේ මෙෆිස්ටෝ.. 
ජොනී මෙෆිස්ටෝගේ වහලෙක් වෙන්න පොරොන්දු වෙනවා මෙෆිස්ටෝ ක්‍රෑෂ්ගේ පිළිකාව සුව කලොත්.. මෙෆිස්ටෝ ක්‍රෑෂ්ගේ පිළිකාව සුව කරනවා.. 
ඒත් වැඩි කල් යාමට පෙර ක්‍රෑෂ් මෝටර් රථ 22 උඩින් මෝටර් සයිකලයෙන් පැන ලෝක වාර්ථාවක් තැබීමට කරන උත්සාහයේදී මිය යනවා..
ක්‍රෑෂ්ගේ මතකයන් වෙනුවෙන් ජොනී මෝටර් රථ 22 උඩින් පිම්ම පැනලා ලෝක වාර්ථාව පිහිටුවනවා.. 
මෙෆිස්ටෝ ක්‍රෑෂ්ගේ පිළිකාව සුව කිරීම වෙනුවෙන් ජොනී කැපකරපු ජොනීගේ ආත්මය ලබාගන්න එනවා.. ඒත් රොක්සෑන් ජොනීගේ පොත්වලින් හොයාගත්ත පළවා හැරීමේ මන්ත්‍රයකින් මෙෆිස්ටෝව එළවනවා.. 
මෙෆිස්ටෝ පළා යන්න පෙර, ජොනීගේ ශරීරයට මෙෆිස්ටෝ අවුරුදු දහස් ගණනකට කලින් යටත් කරගත්ත සරතෝස්ගේ ජීවයේ කොටසක් ඇතුළ් කරනවා.. 
සරතෝස් වහලෙක් විදියට උනත් බලවත් නිසා, මෙෆිස්ටෝ සියවස් ගණනක් පුරාවට සරතෝස්ව මිනිස් ශරීරවල හිර කරලා තැබීමෙන් විනෝද උනා.. ඒත් ජොනීගේ ලේවල තියෙන තමන්ගෙම සාරය සහ බලයේ පදක්කමේ කොටස හේතුවෙන් සරතෝස් ජොනීගේ ශරීරය එක්ක බද්ධ උනාම බිහි වුන සංයුක්ත භූතාත්මය ගෝස්ට් රයිඩර් බවට පත් උනා..


ගෝස්ට් රයිඩර් ස්වරූපයට සිතන සැනෙන් පරිවර්තනය වීමේ හැකියාව
මේ ස්වරූපයේදී,
සුපිරි ශක්තිය 
සුපිරි දරාගැනීමේ හැකියාව 
ත්වරණයෙන් සිදුවන ප්‍රතිජනන සුවවීමේ හැකියාව..
හෙල්ෆයර් නමින් හැදින්වෙන ගුප්ත ගින්දර පාලනය කිරීමේ හැකියාව.. 
ගුප්ත දම්වැල් ප්‍රක්ෂේපණය(ගෝස්ට් රයිඩර්ගේ මුවෙන් හෝ පපුවෙන් ක්ෂණිකව නිකුත් කල හැකි මේ දම්වැල් ඕනෑම දෙයක් හරහා යන අතර, ඕනෑම දිගකට විහිදුවිය හැකියි.. එමෙන්ම මේ දම්වැල් විවිධ ආයුධ ලෙස වෙනස් කරගැනීමටත් පුළුවන්..) 
පෙනන්ස් ස්ටෙයර්(ගෝස්ට් රයිඩර්ට තවත් කෙනෙකුගේ දෑස් දෙස සෘජුව බලා ඔහු හෝ ඇය ජීවිත කාලය පුරා අනෙක් අයට දුන් වේදනාවන් සියල්ල ඔහු හෝ ඇය වෙත එකවර දැනීමට සැලැස්වීමට ඇති හැකියාව )
ශරීර ප්‍රමාණය විශාල කරගැනීමේ හැකියාවන් ඇත..


ඩැනියෙල් 'ඩැනී' කෙච්


ඩැනීට සහ බාබරාට තමන්ගේ තාත්තාව මතක තිබ්බේ නෑ.. ඔවුන්ගේ මව කෙච් මහත්මිය බව විතරයි ඔවුන්ට මතක තිබුණේ.. බාබරාගේ 10වෙනි උපන්දිනය දවසේ නන්නාදුනන කාන්තාවක් ඔවුන් දෙස බලන් ඉන්නවා ඩැනී දකිනවා.. ඒ කාන්තාව නයෝමි කේල්.. කෙච් පවුලේ මිත්‍රයෙක් වෙන පොලිස් නිලධාරියෙක්ට ඇය ගැන සැක සිතී ඇයට එතනින් පිටව යන ලෙස පවසනවා.. මේ පොලිස් නිලධාරියාගේ දුව වන ස්ටේසි සහ ඩැනී අතර ආදර සබදතාවක් තියෙනවා..

දවසක් බාබරා සහ ඩැනී, හැරී හවුඩිනීගේ සොහොන්කොත සොයමින් ඉන්න අතරේ කල්ලි දෙකක වෙඩි තබා ගැනීමකට මැදි වෙනවා.. 
තමන්ගේ සහෝදරියවත් අරගෙන යන අතරේ ඔහුගේ මෝටර් සයිකලේ තිබ්බ එතරම් නුපුරුදු පදක්කමක් ඔහුට කතා කරන බවක් ඩැනීට හැගෙනවා.. ඩැනී ඒ පදක්කම අල්ලපු ගමන් ගෝස්ට් රයිඩර් බවට පත් වෙනවා.. ඔහු කල්ලි දෙකෙන් පළි අරගත්තට පස්සේ බාබරාව රෝහලට ගෙන යනවා.. 
ඒත් තමන්ගේ මුහුණ පිළිස්සීමට ගෝස්ට් රයිඩර්ගෙන් පළි ගන්න බ්ලැක් අවුට් බාබරාව මරණවා.. 
පසු කාලීනව ෆැන්ටෑස්ටික් ෆෝර් කණ්ඩායමේ අභිරහස් අතුරුදහන් වීමත් සමග වුල්වරීන්, හල්ක් සහ ස්පයිඩර් මෑන් සමග ඩැනී එකතු වෙලා ස්කෘල්ලාගේ සැලැස්ම ව්‍යවාර්ත කරලා, ෆැන්ටෑස්ටික් ෆෝර් කණ්ඩායම නැවත බේරාගන්න තුරු ෆැන්ටෑස්ටික් ෆෝර් කණ්ඩායම විදියට ක්‍රියාත්මක වෙනවා.. 
මේ අළුත් ගෝස්ට් රයිඩර් දකින ජොනී බ්ලේස් හිතන්නේ සරතෝස් නැවත ක්‍රියාත්මක වෙලා කියලා.. ඒ පිළිබද සොයා බලනකොට බ්ලේස් සොයාගන්නවා මේ ඔහුගේ සහෝදරයා කියලා..


ඔහුගේ සහෝදරයාට සමාන බලයන් ඩැනීට ඇත..
එමෙන්ම ඩැනීගේ මෝටර් සයිකලයේ ගෑස් කප් එක ලෙස ඇති පදක්කම ඇල්ලීමෙන්ද ඩැනීට ගෝස්ට් රයිඩර් ස්වරූපයට පත්වීමට හැකියාව ඇත..

රොබර්ටෝ 'රොබී' රීයස්


රොබී රීයස් කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්වල කාර්මික ශිල්පියෙක් වශයෙන් රැකියාවේ යෙදෙන තරුණයෙක්.. රොබීගේ දෙපා පණ නැති සහෝදරයා ගේබ් සහ රොබී ජීවත් උන පරිසරය මැර කල්ලිවල පාලනය යටතේ තිබ්බේ.. ආරක්ෂිත බව අඩු නිසා තමන්ගේ මල්ලි එක්ක වෙන තැනකට යන්න, ඩොලර් 50,000ක් හොයාගන්න රොබී නීතියෙන් තහනම් ස්ට්‍රීට් රේස්වලට ඉදිරිපත් වෙනවා.. 
රොබී නොදැන සිටියත්, ඔහුගේ මෝටර් රථයට අරක් ගත් හොල්මනක් හිටියා..
දවසක් රොබී පොලීසිය කියලා හිතපු මෝටර් රථයක් රොබීගේ මෝටර් රථය ලුහු බදින්න පටන් ගත්තා.. තමා නැතුව ගේබ්ට කුමක් වේදැයි සිතා රොබී ඔවුන්ගෙන් පළා යන්න උත්සාහ කලා.. නමුත් අවධානයෙන් තොර වීම නිසා ඔහුගේ මාර්ගය අවසන් උනා.. 
පොලීසියේ අයට හේතු පැහැදිළි කරලා බේරෙන්න උත්සාහ කරනවා කියල හිතාගෙන රොබී මෝටර් රථයෙන් එළියට බැස්සත් ඒ පැමිණ්න්නේ පොලීසිය නෙමෙයි.. ඔවුන් සාහසික ලෙස රොබීට වෙඩි තබා ඝාතනය කරනවා.. 
රොබීගේ මෝටර් රථයේ හංගලා තිබ්බ දෙයක් අරගෙන රොබීගේ ශරීරය ඇතුළු සාක්ෂි ගිනි තියනවා..
ඔවුන් එතැනින් පිටවෙන විගසම රොබීව අලුත් ගෝස්ට් රයිඩර් බවට පත් කරමින්, මෝටර් රථයේ හිටපු හොල්මන රොබීගේ ශරීරයට ආවේශ වෙනවා.. 
ගෝස්ට් රයිඩර් රොබීට පහර දුන් අය පසුපස හඹා ගිහින් ඔවුන් අල්ලාගන්නවා.. නමුත් ඔවුන්ගෙන් කිහිපදෙනෙක් එතනින් පළා යන්න සමත් වෙනවා.. 
පසුදින අවදිවෙන රොබීට පෙරදින රාත්‍රියේ වූ සිදු වීම් නරක සිහිනයක් වගෙයි මතක.. තමන්ගේ වැඩපළට යන රොබී මෝටර් රථය තවත් රේස් එකකට යන්න එළියට ගන්නකොට මෝටර් රථයේ ඇත්ත හිමිකරුගේ මැරයන් දෙදෙනෙක්ට මුහුණදෙන්න වෙනවා.. නැවත වරක් ගෝස්ට් රයිඩර් බවට පත්වෙලා ඔවුන්ට පහර දෙනවා..


රොබීව ගෝස්ට් රයිඩර් බවට පත් කරන හොල්මන තමන්ව ඊලායි ලෙස හදුන්වා දෙනවා.. 
මේ අළුත් ගෝස්ට් රයිඩර්ගේ ප්‍රසිද්ධිය නිසා ජොනී බ්ලේස්ටත් මේ ගැන අහන්න ලැබෙනවා.. ජොනී ලොස් ඇන්ජලීස්වලට එනවා අළුත් ගෝස්ට් රයිඩර් හොයාගෙන.. ඒ මැදිහත් වීමෙදි ඊලායිගේ බලපෑම නිසා ඔහු අතින් අහම්බෙන් ස්ට්‍රීට් රේසර් කෙනෙක් මිය යනවා.. ඊලායි රොබීගේ ශරීරයේ සම්පූර්ණ පාලනය අරගෙන එතනින් පළා යනවා.. 
පසුව, ඊලායි පළිගැනීමේ ආත්මයක් නොව, රොබී සහ ගේබ් ඔවුන් සිටින නිවසේ ඔවුන්ට පෙර පදිංචි වී සිටි, 1999දී පොලීසියේ මරණීය වෙඩි පහරක් හේතුවෙන් මිය ගිය, ආගමික වතාවත්වලදී මිනිසුන් 37දෙනෙකුට වඩා කපා කොටා ඝාතනය කල ඉතා දරුණු මිනීමරුවෙක් බව සොයාගැනෙනවා.. 
ජොනී ඔහුගේ පෙනන්ස් ස්ටෙයර් එක මගින් ඊලායි යටත් කරගත් පසු, ජොනී රොබීට අවවාද කරනවා ඊලායිට නැවත පාලනය ගැනීමට ඉඩ නොදෙන ලෙස..

පෙනන්ස් ස්ටෙයර් එක හැර අනික් ගෝස්ට් රයිඩර්ලාට සමාන බලයන් රොබී රීයස් ගෝස්ට් රයිඩර්ට තියෙනවා..
මෝටර් රථය ඇතුළේදී හෝ ආසන්නයේදී තමාගේ අනුපිටපත්(ඩුප්ලිකේට්) සෑදීමේ හැකියාවක් ඔහුට තියෙනවා..

අනික් බොහොමයක් ගෝස්ට් රයිඩර්ලා මෝටර් සයිකල් ධාවනය කලත්, රොබී ධාවනය කරන්නේ හෙල් චාජර් නමින් හදුන්වන 1969 ඩොජ් චාජර් මෝටර් රථයක්.. හෙල් සයිකල් වගේම හෙල් චාජර් එකත් ක්ෂණිකව ස්වයං අළුත්වැඩියාවක් සිද්ධවෙනවා.. හෙල්ෆයර් ප්‍රතිරූපයත්, ඝන ද්‍රව්‍ය හරහා ගමන් කිරීමේ හැකියාවත් හෙල් චාජර් එකට තියෙනවා..




2 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න