Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Luke Cage

Luke Cage

මේ දවස් වල ආපහු ටීවි සීරිස් එන්න පටන් ගෙන තියෙන්නේ. ඒ අතර හැමෝගෙම අවධානය දිනා ගන්න සමත් වුනු එකක් තමයි නෙට්ෆ්ලික්ස් නාලිකාව ඔස්සේ මේ මාසයේ 30 වෙනිදා විකාශය වීමට නියමිත Luke Cage කතාව. අපිට මේ වෙද්දී මෙයාව ජෙසිකා ජෝන්ස් කතාව හරහා මුණ ගැහිලා තියන හින්දා අපේ යාළුවන් ට පොඩි අදහසක් ඇති කියලා හිතනවා. ඒ හින්දා ටීවී සීරිස් එකේ දී අපිට මුණ ගැහෙන චරිතය ගැන අපි කතා කරන එක පොඩ්ඩක් අමතක කරලා කොමික් වල දී අපිට මුණ ගැහෙන චරිතේ ගැන තමයි කතා කරන්න හදන්නේ. 
Carl Lucas එහෙමත් නැතිනම් පස්සේ කාලේක හැමෝම දන්න Luke Cage විදිහට නම මාරු කරපු Luke ඉපදුනේ නිව් යෝර්ක් වල Harlem වල. පුංචි කාලේ ඉදන්ම නිව් යෝර්ක් වල විදී වල සෙල්ලම් කරපු Luke දන්නෙම නැතුව නරක ආශ්‍රයට වැටුනා.  මේ හින්දාම එයාට නොකළ වරදකට සිර දඩුවම් විදින්නත් සිද්ද උනා.

සිරගත වෙලා ඉන්න කොට තමයි එයාට අසාමාන්‍ය හැකියාවන් හම්බෙන්නේ. ඒ රහසිගතව රැඳවියන් යොදාගෙන කරන සුපිරි සොල්දාදුවන් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියකට Luke ව යොදා ගත්තු හින්දා. මෙතන දී වෙන අනතුරක් හින්දා  Luke ගේ සිරුරේ සෛල ඝන වීමක් වෙනවා.  ඒ ඝන වීමෙන් තමයි එයාට මේ විශේෂ හැකියාව ලැබෙන්නේ.
ඊට පස්සේ තමයි Luke Cage, Power Man විදිහට ප්‍රසිද්ධ වෙන්නේ. ඇත්තම කියනවා නම් Power Man කියන නමට ත් වඩා Luke Cage කියලාම ගොඩක් අය හදුන්වනවා. මොකද ගොඩක් සුපිරි වීරයෝ වගේ නෙවේ, Luke Cage ට රහසිගත අනන්‍යතාවයක් නෑ. කහපාට ටී ෂර්ට් එකයි ඒක  උඩින් අදින ලෙදර් ජැකට් එකයි තමා මෙයාගේ ඇඳුම උනේ. පොඩි කාලයේ ඉදන්ම විදි වල ගැවසිලා පුරුදු හින්දා මෙයා සුපිරි වීරයෙක් විදිහටත් කෙරුවේ නිව්යෝර්ක් නගරයේ විදි වල වැඩ පටන් ගත්ත එක. ඒ කියන්නේ එයා ඉල්ලන ගාණ ගෙවන්න සුදානම් Luke Cage ලෑස්තියි ඕන දෙයක් කරලා දෙන්න. පස්සේ කාලේක Heroes for Hire කියන කණ්ඩායම හැදෙන්නත් හේතු උනේ Luke Cage ගේ මේ වැඩ පිළිවෙල.
සාමාන්‍ය මිනිසුන් අතරේම ඉදන් කටයුතු කරන හින්දා ගොඩක් වෙලාවට Daredevil, Spider-Man, Misty Knight, Iron Fist වගේ කට්ටියත් එක්ක Luke Cage නිතරම කටයුතු කළා.

Luke ගේ හොඳම යාලුවා උනේ Iron Fist. මේ හින්දාම Luke ගේ නමත් එක්කම Iron Fist ගේ නමත් නිතරම කියවෙනවා වගේම මේ දෙන්නා එකම කණ්ඩායමක වැඩ කරපු අවස්ථා තමයි ගොඩක් තියෙන්නේ. ඒ අතරින් Defenders විශේෂ තැනක් ගන්නවා. කළු ජාතියකයෙක් වන Luke මාවල් යුනිවර්ස් එකේ ඉන්න ප්‍රධාන කළු ජාතික සුපිරි වීරයන්ගෙන් කෙනෙකුත් වෙනවා. වෝර් මැෂින් ගේ අවමංගල උත්සවය අවස්ථාවේ මුල් තැන අරගෙන කටයුතු කරපු කළු ජාතික සුපිරි වීරයන් අතරින් කෙනෙක් තමයි Luke කියන්නෙත්.


Luke ගේ ජිවිතේ  වැදගත්ම සංධිස්ථානයක් තමයි එයාට ජෙසිකා ජෝන්ස් ව මුණ ගැහීම. පර්පල් මෑන් ගේ බලපෑම හින්දා අසරණ වෙලා හිටිය ජෙසිකා ව යතා තත්ත්වයට එන්න උදව් කෙරුවේ Luke. මේ සම්බන්ධය පස්සේ කාලේක ආදරයක් බවට හැරුනා වගේම කොමික් වල දකින්න ලැබෙන අසාමාන්‍ය විදිහේ ආදරයක් මේ දෙන්නා අතරේ තියනවා. මේ දෙන්නාගේ විවාහ ජිවිතේ ගොඩක් සාර්ථක වගේම Danielle Cage කියලා දුවෙකුත් ඉන්නවා. විවාහය සාර්ථක වෙන්න හේතුව නම් ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මොකද ලෝකයටම බය නැති විදිහට හිටියත් Luke ගෙදරදී සද්දයක් නැතුව ඉන්නේ.

දැනට අපිට Luke ගැන කියවන්න පුළුවන් වෙන්නේ All New All Different Marvel යටතේ නිකුත් වෙන Power Man and Iron Fist කියන කොමික් කතා මාලාවෙන්. කාලයක් ඈත්වෙලා හිටිය මේ දෙන්නා ආයෙමත් එකට වැඩ කරද්දී මුහුණ දෙන්න වෙන සිදුවීම් තමයි අපිට මේකේ දී කියවන්න පුළුවන් වෙන්නේ.


Luke ගේ තියන ප්‍රධානම විශේෂත්වය තමයි එයාගේ සම ලේසියෙන් කෙනෙක් ට හානි කරන්න බෑ. ටයිටේනියම් ලෝහය දක්වන ප්‍රතිරෝධ තාවයට සමාන ප්‍රතිරෝධයක් එයාගේ සමට දරාගන්න පුළුවන්. ඒ හින්දා ආයුධයකින් හානි කරන්න බෑ වගේම වෙඩි උණ්ඩයකින් මෙයාට හානියක් කරන්න අමාරුයි. හැබයි මේ හින්දාම එයාට අවාසි දායක දේවලුත් වෙනවා. ඒ තමයි හදිසි ශෛල්‍ය කර්මයක් හරි එන්නත් කිරීමක් හරි කරන්න සිද්ධ වෙන අවස්ථාවක ගොඩක් මහන්සියක් දරන්න වෙන එක. සාමානයෙන් නම් කරන්නේ අධි බල ලේසර් කිරණයක් යොදා ගන්න එක. ඒත් හදිසි අවස්ථාවක දී මේ වැඩේ කරන්න විදිහක් නෑ.


මීට අමතරව Luke ට සාමාන්‍ය මනුෂ්‍යයෙක් අභිබවා ගියපු ශක්තියක්, දාරගැනිමේ හැකියාවක් වගේම සැලකිය යුතු මට්ටමක වේගයකුත් තියනවා. මෙතන දී අපි මතක තියා ගන්න ඕනේ සුපිරි වීරයෙක් වෙන්න කලින් ඉදන්ම Luke කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්. එයාගේ හැකියාවන් වැඩි දියුණු උණා සුපිරි සොල්දාදුවන් නිර්මාණය කිරීමේ පරීක්ෂාව හින්දා.

මේ තොරතුරු වලින් ගොඩක් දේවල් අපිට විකාශය වෙන්න නියමිත Luke Cage කතාවෙන් බලාගන්න පුලුවන් කමක් ලැබෙයි. කතාව විකාශය උනාට පස්සේ දවසක අපි ආයෙම දවසක මේ ගැන කතා කරමු.

#aTh



1 comment:

  1. ටීවී සීරියස් ඒකේ කතාව මීට ටිකක් වෙනස්...

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න