Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Before You Watch Arrow Season 5

Before You Watch Arrow Season 5

ටීවී සීරිස් සමය ආපහු එන්න පටන් ගත්තත් එකක්ම අපි කැමති ආස කරන ටීවී සීරීස් ගැන කතා බහ ඇතිවෙලා තියනවා මේ දවස් වල. ඉතින් අපි හිතුවා මේ අතරින් පරණම ටීවී සිරිස් එකට ආපහු යන්න. ඒ තමයි ඇරෝ කතා මාලාව. ඔක්තෝබර් මාසේ 5 වෙනිදා ඇරෝ සීසන් 5 නිකුත් වෙන්න නියමිත හින්දා අපි හිතුවා ඒකට කලින් පොඩ්ඩක් කතා කලොත් හොදයි කියලා.


හැබයි අපිට මුලින්ම ඇරෝ සීසන් 4 ගැන කතා කරලා ඉන්න වෙනවා. අපේ ඇරෝ රිවිව් එක්ක හිටිය කට්ටියට මතක ඇති අපි අවසාන කොටස් දෙකේ රිවිව් එක ඔයාලට ගෙනාවේ නෑ කියලා. ඇත්තටම ඒකට බලපාපු ප්‍රධානම කාරණය තමයි ඇරෝ කතාවට ලොකුම විනාශයක් කරපු සීසන් 4 වල අවසාන කොටස් බලද්දී ඇති උනේ ලොකුම ලොකු කලකිරීමක් විතරක් හින්දා. ගොඩක් කොමික් රසිකයෝ (අපේ ගොඩක් ඇඩ්මින් වරු ඇතුලත්ව) ඇරෝ කතාවේ අඩු පාඩු ගැන කතා කරන කොට ඇරෝ කතාවට පක්ෂව කතා කරපු මට ත් අවසාන කොටස් කිහිපය බලද්දී ඇරෝ කතාව ගැන ආසාව නැත්තටම නැති උණා.


අනිත් සියලුම සීසන් වලට වඩා බලාපොරොත්තු ඇතිව පටන් ගත්ත ඇරෝ සීසන් 4 අවසානේ දී කොමික් වල අපි දකින ඇරෝ චරිතය මුළු මනින්ම විනාශ කිරීමක් විතරයි තිබ්බේ. කතාවේ පොඩ්ඩක් හරි සාර්ථක උනේ ඩේමියන් ඩාර්ක් ගේ රඟපෑම. ඒක පැත්තක තිබ්බම අපි දැක්කේ කොමික් වල දකින අපි ආස කරන ඇරෝ චරිතය වෙනුවට වෙනස් දෙයක්. ගොඩක් අයගේ අදහස උනේ මේක ඇරෝ කියලා නම් කරන්නේ නැතිව ෆෙලිසිටි සහ ඇගේ ආරක්ෂකයෝ වගේ නමක් දැම්මා නම් හොදයි කියලා. මොකද අවසාන කොටස් වල ග්‍රීන් ඇරෝ කරපු කිසිම දෙයක් නෑ. සේරම ෆෙලිසිටි ගේ හැකියාවන් විතරයි තිබ්බේ. ඒ අතර උනත් කිසිම හැඟීමක් නැතිව දස දහස් ගණනක් මිනිස්සු විනාශ කිරීම, තමන් ඉන්න නගරය ට එන න්‍යෂ්ටික මිසයිලය හැක් කරලා නතර කිරීම වගේ දකුණු ඉන්දීය සිනමාවේ අපි ට දකින්න ලැබෙන දේවල් වලටත් වඩා බොලඳ සිදුවීම් හින්දා ඇරෝ කතාවේ ජනප්‍රියතාවය හොදටම අඩු උනා. ඒ වගේම ඇත්ත කොමික් වලට තිබ්බ එකම සම්බන්ධය වුනු බ්ලැක් කැනරි ගේ මරණය එක්ක කොමික් කියවන කට්ටිය ගොඩක් ඇරෝ කතාව විවේචනය කෙරුවා. ඒකට හොඳම උදාහරනයක් තමයි ඇරෝ කතාව වෙනුවෙන් නිර්මාණය වුනු subreddit එක ඇරෝ සීසන් ෆිනාලේ වලින් පස්සේ ඩෙයාඩෙවිල් කතාව ගැන කතා කරන්න වෙන් කරපු එක.


මේ සියලුම කාරනා හින්දා අපි හිතුවේ මේ පාර ඇරෝ කතාව ගැන ලියන්නේ නැතිව ඉන්න. හැබයි සීසන් 5 ට්‍රේලර් දැක්කට පස්සේ ඒ අදහස පොඩ්ඩක් විතර වෙනස් උණා. මොකද කලින් සීසන් වල දී අපි දැකපු නැති ග්‍රීන් ඇරෝ කියන චරිතයේ ක්‍රියාශීලිත්වය, මෙටා හියුමන් කෙනෙක් විදිහට පවා සැක කරන අසාමන්‍ය හැකියාවන් වලට පොඩි හරි සාධාරණතත්වයක් ඉෂ්ට කරන්න සීසන් 5 දී උත්සාහ කරලා තියනවා කියන දේ පේන්න තියනවා. ඒ හින්දා අපි හිතුවා පුරුදු විදිහටම සීසන් 5 ගැනත් සතිපතා කතා කරන්න. අඩු ගානේ සීසන් 4 වලදී කෙරුවා වගේ විනාශයක් කරන්න යන්නේ කියන හැඟීම ඇතිවෙන කල් වත්.
පසුගිය වාරයේ අඩුපාඩු ගැන කතා කෙරුවා ඇති දැන්. අපි බලමු මේ සීසන් එකේ දී අපිට දකින්න ලැබෙන දේවල් මොනවාද කියලා.

Awesome Trailers
ඇරෝ සීසන් 5 ගැන නැවත බලාපොරොත්තු ඇති කරගන්න පුළුවන් වුනු වැදගත්ම කරුණ තමයි පහුගිය දවස් ටිකේ නිකුත් වුනු ට්‍රේලර්ස්. ඇත්තටම ඒ සේරම ක්‍රියාශීලි බවෙන් පිරිලා තිබ්බේ. ඒ වගේම ටිකක් අඳුරු තේමාවක් තිබ්බා. කලින් සීසන් වල දී ප්‍රේක්ෂකයන්ගේ දෝෂ දර්ශනයට හේතු වුනු ඔලිසිටි වගේ දේවල් අමතක කරලා දාලම වගේ තමයි තිබ්බේ. ඒ හින්දා මේ ට්‍රේලර් බැලුවට පස්සේ ගොඩක් අය ආපහු ඇරෝ ගැන සුභවාදීව බලන්න පටන් අරන් තියන්නේ.
බලපු නැති අය ඉන්නවා නම් ඒ දෙක බලල ඉන්න එක ගොඩක් වටිනවා.



ඊට අමතරව සීසන් 5 වෙනුවෙන් නිකුත් කරපු පෝස්ටර් එකත් ගොඩක් අයගේ කතා බහට ලක් වුණා.


Where were we at the end of season 4?
ඇරෝ සීසන් 4 ඉවර වෙද්දී අපි නතර උනේ කොතනින් ද කියලා මතක ද?
සීසන් 4 ඉවර වෙද්දී ටීම් ඇරෝ එකෙන් ඉතුරු වෙලා හිටියේ ඔලිවර් සහ ෆෙලිසිටි විතරයි. ඩිගල්ස් කණ්ඩායමෙන් තාවකාලිකව ඉවත් වෙන්න තීරණය කෙරුවා. තියා විවේකයක් ගන්න තීරණය කළා. එක අතකින් ඩේමියන් වගේ කෙනෙක් ඉවත් කෙරුවට පස්සේ එහෙම දෙයක් වෙන එක ස්වභාවිකයි.

සීසන් 4 එකේ බලපෑම මත තමයි සීසන් 5 කතාව දිග හැරෙන්නේ. මේ වෙද්දී ඔලිවර් ස්ටාර් සිටි වල නගරාධිපති වෙලා ඉන්නේ. එතකොට එයාට ආකාර දෙකකින් නගරය ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම බ්ලැක් කැනරි ගේ මරණය නිසා ඇතිවුණු කම්පනයෙන් මිදෙන්න ඔලිවර් ට තවම පුළුවන් කමක් නෑ. ඒ වගේම සීසන් 4 වල ඩේමියන් ට එරෙහිව සාමන්‍ය ජනතාව නැගී සිටීමත් එක්ක ඇති වුනු දෙයක් තමයි ස්ටාර් සිටි වල අලුතෙන් කණ්ඩායම් නිතිය තමන්ගේ අතට ගන්න උත්සාහ කරන එක. ඇරෝ සීසන් 5 වල විලන් වෙන්නේ මේ ඇතිවන කණ්ඩායම්.

New bad boys in Star City
අපිට ඇරෝ සීසන් 5 වල දී දකින්න පුළුවන් කාලයක් ඉදන් ස්ටාර් සිටි වල ක්‍රියාත්මක වුනු කණ්ඩායම් කිහිපයක්ම. ඒ අතරේ රුසියන් Bratva, Triad, Los Halcones වගේ කණ්ඩායම් ගොඩක් කැපිලා පේන්න ඉඩ තියනවා කියලා තමයි දැනට ලැබිලා තියන ආරංචි අනුව කියන්න පුළුවන් වෙන්නේ.
හැබයි මේ සේරම අතරින් වැදගත් වෙන්නේ සීසන් 5 වල දී ප්‍රධාන දුෂ්ටයා විදිහට ඉන්න ඩාර්ක් ආර්චර් කෙනෙක් වෙන Prometheus ව.


DC කොමික් වලට අනුව නම් Prometheus කියන්නේ ග්‍රීන් ඇරෝ ගේ විලන් කෙනෙක්. හැබැයි අපිට ටීවී සිරිස් එකේ දී දකින්න පුළුවන් වෙන්නේ කොමික් වල ඉන්න කෙනාට වඩා ටිකක් වෙනස් කෙනෙක්. මෙයා සීසන් 1 වල ට පවා සම්බන්ධයක් තියනවා කියලා යි කියන්නේ. කලින් වතාවේ ඩේමියන් ට තිබුනා වගේ අසාමාන්‍ය බලයක් ගැන දැනට සඳහනක් නැති උණත් දරුණුම විලන් කෙනෙක් වෙනවා කියලා දැනටමත් ඉඟි හම්බෙලා තියෙන්නේ.


Team Arrow 2.0
අලුත් අභියෝග වලට මුහුණ දෙන්න පරණ කණ්ඩායම නැති වෙද්දී අලුතෙන් කට්ටිය බඳවා ගන්න ඕනේ. ඒ හින්දා තමයි අපිට ග්‍රීන් ඇරෝ ගේ සහයට අලුත් කණ්ඩායමක් දකින්න පුළුවන් වෙන්නේ. මේ කණ්ඩායමේ ඉන්නවා කලින් ඉදන්ම ඉන්න කර්ටිස්, සීසන් 4 වලදී අපිට මුණගැහුණු  Evelyn Sharp සහ සීසන් 5 වලට අලුතෙන් එකතු වෙන Wild dog ඉන්නවා. හැබැයි මේකෙන් අදහස් වෙන්නේ නෑ පරණ කණ්ඩායම ආයේ දකින්න ලැබෙන්නේ නෑ කියන එක. සීසන් එක අතර මැද දී ඒ අයත් දැක ගන්න පුළුවන් අපිට.


Arrow 100th Episode
පරණ කට්ටිය ගැන කතා කරන කොට අමතක කරන්නම බැරි දෙයක් තියනවා. ඒ තමයි මේ සීසන් එකේ 8 වෙනි කොටස තමයි ඇරෝ කතාවේ 100 වෙනි කොටස වෙන්නේ. ඒ වෙනුවෙන් විශේෂ දෙයක් ඇරෝ නිෂ්පාදක වරු සුදානම් කරලා තියනවා. ඒ තමයි කලින් කොටස් වල සහ සමගාමී කතා වල ඉන්න චරිත ඇරෝ කතාවට පැමිණීම. ඒ අතරේ සීසන් 2 වල හිටිය අපි හැමෝම ආදරේ කරන Deathstroke ගේ පැමිණීම විශේෂයි.


මේ සේරම දේවල් එක්ක ඇරෝ සීසන් 5 කියන්නේ යම් තාක් දුරකට බලාපොරොත්තු තියා ගන්න පුළුවන් සීසන් එකක් වගේ. ඒ හින්දා වැඩිය ඉක්මන් වෙන්නේ නැතිව සීසන් 5 හරහා ඇරෝ කතාව අපිට ගේන්නේ මොනවාද කියලා ඉවසිල්ලෙන් බලාගෙන ඉමු. කලින් වතාවල් වල කෙරුවා වගේ එක් එක් කොටසට වෙන වෙනම රිවිව් එකක් ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඇරෝ සීසන් 5 පලවෙනි කොටසින් හම්බෙමු.

#aTh




1 comment:

  1. Niyamai saho. Oyala karana me kepakirimata bohoma sthuthi. Bratva gena lipiyak danna please

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න