Arrow S05E01 - Legacy
Spoilers - Read at you own risk
Spoilers - Read at you own risk
ඇරෝ කතා මාලාවේ 5 වෙනි සීසන් එකේ පලවෙනි එපිසෝඩ් එක ගැන කතා කරන්න හදන්නේ. කලින් වතාවේ සීසන් 4 වල ආරම්භක කොටස මතක නම් එකේ තිබ්බා දවස් ගානක් කතා කරන්න, මොකද උනේ කියලා හිතා ගන්න බැරි වෙන්න. හැබයි සීසන් 5 පලවෙනි කතාවේ අපිට ඒ වගේ අති විශේෂ දේවල් දකින්න හම්බුනේ නෑ. ඒකෙන් අදහස් වෙන්නේ නෑ මේ කොටස නරකයි. ඇත්තම කියනවා නම් සෑහෙන දුරකට සාර්ථක වුනු කොටසක් කියන්න පුළුවන්. සීසන් 4 වල දී ඇරෝ කතාව ට අමුතුම ජීවයක් ලබා දීලා ඒක සීසන් එක ඉවර වෙනකල් අරගෙන යන්න බැරි වීම තුලින් නැති කරගත්ත ප්‍රේක්ෂකයෝ ප්‍රමාණය එක්ක බලද්දී සාමාන්‍ය විදිහට කතාව පටන් ගෙන හෙමින් ගමනක් යන්න වගේ මේ පාර ඇරෝ කතාවේ දී අපිට දකින්න පුළුවන් වෙන්නේ.
මේ සතියේ කොටසේ නම Legacy. පහුගිය දවස් වල DC Rebirth එක කියවන්න පටන් ගත්ත අයට මේක ටිකක් සමීප විදිහට දැනෙයි. මොකද Rebirth ඉවෙන්ට් එකේ දී අමතක කරලා දාපු චරිත වල උරුමයන් ගැන අවධානය යොමු කෙරුවා වගේම මේ සතියේ ඇරෝ වලිනුත් බ්ලැක් කැනරි සහ ටීම් ඇරෝ වල ඊලඟ පරම්පරාව ගැන කතා කරන්න පටන් ගන්න යන්නේ.
Where are we now?
අපි සීසන් 5 වලට ආරම්භයක් විදිහට කතා කරපු ලිපියේ දී වර්තමාන තත්ත්වය ගැන පොඩි පැහැදිලි කිරීමක් කළා. මේ වෙද්දී ඩිගල්ස් ආපහු ක්‍රියාන්විත රාජකාරි වලට ගිහිල්ලා. තියා සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න පටන් අරන්. සාමාන්‍ය කිව්වට ඒක ටිකක් අසාමාන්‍ය එකක්. මොකද නගරාධිපති විදිහට අසාර්ථක වෙලා ඉන්න ඔලිවර් ගෙන් ඉෂ්ට වෙන්න ඕනේ දේවල් හොයලා බලන්නේ තියා. නගරාධිපති විදිහට අසාර්ථක උනත් ඔලිවර් ග්‍රීන් ඇරෝ විදිහට තරමක සාර්ථක වෙලා වගේ. හැබැයි අපිට ආපහු දකින්න හම්බෙන්නේ හිතක් පපුවක් නැති බැට් මෑන් ට සමාන ග්‍රීන් ඇරෝ කෙනෙක්. ඒ කියන්නේ අවශ්‍ය නම් කෙනෙක් ගේ ජීවිතය නැති කරන්න පවා පැකිලෙන්නේ නැති කෙනෙක්. දැනට ටීම් ඇරෝ එකේ ඉතිරි වෙලා ඉන්නේ ෆෙලිසිටි විතරයි. ඒ අතරේ කර්ටිස් ඉන්නවා සැරින් සැරේ ඇවිත් උදව් කරන්න. එතකොට ලාන්ස් මේ වෙද්දී ආපහු බිමත් කමට පුරුදු වෙලා. වෙච්ච දේවල් හැටියට එහෙම නොවුනොත් තමයි පුදුමේ.
අපි දන්න කියන අයගේ වර්තමාන තත්ත්වය මේ විදිහයි. අපි බලමු මේ අයගේ කතාව කොහොම ද දිග හැරෙන්නේ කියලා.
Wild Dog
කතාව පටන් ගත්ත ගමන්ම අපිට මේ සීසන් එකේ දී දැක ගන්න පුළුවන් චරිතයක් හදුන්වා දෙනවා. ඒ තමයි Wild Dog.
කොමික් වල හැටියට නම් Wild Dog කියන්නේ, Jack Wheeler. එයා දක්ෂ ක්‍රීඩකයෙක් වගේම Marine සෙබලෙක්. ත්‍රස්ත වාදී ප්‍රහාරයකින් මෙයාගේ ටීම් එකේ සේරම මැරුණු හින්දා මෙයා අයින් වෙලා ත්‍රස්ත වාදයට එරහිව සටන් කරනවා. හොකී ක්‍රීඩාවේ දී යොදාගන්න මුහුණු ආවරණයක් භාවිතා කරන කරගෙන තමයි මෙයා අයුක්තියට එරෙහිව සටන් කරන්නේ. ඇරෝ වල දී අපිට මෙයා ගැන වැඩි විස්තර බලා ගන්න පුළුවන් වෙයි.
Badasses
මේ වෙද්දී ස්ටාර් සිටි වල දාමරික කණ්ඩායම්, වගේම තනි තනි පුද්ගල කණ්ඩායම් වැහි වැහලා. අපි Anarchy, Los Halcones, ස්ටාර් සිටි පොලිසියේ ම දුෂිත නිලධාරී කණ්ඩායමක් වගේ කණ්ඩායම් ගැන වගේම නගරයට අලුතෙන් ආපු Tobias Church එහෙමත් නැතිනම් Charon ව මේ කොටසින් හදුන්වා දුන්නා. සීසන් 5 පුරාවටම අපිට මෙයා ගැන කතක් කරන්න පුළුවන් වෙයි. මෙයා සීසන් එකේ දී මුණ ගැහෙන ප්‍රධාන විලන් නොවුණට සැලකිය යුතු තැනක් තියන කෙනෙක්.
Tribute to Black Canary
කලින් සීසන් එකේ දී මිය ගිය බ්ලැක් කැනරි ගේ පිළිරුවක් නිරාවරණය කිරීම ඇත්තටම සංවේදී අවස්ථාවක්. ඉස්සරහට අපිට බ්ලැක් කැනරි චරිතය දැක ගන්න පුළුවන් උණාට ආයේ ලෝරල් ලාන්ස් බ්ලැක් කැනරි නම් දකින්න පුළුවන් වෙයිද කියන සැකය තියනවා.
Flashbacks
අපි දන්නවා මේ යන්නේ ඇරෝ කතාවේ පස්වෙනි අවුරුද්ද. ඒ කියන්නේ Flashback වල ත් අවසාන වසර. මේ අවුරුද්ද ඉවර වෙද්දී සීසන් 1 වල අපි දැකපු ඔලිවර් ව බිහිවෙන්න ඕනේ. ඒ වගකීම තියන්නේ මේ සීසන් එකේ අතීත කතාවට.
ඒ වගේම අපි දන්නවා අතීත සිදුවීම් හා වර්තමාන කතාව අතර ලොකු සම්බන්ධයක් තියනවා කියලා. ඒ කියන්නේ මේ සීසන් එකේ වර්තමාන කතාවේ දී ත් රුසියාව ට සම්බන්ද දේවල් ගැන බලාගන්න පුළුවන්.
Good Old Friend
සීසන් 1 සහ 2 දී අපිට මුණ ගැහුණු කෙනෙක් ආපහු මේ සීසන් එකේ දී මුණ ගැහෙනවා. ඒ තමයි Anatoli Knyazev එහෙමත් නැතිනම් KGBeast කියලා හදුන්වන චරිතය. කොමික් වල නම් මෙයා බැට් මෑන් ගේ විලන් කෙනෙක් විදිහට එන්නේ.
හැබයි තවම නම් ඇරෝ එකේ දී මෙයා විලන් කෙනෙක් නෙවේ. මෙතනදී තව දෙයක් කියන්න ඕනේ. මේ චරිතය ගැන ආපහු කතා කරන්න එක හේතුවක් තමයි bvs ෆිල්ම් එකේ දී හම්බූන Anatoli Knyazev ව ආයේ අපිට DCEU එකේ දී බලාගන්න හම්බෙන්නේ නැති එක, මොකද තවමත් එක අවස්ථාවක දී ඇරෝ වර්ස් සහ DCEU දෙකේම එකපාර ඉන්න අවසරය තියෙන්නේ ෆ්ලෑෂ් ට විතරනේ.
Konstantin Kovar
අපිට සීසන් 4 එකේ දී අහන්න ලැබුණු නමක් තමයි Kovar කියන්නේ. ඒ ටයනා තමන් වෙනුවෙන් Kovar ගෙන් පලිගන්න කියලා ඔලිවර් ගෙන් ඉල්ලන වෙලාවේ. ඔලිවර් මේ පොරොන්දුව ඉෂ්ට කරන්නත් එක්ක තමයි රුසියාවට එන්නේ. කොමික් වල දී අපිට මුණ ගැහෙන Red Star එහෙමත් නැතිනම් Leonid Konstantinovitch Kovar ගැන මේ කියනවා වෙන්න පුළුවන්.
That's My Green Arrow
මම හැමදාම කියන දෙයක් තමයි අපිට කොමික් වල ඉන්න ග්‍රීන් ඇරෝ ගේ හැකියාවන් දකින්න පුලුවන් ඉතාම කලාතුරකින් කියන එක. බැට් මෑන් වගේම ග්‍රීන් ඇරෝ කියන්නෙත් තාක්ෂනය උපරිම වශයෙන් යොදා ගන්න කෙනෙක්. අපිට අද කතාවේ දී ග්‍රීන් ඇරෝ ගේ කායික හැකියාවන් වගේම තාක්ෂණික හැකියාවනුත් දැක ගන්න පුළුවන් උනා.
Anti-Crime Initiative
ඔලිවර් ගේ මැදිහත් වීමෙන් ස්ටාර් සිටි වල අලුත් අපරාධ මර්දන ඒකකයක් පිහිටුවනවා. ඒ ලාන්ස් ගේ මඟපෙන්වීම යටතේ පිටවපු Anti-Crime Initiative එක. නගරයේ වැඩි වෙලා තියන අපරාධ රැල්ල මර්දනය කරන්න තමයි මේ පියවර අරගන්නේ.
Team Arrow 2.0
නීතිමය රාමුව ට අනුව අපරාද මෙල්ල කරන්න එහෙම වැඩ පිළිවෙලක් සකස් වෙනකොට ග්‍රීන් ඇරෝ විදිහට අලුතෙන් ටීම් ඇරෝ එකක් හදන්න ඔලිවර් හිත හදා ගන්නවා. සීසන් එකේ ඉදිරි කතා වල දී එක් එක් චරිත බඳවා ගන්න විදිහ ගැන අපිට බලා ගන්න පුළුවන් වෙයි.
No More Olicity
ගොඩක් ඇරෝ බලන කට්ටිය ට දැන් නම් නිදහසේ හුස්මක් ගන්න පුළුවන්. සීසන් 4 එකට ලොකුම හානිය කෙරුවේ ඔලිසිටි සම්බන්දතාවය කියන මතය ගොඩක් අයට තියනවා. ඒ වැරැද්ද තේරුම් ගත්ත නිෂ්පාදක වරු ඔලිසිටි සංකල්පය කතාවෙන් අයින් කරන්න යන්නේ. ඇත්තටම මේක නම් ගොඩක් හොඳ පියවරක්. මෙතන දී එක දෙයක් කියන්න ඕනේ. මම ඇත්තටම හිතුවා සීසන් 4 වල දී තමන් අතින් සිදු වුනු දේ ගැන ෆෙලිසිටි ට පසුතැවිලි වීමක් තියෙයි කියලා. ඒත් එහෙම ලකුණක් වත් පේන්න තිබ්බේ නෑ. එයාට හොඳ නම් ඉතින් අපිට කමක් නෑ කියන්න තමයි තියෙන්නේ.
එහෙනම් අපි සීසන් 5 වල ඊලඟ කොටසින් ආයෙම මුණ ගැහෙමු.
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න