Captain Marvel aka Carol Danvers
මේ දවස් වල සිවිල් වෝර් II කොමික් ඉවෙන්ට් එක හින්දා Captain Marvel ගේ නම අපිට නිතරම ඇහෙනවා. ඉතින් අපි හිතුවා මෙයා ගැන විස්තර ටිකක් ගේන්න. අපේ යාලුවෝ ගොඩක් දිගට තියන ලිපි කියවන්න වැඩිය කැමති නැති හින්දා අත්‍යවශ්‍යම කරුණු ටික විතරක් කියන්න හදන්නේ.
මුලින්ම කියන්න ඕනේ Captain Marvel කියන නම ගත්ත ගොඩක් අය ඉන්නවා. ඒ අතරේ DC කොමික් වල අපි Shazam කියලා හදුන්වන චරිතයත් ඉන්නවා. ඒත් අපි කතා කරන්නේ Marvel කොමික් වල දී මුණ ගැහෙන Captain Marvel ගැන. හැබැයි මාවල් කොමික් වල දී උණත් මේ නම තියන අය කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අතරේ Mar-Vell කියන Kree සෙන්පති තමයි ගොඩක් ප්‍රසිද්ද වෙලා හිටියේ. හැබයි Mar-Vell මේ කතාවට ගොඩක් සම්බන්ධ උනාට අපි කියන්න යන්නේ එයා ගැනත් නෙවෙයි. Mar-Vell ගෙන් පස්සේ Captain Marvel වුනු Carol Danvers ගැන තමයි අපි කතා කරන්නේ.
කැරොල් කියන්නේ ගොඩක් ලස්සන වගේම ගොඩක් දක්ෂ තරුණියක්. මෙයා සමාජයේ කාන්තාවට අඩු තැනක් හිමිවෙලා තියනවා කියන මතය වෙනස් කරන්න සමත් වුනු කෙනෙක්. එයා අඩු වයසින් හමුදාවට බැදිලා දක්ෂ ගුවන් නියමුවෙක් වෙනවා. ඒ දක්ෂතා හින්දාම මෙයාට පස්සේ කාලෙක NASA ආයතනයේ ප්‍රධාන ආරක්ෂක තනතුරට බඳවා ගන්නවා. ඔය අතර වාරෙදි තමයි කැරොල් ගේ ජිවිතේ සම්පුර්නයෙන්ම වෙනස් කරපු සිදුවීම වෙන්නේ.
NASA ආයතනය Kree වරුන් එක්ක සම්බන්දකම් පවත්වන කොට තමයි කැරොල් ට Kree සෙන්පතියෙක් වෙන Mar-Vell එහෙමත් නැතිනම් Captain Marvel හදුනා ගන්න ලැබෙන්නේ. කාලයත් එක්ක මේ දෙන්නා අතරේ ආදර සම්බන්ධයක් පවා ඇතිවෙනවා. ඔය අතර වාරයේ සිදුවන පිපිරීමකින් කැරොල් ව බේරා ගන්න Captain Marvel සමත් වෙනවා. හැබැයි මේ සිදුවීමේ දී Captain Marvel ගේ ජාන සංයුතිය කැරොල් ගේ ශරීරයේ ජාන සංයුතිය වෙනස් කරනවා. වෙන විදිහකින් කියනවා නම් කැරොල් භාගයක් Kree - භාගයක් මිනිස් කෙනෙක් වෙනවා.
මේ සිදුවීම වෙලා ටික කාලෙකින් තමයි කැරොල් දැන ගන්නේ එයාට සුපිරි බලයක් තියනවා කියලා. ඊට පස්සේ තමයි මෙයා Ms Marvel කියලා ප්‍රසිද්ධ වෙන්නේ. Mar-Vell ගේ මරණයෙන් පස්සේ කැරොල් Captain Marvel තනතුර භාරගන්නවා. එයා භාවිතා කරපු Ms Marvel නම වෙන කෙනෙක් ට දෙනවා. (ඒ ගැන ඉදිරි ලිපියකින් කතා කරමු)
කැරොල් Captain Marvel වුනාට පස්සේ එයා පෘථිවියේ ඉන්න අභිතම කෙනා (Earth Mightiest Hero) විදිහට තමයි ප්‍රසිද්ද උනේ. Alpha Flight කියන කණ්ඩායමත් එක්ක තමයි මේ වෙද්දී කැරොල් වැඩ කරන්නේ. ඊට අමතරව පෘථිවිය නියෝජනය කරන තානාපති කෙනෙක් විදිහටත් මෙයා වැඩ කරනවා. මහා පරිමාන අනතුරු වලින් (තානොස්, ගැලක්ටස් වගේ කට්ටියගේ ප්‍රහාර) පෘතුවිය මුදවා ගන්න කටයුතු කරන Ultimates කියන කණ්ඩායමේ සාමාජිකාවක් විදිහටත් කැරොල් වැඩ කරනවා.
ඒ වගේම මෑත කාලයේ එයා වෝර් මැෂින් එහෙමත් නැතිනම් අපේ රෝඩ්ස් එක්ක ආදර සම්බන්ධයකුත් පටන් ගත්තා.
ඒ වගේම මෑත කාලයේ එයා වෝර් මැෂින් එහෙමත් නැතිනම් අපේ රෝඩ්ස් එක්ක ආදර සම්බන්ධයකුත් පටන් ගත්තා.
සිවිල් වෝර් II එකට කැරොල් මැදි වෙන්නේ මේ පරිසරයත් එක්ක. යුලිසීස් කියන ඉන්හියුමන් වරයාට අනාගතයේ වෙන්න පුළුවන් දේවල් කලින් දැනගන්න පුළුවන් හින්දා ඒ අනතුරු වෙන්න කලින් වළක්වාගන්න කටයුතු කරන්න ඕනේ කියන මතයේ තමයි කැරොල් ඉන්නේ. ටෝනි එක්ක මත ගැටුමක් ඇති වෙන්නේ මේ කාරණය මුල් කරගෙන.
හැබැයි මේ පාර ටෝනි ට ලේසි වෙන්නේ නම් නෑ. මොකද කැරොල් කියන්නේ ගොඩක් බලසම්පන්න කෙනෙක්. එයාගේ හැකියාවන් පුළුල් පරාසයක විහිදිලා තියනවා. ඒ අතර,
- Superhuman Strength
- Superhuman Speed
- Superhuman Stamina
- Superhuman Durability
- Superhuman Agility
- Superhuman Reflexes
- Flash Precognition - ප්‍රතිවාදියා ගේ ඉරියව් කලින් අනුමානය කිරීමේ හැකියාව
- Contaminant Immunity - විෂ සහ වෙනස් පරිසර තත්ත්ව වලට ඔරොත්තු දීමේ හැකියාව
- Photonic Blasts - ෆොටෝනික පිපිරවීම් කිරීමේ හැකියාව
- Energy Absorption - ශක්තිය උරා ගැනීමේ හැකියාව.
ඉතා විශාල ශක්තියක් අවශෝෂණය කරන අවස්ථාවක දී Whitehole එකක් නැතුව උනත් තාවකාලිකව මේ හැකියාවන් ලබා ගන්න කැරොල් ට පුළුවන්.
මේ හැකියාවන් සේරම තිබුනත් කැරොල් ට පුළුවන් වගකීමක් ඇතිව තමන්ගේ හැකියාවන් පාලනය කරන්න. අපි බලමු ඉස්සරහට සිවිල් වෝර් II එකේ දී කැරොල් කොහොමද අසාමන්‍ය හැකියාවන් එක්ක ටෝනි ට මුහුණ දෙන්නේ කියලා.
#attila_THE_hun
Congratulations Shalini!
ReplyDelete