Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Joker - Part 01

Joker - Part 01
ජෝකර් කියන්නෙ මගෙ ආසම villain කෙනෙක්. අපි හැමෝම දන්නව ජෝකර් කියන්නෙ ගොඩක් පිස්සු ඒවගේම සුපිරි ආතල් පොරක් කියල. ඒත් මෙයා ජෝකර් වෙන්න කලිනුත් මෙහෙමද ? ඔක්කෝටම කලින් මෙයා කොහොමද ජෝකර් උනේ ? මෙයා ජෝකර් වෙන්න කලින් කවුද? 

ජෝකර්ගෙ අතීතෙ ගැන වැඩිය comic වල පෙන්නන්නෑ. ඒත් batman: the killing joke කථා මාලාවේ ජෝකර්ගෙ අතීත කතාව කියල හිතන්න පුලුවන් කොටස් කිහිපයක් තියෙනව. ඒ වගේම ජෝකර්ගෙ ඇත්ත නම යැයි සලකන්න පුලුවන් නමක් batman the animated series එකේ ජෝකර්ගෙ ෆයිල් එකේ තීනව. (Jack napier) ඒ ඇරෙන්න ජෝකර් ගැන කිසිම දෙයක් නෑ. සමහර විට මම නොදැකපු දෙයක් ඔයාලා දැකල ඇති ජෝකර් ගැන. එහෙම උනොත් ඒ තොරතුරු අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි කතාව පටන් ගමු. 

ජෝකර් එහෙමත් නැත්තන් ජැක් කියන්නෙ chemical company එකක engineer කෙනෙක්. ජැක් රස්සාවෙන් අස් උනේ comedian කෙනෙක් වෙන බලාපොරොත්තුවෙන්. ඒත් ජැක් හැම එකකින්ම අසමත් වෙනවා. ඒත් ජැක් කොහොමද රස්සාවක් නැතුව එයාගෙ බිරිඳ jeannieට සහ එයාගෙ ඉපදෙන්න ඉන්න ළමයට කන්න බොන්න දෙන්නෙ. මේ අතරෙ නගරෙ ඉන්න හොරු දෙන්නෙක් මෙයාට කතා කරනවව එයා කලින් වැඩකරපු chemical company එකට හොරෙන් පනින්න. මුලදි ජැක් අකමැති උනත් පස්සෙ එයාගෙ ළමයගෙ අනාගතේ ගැන හිතල කැමති වෙනව. එකම එකපාරක්. පස්සෙ ජැක් බාර් එකේ ඉන්න කොට පොලිස් නිලධාරියො දෙන්නෙක් ඇවිත් ජැක්ට නරක ආරංචියක්යක් දෙනව. ඒත් මොකද්ද ඒ නරක ආරංචිය. Jeannie ජැක්ගෙ බිරිඳ කරන්ට් එක වැදිලා එයාගෙ තාමත් ඉපදුන් නැති ළමයත් එක්ක මේ ලොකේ දාලා සදහටම යන්න ගිහින්. එදා රෑට කරන්න ගිය වැඩේ මේ දේ නිසා ජැක් නොකර ඉන්න හදද්දි අර කලින් කිව්ව හොරු දෙන්න කොහොමහරි ආපහු ජැක්ව කැමති කරගෙන වැඩේට බහිනව. කොහොමහරි companyය ඉස්සරහට ආවම ජැක්ට අර දෙන්නගෙන් එක්කෙනෙක් දෙනව red hodd costume එක. ඇයි ? මොකද වැඩේ ගැස්සුනොත් ජැක්ව ශේප් එකේ මාට්ටු කරලා එ දෙන්නට පැනගන්න. කොහොමහරි companyය ඇතුලට ආවම security කෙනෙක් මෙයාලව දකිනව. කොහොම හරි අර හොරු දෙන්නට වෙඩි වදිනව මේ අතර ජැක් දුවනව.ජැක්ට වෙඩි තියන්න හදනකොට බැට්මෑන් සීන් එකට එනව. බැට්මෑන් ලගට එනකොට ජැක් එතනින් බිමට පනිනව. ඒත් ජැක් වැටුනෙ ලොකු chemical බැරල් එකකට. පස්සෙ ජැක් කොහොමහරි එලියට එනව. පස්සෙ ජැක් හෙල්මට් එක ගලෝල බලද්දි එයාගෙ කොන්ඩෙ කොල වෙලා තොල් රතු වෙලා මූන තනිකර සුදු වෙලා. මේ ඔක්කොම එක නරක දවසක් නිසා, එක නරක දවසක් ජැක්ව සම්පූර්ණයෙන්ම වෙනස් කරා.

Shazam

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න