Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Arrow TV show - Introduction

Arrow TV show - Introduction
*** ------ Arrow ------ ***

ලංකාවේ කොමික් TV සීරිස් උන්මාදය වැඩි වුනේ මොකෙන්ද කියලා ඇහුවොත් හැමෝම එකපාරම කියන්නෙ Arrow නිසා කියලා. ඔන්න හැමෝම බලාගෙන හිටපු Arrow TV series එකටත් reviews දෙන්න අපි තීරණය කලා. හැබැයි දැන් Arrow season 3 එක ප්‍රචාරය වෙන නිසා වැඩි ඉඩක් ඒකට දෙන්නයි අපි හිතුවේ. ඒ කිව්වෙ season 1යි season 2යි plot 5කින් විතර දාලා season 3 එක episode 1 ඉදලා පටන් ගන්නයි.

මුලින්ම අපි දැනගෙන ඉමු Green Arrow කියන කොමික් චරිතය ගැන. Green Arrow කියන්නෙ DC Comicsලාගෙ Justice League එකේ member කෙනෙක්. මුලින්ම Green Arrow කියන චරිතය කොමික් වලට ආවෙ 1941දී නොවැම්බර් මාසයේ එලි දැක්වුණු More Fun Comics #73 කොමික් පොත තුලින්. එදා පටන් අද දක්වා DC comics සමාගම Green Arrow ට කොමික් පොත් තුලින් හොද ස්ථානයක් ලබා දී තිබෙනවා. 1941 පටන් අද දක්වාම DC comics පොත් 38කට පමණ Green Arrow එක් කිරීම මගින් ඔහුගේ ජනප්‍රියතාව වැඩිවන්නට ඇති.

ඇත්තටම කවුද මේ Green Arrow? හැමෝම දන්න විදියට Green Arrow කියන්නෙ Oliver Queenට. ඔලිවර් කියන්නෙ තරුණ බිලියනපතියෙක්. සැබෑ ජීවිතයේදී වගකීම් විරහිත, සෙල්ලක්කාර චරිතයක් වුවත් එයාගෙ වැඩ පෙන්නන්න පටන් ගත්තාම (Green Arrow වුනාම) නම් එහෙම බවක් පොඩ්ඩක්වත් පේන්න නෑ. මුලින්ම කියන්න ඕනෙ ඔරිජිනල් කොමික් පොතේ තියෙන කතාවයි tv series එකේ කතාවයි වෙනස්. කොමික් පොතේ තියෙන්නෙ ඔලිවර්ගේ අම්මයි තාත්තයි දෙන්නම සෆාරි එකේදි සිංහයන්ගෙ පහර දීමකින් මැරෙනවා කියලා. ඊට පස්සෙ එයාගේ මාමාගේ රැකවරණය යටතේ ඉන්න ඔලිවර්ට පවුලේ උරුමයෙන් Queen Industries එක අයිති වෙනවා. පස්සෙ ඔලිවර් මුහුදු ගමනක් අතතුරේදි එයාගෙ බෝට්ටුව පෙරලිලා දූපතකට ගහගෙන ගිහිල්ලා ජීවිතය රැකගන්න Robin Hood වගේ archer කෙනෙක් විදියට ජීවිතය ගත කරනවා කියලා.

නමුත් TV series එකේදි වෙන්නෙ ඔලිවර්ගෙ තාත්තාව මරන්න කරපු බෝට්ටු පිපිරවීමකදී ඔලිවර් විතරක් ජීවිතය බේරගන්නවා කියලා. ඔලිවර්ගෙ තාත්තා ඔලිවර්ගෙ ජීවිතය රඳා පවතින්න තමන්ටම ජීවිතාරක්ෂක බෝට්ටුවේදී වෙඩි තියාගන්නවා කියලයි. තව ඔලිවර් ඒ දූපතේ අවුරුදු 5ක් ඉන්නවා. ඒ අතරේ ඔහුට Yao Fei කියන චීන ජාතිකයායි ඔහුගේ දුව වන shadoයි දුනු ශිල්පය පුරුදු කරනවා. අවුරුදු 5ක් ඇතුලේ විවිධාකාර සිද්ධි ඒ දූපතේදි සිද්ධ වෙලා ඒවාට මුහුණ දීලා ඔලිවර් තමගේ ජීවිතයට අරමුණක් ගොඩනගා ගන්නවා කියලා තමයි tv series එකේ කියන්නෙ. මම වැඩිය tv series එක ගැන නොකියා ඉන්නම් නැත්නම් ඉතින් review ලියද්දි ගතියක් නෑනෙ
  

වීරයෙක් ඉන්නවානම් ඉතින් එතන දුෂ්ඨයෙකුත් ඉන්නවනේ. ඉතින් අපි බලමු DC comicsලා Green Arrowට එරෙහිව නිර්මාණය කරපු villainsලා කවුද කියලා. මෙතනදි නම් විතරක් සඳහන් කලත්, ඊලඟට මේ හැමෝම ගැනම පෝස්ට් එක ගානේවත් අපේ පේජ් එකේ වැටේවි. Brick, China White, Clock King, Count Vertigo, Death-stroke, Merlyn, Cupid,Wild Cat, Komodo වගේ villainsලා ටිකක් තමයි Green Arrowගේ ප්‍රධාන හතුරෝ වෙන්නෙ.

තව Green Arrow තමන්ට sidekick එකක් හැටියට Roy Harperව ටීම් එකට ගන්නවා. නමුත් ටික කාලයකින් රෝයි Red Arrow හැටියට නම වෙනස් කරගෙන තනියම අපරාධ මැඬලන්නට යනවා. ඒකත් tv series එකේ ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි.

ඔන්න ඉතින් කිව්වා වගේම Arrow Mid Season breakඑක අතරෙදි ටිකක් පරක්කු උනත් Arrow tv series එක කරන්න මම බාරගත්තා. 2015 ජනවාරි 21වෙනිදා Season 3 episode 10 එක එන්න කලින් Season 3 වලට Spoilers අරන් එන පොරොන්දුවක් හැමෝටම දෙනවා. අපිත් එක්ක එකතුවෙන්න, ලිපි ලියන්න, ඔයාලගෙ comic දැනුම හැමෝටම බෙදාදෙන්න කැමති අය අපිට කතා කරන්න. හැමෝවම එකතුකරගන්න අපි කැමතියි

SmAsHeR

 

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න