Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Arrow - Season 02 Plot 1

Arrow - Season 02  Plot 1
*** ------ Arrow ------ ***

Season 2 _ Plot 1

සුපුරුදු පරිදිම ඔන්න Arrow Season 2 එකේ Easter eggs, Spilers සහ recap එකක් අරගෙන ආවා. අද මං කතා කරන්නේ episode 1-5අතරේ සිදුවුණු වැදගත් සිදුවීම් එක්කයි.
                  
                   
#1 - Mr. CEO
කලින් Arrow season 1 එක ඉවර උනේ භූමිකම්පාවෙන් Tommyගේ මරණය සිද්ධ වුණාට පස්සෙයි. season 2 එක පටන් ගන්නේ oliver ආයෙත් Lian Yu දූපතේ සිටිනවා පෙන්වන දර්ශන පෙළකුත් සමඟයි. ඔය අතරේ Diggle, Felicity සමඟ oliverව හොයාගෙන දූපතට එනවා. යළි නගරයට නොඑන්නට හේතුව භූමිකම්පාවෙන් නගරය බේරාගැනීමට තමන් අසමත්වූ බව නිසා සහ Tommyගේ මරණයට තමන් වගකිවයුතු නිසා බව ඔවුන් දෙදනාට oliver පවසනවා. Moiraගේ නඩුතීන්දුව සහ Queen Consolidated එකේ කඩාවැටීම වළකන්නට නම් Oliver නගරයට පැමිණිය යුතු බවයි Felicityගේ මතය වන්නේ. අවසන ඔහු යළි නගරයට පැමිණෙන්නට තීරණය කරනවා. නමුත් ඒ යළි තමන් 'දුනුවායා' නොවන බව පවසමිනුයි.

යළි නගරයට පැමිණෙන Oliverට ජීවිතය ගෙවන්නට වන්නේ සැබෑ Oliver Queen ලෙසටයි. එනම් Queen Consolidatedහි CEO ලෙසයි. මේ නිසාම සැබෑ ජීවිතයේදි පවුලේ බර සහ ව්‍යාපාර සම්බන්ධ කටයුතු කරට ගෙන Oliver Queenට වැඩකටයුතු කරන්නට වෙනවා.

#2 - Flsh ready to Run??
ඔය අතරේදී TV News වලට Central City එකේ Particle Accelerator එක ගැන සඳහනක් කරනවා. කලින් season 1 එකේදි මං ඔයාලට කිව්වා මතකයිනේ DC comicsලාගෙ Central City එකේ ඉන්න hero Flash ගැන. එහෙනම් Arrow, Flash crossover එකක් ගැන තමයි මේකෙ කලින්ම කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සරහට Flash කථාමාලාවක් හැදිලා ඒක Arrow එකත් එක්ක සම්බන්ධ වේවි.

#3 - Hot Red Queen
මේ අතරේ Queen Consolidated එක හොඳටම business පැත්තෙන් වැටිලා තියෙන්නේ. Company එකේ කොටස් හිමිකරුවන් අන්තිමට ඔවුන්ගේ shares පවා විකුණලා දාන තත්වයකට පත්වෙලා. මේ shares අරගෙන තියෙන්නේ Isabel Rochev කියන කාන්තාව විසින්. Comic වලට අනුව Rochev කියන්නේ The Queen කියන චරිතෙට. වැඩි විස්තර මෙයා ගැන season 2 එකේ ඉස්සරහට කථා වෙන නිසා ඒ ඒ කොටස් වලදී කථා කරමු. කොහොම හරි Oliver, Walterගේ උදව්වෙන් company එකේ shares 50%ක ප්‍රමාණයක් තමන් සතු කරගන්නට සමත් වෙනවා.

#4 - Guilty as a victim
මේ අතරේ Moira ඉන්නේ හිරේ. පුද්ගලයන් 503 දෙනෙකුට මරු කැඳවූ භූමිකම්පාවට වගකිවයුත්තෙකු වීම තමයි ඇයට එරෙහිව තිබෙන ප්‍රධානව චෝදනාව වන්නේ. Thea, Oliver සහ ඔවුන්ගේ නීතිවේදිනිය Moiraව එකියට ගන්න සෑහෙන මහන්සි වුවත් ඇයට ඇප ලබාදීමත් ප්‍රතික්ෂේප වී තිබීම නිසා තව ටික කලක් Moiraට සිරභාරයේ සිටින්නට වේවි.

#5 - Thea with responibilities
Oliver නැති අතරතුරේ 'Verdant' club එකේ වගකීම සම්පූර්ණම Thea අරගන්නවා. ඇය තමයි දැන් Club එකේ හිමිකාරිය. Royත් Theaට ගොඩක් උදව් කරනවා club එක දිගටම කරගෙන යන්න. මේ අතරතුරේ මතුවන හොර කල්ලියක් Theaව පැහැරගන්නවා. ඒ glades වල විනාශයට Queen පවුලෙන් පලි ගන්නට. මෙතෙක් දවස් දුනුවායා නොවී හිටපු Oliver මේ සිද්ධිය නිසා යළිත් දුනුවායා වන්නට තීරණය කරන්නේ. තමන්ගේ නංගීව බේරාගන්නටයි. නමුත් ඒ එක තීරණයක් මතයි. යළිත් මිනීමරුවකු නොවී නගරයට සාධාරණය ඉටුකරන්නටයි ඔහුගේ අරමුණ වන්නේ. පසුව සොරුන් හඹා යන Oliver, Theaව බේරාගන්නවා.

#6 - The Arrow Cave
Oliver දූපතේ සිටි කාලයේදී Felicity විසින් Club එකේ බිම් මහල නවීකරණය කරලා හදලා තියනවා. දුනුවායාගේ ඇඳුම තබන්නට වෙනම ස්ථානයක්, ඊතල තබන්නට වෙනම තැනක් වගේම නවීනතම පරිගණක තාක්ෂණික උපාංගද මෙහි අලුතෙන් අන්තර්ගත වෙනවා. Theaව බේරා ගැනීමෙන් පසු නගරයට වීරයෙකු විය යුතු බව Oliverට හැඟෙනවා. ඒ නිසා 'The Hood' හෝ 'The Vigilante' ලෙසින් නොව තමන්ටම ගැලපෙන code name එකක් යොදාගැනීමට ඔහු පෙළඹෙන්නේ එවිටයි. ඔන්න ඔතනින් පසුවයි අපිට Oliverට Arrow කියලා කතා කරන්න පුලුවන් වෙන්නේ. දැන් ඉතින් ඔවුන්ගේ රහසිගත් හමුවීම් සිදුවන බිම් මහලට Arrow Cave කියලා නම් කළාට කිසිම වැරැද්දක් නැහැනේ wink emoticon

#7 - Blood For Mayor..
කතාවට දැනටමත් අලුත් චරිත එකිනෙක ඇතුළුවන්නට පටන් අරගෙන ඉවරයි. Glades වල සිදුවුණු භූමිකම්පනයෙන් පස්සේ ඒ ගැන වැඩි හඬක් නඟන පුද්ගලයෙකු තමයි Sebastian Blood කියන්නේ. තනම් glades වල ඉපිද එහි හැදී වැඩුණු පුද්ගලයෙකු හැටියට තමන්ට glades ගැන කතා කරන්න ලොකු අයිතියක් තිබෙන බව ඔහු පවසනවා.කථාවේ දක්නට ලැබෙන 'Blood for Mayor' යන පෝස්ටර්, වදන් වලින් මෙයා නගරයේ මිනිසුන්ගේ හිත් දිනාගෙන මොකක් හරි ලොකු දේකට ලක ලෑස්ති වෙන බවකුයි පේන්නේ. Comic වලට අනුව Sebastian Blood කියන්නේ හොඳ චරිතෙකට නෙවෙයි. භයංකාර වෙස්මුහුණක් දමාගත් villain කෙනෙක් වන Brother Bloodටයි ඒ නම තියෙන්නේ. ඉස්සරහට තවත් මෙයා ගැන අපි කථා කරමු.

#8 China White
ඔන්න ආයෙත් China White කථාවෙදි දැකගන්න පුලුවන්. මං කලින් කිව්වා වගේම කථාවේ එක පොටක් මෙයා ගාව තියෙන්න පුලුවන්. ඒත් මේ පාර මෙයාට කලින් වගේ බේරිලා පැනගන්න හම්බෙන්නේ නෑ. Arrow මෙයාව පොලීසියට අල්ලලා දෙනවා.

#9 - Bronze Tiger aka Ben Turner
China White එක්කම කතාවට appear වන මේ කෙනාගේ හරි නමක් ගැනවත් විස්තරයක් ගැනවත් කථාවේ මෙතෙක් කියවෙන්නේ නෑ. නමුත් මේ කෙනා comic වලට අනුව නම් Bronze Tiger වෙනවා. knuckles වලට දමා ගත හැකි උල් පිහි සහිත රඳවනයක් මොහුගේ ප්‍රධානතම ආයුධය වනවා. නමුත් මොහුත් China White සමඟම පොලීසියට හසුවෙනවා.

#10 - Hero rises (Roy Harper)
Roy කියන්නේ අපේ අනාගත Red Aroow බව ඔයාලට මතක ඇති. ඒ නිසාම දැන් දැන් Royව කථාවේ වීරයෙකුගේ ලක්ෂණ සහිතව මතු කරන්නට පටන් අරන්. මෙච්චර කල් පුන පුනා බලා හිටපු Royට Arrowව මුණගැහිලා කථා කරන්න අවස්ථාවක් හමුවෙනවා. තමන්ටත් මේ හැමදේම උගන්වන්න යැයි ඔහු Arrowගෙන් ඉල්ලා සිටිනවා. නමුත් ඊට පෙර තමා වෙනුවෙන් glades වල සිදුවන අපරාධ පිළිබඳ තොරතුරු සපයන්නා වන ලෙසට Arrow, Royට පවසනවා.

#11 - Black Canary on Action (Sara Lance)
ඔන්න දැන් තමා කථාවට පළවෙනි Black Canaryව රචකයන් අරන් එන්නේ. මුලින්ම ඒ අපි හිතපු Laurel නෙවෙයි. Laurelගේ නංගී Sara. අපි හැමෝම හිතන් හිටියේ Sara මියගියා කියලනේ. ඒත් එහෙම නෑ ඇය පණපිටින්. ඒ විතරක් නෙවෙයි දක්ෂ සටන්කාරියක්. Oliver , Saraව හම්බුණාට පස්සේ දෙන්නා අතර යන කථාවෙනුත් ඇය Slade ගැන අසන නිසාත් දූපතේ යම් කාලයක් ඇයත් ගතකරලා තිබෙන බවටත් අපිට ඉඟි ලැබෙනවා. ඒ ගැන දැනගන්න නම් ඔයාලට තව ටිකක් ඉස්සරහට රැඳිලා ඉන්න වේවි. ඔය අතරේ තමයි Saraයි Arrowයි දෙන්නා එකතුවෙලා China White සහ පිරිසව පොලීසියට අල්ලලා දෙන්නේ.

#12 - The Doll Maker aka Barton Mathis
මේ කෙනාත් comic book වල ඉන්න villain කෙනෙක්. Doll Maker නොහොත් මෙයා කරන්නේ තරුණ ලස්සන කාන්තාවන් අල්වාගෙන ඒ කෙනාට යම්කිසි ද්‍රාවණයක් ගිල්වා මරා ඔවුන්ට බෝනික්කන් මෙන් සාදන පුද්ගලයෙක්ට. නමෙනුයි කරන වැඩ වලිනුයි දෙකෙන්ම මිනිහා පිස්සෙක් කියලයි මට තේරෙන්නේ.

#13 - Flashback Memories
ඔය අතරේ දූපතේ සිදුවෙච්ච සිදුවීම් ගැන අපි කතා කරමු. Slade දැන් Oliverට සටන් ක්‍රම කියාදෙන්නට පටන් අරන්. Oliver දැන් යම්තාක් දුරකට සටන්කරුවෙක්. ඒ අතරේ ඔවුන් සතු රේඩාර් උපකරණයක දූපතේ යම් කොටසක සිටිනා මිනිසුන් පිරිසක් ගැන සටහන් වනවා. ඒ මිනිසුන් සතුව තිබුණු විස්තර වලට අනුව Slade, Oliver සහ Shado යම්කිසි ගුහාවක් සොයාගන්නවා. ඔවුන්ට එහිදී හමුවන්නේ දෙවන ලෝක යුද්ධයෙන් මිය ගිය සොල්දාදුවන්ගේ ඇටසැකිලි කිහිපයක්. ඒ වගේම Oliverට කුඩා ඵලකයක් හමුවනවා. ඔහු එයද යළි නවාතැන වෙත රැගෙන යනවා. පසුව දූපතේ වැඩිදුර නිරීක්ෂණයට යන Oliver සහ Slade වෙරළ ආසන්නව නවතා තිබෙන නැවක් දකිනවා. ඒ නැවෙන් ඔවුන්ගේ නවාතැන වෙත මිසයිල එල්ල කරන්නට පටන් ගන්නවා. නවාතැන වෙතට යළි දිව යන Oliver ඒ ප්‍රහාරයකින් කම්පනයට ලක්ව සිහිසුන්ව බිම ඇද වැටෙනවා. යළි සිහි එනවිට ඔහු සිටින්නේ අර නැව ඇතුළතයි. ඔහුව නාවිකයන් විසින් වදදීමෙන් අනතුරුව නාවුක ප්‍රධානියා සිටින කාමරයට රැගෙන යනවා. Oliver මවිතයට පත් කරමින් එහි සිටින්නේ Saraයි. නමුත් ඇය Oliverව නොහඳුනනා මෙන් පහරදී ඔහුව අඩපණ කරනවා.

#14 - Ra's Al Ghul and The League Of Assassins
කථාවේ පස්වෙනි කොටසේදීයි පහුගිය අවුරුදු කිහිපය Sara කොහෙද හිටියේ මොකද කරේ කියන එක හෙළිදරව් වෙන්නේ. ඒකත් වෙන්නේ ඇයව රැගෙනයාමට පුද්ගලයෙකු Oliverගේ නිවසට කඩාවැදීමත් සමඟයි. Sara මොවුන්ගේ සංවිධානයක් වන League of Assassinsහි සාමාජිකාවක් බව ඔහු පවසනවා. පසුව Sara හැමදේම හෙළි කරනවා. ඇය ඒ සංවිධානයට මිනීමැරුම් සිදුකළ බවත්, දැන් ඇය එයට පිටුපා පළා ආ බවත් ඇය පවසනවා. මේ සංවිධානයේ නායකයාගේ නම Ra's Al Ghul බව පවසනවාත් සමඟම අපේ මතකයට එන්නේ Batman සමඟ ද්වන්ධ සටනක් ගිය කෙනා ගැනයි. ඒ ඇත්තටම මෙයාද? ඔව් ඒ මෙයාම තමයි. දනට Ra's ගැන කතාවේ වැඩි විස්තරයක් කරලා නැති නිසා ඉස්සරහා කොටස් වලින් වැඩි විස්තර ගෙන එන්නම්. Oliverගේ නිවසට කඩාවදින පුද්ගලයා(අල් ඔවාල්) Saraට පවසන්නේ Ra'sගේ දරුවෙක් ඔබ එනතුරු බලා සිටිනවා කියලායි. කවුද මේ දරුවා? Nanda Parbat කියන්නේ කොහෙද? අපේ ඊළඟ Arrow ලිපියෙන් මේ බව ඔයාලට දැනගන්න ලැබේවි.

#Harry


Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න