Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Marvel Multiverse

Marvel Multiverse


අපි මීට කලින් ඔයාලට DC මල්ටි වර්ස් එක ගැන කරුණු ගෙනවා මතක ඇති. සමහර අයට නම් ඒක ටිකක් පැටලිලි සහගත උණා. ඒත් ඉස්සරහට අපි ගේන්න ඉන්න සමහර කරුණු වලට මේ ගැන පොඩි දැනුමක් හරි තියන එක ගොඩක් වැදගත් වෙනවා. අද අපි මාවෙල් වල මල්ටිවර්ස් ගැන කතා කරමු.
#G0010 - Marvel Multivers

මල්ටිවර්ස් ගැන ඉගෙන ගන්න කලින් Omniverse කියන සංකල්පය ගැන දැනුවත් වෙන්න වෙනවා. Omniverse එකක් කියන්නේ මේ දක්වා නිර්මාණය වුණු, පහල වුණු සහ අනාගතයේ පහළවෙන හො නිර්මාණය වෙන ඕනෑම යථාර්තයක් ඇතුලත් වන එකතුවට. අපි ගණිතයේ ඉගෙන ගත්ත සර්වත්‍ර කුලකය මතකද? අන්න ඒ වගේ එකක්. සරලවම කියනවා නම් ඕනෑම දෙයක් තියෙන්නේ ඒක ඇතුලේ. ඒ කියන්න බැට් මෑන්, සුපර් මෑන් ගේ ඉදලා හල්ක්, තෝර් ලා දක්වාත්; සූර පප්පා, ජිම් පප්පා ගේ ඉදන් ක්‍රිස්ටෝපර් කොලම්බස් දක්වාත්; කොටින්ම කියනවා නම් අපි ජිවත් වෙන ලෝකෙත් අයිති වෙන්නේ මේ කියන Omniverse එකට. ඉතින් මේකට අයිති එක කොටසක් තමයි මාවෙල් Multiverse එක.

අපි දැන් බලමු Multiverse කියන්නේ මොකක්ද කියලා. සරලවම කියනවා නම් Multiverse එකක් කියන්නේ universe ගොඩක එකතුවක්. දැන් එතකොට universe එකක් කියන්නේ මොකක්ද? universe එකක් කියන්නේ පැවතිය හැකි යථාර්තයක්. පැහැදිලි මදි වගේ ද? අපි හිතමු ඔන්න හා පුරා කියලා අපේ ස්ටෑන් ලී මහත්තයා ලියන්න පටන් ගන්නවා කතාවක්. වීරයෙක් හැදුනා. පොර මිනිස්සු බේරා ගත්තා. පොර මැරිලා ගියා. මේ සේරම එකම universe එක. එතකොට ඔන්න ස්ටෑන් ලී මහත්තයා වීරයෝ සෙට් එකක් ගැන ලියනවා. තාමත් අපි ඉන්නේ අර universe එකේ මයි. එතකොට කොහේදෝ ඉදන් ඇවිත් රෝයි තෝමස් මහත්තයාත් ලියනවා කතාවක්. තවම අපි ඉන්නේ අර universe එකේ මයි.
මෙහෙම යද්දී ස්ටෑන් ලී මහත්තයා හිතෙනවා මෙහෙම බෑ වෙන චරිතයක් ඕනේ කියලා. පොර ගේනවා තෝර් කියලා දෙවි කෙනෙක්. තෝර් ගත්තාම එයා පෘතුවිය වගේ එක රාජධානියක් විතරක් නෙවේ තව ඒවා 8 ක් ගැනම දන්නවා. මේ සේරමත් අයිති එකම universe එකකට. ඒ තමයි Marvel Universe එහෙමත් නැතිනම් Earth-616 කියන Universe එක.
මීට අමතරව අපිට හම්බෙනවා වෙනත් මානයන් ගෙන් මේ universe එකට එන Annihilus, Dormammu වගේ චරිත. මේ අය ප්‍රධාන universe එකේ සිද්ධි දාමයට හානියක් නොකරන තාක් කල් අපි තවමත් ඉන්නේ එකම universe එකේ. මේ විදිහේ universe ගොඩක් තියනවා. මේවා අතර අන්තර් ක්‍රියා සිද්ද වෙනවා. කලින් කියපු චරිත ආපු Negative Zone එක, Dark Dimension මාන වගේ තව වෙනත් මානයන් වලට අමතරව ප්‍රධාන universe එකේ දේවල් වල ප්‍රති විරුද්ද පැත්ත ඇතුලත් වෙන counter earth එක අයිති වෙන්නෙත් එකම universe එකට.

මම හිතනවා දැන් universe එකක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි ඇති කියලා. හැබයි අපිට මේ ප්‍රධාන universe එකේ චරිතයක් වෙනස් විදිහට කතා කරන්න ඕනේ නම් (dc මල්ටිවර්ස් ලිපියේ මේ ගැන විස්තර කරා), එහෙමත් නැතිනම් ප්‍රධාන universe එකේ ඉන්න චරිතයක් කරන දෙයක් හින්දා universe එක වෙනස්
වෙනවා නම් අලුතෙන් universe එකක් හැදෙනවා. සරලම උදාහරණය තමයි DOFP ෆිල්ම් එකේ දී වුල්වරින් අතීතය වෙනස් කරන හින්දා එයා ආපහු අවදි වෙන්නේ වෙනස්
අවදි වෙන්නේ වෙනස් universe එකක. මෙන්න මේ වගේ universe ගොඩක්, වෙනස් වෙනස් මානයන් එකතු වෙලා තමයි මාවෙල් Multiverse එක හැදෙන්නේ.

මේකේ තියන ගොඩක් ඒවා අතරින් අපිට වැදගත් කිහිපයක් විතරක් අපි කතා කරමු.
1. Earth-616 (Marvel Main Universe) - මේක තමයි ප්‍රධාන සිද්දි සේරම වගේ සිද්ධ වෙන තැන. තව ටික කාලෙකින් ඉවරෙටම ඉවර කරලා දාන්න යනවා කියලා කියන්නෙත් මේක. අපිට චරිත දෙකක් සංසන්දනය කරන්න ඕනේ නම් මේ universe එක තමයි භාවිතා කරන්න ඕනේ.
2. Earth-1610 (Ultimate Marvel) – 2000 අවුරුද්දේ අලුතෙන් පටන් ගත්ත කතා මාලාවට පාදක උනේ මේ universe එක.
3. Earth-92131 (Animated Marvel) - X-Men: The Animated Series, X-Men Adventures, Adventures of the X-Men and Spider-Man: The Animated Series කියන ඇනිමේෂන් කතා මාලා අයිති වෙන්නේ මේ universe එකට.
4. Earth-199999 (Marvel Cinematic Universe /MCU) - මේක තමයි අපිට ගොඩාක් සමීපම. මාවෙල් සමාගම හදන චිත්‍රපටි සේරටම පාදක වෙන්නේ මේ universe එක. ඒ හින්දා තමයි එයාලට කැමති විදිහට කොමික් වල දේවල් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. උදාහරනයක් විදිහට ෆිල් කෝල්සන් ශිල්ඩ් එකේ ඩිරෙක්ටර් වෙන්නෙත්, ඈන්ට් මෑන් වෙනුවට ටෝනි අල්ට්‍රෝන් හදන්නෙත් මේ හින්දා. ඒ වගේම තමයි දැනට ෆොක්ස් සමාගමට අයිති ෆැන්ටාස්ටික් ෆෝර් සහ එක්ස් මෙන් ලාත්, සෝනි සමාගමට අයිති ස්පයිඩර් මෑනුත් නැතිව කොමික් සිද්දි ෆිල්ම් එකට නගන්න පුළුවන් වෙන්නෙත් මේක වෙනම universe එකක් හින්දා. මොකද මේ universe එකේ දැනට ඒ චරිත නැති හින්දා. අපිට ඕනේ නම් වෙනම universe දෙකක් හදා ගන්න පුළුවන් ෆොක්ස් සමාගමට සහ සෝනි සමාගමට.
5. Earth-928 (Marvel 2099) - මේක අනාගතයේ ඒ කියන්නේ වර්ෂ 2099 දී ලෝකය පවතින්න පුලුවන් ආකාරයක්. මේක Earth-616 අයිති වෙන්නේ නැත්තේ අපිට කියන්න බෑ Earth-616 මොන විදිහට වෙනස් වෙන්න පුලුවන්ද කියලා. හැබයි දැන් තියන විදිහට සිද්ද වෙනවා නම් ඒක Earth-928 බවට පත් වෙනවා. අපි හල්ක් ගැන කතා කරද්දී දැන ගත්ත Maestro හල්ක් අයිති වෙන්නේත් මේ universe එකට.

මෙතන අපි කතා කලේ කිහිපයක් විතරයි. තව ගොඩාක් තියනවා මේ විදිහට. මේ අතරින් Earth-148611 (New Universe) සහ Earth-93060 (Ultraverse) වගේ ඒවා ටිකක් වෙනස්. මොකද ඒවා අනිත් universe එක්ක සම්බන්ධයක් නැතුව ස්වාධීනව පවතින ඒවා. ඒ හින්දාම ඒවා Megaverse කියලාත් හදුන්වනවා.
අපි මේ කතා කෙරුවේ ගොඩක් සරලව. මොකද ඉස්සරහට එන්න තියන ලිපි වලට මේ කරුණු වැදගත් හින්දා.

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න