Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Marvel's Agent Carter - Intro

Marvel's Agent Carter - Intro


Marvel's Agent Carter - Intro
**********Spoilers*************
    

අද ඉදන් අපි අලුත් ටීවී සීරිස් එකක් ගැන කතා කරන්න හදන්නේ. ඒ තමයි අඟහරුවාදා රාත්‍රී 9.00 ABC නාලිකාවෙන් විකාශනය වෙන Marvel's Agent Carter. මේක කරුණු කිහිපයක් හින්දාම වැදගත් වෙනවා. එකක් තමයි මේකේ ප්‍රධාන චරිතය කාන්තා නියෝජනයක්. ඇවෙන්ජර්ස්ලා පිරිමි චරිත වැඩිහරියක් වෙනුවෙන් චිත්‍රපටි නිකුත් වෙද්දී එකේ එකම කාන්තා චරිතය වෙනුවෙන් චිත්‍රපටියක් නැති එක ගැන මාවෙල් ලට ගොඩක් අය (කාන්තා විමුක්තිය වෙනුවෙන් පෙනී හිටින අයද දන්නේ නෑ) දොස් කිව්වා. ඒ හින්දා මාවෙල් සිනෙමෙට්‍රික් යුනිවර්ස් එකට කාන්තා චරිතයක් හඳුන්වාදෙන්න මේ කතා මාලාව එලියට ආවා. තවත් දෙයක් තමයි මේ කතාව පටන් ගන්නේ කැප්ටන් ඇමරිකා ෆිල්ම් එක ඉවර වුනු තැන ඉදලා. ඒ කියන්නේ මීට අවුරුදු 70 කට කලින් පසුබිමක් එක්ක. එතකොට විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ ඒ කාලේ තාක්ෂනය නිරුපනය කරන්න වගේම ප්‍රේක්ෂකයා ව කතාවට දක්වන උනන්දුව අඩු නොවෙන්නත්. තව දෙයක් තමයි මාවෙල් ලා එයාලගේ ඒජන්ට් ඔෆ් ශිල්ඩ් කතා මාලාව යටතේ සිනෙමෙට්‍රික් යුනිවර්ස් එකේ කතා කරන්න බැරි උණු හෝ ඒ අතර සිදු වීම් කතා කළා (හයිඩ්‍රා නැගී සිටීම, නික් ෆියුරි ගේ පසුබිම් කතාව වගේ). හැබයි ඒක වර්තමාන කාලයේ සිදුවීමක්. ඒ වගේම අතීතයේ සිද්ද වුනු ඒත් වර්තමානයට ඕන කරන සිදුවීමක් ගැන කතා කරන්න මාවෙල් මේ කාටර් චරිතය යොදා ගන්න හොදටම ඉඩ තියනවා.

අපි කතා මාලාවේ නිකුත් වෙලා තියන කතාංග ගැන විස්තර කතා කරන්න කලින් මේ ප්‍රධාන චරිතය ගැන ටිකක් හොයලා බලමු. Agent Carter එහෙමත් නැතිනම් Peggy Carter කියන්නේ Margaret Carter කියන කෙනාට. අපිට මෙයාව හම්බෙන්නේ Captain America: The First Avenger කියන ෆිල්ම් එක හරහා. මේ කතාව ගැන අමතකයි නම් මේ වීඩියෝ එක බලලා මතකය පොඩ්ඩක් අලුත් කරගමු.
https://www.youtube.com/watch?v=hRymwP7ybpU

ඉතාම සංවේදී විදිහට කැප් සහ පෙගී දෙන්නා ගේ වෙන්වීම සිද්ද උණාට කැප් ආපහු වර්තමානයට එනවා. ඒත් ගොඩක් අයට ගැටලුවක් උනේ පෙගී ට මොකද උනේ කියලා. මේ ප්‍රශ්නයට උත්තරේ තිබ්බේ Captain America: The Winter Soldier ෆිල්ම් එකේ. එතන දී කැප් යනවා වයසට ගිය පෙගී හම්බෙන්න. මේ වීඩියෝ එකෙන් ඒ දර්ශනය අමතක අයට බලා ගන්න පුළුවන්.
https://www.youtube.com/watch?v=brm4yJv3ewA

හැබයි ඊට කලින් මාවෙල් ලා එයාලගේ one shot ව්‍යාපෘතිය යටතේ කාටර් ගැන පොඩි විස්තරයක් දෙනවා. ඒකත් බලලා හිටියේ නැතිනම් අඩු පාඩුවක් නේ.
https://www.youtube.com/watch?v=u-Gydv3aYbg

ඊට පස්සේ කාටර් කියන චරිතයේ සෙවනැල්ල ශිල්ඩ් කතා මාලාවේ පලවෙනි සීසන් එකේ අග භාගය පුරා දකින්න තිබ්බා. අලුතෙන් දෙවෙනි සීසන් එක පටන් ගන්න කොට ඒ කතා මාලාව ඇතුලේ අපිට මෙයාගේ දර්ශනයක් දකින්න පුළුවන් උණා.
https://www.youtube.com/watch?v=QZ0GuPDCINk

මීට අමතරව මෑත කාලීනව පුර්ව ප්‍රචාරක පටි කිහිපයක් ම ආවා. ඒත් ඒ ගැන කතා කරන එක දැන් තේරුමක් නැත්තේ මේ වෙද්දී කොටස් කිහිපයක්ම නිකුත් වෙලා හින්දා.
අපි එහෙනම් බලමු මේ ඒජන්ට් කාටර් කියන චරිතය කොමික් ලෝකේ කොහොමද එලියට ආවේ කියලා. ඒ 1966 මැයි මාසේ Tales of Suspense #75 කොමික් කතාව හරහා. කතාවේ නිර්මාර්තෘ අපේ හිතවත් ස්ටෑන් ලී ම තමයි. මෙයා ඉපදිලා තියනවා කියන්නේ 1919 දී. මෙයා දෙවෙනි ලෝක යුද්ධ කාලේ කැප් එක්ක එකට මෙහෙයුම් වල නිරත උණා. අන්තිමේ දෙන්නා පෙම්වතුන් වෙලා තමයි නතර උනේ. ඒත් කැප් ගේ අතුරුදහන් වීමත් එක්ක මෙයා මානසිකව කඩා වැටෙනවා. මෙයා ක්‍රමක්‍රමයෙන් ප්‍රතිකාර ලබාගෙන හොඳ වෙනකොට කොමික් යුනිවර්ස් එකට කැප් ආපහු ගේනවා. හැබයි මේ වෙනකොට දෙන්නා ගේ වයස පරතරයක් තියනවා. (කැප් වයසට ගියේ නෑ කියලා සලකන්නේ අතුරු දහන් වුනු කාල සීමාව ඇතුලේ). ඊට පස්සේ කැප් එක්ක වැඩ කරන්නේ පෙගී ගේ ඥාති දියණියක් වෙන Sharon Carter. පෙගී පස්සේ කාලේ ශිල්ඩ් එකට එකතු වෙනවා. මුල් කාලයේ ශිල්ඩ් එක ක්‍රියාතමක කරපු ගොඩක් මෙහෙයුම් වලට සහභාගී වුනු කාටර් විශ්‍රාම අරන් ටික කාලයක් ගියාට පස්සේ මේ ලෝකෙන් සමු ගන්නවා.
හැබයි මේ කතාව සිනෙමෙට්‍රික් යුනිවර්ස් එකට එනකොට පොඩ්ඩක් වෙනස් වෙනවා. පෙගී වැඩකරන්නේ ඇමරිකාවේ SSR - Strategic Scientific Reserve ආයතනයේ. මේ වෙද්දී ශිල්ඩ් කියන ආයතනය බිහිවෙලා තිබ්බේ නෑ. මේ ආයතනය තමයි හොවාර්ඩ් ස්ටාර්ක් මූලික කරගෙන ශිල්ඩ් එක පිහිටුවන්නේ. ඊට පස්සේ SSR එක ශිල්ඩ් එකේ විද්‍යාත්මක පරීක්ෂණ අංශය විදිහට දිගටම ක්‍රියාත්මක වෙනවා. අපිට ශිල්ඩ් කතා මාලාව ඇතුලේ දී මේ ගැන හෝඩුවාන් ගොඩක් දෙනවා. සමහරක් විට මේ කතා මාලාව ඇතුලේ දී ශිල්ඩ් එක පිහිටවන ආකාරය ගැන කතා කරන්න අපිට පුළුවන් වෙයි.
කතා මාලාවේ අපිට හම්බෙන ප්‍රධාන චරිතය ගැන විතරයි පොඩි විපරමක් කෙරුවේ. පලවෙනි කොටසේ ඉදන් කතා කරන කොට අපි ඉතුරු චරිත ගැන හම්බෙන පිළිවෙලට කතා කරමු. එහෙනම් අවුරුදු 70 කට කලින් ඉදන්ම කොමික් ලෝකේ ජන හද දිනා ගත්තු සුරූපී වීරවරිය ගැන Marvel's Agent Carter පලවෙනි කොටසේ ඉදන්ම ඔයාලත් එක්ක විස්තර කතා කරන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.
#Puma
#T04P000

Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න